The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වාහන ගෙන්වීමේ ගැසට් පත්‍රයේ ඇත්ත නැත්ත | රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

January 28, 2025 • 4:44 PM

වාහන ගෙන්වීමේ ගැසට් පත්‍රයේ ඇත්ත නැත්ත | රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෞද්ගලික වාහන ආනයනයට අදාළ නොවන බව රංජිත් කීරති තෙන්නකෝන් සදහන් කරයි.
  • ඔහු මේ බව සඳහන් කර ඇත්තේ යට සඳහන් ගැසට් පත්‍රය පිළිබඳ කරුණු අනාවරණය කිරීම සඳහා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ය.
  • එම නිවේදනයට අනුව 2020 දී වාහන ආනයනයට අදාළ HS Cord සියල්ලම තාවකාලිකව තහනම් කර ඇත.
  • දී රනිල් වික්‍රමසිංහ රජය අවසර ලබා දී ඇත්තේ කාර්මික වාහන ආනයනය සඳහා පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):
පෞද්ගලික වාහන ආනයනයට අදාළ නොවන බව රංජිත් කීරති තෙන්නකෝන් සදහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ යට සඳහන් ගැසට් පත්‍රය පිළිබඳ කරුණු අනාවරණය කිරීම සඳහා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ය.

එම නිවේදනයට අනුව 2020 දී වාහන ආනයනයට අදාළ HS Cord සියල්ලම තාවකාලිකව තහනම් කර ඇත. 2024 දී රනිල් වික්‍රමසිංහ රජය අවසර ලබා දී ඇත්තේ කාර්මික වාහන ආනයනය සඳහා පමණි. නමුත්, එම තාවකාලික තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කර නොතිබුණ බවත්, රජය පසුගිය 24 දා ගත් තීරණයට 2421/04 අංකයෙන් ජනාධිපතිතුමා අත්සන් කර ඇති බවත්, වාහන ගෙන්වන ගැසට් පත්‍රය ලෙස මේ වන විට සංසරණය වන්නේ එම ගැසට් පත්‍රය බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.

මතු දැක්වෙන්නේ රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කරනු ලැබ තිබෙන සම්පූර්ණ නිවේදනය යි.
 
වාහන ගැසට් එකට රැවටුනාද? 
 
වාහන ආනයනය පිළිබඳ ඊයේ රජය ප්‍රකාශයට පත් කළ අංක  2421/04 ගැසට් එක කර්මාන්ත සඳහා (industrial purpose) මිස, පෞද්ගලික වාහන ආනයනයට අදාල නොවේ.  

2020 දී වාහන ආනයනයට අදාල HS Cord සියල්ලම තාවකාලිකව තහනම් කර තිබුණි. 2024 දී රනිල් වික්‍රමසිංහ රජය කාර්මික වාහන ආනයනය සඳහා අවසර ලබාදීමට තීරණය කළේය. නමුත්, එම තාවකාලික තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කර තිබුණේ නැත. රජය පසුගිය 24 දා තීරණය අරගෙන අංක  2421/04 අංකයෙන් ජනාධිපතිතුමා අත්සන් කර ඇත. වාහන ගේන ගැසට් එක යැයි දැන් සංසරණය වන්නේ ඒ ගැසට් එකය.

වැට්, සෙස්, පැල්, ආරක්ෂක බද්ද ආදී බදු වෙනුවට එන්ජින් ධාරිතාවය අනුව (වංචනිකව වෙනස් කළ නොහැකි ආකාරයට) නිෂ්පාදන බද්දක් හඳුන්වා දෙනු ලැබීය. එයට හේතුව CIF අගය මත ගණනයේ දී වංචා සිදු කිරීමයි. වාහන ආනයනයේදී ප්‍රධාන බදු මුදල් තීරණය වන්නේ එංජින් ධාරිතාව (CC) මත වන කොම්පොසිට් ටැක්ස් එකය.

හැබැයි යම් සීමාවකට (රු. ලක්ෂ 35ට වැඩි) ඉහළ වාහන සඳහා සුඛොපභෝගී බද්ද (සුපර් ලක්ෂරි ටැක්ස්) පැනවීම එයට අමතරව සිදුවිය.   IMF කොන්දේසි අනුව සෑම වසරකට බදු මිල (රටේ පවතින උද්ධමනය, ආදී ආර්ථික සාධක මත) සංශෝධනයට යටත් කිරීමට තීරණය විය.

දැන් 2025 න් පසුව නව ගැසට් දෙකක් අච්චු ගසා ඇත. එකක් බදු සංශෝධන ගැසට් එක ය. දෙවැන්න, පසුගිය රජයේ තීරණය මත ඊයේ නිකුත් කළ ‘කාර්මාන්ත වාහන’ තාවකාලික තහනම ඉවත් කිරීමේ ගැසට් එකය.

ආණ්ඩුව මේ මොහොතේ පුද්ගලික වාහන ගෙන්වීමට තවමත් සලකා බලමින් සිටින්නේ මෙයට පෙර තිබූ බදු ක්‍රමයට අමතරව වැට් බද්ද ක් එකතු කරමිනි. මේ දෙකම අවසන් වරට වාහන ආනයනයට අදාල නොවීය.

මෙය ගණනය කරන්නට හදන්නේ තවත් සංකීර්ණ ක්‍රමයකට ය.  CIF අගය මත දැනට ගහන සියළුම බදු එකතු කර, එයට CIF අගයට තවත් 10% ක් අගයක් එකතු කර එයට 18% ක වැට් බද්දක් පැනවීම අනිවාර්යයෙන්ම සිදු වේ.

මෙයට අමතර තවත් කුමන හෝ බද්දක් (උදා -  කස්ටම් ඉම්පෝට් ටැක්ස් CID) ක් පැනවීම බොහෝ විට අපේක්ෂිතය.  සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (2.5%) අය කිරීමක් නොකර එයට වැඩි ආදායමක් ලැබෙන කුමන හෝ නමකින් ක්‍රියාත්මක වීමේ ඉඩ වැඩිය.

වාහන ආනයනය සඳහා ඩොලර් බිලියනයක මුදල් වැඩ කිරීමට රජය/මහබැංකුව සුදානම් වේ. ඒ නිසාම නව වාහන සඳහා අත්තිකාරම් ගෙවීමේ දී පරිස්සම් සහගතවීම වැදගත්ය.  

රජය වාහන පුද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙනු ඇත්තේ මේ සියළු බදු පිළිබඳ අවසන් තීරණය ලබා ගැනීමෙන් පසුවය. එතෙක්, කාර්, ඩබල් කැබ්, ජීප් ආදී පුද්ගලික වාහන ගෙන්වීමේ ‘තාවකාලික තහනම’ එලෙසම ක්‍රියාත්මක ය.  

ආසන 25 ට වැඩි බස්, ආසන 10 සිට 16 දක්වා වෑන්, ඩබල් කැබ්, හා ලොරි යන වාහන ඛාණ්ඩ හතරක් හැර අනෙක් කිසිවක් තවමත් ආනයනයට අවසර නැත


Rajith Keerthi(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
හිටපු විධායක අධ්‍යක්ෂ
 කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )

rajith_tennakoon@yahoo.com


සබැඳි පුවත :
වාහන ගෙන්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...