ඇමරිකානු ජාතික මහාචාර්ය Richard D Wolff, Michael Hudson, Jeffry Sachs, Yanis Varoufakis, John Mearsheimer, Noam Chomsky ආදී බුද්දිමතුන් ගනනාවක්ම තර්කානුකූලව කියාසිටින්නේ ඇමරිකානු අධිරාජ්‍යය එහි අවසානයට ලගාවී ඇති බවයි.
දෙවන ලෝක යුද්ධයේ අවසානය දක්වා හිරු නොබසින රාජ්‍යය ලෙස නම් දැරූ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ බලය දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයත් සමග අවසන් වනවා. ඊට හේතුවුනේ යුද්ධය නිසා රටේ සියලු කර්මාන්ත, යටිතල පහසුකම්, නිවාස යනාදිය විනාශවී ආර්ථිකය සම්පූර්ණයෙන්මවාගේ කඩාවැටී තිබීමයි. ඒ වනවිටත් බ්‍රිතාන්‍යය ඇමරිකා එක්සත් ජනපදයට විශාල වශයෙන් ණයගැතිවෙලයි සිටියෙ. ඒ වගේම ඇමරිකාව ඒ වන විට යුදමය වශයෙන් ඉතා ශක්තිමත් වෙලා තිබුනා. ආර්ථික වශයෙන් විවිධ දුශ්කරතා වලට මුහුන දෙමින්සිටි බ්‍රිතාන්‍යයට තවදුරටත් තමන්ගේ යටත් විජිත ආරක්ශා කරගැනීමට හෝ පවත්වාගෙන යෑමට ශක්තියක් තිබුනෙ නෑ. මේ හා සමාන්තරව යටත් විජිතවල නිදහස් සටනද උග්‍ර වෙලයි තිබුනෙ. ඒ නිසා ඇමරිකාවේ මූල්‍යමය සහ මිලිටරි ආධිපත්‍යය පිලිගනිමින් ඔවුන් සමග සහයෝගීතාවයෙන් වැඩකිරීමට බ්‍රිතාන්‍යයට බලකෙරෙනවා.
බ්‍රෙටන්වුඩ්ස් සම්මුතිය (Bretton Woods)ඒ අනුව යුද්ධයෙන් විනාශවූ යුරෝපය නැවත ගොඩනැගීමට අවශ්‍ය සැලැස්මක් (Marshall Plan) සකස්කර ඊට විශාල වශයෙන් මූල්‍යම ආධාර ලබාදීමට ඇමරිකාව එකගවෙනවා. ඒ හා සමග බ්‍රෙටන්වුඩ්ස් (Bretton Woods) සම්මුතිය වැනි එකගතාවයන්ට පැමිනෙනවා. එමගින් ස්ථාවර විනිමය අනුපාත පවත්වාගෙන යාමටත් ඇමරිකානු ඩොලරය සියලු ගණුදෙනුවලදී පිලිගත් මුදල් ඒකකය (anchor currency) ලෙස භාවිතා කිරීමටත් එකගවනවා. එහි ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි සංවිධාන බිහිවෙනවා. ඇමරිකානු ආධිපත්‍යය ලෝකය පුරා ක්‍රම ක්‍රමයෙන් පැතිරෙනවා.
අද තත්වය සහ එදා තත්වය
අද වනවිට මුලු ලෝකයම පුරා සිය බලය පවත්වාගෙන ගිය ඇමරිකන් අධිරාජ්‍යය හොදටම දුර්වල වෙලා. සියලුම අකාරයේ නිශ්පාදන ක්‍රියාවලියන් චීනය ඇතුලු ආසියානු රටවලට සංක්‍රමනය වෙලා. ප්‍රාග්ධනය අඩුම ශ්‍රම වෙළදපොලවල් සොයාගෙන සංක්‍රමණය වෙලා. නිශ්පාදනය කඩාවැටීමත් සමග රට නැවත ගොඩ නොහැකි ආකාරයේ ණය අර්බුදයක හිරවෙලා. ආර්ථික තලයේ තරගකාරීත්වය හොදටම දුර්වල වෙලා. කොටින්ම ධනවාදය විශාල අර්බුදයකට ගිහිල්ලා. ඇමරිකන් බලය පවත්වාගෙන යැමට ලෝකය පුරාම යුද්ධවල පැටලිලා. ඒ ව්‍යාපෘතිවලට ඩොලර් කෝටිගනන් ආයෝජනය කරල. මීට ප්‍රතිපක්ශව අද ආර්ථික සහ මිලිටරි පැත්තෙන් ඉදිරියට ඇවිත් ඉන්නෙ රාජ්‍ය ධනවාදය පවත්වාගෙන යන චීනයයි.
