චන්ද්‍රිකා, සිරිසේන වගේ හැම අලුත් ආණ්ඩුවක්ම අඩු, වැඩි වශයෙන් නිසි සන්නිවේදන උපාය මාර්ගයක් (communication strategy) නැතිවීමේ ගැටලුවට මුහුණ දුන්න.
පැහැදිලිවම ජාජබේ (මාලිමාවේ) ආණ්ඩුවත් ඒ ප්‍රශ්නෙට මුහුණ දීල ඉන්නවා.
ආණ්ඩුවත්, ජනාධිපති අනුරත් ඒ බව නොදන්නවත් නෙවෙයි කියල මට හිතෙනවා.
ඒ නිසාම වෙන්න ඇති දැන් අනුර ටිකක් 'ගම සමග පිළිසඳරක්' වගේ වැඩකට අතගහල තියෙන්නේ.
නමුත් ගෝඨාභය නොකරපු දෙයකුත් අනුර කරමින් ඉන්නවා. ඒ තමයි ඉඳල, හිටලා මාධ්‍ය එක්කත් සාකච්ඡාවකට සම්බන්ධ වීම.
මම දකින විදියට ඒක ඉතාමත් හොඳ ප්‍රවණතාවක්. රටේ රාජ්‍ය නායකයා විදියට විරුද්ධ පක්ෂයේ හිටපු කාලේ වගේ පාරට බැහැල ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔහුට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ මොහොතේ මතුවෙලා තියන ගැටළු ගැන මාධ්‍ය ඔස්සේ යම්තාක් දුරකට හරි ප්‍රතිචාරයක් පළකරන්න අනුර තීන්දු කිරීම ඇත්තෙන්ම යහපත් වැඩක්.
නමුත් මෙතන බරපතල ගැටළුවකුත් තියෙනව.
මේ වැඩේට අනුර නිතරම තෝරාගන්නේ සිරස. අනුරගේ ප්‍රියතම චැනල් එක වුණත්, මැතිවරණයේදී අනුර වෙනුවෙන් පෙනී සිටිය වුණත්, සිරස කියන්නෙත් ලංකාවේ පෞද්ගලික මාධ්‍ය නාලිකා අතරින් එක නාලිකාවක් විතරයි.
මේක කිසිසේත්ම සිරස ගැන විවේචනයක් නෙවෙයි. සිරසේ මගෙත් මිතුරන් ගොඩක් ඉන්නවා. නමුත් රටේ රාජ්‍ය නාලිකා කිහිපයක් තියෙද්දී, ජනතාවට පිළිතුරු දෙන්න රාජ්‍ය නායකයා පෞද්ගලික නාලිකා අතරින් එක නාලිකාවක් විතරක් තෝරාගැනීම මම දකින විදියට ගැටළු සහගතයි. විශේෂයෙන්ම රාජ්‍ය නායකයා එක නාලිකාවක් විතරක් තෝරා ගත්තම ඒ නාලිකාව අකමැති කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නෙත් නැහැ.
ඒ වෙනුවට අනුරට තෝරා ගැනීම් කිහිපයක් තියෙනව.
එකක් තමයි මේ වගේ සංවාදයක් සඳහා රාජ්‍ය නාලිකාවක් තෝරා ගැනීම. ඒ සාකච්ඡාව one-to-one වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙතෙක් තිබුණ සම්ප්‍රදාය වෙනස් කරලා රාජ්‍ය, පෞද්ගලික හැම නාලිකාවකින්ම මාධ්‍යවේදීන් එකතුවෙලා ඒ සාකච්ඡාව කරන්නත් පුළුවන්. නමුත් සංවාදය යන්නේ රාජ්‍ය නාලිකාවක. (මම රාජ්‍ය මාධ්‍ය කියන සංකල්පයට එකඟ නැහැ. මම කියන්නේ රාජ්‍ය මාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය බවට පත්කළ යුතුයි කියල. නමුත් ඒක වෙනම සංවාදයක්. ලංකාවේ දැනට රාජ්‍ය මාධ්‍ය තියන නිසා රාජ්‍ය නායකයා තෝරාගත යුත්තේ රාජ්‍ය මාධ්‍යයක් කියල මට හිතෙනවා.)
දෙවැන්න තමයි කිසියම් නිශ්චිත වේලාවක් තුළ, සංවාදය මෙහෙයවීම එක් ප්‍රධාන මාධ්‍යවේදියෙකුට භාරදීලා, රාජ්‍ය, පුද්ගලික සියලු මාධ්‍යවල ජර්නලිස්ට්ල ගේ සහභාගිත්වයෙන් ජනාධිපති සමග විවෘත සංවාදයක් හැම නාලිකාවකම විකාශය කිරීම. මේක ටිකක් සංකීර්ණ වැඩක් වෙන්න පුළුවන්. නමුත් රටේ රාජ්‍ය නායකයා එක පුද්ගලික නාලිකාවක් තෝරාගැනීමට වඩා ඒ විදියේ සංවාදයක් වඩා ප්‍රජාතන්ත්‍රවාදී වේවි කියල මම හිතනවා.
මම මෙතනදී අදහස් කරන්නේ 'චමුදිත style' බොරු ෂෝ එකක් නෙවෙයි. ඒ වගේම මම අදහස් කරන්නේ චන්ද්‍රිකාගේ කාලේ ජනදාස පීරිස්, ලූෂන් රාජකරුණානායක එකතුවෙලා කරපු 'මේකත් කියන්න මැඩම්' style එකේ චන්ද්‍රිකාට ෆුල් ටොස් දාපු සාකච්ඡාවකුත් නෙවෙයි.
රටේ රාජ්‍ය නායකයාගෙන් කෙලින්ම, අසීරු ප්‍රශ්න අහන්න රාජ්‍ය මාධ්‍යවල සේවය කරන මාධ්‍යවේදීන්ටත් නිදහස තිබිය යුතුයි. ඒ වගේම සංවාදය තවත් පුළුල් කරන්න අවශ්‍ය නම් රාජ්‍ය-පුද්ගලික මාධ්‍යවේදීන්ට එකතු වෙලා, රාජ්‍ය මාධ්‍යයක මැදිහත්වීමෙන් සාකච්ඡාව මෙහෙයවන්න පුළුවන්.
මේ මට හිතෙන හැටි. ඔබේ අදහසත් කියන්න.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජනවාරි 29
සංදේශය කොළම: අනුර, සිරස සහ සන්නිවේදන උපායමාර්ග
T
The Leader Desk
January 29, 2025 • 4:28 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- චන්ද්‍රිකා, සිරිසේන වගේ හැම අලුත් ආණ්ඩුවක්ම අඩු, වැඩි වශයෙන් නිසි සන්නිවේදන උපාය මාර්ගයක් (communication strategy) නැතිවීමේ ගැටලුවට මුහුණ දුන්න.
- ආණ්ඩුවත්, ජනාධිපති අනුරත් ඒ බව නොදන්නවත් නෙවෙයි කියල මට හිතෙනවා.
- ඒ නිසාම වෙන්න ඇති දැන් අනුර ටිකක් 'ගම සමග පිළිසඳරක්' වගේ වැඩකට අතගහල තියෙන්නේ.
- ඒ නිසා ඒ මොහොතේ මතුවෙලා තියන ගැටළු ගැන මාධ්‍ය ඔස්සේ යම්තාක් දුරකට හරි ප්‍රතිචාරයක් පළකරන්න අනුර තීන්දු කිරීම ඇත්තෙන්ම යහපත් වැඩක්.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


