The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කඩදොර : නිධානය!

T

The Leader Desk

January 25, 2025 • 10:13 AM

කඩදොර : නිධානය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලා වැව වාන්දමනවා දැක බලාගැනීමට ගිය අවස්ථාවේ, කඩවර දේවාලය අසල දිස්වූයේ දැක පුරුදු මුහුණකි.
  • ඇත්තට ම අපේ ආණ්ඩුවක් පත් වුණා ද?" "ඒක නම් හොඳ ප්‍රශ්නයක්!" "මොන හොඳක් ද මහත්තයෝ.
  • ජංගියේ හිල් කතාව ඇහුවේ නැතැ යි?" "මෙහෙම ගියොත් මිනිස්සු ළඟ දී ම රෙදි ගලවයි!" "දැන් ආයිබොවන්ඩ, ඇත්තට ම අපිව රැවැට්ටුවයි.
  • දැන් අනුර ගේ සන්සුන්කමත් නැති වෙලා වගේ නේ..." "නෑ මාමේ, හොරු ඇල්ලුවා නම් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා!" "හොරු අල්ලන එකත් ප්‍රශ්නයක් තමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කලා වැව වාන්දමනවා දැක බලාගැනීමට ගිය අවස්ථාවේ, කඩවර දේවාලය අසල දිස්වූයේ දැක පුරුදු මුහුණකි. සුදු රැවුල, සුදු දිග කොණ්ඩය, උස-මහත ශරීරය...

"මාස තුන යි ගියේ!"

'ඒක නේ... මාර වැඩේ වුණේ."

"අන්තිමට රජරට අපටත් පිටරට හාල් කන්න වුණේ!"

 



"රටින් සහල් ගේන්න නම් ආණ්ඩුවක් මොකට ද කියලා නේ ආයිබොවන්ඩ ඇහුවේ?"

"දැන් ගබඩා පිළිසකර කරනවා ලු නේ!"

"එහෙනම්, ඕවා විපක්ෂයේ ඉද්දී පෙන්ලා දෙන්න තිබේ නැද්ද... ඔය රජයේ ගබඩා ටිකට වෙලා තීයෙන විනාසේ පෙන්නලා... හදපල්ලා කියලා තිබ්බා නම් අද බැණුම් අහන්න වෙන්නේ නෑ."

"ඒක කරන්නේ කොහොම ද... උන්නැහැලා ම නේ ඒවා ගිනිලෑවේ..."

"විවේචනය කළා විතර ද... සැලැස්මක් නැද්ද?"

"වැහි වැහැලා... අපේ වැව් ටික පිරිලා ඉතිරිලා....  "

"බලමු කෝ එන කන්නෙවත්..."

 

image ae518ba220

"ඒත් මහත්තයෝ, ඉතින් ජලාශ පිරිලා තියෙද්දිත් විදුලි බිලත් එහෙම ම නේ..."


"එහෙම දවසෙන් දෙකෙන් අඩු කරනවා කීවේ නෑ ලු!"

"අනේ අප්පේ... කවුදෑ එහෙම බොරු කියන්නේ... පහලොස්දාහේ බිල දහදාහ කරත හැකි, නවදාහේ බිල හයදාහ කරත හැකි, තුන්දාහේ බිල දෙදාහ කරත හැකි කිවුවේ අපේ අනුර පුතා ම නේ!"

"ඒ වුණත් වසර ගාණක පාඩුව මකා ගන්න තව අවුරුදු ගාණක් ය යි ලු,"

"දැන් ගිය අවුරුද්දේ මැද බිලියන අනූතුනක් ලාභයි කිවුවේ... ඒක පාඩු පියවන්න යොදවනවා කියලා නේ කාංචන ඇමැති කිවුවේ..."

"නොවැම්බර මාසේ වෙන කොට බිලියන දෙසිය හැටතුනක් ලාභ යි ලු, විදුලි වෘත්තිය සමිතියේ ජයවිලාල්ලා පඩි වැඩිවීමක් ද බොනස් ද ඉල්ලලා තිබුණේ!"

 

 121310632 gettyimages 1228092683

"මේක හරි වැඩක් නේ... ආණ්ඩුවට පාඩු ලබන්න බෑ කියලා නේ.. දුප්පත් අපේ විදුලිය කැපුවේ... ආයේ සපයන්න දුන්න ඇස්තමේන්තුව කොහොම ද?"

"ලාභ ලබද්දී විදුලිය සැපයීම අත්හිටුවීම වැරැදි ය... නැවත මුදල් අය නොකර ඒ සබඳතා නැවත ලබාදෙන්න ය කියලා කලින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් කාංචන ඇමැති ගෙන් ඉල්ලලා තිබ්බේ..."

"ඔව්, අර සේවක අර්ථසාධකේ ප්‍රතිලාභ නොදුන්නාට සටන් කළ මන්ත්‍රී, දැන් මේ අපේ ආණ්ඩුව තියෙද්දිත්, කංචන ඇමැති කියපුවා ම නේ කියන්නේ..."

