The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'මීඩියා පොලිටික්ස්' නොතේරීම; භාෂාවට වඩා අද්දැකීම් ප්‍රමුඛ කිරීම රෝගයකි | සමබිම පක්ෂය

T

The Leader Desk

January 29, 2025 • 5:54 AM

'මීඩියා පොලිටික්ස්' නොතේරීම; භාෂාවට වඩා අද්දැකීම් ප්‍රමුඛ කිරීම රෝගයකි | සමබිම පක්ෂය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක් අන්තයකින් "කාර්මික ධනවාදය" (ෆැක්ටරිය හා කම්කරුවා) අවසන්ව සිය කැමැත්තෙන් සිය ශ්‍රමය වගුරන "තොරතුරු ධනවාදයක්" (ෆේස්බුක් හා ෆ්‍රෝපයිල් හිමියා) ඇතිවී තිබෙනවා.
  • එනම් ඥානය ලබා ගැනීම සිදුවන්නේ භාෂාව හරහා බව අවබෝධ කරගැනීමයි.
  • සරලව කිව්වොත් ආත්මය බිහි වන්නේ පැවැත්මෙන් - Being - නොව නිර්භාෂාවෙන් බව තේරුම් ගැනීම ය.
  • මේ දෙපාර්ශවය ම ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව නිර්නායක සපයන්නන් ලෙස ලකුණු වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එක් අන්තයකින් "කාර්මික ධනවාදය" (ෆැක්ටරිය හා කම්කරුවා) අවසන්ව සිය කැමැත්තෙන් සිය ශ්‍රමය වගුරන "තොරතුරු ධනවාදයක්" (ෆේස්බුක් හා ෆ්‍රෝපයිල් හිමියා) ඇතිවී තිබෙනවා. අතීත යුගයක දී සමසමාජ පක්ෂය බඳු වාමාංශිකයින් සමාජය සංවිධානය කිරීමේ දී මෙන් ම සමකාලීනව JVP ය ජනතාව සංවිධානය කිරීමේ දී ද එක් ප්‍රධාන අදහසක් නම් නොවෙනස්ව පවතිනවා. එනම් "අද්දැකීම් මත පදනම්ව" දේශපාලනය කිරීමේ අදහසයි.


අත් දැකීමට වඩා භාෂාව ප්‍රාථමික ය

 

Anura Disanayake Tempalstro 2019.03.01 2
අත් දැකීම් යනු පංචේන්ද්‍රයට ග්‍රහණය කරගන්නා ඥානය මත සමාජය සංවිධානය කිරීමේ ආකෘතියකි. සමසමාජ පක්ෂයේ සිට JVP දක්වා වාමාංශික පරාසය තුළ ඔවුන්ට අහිමිව යන්නේ "අද්දැකීම්වලට වඩා භාෂාව ප්‍රාථමිකයි" යන න්‍යායික අවබෝධය යි. එනම් ඥානය ලබා ගැනීම සිදුවන්නේ භාෂාව හරහා බව අවබෝධ කරගැනීමයි. එනම් ව්‍යුහ මගින් සමාජය වටහා ගැනීම ය. සරලව කිව්වොත් ආත්මය බිහි වන්නේ පැවැත්මෙන් - Being - නොව නිර්භාෂාවෙන් බව තේරුම් ගැනීම ය. මෙය සිතන තරම් සරල නොවන සංකීර්ණ කාරණාවකි.

JVP ආණ්ඩුවට ගම නම් ස්ථානයේ දී ගොවියා මුණගැසෙන අතර නගරයේ දී වෘත්තීය සමිති මුණගැසෙනවා. මේ දෙපාර්ශවය ම ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව නිර්නායක සපයන්නන් ලෙස ලකුණු වෙනවා. නගරයේදී මුණගැසෙන වෘත්තීය සංගම් (GMOA, FUTA, ගුරු, හෙද, ඉංජිනේරු, රේගු, විදුලිබල act..) සහ ගමේ දී මුණගැසෙන ගොවියන් යන දෙපාර්ශවයේ ම ප්‍රකාශමාන වීම් සඳහා මාධ්‍ය, යූටියුබ්කරුවන්, ෆේස්බුක් යනාදි පසු-මාධ්‍යවල අවකාශය වෙන් කෙරෙනවා. විශේෂයෙන්ම දිලිත් සහ රෙනෝගේ දෙරණ සහ හිරු යනාදි නාලිකා මේ සඳහා ලබා දෙන කාලය ඉතා වැඩි ය. ඔවුන් හණමිටි අදහස් විද්‍යාත්මක ලෙස හසුරුවයි.

කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන මුහුණ දෙන අභියෝග

 

කල්පනාවෙන් බැලුවොත් එතන දී මේ පසු-මාධ්‍යය - Post- Media - විසින් හසුරවනු ලබන්නේ "භාෂාව" අපුර්ව ආකරයකින් බව ඔබට වැටහිය යුතු වෙනවා. ඉන් යථාර්ථය වේශ නිරූපණය කරයි. එහි අනිත් අන්තය වශයෙන් මොවුන් සමග ගනුදෙනු කිරීමේ දී (ගොවියන්/වෘත්තීය සමිති) ආණ්ඩුව අද්දැකීම් මත සහ යථාර්ථය මත පදනම් වනවා. 

ඒ නිසාම පොහොර සහනාධාර, වී මිලට ගැනීම්, වී මෝල්, ගබඩා වැනි දේවල් ගම සංවිධානයේ දී යොදාගන්නා විට පඩි වැඩිකිරීම්, වෘත්තීයන් උත්කර්ශවත් කිරීම්, ආදිය නගරය සංවිධානය කිරීම පිළිබඳව යොදවනවා. ඒ සියල්ලම දුන් පසුත් මේ අය මාධ්‍ය මත නළුවන් වීම ආත්මීය - fantasy - ගැටලුවක් බව ආණ්ඩුවට අවබෝධ නොවේ. අපිට අනුව "අත් දැකීමට වඩා භාෂාව ප්‍රාථමික ය" යන දේශපාලනික අවබෝධය ආණ්ඩුවට නොමැති බව පැහැදිලි වන්නේ එතැනිනි.

යථාර්ථය වේශ නිරූපණය කිරීම

 


උදාහරණයක් ලෙස "තොරතුරු ධනවාදය" මගින් උපයා ගත් - එනම් පියාගේ තනතුර යොදාගෙන මුදල් එකතු කළ - යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම පිළිබඳ කාරණාව සලකා බැලිය හැකි ය. එහි දී අදාළ අත් අඩංගුවට ගැනීම පිළිබඳ කතිකාවේදී, ඔහු අත් අඩංගුවට පත් ස්ථානය, ඇඳ සිටි ඇඳුම, පොලීසිය මාංචු නොදැමීම, පොලීසියේ දී ගත් ජායාරූපය ආදී වශයෙන් විශාල කතාබහක් නිර්මාණය වෙනවා. ආණ්ඩුව පැත්තෙන් ආ අදහස වූයේ මේ අත් අඩංගුවට ගැනීම හරහා අනිත් චෝදනා ලත් පුද්ගලයින්ට අනතුරු ඇගවීමත්, මෙවැනි වංචා කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය හරියාකාරව ක්‍රියාත්මක වන බව තේරුම් කිරීමත් විය හැකි ය. එසේ ම මෙය ජන්ද පොරොන්දුවක් ඉටු කිරීමක් ද වනවා.

නමුත් මේ කලාපය ම අත් දැකීම් ක්ෂේත්‍රයේ ගැවසෙන ක්‍රියාවක් වන විට එයම දිලිත් සහ රෙනෝ යනාදි පුද්ගලයින් භාෂා කලාපය වෙත විතැන් කර වෛරල් කරවනවා. එනම් යථාර්ථය  වේශ නිරූපණය කිරීම. සරලව කිවහොත් ආණ්ඩුව සිය ක්‍රියාව අද්දැකීම් කලාපයට ලඝු කරන විට එම ක්‍රියාවම මාධ්‍ය විසින් භාෂා ලෝකයක් තුළට තල්ලු කර වෛරස් එකක් කරයි. වෛරසයට බෙහෙත් නැත.

ආණ්ඩුවේ නිවට භාවය

 