අති මහත් ඩොලර් අතිරික්තයක් උපද්දවාගෙන ඇති චීනය එයින් විශාල ප්‍රමාණයක් නැවත ආයෝජනය කරල තියෙන්නෙත් ලෝකයේ විශාලම වෙළදපොල වන ඇමරිකාවෙමයි. ඇමරිකාව කඩා වැටෙනව කියන්නෙ චීනය ඇමරිකාවෙ ආයෝජන කර ඇති ධනය වතුරෙ යනව කියන එකයි. ඒ වගේම චීන භාන්ඩවලට ඇති ඉල්ලුම කඩාවැටෙනවා කියන එකයි. ඒ තේරුමෙන් ගත්තම ඇමරිකාව අර්බුදයට යන එක චීනයට විශාල අභියෝගයක්. ඒ නිසා දැන් චීනය ඔවුන්ගේ අතිරික්ත ඩොලර් සංචිත වෙනත් රටවල ආයෝජනය කරන්න පටන් අරගෙන තියෙනවා. නිශ්පාදිත භාණ්ඩ සදහා වෙනත් වෙළදපොලවල් විවෘත කරගැනීමට උත්සාහ කරමින් සිටිනවා.
ඇමරිකානු රජයට තමන්ට අවශ්‍ය ආකාරයට ඩොලර් මුද්‍රණය කිරීමට ඇති හැකියාව නිසා සැබෑ අර්බුදය යම් ප්‍රමාණයකට පස්සට දමා ගත්තත් ඒකත් අවසානයකට ලගා වෙමිනුයි තියෙන්නෙ. මුදල් මුද්‍රණය කිරීම නිසා උද්ධමනය සහ පොලී අනුපාතයන් ඉහල යෑමටත්, විශාල ආර්ථික අස්තාවරභාවයක් ඇතිවීමත් වලක්වන්න බෑ. ඒ වගේම එය ජාත්‍යන්තර වෙළදපොල තුල ඇමරිකන් ඩොලරය පිලිබඳව ඇති විශ්වාසය කඩාවැටීමටත් හේතු වනවා.
AI තාක්ෂණය නොහොත් කෘත්‍රිම බුද්ධිය
AI තාක්ෂණය නොහොත් කෘත්‍රිම බුද්ධිය

මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උත්සාහ කරන ඇමරිකානු අධිරාජ්‍යය, කෘත්‍රිම බුද්ධිය (AI) හරහා තාක්ෂනික අංශයේ ලොකු ආධිපත්‍යයක්, ආර්ථික පිම්මක්, පැනීම සදහා ඩොලර් බිලියන දහස්ගණනක් ආයෝජනය කරල තියෙනව. මයික්‍රොසොෆ්ට්, ගූගල්, ඇමශන්, මෙටා (ෆේස් බුක්), ඇපල්, එන්විඩියා යන ඇමරිකන් සමාගම් මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. නමුත් මෑතදී චීන සමාගමක් විසින් අන්තර්ජාලයට නොමිලේ මුදාහැරී DeepSeek නැමති AI මොඩලය විසින් ඒ ව්‍යාපෘතීන් අර්බුදයට යවල තියෙනවා. ඉතා අඩු වියදමකින් සකස්කලා යැයි කියන මේ AI මොඩලය නිසා ඒ ඇමරිකන් ව්‍යාපාර ආකෘතියත් (business model) යම් අර්බුදයකට ගිහින්. මේ නිසා DeepSeek අන්තර්ජාලයට මුදාහැරි ජනවාරි 20 දා ඇමරිකන් කොටස්වෙළදපොලේ විශාල කඩාවැටීමක් සිදුවුනා. ආයෝජකයින්ගේ විශ්වාසය බිදවැටීම මීට හේතුවයි.
