The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආපසු කැඳවීම එපා. මැතිවරණ කර කර ඉඳිමු ද? රට ගොඩ ගනිමු ද? | රොහාන් සමරජීව

T

The Leader Desk

February 3, 2025 • 7:52 AM

ආපසු කැඳවීම එපා. මැතිවරණ කර කර ඉඳිමු ද? රට ගොඩ ගනිමු ද? | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපගේ බලාපොරොත්තු සුන් කර දැමූ මෙම ඉරණමට පාදකවූ හේතු ඉවත් කිරීමට හෝ අවම කිරීමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ.
  • එහෙත්, අපගේ තේරී පත් වූ පාලකයින් තමන් වඩා දක්ෂ දෙය වන මැතිවරණ දේශපාලනය දෙසට නැවත යොමු වෙමින් සිටින බව පෙනේ.
  • මෙම සන්දර්භය තුළ, පාලක පක්ෂය සහ විපක්ෂය යන දෙඅංශයෙන්ම බලයේ සිටින අය, තේරී පත් වූ නියෝජිතයන් ආපසු කැඳවීම (recall) සඳහා විධිවිධාන හඳුන්වා දීමේ අදහස වෙත ආකර්ෂණය වී ඇති බව පෙනෙන්නට තිබීම කනස්සල්ලට කරුණකි.
  • සිට තේරී පත් වූ නියෝජිතයන් ආපසු කැඳවීමේ උත්සාහයන් 179ක් සිදුවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අපගේ බලාපොරොත්තු සුන් කර දැමූ මෙම ඉරණමට පාදකවූ හේතු ඉවත් කිරීමට හෝ අවම කිරීමට නම් ආර්ථික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඉබේ පහළවන්නේ නැත.

 

bd80f99db4bb7dc21287ee2d062508b522bae54f

එහෙත්, අපගේ තේරී පත් වූ පාලකයින් තමන් වඩා දක්ෂ දෙය වන මැතිවරණ දේශපාලනය දෙසට නැවත යොමු වෙමින් සිටින බව පෙනේ. නිරන්තරයෙන් පැවැත්වෙන විවිධ මැතිවරණ එම තත්වයට එක් හේතුවකි. මෙම සන්දර්භය තුළ, පාලක පක්ෂය සහ විපක්ෂය යන දෙඅංශයෙන්ම බලයේ සිටින අය, තේරී පත් වූ නියෝජිතයන් ආපසු කැඳවීම (recall) සඳහා විධිවිධාන හඳුන්වා දීමේ අදහස වෙත ආකර්ෂණය වී ඇති බව පෙනෙන්නට තිබීම කනස්සල්ලට කරුණකි.

අපට තවත් මැතිවරණ මෙහෙයුම් අවශ්‍යද? නැතිනම් මැතිවරණ අතර කාලය උපරිම කරන කාල සටහනකට අනුව (එක්සත් ජනපදයේ මෙන් සමගාමීව) මැතිවරණ පැවැත්විය යුතුද?

අන් රටවල අත්දැකීම්

 

California ආණ්ඩුකාර ග්‍රේ ඩේවිස් වෙනුවට නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ආදේශ කිරීම
20 වන සියවසේ මුල් භාගයේදී කැලිෆෝනියා ප්‍රාන්තය යුක්තායුක්තබාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දුන් විට, නියෝජිතයන් ආපසු කැඳවීම සඳහා නැවත මැතිවරණ පැවැත්වීම වැනි සෘජු ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ මෙවලම් මාලාවක් හඳුන්වා දෙන ලදී.

1913 සිට තේරී පත් වූ නියෝජිතයන් ආපසු කැඳවීමේ උත්සාහයන් 179ක් සිදුවී ඇත. නැවත කැඳවීමේ මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය තරම් අත්සන් එකතු කරගත හැකි වූයේ උත්සාහයන් දොළහකදී පමණි. අවස්ථා හයකදී, නියෝජිතයා ආපසු කැඳවා වෙනත් අයෙකු පත්කරන ලදී. ආණ්ඩුකාර ග්‍රේ ඩේවිස් වෙනුවට නළුවෙකු සහ දේශපාලනඥයෙකු වන ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ආදේශ කිරීම උදාහරණයකි.

240717 gavin newsom al 0937 d93ee7

කැලිෆෝනියාවේ වත්මන් ආණ්ඩුකාර ගැවින් නිව්සම් ආපසු කැඳවීමට උත්සාහයන් දෙකක් දරන ලදී. ඔහු 2018 දී සියයට 61.9ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තේරී පත් විය. 2021දී නිව්සම් ආපසු කැඳවීමට උත්සාහයක් පැවති නමුත් ඔහු එම අභියෝගය පරාජය කර 2022දී සියයට 59.2ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් නැවත තේරී පත් විය. 2024 දී නැවත කැඳවීමක් සඳහා අත්සන් එකතු කිරීමට දැරූ උත්සාහය අසාර්ථක විය. මෙයින් අදහස් වන්නේ පසුගිය වසර හත තුළ තේරී පත්වීමට සහ තනතුර රැක ගැනීමට ඔහු මැතිවරණ ව්‍යාපාර හතරක් පවත්වා ඇති බවයි.

