ඔහු භෞතික වශයෙන් අප අතරින් වෙන් වුවත්, නිර්මාණශීලි ආලෝකයෙන් ලොව පුබුදු කරවයි.දැනුමින් ලෝකය ඔපවත් කරවයි. ගුරුවරයකු, මාධ්‍යවේදියකු, මානව අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියාකාරී මානව හිතවාදියකු, චිචිත්‍ර ශිල්පියෙකු, ග්‍රන්ථ රචකයකු, සිනමාව හැඩ කළ නළුවකු සහ ඉංග්‍රීසි පද්‍ය රචනා කළ ශ්‍රී ලංකික කවියකු ලෙස ඉමහත් සේවයක් ඉටු කළ රිචඩ් සොයිසා මහතා වියෝවී එළඹෙන පෙබරවාරි මස 18වන දිනට වසර 35ක් සපිරේ. ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පාදක කරගනිමින් අශෝක හඳගම නිෂ්පාදනය කළ ‘‘රාණී’’ සිනමා සිත්තම මෙම මස 30වන දින සිට තිරගත කිරීමට නියමිත ය.
මෙම ලිපිය එම නිමිති ද්වයම පාදක කරගෙන ලියන්නකි.
රිචඩ්: කවියකු සහ නාට්‍යකරුවකු ලෙස...
Image by Ajita Kadirgamar
පාසැල් කාලයේදී කථිකත්වයට , කාව්‍ය නිර්මාණයට සේම රඟපෑමට එක ලෙස දස්කම් පෑ රිචඩ් ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා සම්මාන තුනක් දිනාගත්තේ ය. ශේක්ස්පියරියානු ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලියේ හොඳම නළුවාට හිමි සම්මානය දෙවරක්ම ජයග්‍රහණය කිරීමට තරම් ඔහුගේ රඟපෑමෙන් නාට්‍යය ඔපවත් විය. එලෙසම පාසල් පාර්ලිමේන්තුවේ සමාජවාදී පක්ෂයේ නායක, කතා නායක යන තනතුරු හෙවබවීම සේම විවාද කණ්ඩායමේ මෙහෙයුම්කරු වුයේද රිචඩ් ය.
1972 වවසරේ ජාතික පාසල් ඉංග්‍රීසි නාට්‍යය උළලේ දී, ශේක්ස්ප්රියානු නාට්‍යවල රඟපෑ හොඳම නළුවා ලෙස සම්මානයට ද පාත්‍ර විය. Angela DE Silva (ඇන්ජිලා ද සිල්වා) යන අන්වර්ථ නාමයෙන් නිර්මාණ කලාවේ නියැළුණු රිචඩ් මැණික් දී සොයිසා අප ඉපදීමටත් වසර ගණනාවකට පෙර මිය ගිය නමුත්, උසස් අධ්‍යාපනය සඳහා අධ්‍යයනය කළ ඉංග්‍රීසි පද්‍යවල ඔහු මැවූ රූ රටා තුළින් අප පන්නරය ලැබුවෙමු. ඔහු ගතකළ ජීවිතය සහ ඔහුගේ ක්‍රියාකාරකම් සංස්කෘතික සේම දේශපාලනික වශයෙන් ද මිනිසුන්ගේ හදවත් තුළ නොමැකෙන සලකුණක් තැබී ය. ඔහුගේ නිර්මාණ මිනිසුන්ගේ හැඟීම් උත්පාදනය කිරීමට තරම් ප්‍රභල වූ දාර්ශනික බවකින් යුක්ත විය.

රිචඩ්ගේ පන්හිඳින් ලියැවුණු කාව්‍ය නිර්මාණ, පුවත්පත්වල පිටු පුරා ලියවුණු ලිපි පෙළවල් සමාජ සාධාරණත්වය උදෙසා ඔහු සිදුකළ මානව කර්තව්‍යයේ ගැඹුරු බව බව මොනවට පැහැදිලි කරයි.
