The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු

T

The Leader Desk

February 2, 2025 • 9:42 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ තීරු ලිපිය ලිවීමට බාරගනිද්දීම අපගේ කතුවරයා මට කියා සිටියේ පාඨකයා සිනා ගන්වන කතා පමණක් ලියන ලෙසය.
  • එහෙත් පුදුමයකට මෙන් පසුගිය කාලය පුරා වැඩිපුරම මා මෙහි ලියා ඇත්තේ දේශපාලනික උපහාස කතාමය.
  • මගේ මිත්‍ර සමාජය තුළද මා ප්‍රකටව සිටින්නේ හාස්‍ය කතා කියන, උපහාස ප්‍රිය කරන පුද්ගලයකු ලෙසය.
  • මා සීරියස් යැයි සිතා ලියා ඇති බොහෝ දෑ ද හාස්‍ය උපදවන සුළු බව මට දැන් දැන් වැටහේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මේ තීරු ලිපිය ලිවීමට බාරගනිද්දීම අපගේ කතුවරයා මට කියා සිටියේ පාඨකයා සිනා ගන්වන කතා පමණක් ලියන ලෙසය. “දේශපාලනය අපි ලියනවනෙ” ඔහු වැඩිදුරටත් පැවසුවේය.


එහෙත් පුදුමයකට මෙන් පසුගිය කාලය පුරා වැඩිපුරම මා මෙහි ලියා ඇත්තේ දේශපාලනික උපහාස කතාමය. මගේ මිත්‍ර සමාජය තුළද මා ප්‍රකටව සිටින්නේ හාස්‍ය කතා කියන, උපහාස ප්‍රිය කරන පුද්ගලයකු ලෙසය. (මා සීරියස් පුද්ගලයකු යැයි මා ගැන සිතන්නේ මාම පමණක් විය යුතුය.)

කෙසේ වෙතත් මගේ දේශපාලනික උපහාස ලියවිලි කතුවරයා පමණක් නොව, ඊට පාත්‍රවූවන්ද ඉවසා සිටීම සතුටකි. මා සීරියස් යැයි සිතා ලියා ඇති බොහෝ දෑ ද හාස්‍ය උපදවන සුළු බව මට දැන් දැන් වැටහේ. ඒ ඇතැම් ලියවිලි සඳහා මට සම්මාන පවා පිරිනමා තිබීම තවත් හාස්‍යජනකය.

පරණ නොවන විහිළු කතා - (කපිල කුමාර කාලිංග)

 

මා දැනුවත්ව හෝ නොදැනුවත්ව, එසේත් නැතිනම් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මේ තීරුවට දේශපාලනය රිංගා තිබීම ගැන කල්පනා කරන විට පරණ සිදුවීමක් මගේ මතකයට නැගේ.

කලකට ඉහත මා මිත්‍ර ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදී තිඹිරියාගම බණ්ඩාරයන්ගේ පොතක දොරට වැඩීමක් කොළඹදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ එවකට කතානායක ධුරය හෙබවූ වි.ජ.මු. ලොකුබණ්ඩාරයන්ය. එතුමා තම දෙසුමේදී මෙසේද කීය. (මගේ මතකයට අනුවය.)

“අද මේ සභාවේ කෙරෙන දෙසුම් බොහොම හරවත් වගේම රසවත්. මෙහි දේශපාලන කතා නැතිවීම ඊට හේතුවක්. මට දේශපාලන කතා අහලම එපා වෙලා. අපි දේශපාලන කතා නොකරම ඉන්න තරමට හොඳයි.

 

bebada99aaa9847746eea59472544575 XLවි.ජ.මු. ලොකුබණ්ඩාර
සභාවෙන් මඳ සිනාවක් ලැබුණි.

ඊට පසු කතා කළේ ප්‍රවීණ මාධ්‍යවේදී නීතිඥ එස්.ජී. පුංචිහේවාය. සුපුරුදු, උපහාස සිනාවෙන් මුව සරසාගෙන මයික්‍රෆෝනය වෙත ගිය ඔහු, ලොකුබණ්ඩාරයන් දෙස බලමින් මෙසේ කීවේය.

“කතානායකතුමා කිව්වා අපි දේශපාලනය කතා නොකර ඉන්නව නම් හොඳයි කියලා. අපිට එහෙම කරන්න පුළුවන් වෙන්නෙ කවද හරි මේ රටේ දේශපාලනඥයන් නැතිව ගිය දාට.”

ඒ මොහොතේ වි.ජ.මු. ගේ පැහැපත් මුහුණ අඳුරු වී ගිය සැටි මට තවම මැවී පෙනේ.

එස්.ජී. හා වි.ජ.මු. යන දෙදෙනාම නීතිඥවරුය. එදා නම් වි.ජ.මු. නඩුව පරාජය විය. එස්.ජී. ගේ උපහාසය කගපතක් බඳුය. විටෙක ඔහු එය කසයක් කර ගනී. එදා වූයේ එයය. වි.ජ.මු. ට රිදුණේ එහෙයිනි.