විශේෂයෙන් AI සම්බන්ධ දෘඩාංග (hardware) නිශ්පාදනය කරන සමාගම්වල කොටස්, උදාහරණයකට ඉතා දියුනු AI චිප්ස් නිශ්පාදනය කරන NVIDIA සමාගමේ කොටස් සීග්‍රයෙන් පහත වැටුනා. මේ සමාගම නිශ්පාදනය කරන ඉතා ප්‍රබල පරිගණක චිප්ස් චීනයට විකිනීම ඇමරිකාව විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදීත් ඒවා චීනයට ලැබුනේ කෙසේද යන්න ඇමරිකාවට ප්‍රශ්නයක් වෙලා.
බල සංක්‍රාන්තිය
බල සංක්‍රාන්තිය

එදා දෙවන මහා ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යය නැතිනම් හිරු නොබසින අධිරාජ්‍යය අර්බුදයට ගිය හා සමානව අද ඇමරිකන් අධිරාජ්‍යය ද අර්බුදයට ගිහින් තියෙනවා. අද ආර්ථික වශයෙන් ඉදිරියට ඇවිත් සිටින්නෙ චීනය ප්‍රමුඛ ආසියානු කදවුරයි. විශේෂයෙන් ආසියානු, ලතින් අමරිකානු සහ අප්‍රිකානු කලාප එක්ව පිහිටුවාගෙන ඇති BRICS සංවිධානය එක්ව වැඩකිරීමට මූලිකත්වය අරගෙන තියෙනවා. එයින් පෙන්නුම් කෙරෙන්නෙ මීලග සමාජ ආර්ථික පෙරලිය මේ කලාපවල මූලිකත්වයෙන් ක්‍රියාත්මකවීමට නියමිත බවයි. ඒ නිසා අමරිකාවට තම ආධිපත්‍යය අතහැර වඩාත් ශක්තිමත් චීනය ප්‍රමුඛ BRICS කදවුරෙහි ශක්තිය පිලිගැනීමත් එම කදවුර සමග සහජීවනයෙන් ක්‍රියා කිරීමත් හැර වෙනත් විකල්පයක් නොමැති බව මුලින් සදහන්කල බුද්දිමතුන්ගේ මතයයි.
සියලු ලෝක වැසියන්ගේ යහපත තකා විශේෂයෙන් ගෝලීය ප්‍රශ්න සම්බන්ධයෙන් අඩුතරමේ අනිකුත් බලවත් රාජ්‍යන් සමග සහයෝගයෙන් වැඩකිරීමට ඇමරිකාව එකගවීම අද අත්‍යවශ්‍ය කාරනාවක් බවට පත්වෙලා තියෙනවා. නමුත් ඒ වෙනුවට අද ඇමරිකාව අසල්වැසියන් ඇතුලු සියල්ලන්ට විවිධ තර්ජන කරමින්, නව අන පනත්, සම්බාධක, වෙළඳ ගාස්තු වැඩිකිරීම් යනාදී යල්පැනගිය උපක්‍රම භාවිතා කරමින් තම බලය රැකගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදිල සිටිනවා. ඒ වගේම ජාත්‍යයන්තර එකගතාවයන් වලින් ඇතිකරගත් සංවිධාන සහ සම්මුතීන් අවතක්සේරුවට ලක්කරල තියෙනවා. මේ ආකාරයට හිතුවක්කාරීලෙස ධනවාදයත් ඇමරිකන් ආධිපත්‍යයත් පවත්වාගන්න උත්සාහ කලොත් එය අවසානයේ ලෝක යුද්ධයක් දක්වා වර්ධනයවේද යන්න අද දවසේ අප ඉදිරියේ ඇති බියකරු ප්‍රශ්නයකි.