ඉංග්‍රීසි බසින් ගද්‍ය , පද්‍ය රචනා කරන ශ්‍රී ලාංකිකයින් සිටිනුයේ සීමිත සංඛ්‍යාවක් වන අතර රිචඩ් ඩි සොයිසා විසින් 1977 - 1990 අතර වටිනා සාහිත්‍යමය නිර්මාණ රැසක් නිර්මාණ කරන ලදී. ඒ අතර:
Gajaga Wannama This other Eden and Collected Poems of Richard De Zoysa 1991
Animal Crackers Lepidoptera 1983
Birds ,Beast and Relatives Good Friday 1975
Sic Transit Taking of Michel Angelo
The Poet Rites of Passage -1984
යන නිර්මාණ විය.
රිචඩ් විසින් රචිත කාව්‍ය නිර්මාණ තුළ එහි අන්තරගත තීව්‍ර දේශපාලන විවරණ සහ ගැඹුරු සමාජ විඥානය බොහෝ විචාරකයින්ගේ පැසසුමට ලක් විය. 1980 ගණන්වල දී ඔහුගේ නිර්මාණ කලාත්මක බවෙන් එහා ගිය දේශපාලනික ක්‍රියාකාරිත්වයක් උදෙසා නිර්මාණය වුණ ප්‍රක්ෂණයක් බව අපිට දැකිය හැකි ප්‍රධානම කරුණ වේ .එලෙසම කවිය හරහා පාලන අධිකාරියට ඔහු අභියෝග කරන බව මැනවින් දක්නට ලැබෙන කරුණකි.
‘‘මේ අතරම ඔහු ඉංග්‍රීසියෙන් සිතන මතන, ලියවන කියවන පෙළන්තියේ මහත් පැසසුමට ලක්වූ නිර්මාණකරුවකු විය. වඩාත් සමාජයේ සංවේදීතාව විෂය කරගනිමින් කවි ලිවීමට ඔහු උත්සුක විය. ඔහුගේ ඇවෑමෙන් පසු පළ කරන ලද "The Other Eden" (‘‘මේ තවත් ආදම් උයනක්’’) නමැති කුඩා කාව්‍ය සංග්‍රහය මෙහිලා නිදසුනක් ලෙස දැක්විය හැකිය. පහත දැක්වෙන්නේ එයින් උපුටා ගත් Rites to pssage නමැති කාව්‍යයෙන් ඛණ්ඩයකි. මෙය නම් කොට ඇත්තේ 1988 වසර යනුවෙන් දැක්වෙන අනු ජේදය යටතේය.
‘‘කෙසේ නමුදු දැන් ඔහු මිය ගොසිනි.
මා ජීවතුන් අතර ය.
අවසානයේ යුද්ධය ඔහු රැගෙන ගියේ ය,
ඔහුට පදක්කමක් ලැබිණි.
ජාතියේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයා '
තවමත් ප්‍රජාතන්ත්‍රවාදය සොයා යනව ද ?
බෝම්බ සහ මේ වැටවල’’
තිස්ස නිහාල් වික්‍රමසිංහ: ලංකා ඉරිදා සංග්‍රහය: 2024/02/22: පිටු අංක 30: රිචඩ් දී සොයිසා නිහඬ කළ හඬ: ප්‍රභාත් චින්තක මීගොඩගේ.
එකල පද්ධතියේ පැවතුණු ගැටලු පිළිබඳව වියුක්තව කතා කළ අනිකුත් සමකාලිකයින් මෙන් නොව, රිචඩ් විසින් භීෂණයේ නිර්මාණකරුවන්ව බියකින්, සැකයකින් තොරව විවේචනය කරන ලදී. ඔහු නිවැරදිව සත්‍ය ගවේෂණය කරමින් ගමන් කළඅභීත ජනමාධ්‍යවේදියෙකු විය. ඔහුගේ මෙම ප්‍රගතශීලි ගමන ඔහුට අභාග්‍යසම්පන්න අවසන් ගමනක් ළඟා කර දීමට ද හේතු විය.