"මෙච්චර වහිද්දිත් ඉදිරි මාස හය පාඩු වෙනවා කියලා ලු විදුලිබල මණ්ඩලේ කියන්නේ!"

"ඒ ගොල්ලෝ තෙල් බලාගාරවලින් හොයන්න නේ බලන් ඉන්නවා කියන්නේ... මොකක් ද අපේ ආණ්ඩුව කියන්නේ?"

"පරණ ආණ්ඩුවේ කතා ම තමයි... ඇත්තට ම අපේ ආණ්ඩුවක් පත් වුණා ද?"

"ඒක නම් හොඳ ප්‍රශ්නයක්!"

 



"මොන හොඳක් ද මහත්තයෝ... පැට්‍රල් ඩීසලුත් ඒ ගාණම යි!"

"ඔය මිල සූත්‍රයකින් ලු නේ ගාණ හදන්නේ!"

"ඇයි අප්පේ... රනිල් ගේ සූත්තර එපා කියලා නේ ඡන්දේ දුන්නේ!"

"දැන් අර අලුත් ආණ්ඩුවේ තෙල් ඈමැති ද මණ්ඩලේ සභාපති ද... එදා මාධ්‍යයටත් සැර කළේ... පුළුවන් නම් දෙන්න කියලා!"

"හරි කතාවක් නේ... රුපියල් පනහට හැටට නේ ලංකාවට තෙල් බානවා කීවේ... රුපියල් එකසිය පනහක් ම බදු ගැහුවත් දෙසීයට දෙත හැකි කියලා නේ හඳුනා කීවේ..."

Sunil Hadunnetti 2022.11.18 1 1

"ඇයි මේ තෙල්වලට බදු ගහනවා ද, බදුවලට තෙල් ගහනවා ද කියලත් ඇහුවේ?"

"අපෝ... ජංගි වෙළෙන්දා ගැන නම් කතා නොකරන තරමට හොඳයි!"

"මොකද්ද බං ඒ  ජංගි කතාව?"

"ඇයි... යාපනේ ගිහිං... ජංගියේ හිල් කතාව ඇහුවේ නැතැ යි?"

"මෙහෙම ගියොත් මිනිස්සු ළඟ දී ම රෙදි ගලවයි!"

"දැන් ආයිබොවන්ඩ, ඇත්තට ම අපිව රැවැට්ටුවයි... මහත්තයාත් අපට ඡන්දය දෙන්න කීවේ.. අපී රැවටුණා!"

"ඉතින් අපිත් රැවටුණා... අපි අවංකව විශ්වාස කළා අනුරලා වෙනසක් කරයී කියලා!"

"ඉතින් දෙයියනේ, අනුරට කෝටියක් කිවුවේ... හෙවිල්ලක් බැලිල්ලක් නැති ව ද?"

Anura Kumara Dissanayake 1

"නෑ, දැන් ඡන්දෙට ඉස්සෙල්ලා අනුර, හරිනී, ලාල් කතාකරන කොට... මොන තරම් විශ්වාසයකින් ද ඒ අය කතා කළේ... කවුද හිතන්නේ.. ඒ අය වැඩපිළිවෙලක් නැතුව යි කතා කළේ කියලා?"


"දැන් අපි රැවටුනා! මහත්තයාත් අපිව රවට්ටලා නෙවේ... මහත්තයාත් රැවටිලා!"

"ඔව්, මට හිතෙන්නේ අනුරලා ලාල්කාන්තලාත් රැවටුනා කියලා."

"අනේ අප්පෝ.. මොකක් ද ඒ හරුපේ... කවුද අපේ  අනුර දරුවාව රැවැට්ටුවේ?"

"නෑ, මම හිතන්නේ අපි රැවටුණා වගේ ඒ අයත් රැවටුණා කියලා... ඒ අයට ම ඒ අය රැවටුණා කියලා, ඒ අයට පුළුවන් කියලා ඒ අය රැවටුණා කියලා!"

"හරි වැඩක් නේ මාමේ ඒක! තමන් තමන්ට ම රැවටෙන්න පුළුවන් ද?"

"ඇයි බැරි... දැන් අනුර ගේ සන්සුන්කමත් නැති වෙලා වගේ නේ..."

"නෑ මාමේ, හොරු ඇල්ලුවා නම් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා!"

"හොරු අල්ලන එකත් ප්‍රශ්නයක් තමයි... ඒත් මේ සහන එකක්වත් දී ගන්න බැරීවීම යි... හොරු ඇල්ලීම යි..."

"ඉතින් මාමේ... ඇල්ලුවා නම් සහන දෙනවා නේ?"

"මක්කයි බං, ඒ හරුපේ?"