ඇමරිකාවේ මේ අන්තවාදී ප්‍රතිපත්තීන්, සියල්ල විනාශකරන, න්‍යශ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වීමේ විශාල අවදානමක් තියෙනව. විශේෂයෙන් මිලිටරිමය වශයෙන් ඔවුන්ගේ ඇති බලවත්කම නිසා එදා බ්‍රිතාන්‍යය තම බලය අතහැර යතාර්ථයට අවනතවූවා ලෙස ඇමරිකන් අධිරාජ්‍යය ක්‍රියා කරනු ඇතැයි අපේක්ශා කිරීමට අපහසුයි. එය කුමන මාර්ගයක් ගත යුතුද යන තීරණය ඇමරිකන් පුරවැසියා විසින් සිහිබුද්දියෙන් ගතයුතු තීරනයකි. ඒ බලය අවසාන වශයෙන් ඇත්තේ පුරවැසියන් තුල මිස ඇමරිකන් කෝටිපති ධන කුවේරයන් තුල නොවේ. නමුත් විවිධ ක්‍රමවේද මගින් කාලයක් තිස්සේ විවිධ ආකාරයට රවටා, මුලාකොට, නොමගයවා ඇති ඇමරිකන් පුරවැසියාට එවැනි තාර්කික, නිවැරැදි, අභීත තීරනයක් ගැනීමට හැකිවේද යන්න ප්‍රහෙලිකාවකි. එවැනි වෙනසක් සදහා ඩිමොක්‍රටික් පක්ශය ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් වලට නායකත්වය සැපයීමට පුලුවන්ද යන්න අනිත් ප්‍රහේලිකාවයි.
මීට අමතරව පසුගිය ශතවර්ශය තුල ධනවාදයේ සංවර්ධනයත් සමග ගෝලීය පුරවැසියා ප්‍රවර්ධනය කරගත් වැදගත් ගුණාංග වන මාණව අයිතීන්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්ති ගැරුකභාවය, නීතියේ ආධිපත්‍යය යන කාරනා ශක්තිමත් කරගෙන ඉදිරියට යෑමත් අද අප ඉදිරියේ ඇති විශාල අභියෝගයක්. එලෙසම පරිසරය ආරක්ශාකරගැනීම සහ පරිසර විනාශය අවමකිරීමට ප්‍රමුකත්වය දීම අද අත්‍යාවශ්‍ය කාරනයක් වෙලා තියෙනවා. මේ කාරනා මාණවයාගේ අනාගතයට ඉතා තීරණාත්මකයි. එදා ඇමරිකාව සහ බටහිර යුරෝපය මීට පෙරමුණ ගත්තා.
මීට අමතරව පසුගිය ශතවර්ශය තුල ධනවාදයේ සංවර්ධනයත් සමග ගෝලීය පුරවැසියා ප්‍රවර්ධනය කරගත් වැදගත් ගුණාංග වන මාණව අයිතීන්, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්ති ගැරුකභාවය, නීතියේ ආධිපත්‍යය යන කාරනා ශක්තිමත් කරගෙන ඉදිරියට යෑමත් අද අප ඉදිරියේ ඇති විශාල අභියෝගයක්. එලෙසම පරිසරය ආරක්ශාකරගැනීම සහ පරිසර විනාශය අවමකිරීමට ප්‍රමුකත්වය දීම අද අත්‍යාවශ්‍ය කාරනයක් වෙලා තියෙනවා. මේ කාරනා මාණවයාගේ අනාගතයට ඉතා තීරණාත්මකයි. එදා ඇමරිකාව සහ බටහිර යුරෝපය මීට පෙරමුණ ගත්තා.

ඒ නිසා අද මේ කාරනා වලට නායකත්වය දිය හැක්කේ කෙසේද සහ කාටද යන්නත් විශාල ප්‍රස්නයක් සහ අභියෝගයක් බවට පත්වෙලා තියෙනවා. ඒ තේරුමෙන් BRICS වැනි සංවිධානවලට ඊට නායකත්වය දිය හැකිද යන්න පිලිබඳවත් සැක පහලවෙනවා. ඒ නිසා සියලු ජාතීන්ට එක්ව සහයෝගයෙන් ක්‍රියාකලහැකි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බහුපාර්ශ්වික ගෝලීය සහයෝගීතාවයන් ගොඩනගාගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා.
ධනවාදයේ අවසානය
ධනවාදයේ අවසානය

මාර්ක්ස්වාදී දර්ශනයට අනුව, ධනවාදී ආර්ථික ක්‍රමයේ ඇති අභ්‍යන්තර විරෝධාභාස, විශේෂයෙන්ම කම්කරු පංතියේ ශ්‍රමය මත ගොඩනැගී ඇති එහි පදනම කෘත්‍රිම බුද්ධිය (AI නොහොත් artificial intelligence) සහ දත්ත සංචාලිත (data driven) ආර්ථිකය විසින් අභියෝගයට ලක්කර ඇත. ස්වයංචාලීකරණය (automation) මගින් නිශ්පාදනයට සහ සේවා සැපයීමට අවශ්‍ය මිනිස් කම්කරු ශ්‍රමයේ අවශ්‍යතාවය අවම කරන විට, ධනවාදී ක්‍රමයේ මූලික පදනමවන ශ්‍රමය සූරාකෑම අර්බුදයට යනවා. ශ්‍රමය සූරෑකෑම මත ලාබ උපයන ක්‍රමවේදය තවදුරටත් වලංගු වෙන්නෙ නෑ.