ඔහුගේ අනුස්මරණ දිනට ඇත්තේ සති කිහිපයකි. ඊට දින කිහිපයකට හෝ පපෙර ඔහු පිලිබඳ සටහනක් තැබීම යුතුකමක් සේ සලකමි.
ඔහුගේ රචනාවල සමකාලින සමාජය සහ කියවීමෙන් ලද පුළුල් අත්දැකීම් පිළිබිඹු කරන අතර දේශපාලනය සහ බහුවිධ අර්ථ නිරුපණ සටහන් වේ. ඔහු සමාජ අසාධාරණයට, ළමා හිංසනයට සහ හිංසාවට විරුද්ධව කෙළින් ම තම ඇඟිල්ල දිගු කළේ ය. කවිය හරහා අධිකාරි බලයට රිචඩ් විසින් අභියෝග කල බව අපට හොදින් වැටහෙන කරුණකි.
සමනලයකුගේ තටු සිඳ...

"This other Eden and collected poems of Richard De Zoysa" ඔහු රචනා කළ කෘති ද්විත්වයකි.
ගුරුවරයකු ලෙස අපගේ අධ්‍යාපන පද්ධතියේ ඇති දුර්වලතා විවේචනයට ලක් කරමින්, ‘‘ලැපිඩෝප්ටේරා’’ (Lepidoptera) පද්‍යය ඉතාමත් රසවත් මෙන් ම අරුත්බරව රචනා කළේය. Lepidoptera යනු සමනලයාට යොදන විද්‍යාත්මක නාමයකි. තමන් වෙතට ඉගෙනීමට ආ දක්ෂ සිසුවකු එවටකට පැවති ක්‍රමවේද තුළින් මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබීමට අසමත් වීම මෙම පද්‍යයට පාදක විය.
නමුත් වසර කිහිපයකට පසු එම ශිෂ්‍යයා ඔහු අමතා පැවසුවේ තමා විදේශගත වී පශ්චාත් උපාධියකට සුදානම් වන බවයි. සමනලයකු මෙන් පාසැල වෙතට පැමිණෙන දරුවා බිත්ති හතරක් තුළ තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළින් සිරකර, ඔහුගේ අලංකාර තටු සිඳබිඳ දමන්නෙමු. මෙතැන දී ගුරුවරයා මෙන්ම දරුවා ද අසරණ වෙයි. පාලක පන්තිය ඔවුන්ගේ පමණ ඉක්මවා ගිය බලය පාවිච්චි කර දරුවාගේ ජීවය (Spirit ) නසා දමන අතර, ඔහු පැමිණෙන අධ්‍යාපන මට්ටම ‘‘වර්ධනය’’ ලෙස ලේබල් කරයි.
රිචඩ්, පවතින අධ්‍යාපනික රටාව තුළ දරුවකු පිඩනයට පත්වෙන ආකාරය දක්වන්නේ (Flat with Heavy Footed ) බර පාවහන් වලින් පාගා දැමීමක් ලෙසිනි. විශ්වවිද්‍යාලයේ දී ඔහු දේශපාලන අතකොළුවක් බවට පත්වේ.
අලි කුලප්පුව
ගජගා වන්නම යනු දේශීය වන්නම් දහඅටෙන් හස්තියාගේ හැසිරීම නිරුපණය කරන අලංකාර කළා අංගයකි."Gajaga Wannama " නමැති ඉංග්‍රීසි පද්‍ය තවත් ඔහුගේ උපහාසාත්මක, විවේචනාත්මක නිර්මාණශීලි මෙන්ම විවාදයට ලක්වූ කාව්‍යය නිරමාණයකි.

