The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී සඟරාව ගැන මතක | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

January 30, 2025 • 9:27 AM

ශ්‍රී සඟරාව ගැන මතක | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෙදර තිබුණ අම්මගෙ ශ්‍රී සඟරා මිටියෙ ‘අහන්න ආසයි අපටත් කියන්න‘ කොටසෙ විහිළු කතා හයියෙන් කියවලා හිනා වුණාට ඇතැම් ඒවා තේරුණේ පස්සෙ කාලෙක.
  • ශ්‍රී කියන්නෙ විස්මිත නමක් හා ලෝගෝ එකක්.
  • ලංකාව ශ්‍රී ලංකාව වුණේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්.
  • ශ්‍රී සඟරාව හරස් අතට ඍජුකෝණාස්‍රාකාර හැඩය ගත්ත, කවරය වර්ණ ලිතෝ මුද්‍රණයෙන් තිබුණ, පිටු සීයකට වැඩි අපූරු ප්‍රකාශනයක්.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ගෙදර තිබුණ අම්මගෙ ශ්‍රී සඟරා මිටියෙ ‘අහන්න ආසයි අපටත් කියන්න‘ කොටසෙ විහිළු කතා හයියෙන් කියවලා හිනා වුණාට ඇතැම් ඒවා තේරුණේ පස්සෙ කාලෙක. උදාහරණයක් විදියට එක කතාවක තිබුණා, ඒ කාලෙ දෙමළ රාජ්‍ය සේවකයන්ට භාෂා ප්‍රවීණතාව ලබාගන්නට දෙමළ අය සිංහල විභාග ලියද්දි, එක මහත්තයෙක් ගොනා තණ කයි කියන වාක්‍යය බහුවචනයට හැරෙව්වෙ ගොනා තන දෙකම කයි වශයෙන්ය කියලා.
475278313 10162069105559326 1270981101042731461 n
 
ශ්‍රී සඟරාවෙ පිටු හතරක පහක එක දවසෙන් ඉවර වෙන චිත්‍ර කතාවක් තිබුණා. ඒ සමහර කතාත් මට තාම මතකයි. හඳපානේ ඔරු පදින්න ගිහින් ගඟේ ගිලිලා මැරුණ අක්ක නගෝ දෙන්නෙක් ගැන හොල්මන් කතාවක් තිබුණා. තව කතාවක පෙම්වතිය අන්ධ වීම නිසා ගෙදරින් ‘පොට්ටියක් බඳින්න ඕනැ පොට්ටයෙක්‘ කිව්ව නිසා කොල්ලෙක් කතුරකින් ඇස්වලට ඇනගෙන ‘පොට්ටියක් බඳින්න ඕනැ පොට්ටයෙක්‘ කියලා කෑගහනවා. මං පොඩි කාලෙ මේ පොට්ටයා කියන්නෙ කාටද කියල දැනගෙන හිටියෙ නැහැ. ඇයි ඉතින් මේ පොට්ටනියක් බඳින්න ඕනැ කියල කෑගහන්නෙ කියල තමයි මං කල්පනා කළේ. 
 
475291262 10162069108704326 2175670712642329817 n
475232167 10162069108984326 3451969133561661347 n


තව කතාවක තිබුණා, ගෑණු ළමයෙක් කොල්ලට කියනවා අයියා මං කැළැල් වෙච්ච කෙල්ලක් කියලා. කොල්ලා තද වෙලා කෙල්ලට ගහනවා. එතකොට කෙල්ල කකුල් දෙක මුල පෙන්නලාද කොහෙද කියනවා උණු වතුර වැටිලා පිච්චිලා කැළැල් වෙලාය තියෙන්නෙ කියලා. අයියා නංගාව බදාගෙන උම්ම දෙනවද කොහෙද? හරියට මතක නැහැ. 

තව තිබුණා විහිළු චිත්‍ර කතා පිටුවක්. එකක මතකයි ඉණ පේන්න කොට හැට්ටයක් ඇඳපු ටීචර් කෙනෙකු පන්තියට ඇවිත් පසුපසට හැරිලා පන්තියෙන් පිටත පෙන්නලා ‘මේ පිට පැත්ත අඳින්න‘ කියනවා. කොල්ලෙක් ඇඳල පෙන්නන්නෙ ටීචර්ගෙ පිට පැත්ත.

