The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දහනක බණ්ඩාර දෙවියන් මෙන් ගල්ගමු අලි ඇතුනට ඇල්ම බැල්ම පාන අපූරු මිනිසා 'අලි බණ්ඩාර'

T

The Leader Desk

January 30, 2025 • 8:29 AM

දහනක බණ්ඩාර දෙවියන් මෙන් ගල්ගමු අලි ඇතුනට ඇල්ම බැල්ම පාන අපූරු මිනිසා 'අලි බණ්ඩාර'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්ගමුව ගැන කතා කරන කොට වැඩිපුරම ඇහෙන්නෙ අලි කතා.
  • ලංකාවේ නිර්මාණය වුණු ප්‍රථම සත්ව අවිහිංසා ඇත් ස්මාරකය ඉදිවෙලා තියෙන්නෙත් ගල්ගමුවෙ පුලංචිය වැව අසල.
  • ගුගල් මැප් එකට ගිහින් ඇත් පිළිරුව හරි Tusker Statue කියලා හොයලා බැලුවම එතැනත් පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්.
  • ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් හිඳින අතරේ ඛේදනීය අකල් මරණ වලට ලක් වුණු සියඹලංගමුවෙ ඇතාගේ සහ දළ පුට්ටුවාගේ ජීවමාන ස්වරූපයේ මූර්ති සහිත ඒ නිර්මාණය කර තිබෙන්නෙත් ගල්ගමුව සියඹංගමුවේ පදිංචි කලාකරුවෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ ගම්වරයේ හිටපු දහනක මුදියන්සේ කියන ප්‍රභූ වරයාගේ හිතුවක්කාර පුතෙක් නරක මිතුරු ඇසුර හින්දා අකාලයේ මරු මුවට පත් වෙලා දහනක බණ්ඩාර නමින් දේවත්වයට පත් වුණු කතාවත් ඉන් පස්සේ එතුමා කතරගම දෙවියන් ගේ ආඥාවෙන් කහල්ල, පල්ලෙකැලේ, පොරෝගම අලි ඇත් පරපුරට ආධිපත්‍යය පාමින් වැඩ සිටින බවත් පරණ ජන කතා වලින් කියැවෙනවා. 


අද ගල්ගමුව අවට දකින්න ලැබෙන බෝල හැඩයේ අලි ඇතුන් දහනක බණ්ඩාර දෙවියන්ගේය කියන පාරම්පරික ජන විශ්වාසයට පිටු පාන්නත් අපිට බෑ.

පුවත් - Results from #2790

ගල්ගමුව ගැන කතා කරන කොට වැඩිපුරම ඇහෙන්නෙ අලි කතා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු කෙලවරට වෙන්න තමයි ගල්ගමුව පිහිටලා තියෙන්නේ. ගල්ගමුව ගැන නොදන්න අයට ගුගල් මැප් එකට ගිහින් ගල්ගමුව තියෙන තැන හරියටම බලාගන්න පුලුවන්. ලංකාවේ නිර්මාණය වුණු ප්‍රථම සත්ව අවිහිංසා ඇත් ස්මාරකය ඉදිවෙලා තියෙන්නෙත් ගල්ගමුවෙ පුලංචිය වැව අසල. ගුගල් මැප් එකට ගිහින් ඇත් පිළිරුව හරි Tusker Statue කියලා හොයලා බැලුවම එතැනත් පහසුවෙන්ම හොයා ගන්න පුළුවන්.

ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් හිඳින අතරේ ඛේදනීය අකල් මරණ වලට ලක් වුණු සියඹලංගමුවෙ ඇතාගේ සහ දළ පුට්ටුවාගේ ජීවමාන ස්වරූපයේ මූර්ති සහිත ඒ නිර්මාණය කර තිබෙන්නෙත් ගල්ගමුව සියඹංගමුවේ පදිංචි කලාකරුවෙක්. ඒ තමයි ජේ රත්නායක. ඔහු මේ ඇතුන් දෙන්නාව අවස්ථා රාශියක දීම ජීවමානව දැකලා තිබුණත් ඒ නිර්මාණය අතිශය සූක්ෂමව කළ යුතු හින්දා ඒ දෙන්නාගෙ ස්ජීවී ඡායාරුප සහ වීඩියෝ තියෙන්නේ කා ළඟද කියලා විමසලා බලනවා.අන්න එතකොට තමයි අලි ඇතුන් සම්බන්ධ බණ්ඩාර කෙනකු ගේ පිහිට හොයාගෙන යන්න වෙන්නේ.