රූපවාහිනී නියාමනයට විරුද්ධවන්නන්ගේ වතගොත සහ විකල්පය -(ආචාර්ය ප්‍රදීප් එන්  වීරසිංහ)
අපි බලයේ සිටියානම් මේ ක්‍රියාව මීට වඩා වෙනස් වෙනවා. යෝෂිත අත් අඩංගුවට ගැනීම හෝ අධිකරණයට රැගෙන යාම හෝ පොලීසිය තුළ ජායාරූප ගත කිරීමට හෝ එසේනම් අප ඉඩ දෙන්නේ නෑ. එය එක් අතෙකින් අධිකරණයකින් වරදකරු නොකෙරූ හා සැකකරුවෙකු වශයෙන් නම් කළ පුද්ගලයකුගේ අයිතිවාසිකමක්. අනිත් අතින් එය ම මාධ්‍ය තක්කඩීන් වෙත සිය භාෂා ක්‍රීඩාව තුළ ආණ්ඩුව ජෝක් කිරීමට ඉඩ දීමක්. මේ සඳහා ආණ්ඩුවේ මැදිහත් වීම නිවට වෙන්නේ ඔතනින්. මාධ්‍ය සඳහා නියාමනය කිරීමේ කොමිසමක් පිහිටුවා මෙවැනි සිද්ධි වෛරල් වීමට සහ ඒවා තුළ භාෂා ක්‍රීඩා නොකිරීමට වැඩ කිරීම ආණ්ඩුවේ වගකීමක් ද වන්නේ එම නිසා ය. නැතිනම් සිදු වන්නේ දිලිත් සහ රෙනෝ යනාදි මාධ්‍ය හිමිකරුවන් සිය දේශපාලන ව්‍යාපෘති සඳහා ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා ජෝක් කිරීම ය.

මෙතැන දී තවත් කලාපයකට ද අපි ගමන් කළ යුතු ය. එනම් දිලිත්/රෙනෝ හෝ එම චැනල්වල සිටින මැට්ටන් මේවා කරන්නේ සබුද්ධික සහ සවිඥානික අදහසක පිහිටා නොවෙයි. මේ භාෂා ක්‍රීඩාව ඔවුන්ට අවිඥානික ය. එනිසා ම මෙය විනෝදය සම ගැටගැසේ. උදාහරණයක් ලෙස යෝෂිතට මෙහි නීතිමය තත්ත්වය මත ඉතා ඉක්මනින් ඇප ලැබෙනු ඇති අතර එය පෙරළා ආණ්ඩුව විහිළුවට ලක් කිරීමේ මෙවලමක් ලෙසින් ද මේ මාධ්‍ය භාවිතා කරනු ඇත. කළ යුතු වන්නේ නඩු පැවරීම මිස ආතල් ගැනීම හෝ දීම නොවේ. එවිට කිසිවකුට උසාවියට අපහාස කළ නොහැකි ය.

න්‍යායාචාර්වරුන්ගේ ලජ්ජා රහිත බව

hand making move chess game moving pawn one field forward 38545 242
ආණ්ඩුවේ බලය හොබවන JVP ය අත් දැකීම් මත පදනම් වූ දේශපාලනයක් කෙරෙහි බර තබන විට ඒවා ගමන් කරන්නේ මාධ්‍ය මත භාෂාවක් ලෙසිනි. එනිසා ම ඒ ක්‍රියා (ක්ලීන් ශ්‍රි ලංකා, හාල් ගැටලුව, බිත්තර ගැටලුව, හොරු අත්අඩංගුවට ගැනීම act...) මාධ්‍ය මත විහිළුවට ලක් වීම අනිවාර්ය ය. ජනාධිපති පුටුවේ නොසිට සියල්ල පැහැදිලි කිරීමට අනුර කුමාරට රට වටේ යන්නට සිදුවන්නේත්, ජනතාවට කරුණු පැහැදිලි කරන්නට සිදුවන්නේත් ඒ නිසා ය. 

සිය පුටුවේ වාඩිවී තමන්ගේ චැනලය ටෙලිෆෝන් පණිවිඩවලින් මෙහෙයවන දිලිත්/රෙනෝ යනාදීන්ට මුහුණ දීමට ජනාධිපතිවරයා රට වටේ යෑම අපිට නම් විහිළුවකි. බහුතර බලයක් හිමි ආණ්ඩුවක් කනාමුට්ටි ගැසීමට යෑම මාධ්‍ය තක්කඩියන්ගේ භාෂා ක්‍රීඩාවක ඉසව්වක් වීම පිළිබඳව JVP හි න්‍යාචාර්‍යවරුන් ලැජ්ජා විය යුතු ය.

මනුෂ්‍යයින්ගේ "විඥානය" සකස් වන්නේ භාෂාව නිසා බව දේශපාලනිකව අවබෝධ වෙනවානම් පාර්ලිමේන්තුව ඇත්තේ නීති සම්පාදනයට බව ද අවබෝධ විය යුතු ය.

| සමබිම පක්ෂය

(උපුටා ගැනීම : Samabima Party ෆේස්බුක් පිටුවෙන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...