1977- 1994 සමයේ දී සහ 1983 කළු ජුලි සමයේ දී පාලනය සහ නීතියේ බලය අතට ගත් දේශපාලන හෙන්චයියන් පිරිසක් හැසිරුණ ආකාරය මින් විස්තර කරයි.ඔහු මෙහි දී ‘‘අලියා’’ යන පදයෙන් කිසියම් දේශපාලන පක්ෂයක ශිෂ්ට නොවූ අන්තයක් අර්ථවත් කරයි.
"The elephants are out. Last night they marched
Gorgeous through streets, caparisoned like kings,
Electric radiance shattering the night,
Laden with relics, talismans and things. "
‘‘රාත්‍රියේ දී මහ මගට පැමිණෙන හස්තිහු - මග දෙපස විනාස කරමින් ඉදිරියට ඇදෙති.
අලංකෘත විදුලි පහනින් ආලෝකමත් වූ මාවත් මැදින්
දිදුලන ආලෝකය සසල කරමින්
ඔවුන්ගේ තියුණු දළවල බලයෙන්
නීතිය සහ පාලනය අවනීතියක් කරගනිති’’
''The city froze. Then birds sprang to the air
And men to trees. Vehicles clambered walls
All order vanished as the blind grey surge
Swept down the arcades and the trumpet calls''

‘‘නගරය ශිත වී ගල් විය. කුරුල්ලෝ ඈතට පියාඹා ගියහ
මිනිස්සු රැකවරණය පතා ගස් ගල් මතට නැග ගත් අතර,
වාහන තාප්ප අසල දැවී විනාශ වී යයි
ගිනිගත් නගරය කළු දුමාරයෙන් වැසී යයි.
වාහනවලින්, ගිලන් රථවලින් නැගෙන සයිරන් හඬ
අලින්ගේ කුංචනාදයට සම කරයි
(පරිවර්තනය - නිලක්ෂි බණ්ඩාර)
මෙතැනදී කවියා අපිට නිතැතින්ම සිහි කරන්නේ ගංගාරාමයේ මහා පෙරහැරයි. අලංකාර ඇඳුමින් සහ විදුලි බල්බවලින් සැරසී හිලෑ අලි සහ ඇත්තු අලංකාරව අභිමානයෙන් පෙරහැරේ ගමන් කරති. රිචඩ් මෙම සිද්ධිය හාස්‍ය ජනිත කරවමින් තම කාව්‍යයට එක් කරයි. 1983 කළු ජුලියේ දී මෙම අලිපාද බැඳ තිබු යදම් බිම දමා රිසි සේ විනාශකාරී ලෙස හැසිරෙති. විශාල මිනිස් ඝාතනයක් සහ දේපළ විනාශ කරති. නීතිය අතට ගත් ඔවුහු කොළඹ නගරය ලේ විලක් සහ නටඹුන් නගරයක් බවට පත් කරති. මෙම අවස්ථාවේ කොළොම්පුර ඇතුළු මුළු රටේ ම රජ කරන්නේ කැලෑ නීතිය යි.
සිනමා, රූපවාහිනී නළුවකු සහ නිවේදකයකු ලෙස...

කවියට පමණක් සිමා නොවූ රිචඩ්: වාදන ශිල්පියෙකු ද, ලේඛකයකු සේම සිනමා රංගධරයකු ද ලෙසින් ද ප්‍රකටය. ජාතික රුපවාහිනී සේවයේ ජනප්‍රිය නිවේදකයකු ලෙස පොදු ජනතාවට සමීපවූ ඔහු 1985 දී තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ අපුර්ව නිර්මාණයක් වූ ‘‘යුගාන්තය’’ චිත්‍රපටයේ මාලින් කබලානගේ චරිතයට පණ පෙව්වේ ය. යස ඉසුරින් පිරි තම සැපවත් ජිවිතයෙන් මිදී විත් පොදු ජනතාව වෙනුවෙන් අභිනික්මන් කර පීඩිත ජනතාව වෙනුවෙන් සටන් වැදි මාලින්ගේ චරිතයට විසල් වටිනාකමක් රිචඩ් විසින් ලබා දුන් බව සිනමා විචාරකයින්ගේ නිරන්තර පැසසුමට ලක්වූ කරුණක් විය. එමෙන්ම යුගාන්තය, විරාගය සත්‍යග්‍රහණය යනාදි චිත්‍රපටවල ද , යශෝරාවය ටෙලි නාට්‍යයේ ද රංගනයෙන් දායකත්වය දැක්වූ ඔහු නාට්‍ය විචාරකයෙකු සහ වේදිකා නළුවකු ලෙස ද පතළ විය.