 

475310728 10162069108254326 9123804738812143337 n

තව ඡායාරූප ඇසුරෙන් පිංතූර කතාවකුත් තිබුණා. විවිධ මාතෘකා යටතෙ විවිධ ලිපි තිබුණා. ඒක හරි අපූරු කාන්තා සඟරාවක්. ශ්‍රී කියන්නෙ විස්මිත නමක් හා ලෝගෝ එකක්. ලංකාව ශ්‍රී ලංකාව වෙන්න කලින් තමයි ශ්‍රී සඟරාව පටන් ගත්තෙ. ලංකාව ශ්‍රී ලංකාව වුණේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්.    

475241569 10162069110769326 5556729842008260321 n

 475407344 10162069105399326 6222400969398431318 n

475277905 10162069107809326 5924757496560385432 n

475524833 10162069106744326 6274649798273332670 n

 

ශ්‍රී සඟරාව හරස් අතට ඍජුකෝණාස්‍රාකාර හැඩය ගත්ත, කවරය වර්ණ ලිතෝ මුද්‍රණයෙන් තිබුණ, පිටු සීයකට වැඩි අපූරු ප්‍රකාශනයක්. එය පළ කළේ දවස, රිවිරැස, සන්, වීක්එන්ඩ්, ටිකිරි ආදී පුවත්පත් පළ කළ ස්වාධීන ප්‍රවෘත්තිපත්‍ර සමාගමෙන්. ඒකෙ අයිතිකාරයන්ම තමයි ගුණසේන කොම්පැනියෙත් අයිතිකාරයන්. රුපියල් දෙකක් විතර වෙන්න ඇති මිළ. අපේ ගෙදර ශ්‍රී සඟරා මිටියක් තිබුණා. ගුරුවරියක් වුණ අපේ අම්මා තමයි ඒවා එකතු කළේ. ඇය ගෙදර වැඩ ඉවර වෙලා නාලා එහෙම රහස් හඬින් හඬ නඟා ඒවායේ මහදිග කතාව වගේ අපට කියවන්නට බැරි ලොකු ලිපි කියවනවා අහන් ඉන්න අපි හරි ආසයි.

475111844 10162069111039326 2623141009566449608 nශ්‍රීයා රත්නකාර
ශ්‍රී සඟරාවේ ආරම්භක කර්තෘ වෙලා සිටියෙ නැසීගිය ශ්‍රීයා රත්නකාර මහත්මිය. ශ්‍රී සඟරාවට නම තැබුවෙ ඇගේ නමින්ලු.

වැවිලිකරුවකු වූ ඇගේ පියා නිදහසින් පසු ශ්‍රී ලංකා රජයේ සෙනෙට් සභිකයෙක්. නුවර ඉපිද, යහපත් එ‍ඬේරාගේ කන්‍යාරාමයේ අධ්‍යාපනය ලද ශ්‍රියා පුවත්පත් කලාවට රැගෙන ආවේ පිලිප් ගුණවර්ධනගේ බිරිඳ හා දිනේෂ් ගුණවර්ධනගේ මව වූ කුසුමා ගුණවර්ධනයි. ‍

ඩී.බී. ධනපාලයන් යටතේ ලංකාදීප පුවත්පතේ පුහුණුව ලද ඇය ටයිම්ස් ආයතනය විසින් පළ කරන ලද වනිතා විත්ති පුවත්පතේ කතුවරිය ලෙස කටයුතු කළා. වසර පහකට පසු ඩී.බී. ධනපාලයන් සමග අලුතින් ආරම්භ කරන ලද දවස පුවත්පත් ආයතනයට බැඳුණු ඇය අප ඉහත සඳහන් කළ ශ්‍රී සඟරාවේ ‍සේවය කළා. ඇය ප්‍රකට ගත් කතුවරියක්.

475190282 10162069109489326 6908262004407504440 n

 

කැලනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය තිලක් රත්නකාර ඇගේ සැමියායි. 

(සඟරාවෙ ඡායාරූප ගත්තෙ ඉසිඹුව - අතීත මතක, කවි, කතන්දර සහ දැනුම ෆේස්බුක් පිටුවෙන්. අන්තිම පිංතූරෙ ඉන්න කාන්තාව තමයි ශ්‍රියා රත්නාකර )

sri 2sri 1

පාසල්වලට බස් බෙදීම සම්පත් නාස්තියක් - (අජිත් පැරකුම් ජයසිංහ)(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com

(උපුටාගැනීම - අජිත් පැරකුම් ගේ ෆේස්බුක් පිටුවෙන්)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...