 

 99165085 cdcsdsdfsd

හැබැයි ඒ සියඹලංගමු ඇතාගේ සහ දළ පුට්ටුවාගේ ඇත් කුලයට අධිගෘහිත දහනක බණ්ඩාර දෙවියන් ගේ නෙවෙයි ගල්ගමුව අවට අලි ඇතුන්ට ඇල්ම බැල්ම පාන වෙනත් බණ්ඩාර කෙනෙක්, ඔහුගෙන් ලැබුණු සියඹලංගමුව ඇතාගේ සහ දළ පූටුවා ගේ ඡායාරුප සහ වීඩියෝ වලින් තමයි ඇත් පිළිරු නිර්මාණය කරපු කලා කරුවාට ඒ නිමැවුමට ඉතා සියුම් ලෙස ඒ ඇතුන් දෙන්නා ගේ ජිවමාන ලක්ෂණ එක් කරන්න රුකුලක් ලැබෙන්නෙ.ඒ අලි ඇතුන්ට ඇල්ම බැල්ම පාන මේ බණ්ඩාරට දන්න කියන හැමෝම කියන්නේ අලි බණ්ඩාර කියලා.

ali banda

අලි බණ්ඩාර දළ පූට්ටුවා සමඟ

 

කවුද මේ අලි බණ්ඩාර කියන්නේ? ඔහු කොහෙ කෙනෙක් ද? ඒ හින්දා ඔහු ගැනත් විස්තර හොයලා මෙහි යම් සටහනක් තියන්න අපි අදහස් කළා. 1984 සැප්තැම්බර් මාසේ 4 දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිකවැව කියන ගමේ නිකවැව ග්‍රාමීය රෝහලේ දි තමයි මේ අලි බණ්ඩාර මෙලොව එළිය දකින්නේ. උප්පැන්නයේ තියන්නේ රාජපක්ෂ මුදියන්සේලාගේ ජයතිලක බණ්ඩාර කියන නම. මව දහනක බණ්ඩාර දෙවියන් ගේ අඩවිය වන කහල්ල පල්ලේකැලේට මායිම්ව ඇති හේරත්ගම රෑඹෑව කියන ගමේ. පියා නාගල කන්ද පාමුල කුඩා නිවසක ජිවත් වුණු පාරම්පරික ගොවියෙක්.අලි බණ්ඩාර කුඩා කල සිට අකුරු කරලා තියෙන්නේ නිකවැව දේවානම් පියතිස්ස මහ විද්‍යාලයෙන්. පස්සේ වයස අවුරුදු දාහතරෙ දී ඒ කියන්නේ 1998 වසරේ තමයි ගල්ගමුව ප්‍රදේශයට මව සහ පියා සමග පදිංචියට ඇවිත් තියෙන්නේ. 

අලි බණ්ඩාර අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ 2003 කලා අංශයෙන්.ඒ විභාගයෙන් බී සාමාර්ථ දෙකක් සහ සී සාමාර්ථයක් ලබා ගෙන තිබුණු අලි බණ්ඩාර ඉන් පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ රජරට සේවයට සම්බන්ධ වෙලා කාලයක් කටයුතු කරලා රුපවාහිනී ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් විදිහට මේ දක්වාම කටයුතු කරනවා.

 

banda
අලි බණ්ඩාර ගල්ගමුව අවට අලි ඇතුන් පිළිබඳව උනන්දු වෙන්නේ ඔහු ගේ හිත ඇතුළේ ඒ ගැන තිබුණු සහජ ආශාවක් හින්දා.ඒ අලි බණ්ඩාරටත් දහනක බණ්ඩාර දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබුණු හින්දා වෙන්න බැරිද? කියලා අපි නිකමට වගේ ඔහු ගෙන් ඇහුවා. එතකොට අලි බණ්ඩාර හිනා වෙලා ගත්කටටම කිව්වේ “බුදු අම්මෝ ඕවා නම් ලියන්න එපා කියලා ”ඒත් අපි ඒ කතාව අලි බණ්ඩාර ඒකට දීපු උත්තරෙත් එක්කම ඔන්න ලියලා දැම්මා.

අලි බණ්ඩාර ගල්ගමුවේ ජීවත් වු දළපුට්ටුවා ඇතා ගැන නිතර සොයා බැලු කෙනෙක් ඒ කාලේ බොහෝ ඡායරුප ශිල්පීන් දළ පූට්ටුවා බලන්න යන්නේ බණ්ඩාරගෙ ගෙදර ඇවිත් බණඩාර එක්ක.