කාල් මාක්ස්ට අනුව, ලාභය යනු අත්‍යවශ්‍යයෙන්ම "නොගෙවූ ශ්‍රමය" වන අතර, එයින් අදහස් කරන්නේ සේවකයෙකු විසින් වැටුප් වලින් ගෙවනු ලබන ප්‍රමාණයට වඩා නිර්මාණය කරන ලද අතිරික්ත වටිනාකම ධනපතියා විසින් ලාභය ලෙස අත්පත් කර ගන්නා බවයි.
ඒවගේම කෘත්‍රිම බුද්ධිය, ත්‍රිමාණ නිශ්පාදන ක්‍රමවේදය (3D printing ) මගින් භාන්ඩ නිශ්පාදනය කිරීමටත්, ඒ සදහා අවශ්‍ය බල ශක්තිය පුනර්ජනනීය ක්‍රම භාවිතයෙන් තම නිවසේම නිශ්පාදනය කිරීමට ඕනෑම කෙනෙකුට හැකියාව ලාබෙනව. එනිසා දැනට නිශ්පාදන සහ සේවා සැපයීමේ ඒකාධිකාරියක් (monopolization of capital) පවත්වාගෙන යන සමාගම් සහ ව්‍යාපාර අර්බුදයකට යනව. ඒ වගේම ධනවාදී ආර්තික ක්‍රමයේ තවත් පරස්පරතාවයක් වන අධික නිෂ්පාදනය සහ පරිබෝජනය අඩුවීම (over production and under consumption) යන ප්‍රස්නය විසදෙනවා.

තවත් පරස්පරයක් වන අසීමිත ආර්ථික ප්‍රසාරණය සහ පාරිසරික විනාශය අවම කෙරෙනව. මේ තාක්ශණය දැනටමත් ක්ශේත්‍ර කිහිපයකටම බලපා තියෙනව. උදාහරණයකට අපි අධ්‍යාපනය දෙස බලමු. දැන් අන්තර්ජාලයට විශාලවශයෙන් මුදාහැර ඇති පොත්පත්, ලේඛන, සාකච්ඡා, දේශන යනාදිය ඕනෑම ක්ශේත්‍රයක දැනුම ලබාගැනීමට හෝ දැනුම වර්ධනය කරගැනීමට ප්‍රමාණවත්ය. අද අන්තර්ජාලය විවෘත විශ්ව විද්‍යාලයක් බවට පත්වී ඇත.
ඉදිරියේදී අලුත් නිර්මාන සියල්ල අන්තර්ජාලය හරහා ලබාගැනීමට පුලුවන්වනු ඇත. ඒ නිසා මුද්‍රණ ක්ශේත්‍රය ක්‍රමයෙන් අභාවයට යනු ඇත. සංගීතය සහ චිත්‍රපට අඩංගු කැසට් පට, සීඩී තැටි, USB sticks, පුවත්පත්, සගරා යනාදියද අතුරුදහන් වෙමින් පවතී. මේ සියල්ල අන්තර්ජාලය හරහා ලබාගැනීමට පුලුවන. මෙලෙසම විවිධ සේවාවන්ද අභාවයට යමින් පවතී. බැංකු සේවා, පාස්පෝර්ට්, තැපල්සේවා, භාශා පරිවර්තන සේවා, ලේකම් තනතුරු යනාදී වශයෙන්. කෘතීම බුද්ධිය භාවිතා කිරීමේ දියුනුවත් සමගම සුදුකරපටි රාජකාරීන් (white collar jobs) වන වෛද්‍ය උපදේශනය, ඖෂධවේදියාගේ රාජකාරිය, පුස්තකාල, ලිපිකරු, මුදල් අයකැමි යනාදී සේවාවන්ද ස්වයංචාලීකරණය වෙමින් පවතී. අද වනවිට සංචාරක නියෝජිතයාගේ (travel agent) සේවාව සම්පූර්ණයෙන්ම වාගේ අවසන්වී ඇත.
