The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අවුෂ්විට්ස් සිරකරුවන් මුදාගෙන වසර අසූවයි

T

The Leader Desk

January 29, 2025 • 6:38 AM

අවුෂ්විට්ස් සිරකරුවන් මුදාගෙන වසර අසූවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැයි මාසයේ සිට 1945 ජනවාරි දක්වා ක්‍රියාත්මක වූ මෙම කඳවුරේදී යුදෙවුවන්, පෝලන්ත ජාතිකයන්, රුමේනියානුවන් හා සෝවියට් සොල්දාදුවන් රඳවා සිටි අතර ගෑස් කාමරවලදී පුළුස්සා අමානුෂික ලෙස ඝාතනය කරන ලද සංඛ්‍යාව මිලියන එකයි දශම එකකට අධිකය.
  • ඝාතනයට ලක් වූ පිරිස අතරින් 960000 ක් යුදෙව්වන් වූ අතර වාර්ගික පෝලන්ත ජාතිකයන් 75000 රෝමාවරු 21000 ( රෝමාවරු ඉන්දු ආර්ය සම්භවයකින් යුතු තැනින් තැන යමින් ජීවත් වූ ජන කොටසක් විය} සහ අත්අඩංගුවට පත් වෙයි සෝවියට් යුධ සිරකරුවන් 15000ක්ද ඒ අතර විය.
  • සෝවියට් සංගමයේ රතු සෙබළුන් විසින් කඳවුර මුදාගන්නා විටහි සිටියේ ඉතා දුර්වල තත්ත්වයේ පසුවූ 7000ක ප්‍රමාණයක් පමණි.
  • දෙවන ලෝක යුද්ධය නිමා වූ පසු එය නිමා කිරීමට දායකවූ බලවත් ජාතීන් එකතු වී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමේ ප්‍රධාන අරමුණක් වූයේ අනාගතයේ ඇතිවන යුද ගැටුම් ඇතිවීම වැළැක්වීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

1940 මැයි මාසයේ සිට 1945 ජනවාරි දක්වා ක්‍රියාත්මක වූ මෙම කඳවුරේදී යුදෙවුවන්, පෝලන්ත ජාතිකයන්, රුමේනියානුවන් හා සෝවියට් සොල්දාදුවන් රඳවා සිටි අතර ගෑස් කාමරවලදී පුළුස්සා අමානුෂික ලෙස ඝාතනය කරන ලද සංඛ්‍යාව මිලියන එකයි දශම එකකට අධිකය.

 

red army

නාසි මතවාදයේ මූලික අංගයක් වූ වාර්ගීක පිරිසිදු කරනය සඳහා යොදා ගත් අවුෂ්විට්ස් කඳවුර පළවන ලෝක යුද්ධයේ පෝලන්ත සෙබලුන්ගේ හමුදා බැරැක්කයකි. අත්අඩංගුවට ගත් පිරිස් දුම්රිය මගෙන් කඳවුර කරා ප්‍රවාහනය  කරන ලදී. ඝාතනයට ලක් වූ පිරිස අතරින් 960000 ක් යුදෙව්වන් වූ අතර වාර්ගික පෝලන්ත ජාතිකයන් 75000 රෝමාවරු 21000 ( රෝමාවරු ඉන්දු ආර්ය සම්භවයකින් යුතු තැනින් තැන යමින් ජීවත් වූ ජන කොටසක් විය} සහ අත්අඩංගුවට පත් වෙයි සෝවියට් යුධ සිරකරුවන් 15000ක්ද ඒ අතර විය. සෝවියට් සංගමයේ රතු සෙබළුන් විසින් කඳවුර මුදාගන්නා විටහි සිටියේ ඉතා දුර්වල තත්ත්වයේ පසුවූ 7000ක  ප්‍රමාණයක් පමණි.

 

දෙවන ලෝක යුද්ධය නිමා වූ පසු එය නිමා කිරීමට දායකවූ බලවත් ජාතීන් එකතු වී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමේ ප්‍රධාන අරමුණක් වූයේ අනාගතයේ ඇතිවන යුද ගැටුම් ඇතිවීම වැළැක්වීමයි. නමුත් වර්තමාන ගෝලීය තත්ත්වය ලෙස සලකා බැලීමේදී  ඔවුන් එය ඉටුකිරීමට අසමත් වී ඇති බව පෙනී යයි.

රුසියානු - යුක්‍රේන යුද්ධය ඉතා දරුණු මට්ටමක පවතින අතරින් ගාසා තීරය සුන්  බුන් ගොඩක් පමණක් බවට පත් වී ඇත. අවුෂ්විට්ස් මුදා ගැනීමේ අසූවන සංවත්තරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඔවුන්ගේ ප්‍රධාන අරමුණ අනුව ක්‍රියා කිරීමට නොහැකි වුවහොත් අප ඉදිරියේ ඇති දශකය ලෝක සාමයට තීරණාත්මක දශකයක් වනු ඇත.

Rasanga(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
විධායක අධ්‍යක්ෂ
ජාතික මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය

prasadrharischandra@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...