 

 99061711 3645e87a 37a9 40d6 b2a4 03d3ac315c25දළ පූට්ටුවා

හදිසියේ ඇතා ප්‍රදේශයේ දැක ගැනීමට නොමැති වුණොත් ඔහු මේ ඇතා කොහෙද? ගියේ කියලා හොයනවා.දළ පූට්ටුවා විතරක් නෙවෙයි ගල්ගමුව ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වන අලි ඇතුන් කාලානුරූපව සැරිසරන ඉසව් ගැන;උන් ගේ ජීවන චක්‍රය ගැන අලි බණ්ඩාරට හොඳ ඉවක් තියනවා. අලි ඇතුන්ට දුරටම මිනිස් ඉව වැටෙනවා වගේම අලි බණ්ඩාරත් දුරටම අලි ඇතුන් ඉන්න ඉසව් ගැන සංජානනය; ඉව දැනෙනවා. ඔය අතරේ වලාන දුෂණ මර්දධන ඒකකයට දළ යුවලක් හමු වෙනවා අලවි කිරීමට සුදානම් වු වෙලාවේ කරන වැටලීමකින්. ඒත් ඒ ගැන කිසිම තොරතුරක් ලැබෙන්නේ නෑ. නමුත් ඒ දළ යුගලය ඡායාරුපයකින් පමණක් දකින බණ්ඩාර ඒ දළ දළපුට්ටුවා ගේ බවට නිසැක ලෙසම හඳුනා ගන්නවා. ඒ එක්කම ඛේදනීය සැකයෙන් මහත් කම්පාවට පත් වන අලි බණ්ඩාර දළපුට්ටුවා ඇතාගේ සිරුර සොයා ඔහු වැඩිපුරම සැරිසැරූ ඉසව් පුරා සැරිසරනවා.

නමුත් මුල් අවස්ථාවේ මිතුරන් කිහිප දෙනෙකුගේ සහය හැර ඔහුට කිසිම සහයක් ඒ සඳහා ලැබෙන්නෙ නෑ. නමුත් අලි බණ්ඩාර සහ ඔහු ගේ හැකියාවන් ගැන දන්න මාධ්‍ය ආයතන ඒවා දළ පුට්ටුවාගේම දළ බවට සැක සහිත පුවත් වාර්තා කරනවා. ඒ නිසාම වන ජීවි කණ්ඩායම් දළ පූට්ටුවාගේ සිරුර හොයන්න එකතු වෙනවා. එතන දී අලි බණ්ඩාරගේ යටි හිතට කහල්ල පල්ලෙකැලේ එක ඉසව්වක් ගැන සා පිපාසාවක් වගේ බරපතල සැකයක් ඇති වෙනවා. ඒ වගේම දළ යුගල අත්අඩංගුවට අරගෙන දවස් දින 10 ගතවන්නට පෙර කහල්ල පල්ලේකැලේ හොරොව්වැවට ඉහළින් ඒ වෙනකොට හඳුනා ගන්න බැරි තරමට නරක් වුණු දළ පූට්ටුවා ගේ සිරුර හමුවෙනවා; ඒ හරියටම අලි බණ්ඩාර අනුමාන කරපු ඉසව්වෙ දී. ඒ වගේම එය දැක්ක හැටියේ ඒ දළ පූට්ටුවාගෙම බව අලි බණ්ඩාර හැඬූ කඳුළින් කියන්නේ මියගිය තමන් ගේ පවුලේ ඥාතියකු ගේ මළ සිරුරක් හඳුනා ගත්තු ඒ පවුලේම කෙනෙක් වගේ.ඔය විදිහට තමයි ආර් එම් ජේ බණ්ඩාර අලි බණ්ඩාර විදිහට තවත් ප්‍රසිද්ධ වෙන්නේ.

 

chandi 01චන්ඩි

ගල්ගමුව උල්පතගම ග්‍රාම නිලධාරි වසමේ පදිංචියට ආවට පස්සේ අලි බණ්ඩාරට ගෙදර ඉඳන්ම අලි අත්දැකීම් ලබන්න පුළුවන් වුණා,ඒ සියඹලංගමුව මහ ඇතා, දළපුට්ටුවා, වමේ තනි දළ ඇතා චන්ඩි, තෙක්කෙ මහ ඇතා, කාවන්තිස්ස, මිස්සක, වගේ තවත් බොහෝ අලි ඇතුන් ගෙදර වත්තටම කෑම හොයාගෙන එන හින්දා. එහෙම අලි වත්තට ආවට කෙසෙල් අලි කෑවට අලි බණ්ඩාර කවදාවත් එලවන්නෙ නෑ. ඇති තරම් කාලා පලයන් කියලා අලි බණ්ඩාර ෆොටෝ ගන්නවා. ”ගෙදරට එන නෑදෑයන් ව එළවන සිරිතක් නෑනෙ” අලි බණ්ඩාර අපේ ප්‍රශ්න වලට උත්තර බඳින්නේ එහෙමයි “අලි ඇත්තු රැකුණොත් විතරයි මිනිසාට ජිවත් වෙන්න පුලුවන්. අලි ඇත්තු එක්ක වෛර බැඳ ගත්තොත් මිනිසාට පැවැත්මක් නෑ. අතීත ගැමියා ඒ ගැන බොහෝ පාඩම් අසා දැක තිබෙනවා.