ඉදිරියේදී අලුත් නිර්මාන සියල්ල අන්තර්ජාලය හරහා ලබාගැනීමට පුලුවන්වනු ඇත. ඒ නිසා මුද්‍රණ ක්ශේත්‍රය ක්‍රමයෙන් අභාවයට යනු ඇත. සංගීතය සහ චිත්‍රපට අඩංගු කැසට් පට, සීඩී තැටි, USB sticks, පුවත්පත්, සගරා යනාදියද අතුරුදහන් වෙමින් පවතී. මේ සියල්ල අන්තර්ජාලය හරහා ලබාගැනීමට පුලුවන. මෙලෙසම විවිධ සේවාවන්ද අභාවයට යමින් පවතී. බැංකු සේවා, පාස්පෝර්ට්, තැපල්සේවා, භාශා පරිවර්තන සේවා, ලේකම් තනතුරු යනාදී වශයෙන්. කෘතීම බුද්ධිය භාවිතා කිරීමේ දියුනුවත් සමගම සුදුකරපටි රාජකාරීන් (white collar jobs) වන වෛද්‍ය උපදේශනය, ඖෂධවේදියාගේ රාජකාරිය, පුස්තකාල, ලිපිකරු, මුදල් අයකැමි යනාදී සේවාවන්ද ස්වයංචාලීකරණය වෙමින් පවතී. අද වනවිට සංචාරක නියෝජිතයාගේ (travel agent) සේවාව සම්පූර්ණයෙන්ම වාගේ අවසන්වී ඇත.

මේ ක්ශේත්‍රයේ විවිධ මෘදුකාංග යෙදුම් මගින් ලබාදෙන සේවාවන් ඉතා ඉහල තත්වයේ පවතින අතර පාරිභෝගිකයාට මිල ගනන් සහ අනිකුත් කාරනා සැලකිල්ලට ගනිමින් විවිධ විකල්ප යෝජනා කරයි (උදාහරණයකට Sky scanner, Google flights යනාදිය). නව තාක්ශණයත් සමග පාරිභෝගිකයා තවදුරත් පාරිභෝගිකයෙක් පමනක් නොව සේවා සහ භාණ්ඩ නිශ්පාදනය කරන්නෙකුද වේ.
සූර්ය බලය යොදාගැනීම තුලින් දැන් බොහෝ අය විදුලිය නිශ්පාදකයන් බවට පත්ව ඇත. සමහරුන් එය අධායම් මාර්ගයක් බවට පත්කරගෙන තිබේ. නිශ්පාදනයට අත්‍යාවශ්‍ය විදුලිය තමාටම නිශ්පාදනය කරගැනීමට ඇති හැකියාව නව තාක්ශනය භාවිතා කර නිශ්පාදනය කරන්නන්ට විශාල නිදහසක් ලබාදෙයි. මෑතදී අමරිකාවේ සිදුවූ ආන්දෝලාත්මක වෙඩි තැබීමකට භාවිතා කල රිවෝල්වරය ත්‍රිමාණ මුද්‍රණය භාවිතා කර නිශ්පාදනය කරන ලද්දක් බව හෙලිදරව්විය. එය නිශ්පාදනය කලේ කොහේද යන්න බලධාරීන්ට ප්‍රශ්නයක් වී ඇත.
දැනටමත් සමාගම් රාශියක් විවිධ භාණ්ඩ, පාවහන්, ඇස් කණ්ණාඩි, ස්වර්ණාභරණ, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, ක්‍රීඩා භාණඩ, විවිධ මෙවලම්, යන්ත්‍රෝපකරන කොටස්, රථ වාහන යනාදිය ත්‍රිමාණ මුද්‍රණ ක්‍රමයට නිශ්පාදනය කිරීම ආරම්භ කර තිබේ. මෙලෙස තාක්ශණය භාවිතා කිරීම නිසා ආන්තික පිරිවැය (marginal cost) විශාල වශයෙන් අඩුවී ඇත. මේ මගින් සම්ප්‍රදායී ක්‍රමයට වඩා ඉතා අඩු අමුද්‍රව්‍ය ප්‍රමානයක් සහ පුනර්ජනීය බලය යොදාගැනීම තුලින් තිරසාර ජීවන රටාවකට මග පෑදේ.