පසුව සංවර්ධන සන්නිවේදනය කෙරෙහි උනන්දුවන්නට පටන් ගත් ඔහු තෙවෙනි ලෝකයේ සුරාකෑම් සහ මානව හිමිකම් කැඩී බිඳී යෑම් පිළිබඳ කලකිරීමට පත්වුයේ ඔහු සතු වූ මානව ගුණධර්ම හේතුවෙනි. ඒ ඔස්සේ රිචඩ් ට ලිස්බන් නගරයේ ඉන්ටර් ප්‍රෙස් යුරෝපිය මුලස්ථානයේ විධායක තනතුරක් හිමිවීමත් සමග එහි යෑමට සුදානම්ව සිටිය දී අකාරුණික ම්ලේච්ඡ හස්තයකින් ඔහු මරුමුවට පත්කළේ ලංකාවම හඬවමිනි. ඔහුට දැක්වූ ගරුත්වය හේතුවෙන් ම ඉන්ටර් ප්‍රෙස් මුලස්ථාන මියගිය රිචඩ් ඩි සොයිසා නමින් නම් කළේ රිචඩ් සිදු කළ අනුපමේය සේවයට උපහාරයක් වශයෙනි.
යශෝරාවය ටෙලි නාට්‍යයේ
රිචඩ් දී සොයිසා පිළිබඳව බොහෝ විද්වතුන් දැක්වූ අදහස් කීපයක් 1990 පෙබරවාරි මස පළවූ දිවයින පුවත් පතින් මෙලෙස උපුටා දක්වමි.
‘‘සිංහල නාට්‍ය ගැන සාකච්ජා කරමින් එහි වර්ධනය පැතූ එකම කලාකරුවා ඔහු ය.’’
- මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
‘‘ඔහුගේ ජීවිතය අහෝසි කිරීමෙන්, ප්‍රාණය නමැති අධ්‍යාත්මික පොදු බලවේගය පවා දුබල වී තිබේ.’’
- නෙවිල් ජයවීර, හිටපු සභාපති / අධ්‍යක්ෂක, ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව.
‘‘අපේ වේදිකාවට, ඔහුගේ පරපුරේ අග්‍රතම නළුවකු නැති විය.’’
- සුමිත්‍රා පිරිස්.
‘‘ඔබේ ගැඹුරු ගීතමය හඬින් මනඃකල්පිත ලොවක් මැවූ හැටි...’’
- ලෙස්ටර් ජේම්ස් පිරීස්

සාහිත්‍ය කලාවට මෙන්ම සමාජයට විසල් මෙහෙවරක් කිරීමට හැකියාව තිබු බුද්ධිමත්, උගත් පුද්ගලයකු වසර 32ක් වැනි අඩු වයසක දී රටට අහිමි විය. සිය මෑණියන් වන වෛද්‍ය මනෝරානි සෙල්වමුත්තු මහත්මිය සමග සිය නිවසේ සිටිය දී 1990 පෙබරවාරි 18 වන දින නාඳුනන පිරිසක් විසින් හෙතෙම පැහැරගෙන ගොස් ඝාතනයට ලක් කරන ලදී. වටිනා සම්පතක් ලොවට අහිමි විය.
දයාබර ගුරුතුමනි...,
මෙවන් කුරිරු සමාජයක මතුදා නොයිපදෙවා..!
ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරමි...!!
(සටහන | නිලක්ෂි බණ්ඩාර)
nilakshibandara0710@gmail.com