නැවත කැඳවීමකට මුහුණ දෙන තේරී පත් වූ නියෝජිතයාට සිදුවන්නේ අරමුදල් රැස් කර සහ ඔහුගේ හෝ ඇයගේ තනතුර බේරා ගැනීම සඳහා සටන් කිරීමයි. ඒ හැර වෙනත් විකල්පයක් නොමැත. මෙය අවධානය පාලනයෙන් වෙනතකට යොමු කරන අතර මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සපයන අයට නියෝජිතයා ණයගැති වේ.

සැබෑ භාවිතයන් අධ්‍යයනය නොකර, දේශපාලනඥයින් සහ ජනමත නායකයින් පත්වූ නියෝජිතයන් ආපසු කැඳවීමේ මැතිවරණ වැනි ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම කණගාටුවට කරුණකි. දැන් පවා, පාලනය කිරීමට වඩා නැවත තේරී පත්වීමට ප්‍රමුඛත්වය දෙන දේශපාලනඥයින් එමටය. දැන් පවා, මැතිවරණ ව්‍යාපාරවල අධික පිරිවැය නිසා අපගේ දේශපාලන ක්‍රියාවලීන් දූෂිත වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීමේ නාමයෙන් මෙම නරක අංශ තවත් ශක්තිමත් කරන්නේ ඇයි?

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට?
Silhouette of a speaker and protestors. Vector illustration of the concept of freedom of speech, rights to protest and liberty

දේශපාලන පක්ෂ පාදක කරගත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ වත්මන් ආකෘතියේ අඩුපාඩු ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුය. පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ දුරට පිරිමින් වන දෝෂ සහිත අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම සහ එමගින් වඩා හොඳ අපේක්ෂකයින් බැහැර කිරීම සිදු වේ.

නියාමනය නොකළ ප්‍රචාරක මූල්‍යකරණය බලයේ සිටින අයට අතිශය වාසිදායකය. එය දූෂණයට මග සලසයි. මුදල් ඇති ස්වල්ප දෙනෙකුට නීති සම්පාදනය සහ විධායක ක්‍රියාවලීන් සඳහා ප්‍රවේශය ලබාගැනීම සඳහා වරප්‍රසාදිත අවස්ථාවක් ලැබේ.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ බලාත්මක කරන ලද වත්කම් ප්‍රකාශන විධිවිධාන මෙම ගැටලුව විසඳීම සම්බන්ධයෙන් ආරම්භයක් ගෙන ඇත. එහෙත්, සම්පූර්ණ ප්‍රතිඵල තක්සේරු කළ හැක්කේ නඩු පැවරීම් සිදු කර වරදකරුවන් විනිශ්චය කිරීමෙන් පසුව පමණි.

 

People photo from JVP Sri Lanka FB
එබැවින්, පවතින පද්ධති නිවැරදි කිරීමට අප උත්සාහ කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණ ව්‍යාපාර ආරම්භ වීමත් සමඟ පටන් ගෙන ප්‍රතිඵල ප්‍රකාශ කිරීමත් සමඟ අවසන් වන බවට ඇති විශ්වාසය අප පරාජය කළ යුතුය.

පුරවැසියන් ජීවනෝපායක නියැලිය යුතු බවත්, තම පවුල්වල කටයුතු වලට මුල් තැන දිය යුතු බවත්, වෙනත් සමාජීය හා සිවිල් ක්‍රියාකාරකම් රාශියක නිරත විය යුතු බවත්, එම හේතුවෙන් දේශපාලනය හා ප්‍රතිපත්ති සම්පාදනයට ඔවුන්ට සම්පත් නොමැති බවත් සත්‍යයකි. නමුත් ඉහත සීමාවන් සැලකිල්ලට ගනිමින් ඔවුන් පාලනයට සම්බන්ධ කර ගැනීමට තවමත් හැකියාව තිබේ. එක් විසඳුමක් වන්නේ මහජන උපදෙස් ලබාගැනීමේ ක්‍රියාවලීන් තවදුරටත් සංවර්ධනය කිරීමයි. උදාහරණයක් ලෙස, සහභාගී වන අයට ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ගෙවීමක් සිදු කළ හැකිය.

යහපාලන රජය සමයේදී පිහිටුවන ලද, ගෝඨාභය රජය විසින් අත්හිටුවන ලද, සහ 2022 දී නැවත සක්‍රිය කරන ලද ආංශික අධීක්ෂණ කාරක සභා මේ සඳහා පහසු මාවතක් ලබා දෙයි. එමගින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජනතා සහභාගීත්වයේ ලක්ෂණ ඒකාබද්ධ කරයි. ජනතා සහභාගීත්වය ගැන මෙතරම් කතා කරන වත්මන් රජය මෙතෙක් මෙම යාන්ත්‍රණය මෙතෙක් සක්‍රීය කර නොමැති වීම ප්‍රහේලිකාවකි.

මෙම සංවාදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ විශාල ගැටලු පිළිබඳ සාකච්ඡාවලට සමාන්තරව ඉදිරියට යා යුතුය. එහෙත්, ප්‍රතිකාරය රෝගයට වඩා නරක එකක් නොවන බව සහතික කිරීම සඳහා යෝජිත සියලු පිළියම් සම්පූර්ණයෙන්ම තක්සේරු කිරීම අතිශයින් වැදගත් වේ. මැතිවරණ මෙහෙයුම් සාර්ථක ආණ්ඩුකරණය සඳහා ආදේශකයක් විය නොහැක.

Rohan Samarajiva LIRNEasia 1x1
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...