අපි නිකමට හිතමු මිනිස්සුන්ට අලි නිසා වගා කරන්න බෑ කියලා අලි සේරම මේ පළාතෙන් එළවලා දැම්මා කියලා, නියඟ, කෘමි උවදුරු, සොබාවික විපත් ඇවිත් මිනිසුන්ට විනාශයන් මිස යහපතක් වෙන්නෙ නෑ.එහෙම තමයි සොබා දහමේ හැටි. ඒ බව හොදින් මතක තියාගෙන මේ සොබා දහමේ සැබෑ උරුමක්කාරයින් වුන අලි ඇත්තු එක්ක සහජිවනයෙන් ජිවත් විය හැකි වටපිටාවක් නිර්මාණය කරගත යුතුයි. මිනිසාගේ සැබෑ යහපැවැත්ම ආරක්ෂා වෙන්නේ එතකොටයි”අලි බණ්ඩාර කියනවා. අලි බණ්ඩාර විවාහක දෙදරු පියෙක්.ඔහුගේ ආදරණීය බිරිඳ ගෘහණියක්.අලි බණ්ඩාරට පුතුන් දෙදෙනෙක් ඉන්නවා.ඒ අවුරුදු දහය හා තුන හමාර වශයෙන්.

 

banda1

රාජපක්ෂ මුදියන්සේලාගේ ජයතිලක බණ්ඩාර හෙවත් අලි බණ්ඩාර

 

ඒ අයගෙනුත් අලි බණ්ඩාරගේ මේ වැඩ වලට සහායක්ම තමයි ලැබෙන්නේ.හදිසියේ අලි බණ්ඩාර ගේ ගෙදරට දුරකතන ඇමතුමක් ඇවිත් ඒකට ලොකු පුතා උත්තර දුන්නොත් ඔහු “අලි බණ්ඩාර…….. කෝල්……” කියලා කෑගනව ලු.ඇත්තෙන්ම අලි බණ්ඩාර වන ජීවී ඡායාරූප ශිල්පයේ යෙදෙනවා. නමුත් ඉතා හොඳ විදේශ විනිමයක් පවා ලැබිය හැකි ආදායම් මාධ්‍යයක් වන ඉන් ආදායම් ඉපැයීමේ මනා හැකියාවක් ඇතත් ඊට සුදුසු වට පිටාවක් අලි බණ්ඩාරට නෑ. ඒ සඳහා වන නවීන කැමරා ආම්පන්න මිල දී ගැනීමට තරම් වත්කමක් ඔහු සතුව නැති නිසයි. 

අද අලි බණ්ඩාර ගේ එකම ආදායම් මාර්ගය වී ඇත්තේ රූපවාහිනී ආයතන වලට ගල්ගමුව හා අවට ප්‍රාදේශීය ප්‍රවෘත්ති සැපයීමෙන් ලැබෙන ආදායම විතරයි. ඒත් අප රටේ රූපවාහිනී චැනල් වල සතියකට හෝ මාසයකට ගල්ගමුව සම්බන්ධ පුවත් කීයක් විකාශය වෙනවාද? කියා විමසා බලන ඔබට අලි බණ්ඩාර ගේ මාසික ආදායම ගැන හිතා ගන්න බැරි නැහැ.

ඒ හින්දා කහල්ල පල්ලෙකැලේ වන අලි ඇතුන්ට ඇල්ම බැල්ම පාන දහනක බණ්ඩාර දෙවියන් සේම සමස්ත ගල්ගමුව ප්‍රදේශයේ අලි ඇතුන් කෙරෙහි ඇල්ම බැල්ම පාන රාජපක්ෂ මුදියන්සේලාගේ ජයතිලක බණ්ඩාර හෙවත් අලි බණ්ඩාර කෙරෙහි පොදු සමාජ අවධානය යොමු වීම මිනිසා සහ සොබා දහම වෙනුවෙන් දක්වන සුවිශේෂ කෘතවේදී බවක් කියලයි අපට නම් හැඟෙන්නේ.

අලි බණ්ඩාර ගේ දුරකතන අංකය: 0779039617

රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදා ද? - (රේණුකා  දමයන්ති)(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...