ආන්තික පිරිවැය අඩුවෙන ආකාරය සරලව පැහැදිලි කිරීමට උසස් අධ්‍යාපන ක්ශේත්‍රය උදාහරණයක් ලෙස ගත හැකිය. අන්තර්ජාලයට මුදාහරින ඕනෑම පාඨමාලාවකට යන වියදම ඉතා අඩුය. එක ශිෂ්‍යයෙකුගේ සිට මිලියන ගනනකට ඉගැන්වීමට යන්නේ එකම වියදමය. මෙම පාඨමාලා විශ්ව විද්‍යාල තුල කරන්නේ නම් ඊට විශාල ගොඩනැගිලි, ප්‍රවාහනය, විදුලිය ඇතුලු අනිකුත් සේවාවන් ගනනාවක් සැපයීමට සිදුවේ. මේ නිසා විශ්වවිද්‍යාල විශාල ප්‍රමානයක් ඔන්ලයින් ක්‍රමයට පරිවර්තනය වී ඇත.

මේ අකාරයටම නිල් කරපටි රැකියාවන්ද විශාල වශයෙන් අඩුවෙමින් තිබේ. උදාහරණයකට අපි විදුලි සංදේශ සහ මෝටර් රථ කර්මාන්තය දෙස බලමු. දැනට දශක දෙකකට පමන පෙර සෑම නගරයකම පාහේ දුරකථන හුවමාරු මධ්‍යස්ථාන (Telephone exchanges) තිබුනි. ඒවායේ දහස් ගනන් සේවකයන් රාජකාරි කලේය. අද මේවා සියල්ල දුරස්ථව සහ ස්වයංව පාලනය කෙරේ. උපකරණ පරීක්ශාකිරීමේ සිට දෝෂ හඳුනා ගැනීම සහ නිවැරදි කිරීම ස්වයංක්‍රීයව සිදුවේ. එමගින් මානව මැදිහත්වීම අවම කොට ඇත.
එදා විශාල ගොඩනැගිලි වල සවිකර තිබූ විදුලි සංදේශ මද්‍යස්තාන වෙනුවට අද භාවිතා කරන්නේ කුඩා ප්‍රමාණයේ තාක්ශනික මෙවලම්ය. මෝටර් රථ නිශ්පාදන ක්ශේත්‍රයේද එදා දහස් ගනන් නිල් කර පට සේවකයන් (blue collar jobs) රාජකාරියේ යෙදුනි. වෙල්ඩර්ස්ලා, උපකරන එකලස් කරන්නන්, යාන්ත්‍රිකයන්, පින්තාරුකරුවන්ට අද කරන්නට රාජකාරියක් නොමැත. සියල්ල ස්වයංක්‍රීය රෝබෝ තාක්ශණය උපයෝගීකරගෙන සිදුවේ.

සියල්ල ස්වයංක්‍රීය කලවිට රියදුරු රැකියාවද නැතිවීමට නියමිතයි. දැනටමත් රටවල් ගනනාවක රියදුරන් නොමැති ටැක්සි, බස් සහ දුම්රිය සේවාවන් පවත්වාගෙන යති. දැනට මුදාහැර ඇති ChatGPT සහ DeepSeek වැනි AI ආකෘතීන් ඉතාමත් සුලුකාලයකින් සංකීර්ණ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදීමට සමත්වී ඇත. මීට අමතරව විවිධ විශේෂිත කාර්යන් සදහා විවිධ AI මොඩලයන් හදුන්වාදී ඇත.
කාර්මික විප්ලවවල බලපෑම

18 වන ශතවර්ෂයේ අගබාගයේ ලෝකයේ සිදුවූ පලමුවන කාර්මික විප්ලවයේ (වාශ්ප එංජිම සහ විදුලි පණිවුඩ සන්නිවේදනය සොයාගැනීම) ප්‍රතිපලයක් ලෙස වහල් ක්‍රමය, වැඩවසම්වාදය බිද වැටුනු අතර නාගරික කම්කරු පංතියේ ආරම්භය සිදුවුනි. ඉන් පසුව ඇතිවූ දෙවන කාර්මික විප්ලවය හරහා විදුලිය, ඛනිජ තෙල් සහ අභ්‍යන්තර දහන එන්ජිම, යකඩ නිශ්පාදනය, ටෙලිෆෝනය යනාදී නව සොයාගැනීම් හරහා කර්මාන්තශාලා විශාල වශයෙන් පටන් ගැනුනා. ඒවායේ රැකියා සදහා ගමෙන් නගරයට විශාල වශයෙන් ජනයා සංක්‍රමනය වීම නිසා විශාල නාගරික කම්කරු ප්‍රජාවක් බිහිවුනා.
