The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාවෙයි සේනාධිරාජා : දෙමළ ජාතික දේශපාලනයේ එක් කාල පරිච්ඡේදයක නිමාව...

T

The Leader Desk

January 31, 2025 • 4:41 PM

මාවෙයි සේනාධිරාජා : දෙමළ ජාතික දේශපාලනයේ එක් කාල පරිච්ඡේදයක නිමාව...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමළ ඊළාම් තරුණ ව්‍යාපාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
  • එකල tamil national tiger සංවිධානයෙ අභ්‍යන්තර නායකත්ව මණ්ඩලයේ සිටි අයකු ලෙසද ඔහු සමග සිටි සමීපතයන් හා ඔහුගේ දේශපාලනය ගැන තතු දත් අය පවසයි.
  • චෙල්වනායගම් දෙමළ ජනතාවගේ විමුක්තිදායකයා ලෙස දෙමළ ජනතාව තම පොරොන්දු දේශය කරා ගෙන යාම සඳහා දෙවියන් වහන්සේ ඔහු නියෝජිතයකු ලෙස ඒවා ඇතැයි එකල ප්‍රචලිත මතය විය.
  • චෙල්වනායගම්ගේ මෙම සටන්කාමී වැඩපිළිවෙළට එක් වූ මාවෙයිද තරුණ අංශයට එක්වී ම එහි සටන්කාමී ක්‍රියාකාරිකයෙකු ලෙස ඉදිරි පෙළේම කටයුතු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමළ ඊළාම් තරුණ ව්‍යාපාරයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. එකල tamil national tiger සංවිධානයෙ අභ්‍යන්තර නායකත්ව මණ්ඩලයේ සිටි අයකු ලෙසද ඔහු සමග සිටි සමීපතයන් හා ඔහුගේ දේශපාලනය ගැන තතු දත් අය පවසයි.

 ෆෙඩරල් පක්ෂයේ නිර්මාතෘ එස්.ජෙ.වි. චෙල්වනායගම් දෙමළ ජනතාවගේ විමුක්තිදායකයා ලෙස දෙමළ ජනතාව තම පොරොන්දු දේශය කරා ගෙන යාම සඳහා දෙවියන් වහන්සේ ඔහු නියෝජිතයකු ලෙස ඒවා ඇතැයි එකල ප්‍රචලිත මතය විය.  එම අරමුණට  ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථානුකූලව මහජාතිය වූ සිංහලයින්ගෙන් දිනා ගැනීම චෙල්වනායගම් ගේ අභිප්‍රාය වූ අතර පළමුව ටිකක් පසුව ගොඩක් ලබාගැනීම ඔහුගේ අරමුණ විය. ඒ සඳහා සත්‍යග්‍රහ හර්තාල් වැඩ වර්ජන සිවිල් නීති කඩකිරීම් හරහා රාජ්‍යයෙන් දෙමළ ජනතාව වෙන්කර ගැනීම දේශපාලන න්‍යායපත්‍රය විය.

fgrtr
චෙල්වනායගම්ගේ මෙම සටන්කාමී වැඩපිළිවෙළට එක් වූ මාවෙයිද තරුණ අංශයට එක්වී ම එහි සටන්කාමී ක්‍රියාකාරිකයෙකු ලෙස ඉදිරි පෙළේම කටයුතු කළේය.

හැත්තෑව දශකයේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය සන්නද්ධ දේශපාලනය දෙසට ප්‍රභාකරන් විසින් ඇදගෙන යද්දී මාවෙයි එයට එකතු වූයේ නැත. වඩාත් සටන්කාමී වූත් අවිහිංසාවාදී වූත් ප්‍රජාතන්ත්‍රවාදී වූත් ප්‍රචණ්ඩත්වයෙන් තොර වූත් දෙමළ විමුක්ති ව්‍යාපාරයක් වෙනුවෙන් කැප විය.