 

කපිල කුමාර කාලිංගගේ හීසරය : තවත් අවුරුද්දක්
සියලු මිනිසුන් මෙන්ම තීරු ලිපි රචකයාද දේශපාලන සත්ත්වයෙකි. එහෙයින් ඔහුට පමණක් දේශපාලන කථිකාවෙන් මිඳී සිටිය නොහැකිය. මට සිදුව ඇත්තේද එය බව පාඨකයෝ වටහා ගනිත්වා!

දේශපාලනයේ පැතිකඩ ගණනාවකි. එදෙස බලන විවිධ දෘෂ්ටිකෝණ ඇත. දේශපාලන උපහාස හෝ හාස්‍යය (පොලිටිකල් සැටයර්, හියුමර්) ද ඒ අතරට ගැනෙන එක් ක්‍රමයකි. මා පිළිපදින්නේද එයයි.

උපහාසය විටෙක විවේචනාත්මකය. විරෝධාකල්පිතය. එසේම බොහෝ විට හාස්‍යජනකය. විනෝදාත්මකය. ඉන් ‘පහර’ ලබන පාර්ශ්ව පවා ඉන් රසයක් ලබති. දේශපාලන උපහාසයට එරෙහි වන්නෙක් හෝ ඉන් කිපෙන්නෙක් වේ නම් හෝ මානසික රෝගියෙකි.

උපහාසය යනු අපහාසය නොවේ. උපහාසය අහිංසකය. අපහාසය හිංසකය. ඇතැම් රටවල දේශපාලන උපහාසයද තහනම්ය. එහෙත් ඉන් රිංගා යාමට උපහාස කතා ලියන්නෝ සමත් වෙති.

රුසියාව විසින් යුක්‍රේනය දූෂණය කිරීම නවත්වන්න තිබුණාද? - ස්ලේවෝයි ෂිෂෙක්

 

යුක්රේන යුද්ධය ගැන විහිළු කරනවාට පුටින් අකමැතිය. එහෙත් රුසියානුවෝ ඒ පිළිබඳ විවිධ හාස්‍ය කතා මවති. සොරෙන් ජනගත කරති. මේ ඉන් එකකි.

පුටින් හදිසියේ මියගිය පසු නරකාදියේ උපන්නේය. කල් ක්‍රියාව හොඳ නිසා ඔහුට එක් දිනක නිවාඩුවක් ලැබුණු අතර මොස්කව් නගරයේ රවුමක් ගසා ඒමටද අවසර ලැබුණි. වෙස් වළාගෙන අවන්හලකට ගිය පුටින් වොඩ්කා වීදුරුවක් බොමින් සේවකයකු සමඟ කතාවට වැටුණේය.

“දැන් කොහොමද යුක්රේන් යුද්දෙ තත්වෙ?”

“ආ... ඒක ඉවරයි.”

“හැබෑට? දැන් කවුද රුසියාවෙ ජනාධිපති?”

“ව්ලැඩිමීර් සෙලෙන්ස්කි.”

 

ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රීඩා ලෝලී ඡන්දවලින් ගොඩයාමට සැරසේ !
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ වහාම ගත් එක් පියවරක් වූයේ අනවසර සංක්‍රමණිකයන් ආපසු හරවා යවීමය. ඒ පිළිබඳව සමාජ මාධ්‍යයක පළ වූ උපහාස කතාවකි මේ.

විශාල භූමිකම්පාවකින් මෙක්සිකෝවේ ජනගහණයෙන් මිලියන දෙකක් මිය ගියහ. ඉන් කම්පාවට පත් ලෝකයේ රටවල් මෙක්සිකෝවට විවිධ ආධාර කරන්නට ගත්හ. සවුදි අරාබිය තෙල් සැපයීය. බ්‍රිතාන්‍ය කූඩාරම් හා ඇඳුම් පැළඳුම් යැවීය. ඔස්ට්‍රේලියාව ආහාරපාන යැවීය. කැනඩාව හා ප්‍රංශය වෛද්‍ය පහසුකම් සැපයූ අතර, ප්‍රංශය සහන සේවකයන් යැවීය. ඇමෙරිකාව මියගිය මෙක්සිකානුවන් මිලියන දෙක වෙනුවට තම රටේ පදිංචිව සිටි මෙක්සිකානුවන් මිලියන හතරක් එරටට යැවීය.

ලෝකය පවතින තාක් දේශපාලන උපහාස කතා නිර්මාණය වීමද නතර වන්නේ නැත. ඊට අනුග්‍රහය සපයන්නේද දේශපාලනඥයෝමය. විපක්ෂයේ සිටියදී මෙන්ම බලයට පත්වූ පසුවද ඔවුහු එය නොපිරිහෙලා ඉටු කරලති. එය ඉතා අගය කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවකි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' - deshaya )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...