"එකනේ... මටත් තේරුණේ නෑ!"

mahinda rajapaksa with soldiers

"ඇයි මාමේ, මහින්ද මහත්තයලා... යුද්දෙත් කරලා... මේ රට පුරා පාරවල් හදලා... තව ඔය වරායවල් හදලා... තවත් සල්ලි ලෝකේ පුරා හංගලා නේ... නයිජීරියාවේ හංගපු සල්ලි ටික හරි හොයාගත්තා නම්!"


"මට අද යි වැටහුණේ, උඹලා හිතන විදිය!"

"අපේ කාශ්‍යප කුමාරයත් හිතන්න ඇත්තේ... ඔහොම ම යි."

"මොකක් ද මාමේ ඒ හරුපේ?"

Kala Wewa

 "ධාතුසේන රජතුමා මේ කලා වැව හදලා, විශ්මකර්ම යෝධ ඇල.. ජය ගඟ නිර්මාණය කරලා, තිසා වැව තෙක් මුළු පළාත ම සරුසාර කළා ම... පුතාට වුණත් ඉරිසියාවක් ඇති නොවේ ය යි... මිනිස්සු කොහොම ආදරේ කරන්න ඇති ද... ගරු කරන්න ඇති ද?"

 
"මේ... අපේ මහින්ද මහත්තයාට වගේ!"

"කිවුවත් වගේ... රජකම ඉල්ලන්න ඇත්තේ ඒ නිසා! ධාතුසේන රජතුමා වගේ ම ගරුසරු ලබන්න."

"ඉතින්, මොකද්ද අදට සම්බන්දේ..."

"නැ... මේ අනුරට වැඩ කළ කොලුවා කියපු කතාව අහන් ඉන්නකොට තේරුණේ... මහත්තයා හරි, ඒ දරුවෝත් රැවටිලා ඉන්න ඇත්තේ!"

"අනුරලා....?"

 

661

"ඔව් අයිබොවන්ඩ, යුද්දෙත් කරලා, පාරවල්, තොටුපළවල් හදලා, තව හොරකම්
කරන්නත් සල්ලි තියේ නම් ඉතින්, ඔය කියපු සහන දෙන්න බැරි යැ යි!"


"කිවුවත් වගේ... එතකොට කස්සප...?"

"ඇයි ආයිබොවන්ඩ... කස්සපටත් වෙන්න ඇත්තේ ඕක ම නේ... මම ඒත් මේ වැව දිහා බලාගෙන කී දවසක් කල්පනා කරලා ඇද්ද... මේ මහ වැව හදපු ඒ උතුමාට ඔහොම අපරාධයක් කොහොම කළා ද කියලා!"

"මාමේ, කස්සප වියරු වැටුණේ නිධානේ ඉල්ලලා නේ?"

'ඒක නේ... දැන් උඹලා වියරු වැටිලා ඉන්නෙත් මහින්ද මහත්තයා ගේ නිධානය හොයාගන්න බැරුව නේ!"

"කීවත් වගේ... යහපාලනය ආපු වෙලාවෙත් මහින්ද මහත්තයා හිටපු නිවාස, ඉඩම්... ඔක්කෝම හැරුවා නේ?"

"උඹට තේරුණා. මහත්තයාටත් තේරුණා වගේ!"

"ඇත්ත නේන් නම් ලොකු උන්නැහේ... ගුණදාස අමරසේකර කතාවකුත් ලියලා තියෙනවා ධාතුසේන කියලා.. මට අද යි සම්බන්ධය තේරුණේ."

"එතකොට නිධානේ...?"

"මොන නිධානේ ද බං... පෙරුම් පුරාගෙන එන උත්තමයන්ට මේ රට නිධානයක්!"

"මහින්දට මේ තර්ජන ගර්ජන ඒක ද? ඔන්න ගෙදරිනුත් එළෝනවා කිවුවා ලු!"

 



"ඒක නේ... අනේ මන්දා... අනුර කොලුවා වියරු වැටිලා ද?"

"අනුර විතරක් ය යි... අපේ නලින්ද මහත්තයාත් මාධ්‍ය හමුවේ උත්තර දුන්නේ... වියරුවෙන් වගේ නේ..."

"ධාතුසේන රජතුමාට වුණෙත් ඒක ද? දැන් එතුමත් පරසතුරු උවදුරුවලින් රට මුදාගෙන කලා වැව, ජයගඟ හදලා... දැන් සියවසක් කීයක් ද... පරම්පරා කීයකට, සතාසීපාවාට... සෙත සැදුවා ද... "

"මහින්ද මහත්තයත් කොටි පරද්දලා, මුළු රටේ ම පාරවල් හදලා... වරාය, ගුවන්තොටුපළ හදලා..."

"අනේ මන්දා... ඒ තරම් මෙහෙයක් කළ ධාතුසේන රජතුමා මේ බැම්මේ ම ලු නේ මියගියේ?"

"මහින්ද මහත්තයා?"

 



| ගජබා

(දිවයින, 2025 ජනවාරි 26, ඉරිදා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...