මාවෙයි තරුණ විය පසුකර මැදි  වියට එළඹෙත්ම 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ අතර එයින් ඔහු පරාජයට පත් විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පා පිල්ලේ අමිර්තලිංගම් ගේ ඝාතනයෙන් පසු පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට මාවෙයි තේරී පත්විය.

xdgt4
මාවෙයි ට ඉහළින් ජේෂ්ඨත්වයේ සිටියේ ආනන්ද සංගරී අයියා ය. අමිර්තලිංගම් ගේ ඝාතනයෙන් පසු ආනන්ද සංගරී එල්.ටී.ටී.ඊ ක්‍රියා කලාපය ට දැඩිව  විරුද්ධ වෙමින් දෙමළ නායකයින් ඝාතනය කිරීම හෙලා දුටු අතර දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ශ්‍රී  ලංකා රාජ්‍යයත් ආරක්ෂක අංශත් සමග ආනන්ද සංගරී  එතැන් සිට සහයෝගයෙන් කටයුතු කළේය.

එල්ටීටීඊ ක්‍රියාකලාපය අනුමත නොකළද මාවෙයි ද එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කළ අතර සම්බන්ධන්ගෙන් පසු පක්ෂයේ සිටි ජේෂ්ඨතම නායකයා මාවෙයී විය. එහෙත් ම ඔහුට එම තැන හිමි වූයේ නැත.

2000 මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයෙක් ලෙස යාපනයෙන් තරග කර ජයගත් මාවෙයි නැවත පාර්ලිමේන්තුවට පැමිණි අතර 2001 මහ මැතිවරණයෙන්ද දෙමළ ජාතික සන්ධානයේන් යාපනයට තරග කර යළි පාර්ලිමේන්තුවට තේරී පත්විය.

2004, 2010, 2015 මැතිවරණ වලට ජයග්‍රහණය කර පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර 2017 සැප්තැම්බර් මසදී  මාවෙයි  ශ්‍රී ලංකා දෙමළ ජාතික පක්ෂයේ නායකයා ලෙසද තේරී පත්විය. 2024 මැතිවරණයේදී ඔහු දීර්ඝ කාලයක් නියෝජනය කළ තමිල් අරුෆුකච්චි පක්ෂයෙන්ද ඉවත්විය.

xdft46
දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය හා දහතුන් වැනි ව්‍යවස්ථාවෙන් ලැබුණු පළාත් සභා ක්‍රමය හා එයින් ලැබුණු අයිතිය පිළිබඳව විශ්වාසය තැබූ මාවෙයි සේනාධිරාජා එක්සත් ශ්‍රී ලංකාවක් තුළ  බලය බෙදා හදා ගැනීම ගැන විශ්වාසය තැබුවේය. එමෙන්ම ‍ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා  ව්‍යවස්ථානුකූල පාලනය පිළිබඳවත් විශ්වාසය තැබූ ආයුධ සන්නද්ධ  ප්‍රචණ්ඩත්වය බැහැර කළ ද දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් බහුජන අරගලය ගැන බර තබා  කටයුතු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

 සම්බන්ධන්ගේ මරණයෙන් පසු ඊළඟ නායකත්වය විය යුතුව තිබුණද සුමන්දිරන් හා සීධරන් නායකත්වය සඳහා කරළියට පැමිණීමත් සමග මාවෙයි පසුපසට ගිය අතර ඔහුගේ අතීත පෞරුෂයට පිළිගැනීමක් නොතිබිණි.

පසුගිය තීරණාත්මක ජනාධිපතිවරණ හා මහ මැතිවරණයේදී දෙමළ ජාතික දේශපාලනය යා යුතු මඟ ගැන වල්මත් වී විකාර සහගත වූ අතර එය විශාල විලෝපනයක් බවට පත් වී අවසානයේ දකුණෙන් හමා ආ ජාතික ජන බලවේගයේ මාලිමා රැල්ලට උතුරේ දෙමළ ජාතික අපේක්ෂාවන් හා අභිලාෂයන්ද යට කරගෙන උඩු සුළඟේ ගසාගෙන ගියේය.

මාවෙයි සේනාධිරාජාගෙ මරණය දෙමළ ජාතික දේශපාලනයේ එක් කාල පරිච්ඡේදයක් නිමා කරන අතර එම පරිච්ඡේදයට උරුමකම් කියන්නන් අතර ඉතිරිව ඇත්තේ ආනන්ද සංගරී අයියා පමණි.

Nishantha sri(සටහන | නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක
හිටපු පළාත් සභා අමාත්‍ය
nishanthasriws@gmail.com

Nishantha Sri Warnasinghe ගේ ෆේස්බුක් පිටුවෙන්..

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...