එදා තිබූ කටුක ජීවන තත්වයන් සහ සේවා කොන්දේසි නිසා නිරන්තරයෙන් කම්කරුවන් සහ කර්මාන්ත ශාලා හිමියන් අතර ගැටුම් ආරම්භ වුනා. වෘත්තීය සමිති ආරම්භ වීමත්, එහි ප්‍රතිපලයක්ලෙස වැඩවර්ජන ඇතිවීමත් මෙයින් ප්‍රදාන උනා. මේ සමග ධනවාදයේ හොදම කාලය ආරම්භ වූ අතර විශාල ව්‍යාපාර, නව නිශ්පාදන සහ පාරිභෝගික භාණ්ඩ සදහා මහා පරිමාණ නිෂ්පාදන (mass production) ආරම්භ වෙනවා. ප්‍රවාහන සේවය දුම්රිය සේවාවන්වල සිට ගුවන් සේවා දක්වා දියුනු වෙනවා. ඉන්පසු තුන්වන කාර්මික විප්ලවය සිදුවන්නේ අන්තර්ජාලය, පරිගණක යන්ත්‍රය, ජංගම දුරකතනය යන ආදිය සොයාගැනීමත් සමගයි.
මේ කාර්මික විප්ලව නිසා අධ්‍යාපනය සෞඛ්‍ය නිවාස මාර්ග පහසුකම්, ඇදුම් පැලදුම්, ආහාර ගබඩා කිරීම, ඉලෙක්ට්‍රොනික් උපකරන, ගුවන් විදුලිය, රූපවාහිනීය, කොම්පියුටර් තාක්ශණය, වෛද්‍ය ඖෂධ, එන්නත්, ශල්‍යකර්ම යනාදී විවිධ ක්ශේත්‍රවල විශාල දියුනුවක් ඇතිවෙනවා. ආයු අපේක්ෂාව, ළමා මරණ අනුපාතිකය, සාක්ෂරතාව, ජාතික ආදායම යනාදී දර්ශක ඉහල යනවා. ඒත් සමග මානව අයිතීන්, සිවිල් අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, සේවක අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය යනාදී කරුනු මුල්කරගෙන සමාජ ව්‍යාපාර ආරම්භ වෙනවා.

ධනවාදයේ මේ විකාශනයත් සමග වෙළදපොලත් විශාලව ව්‍යාප්ත වෙනවා, ගෝලීය වෙළදපොල ඇතිවෙනවා. ඒ සමග කර්මාන්ත වලට අවශ්‍ය අමු ද්‍රව්‍ය පිලිබඳ තරගය ඉහල යනව. ලෝක ධනවාදය විශාල ආර්ථික සහ මූල්‍ය අර්බුදවලට මුහුන පානවා. ඒ නිසා විවිධ ගැටුම් ඇතිවෙනවා. ඒවා විශාල යුද්ධ දක්වා වර්ධනය වනවා. මේ සමගම ධනවාදයේ නොවැලැක්විය හැකි ලෙස ඇතිවන ඇති නැති පරතරයත් සියලු ධනය සුලු පිරිසක් අතර සංකේන්ද්‍රණය වීමත් නිසා අති මහත් බහුතරයක් පීඩාවට පත්වෙනවා.
2024 වාර්තා වලට අනුව ඇමරිකාවේ වත්කම් වලින් 70% ක් හිමිකරගෙන සිටින්නෙ 10% ක කුඩා කණ්ඩායමක් විසින්. සියයට 1 ක කණ්ඩායමක් සම්පූර්ණ වත්කම්වලින් 1/3 ක් ඒ කියන්නෙ ඩොලර් ට්‍රිලියන 40 ක් පමන අයිතිකරගෙන සිටිති. 2023 වර්ශයේ සංඛ්‍යාලේඛන වලට අනුව ඇමරිකාවේ දුප්පතුන්ගේ ප්‍රමාණය සියයට 11.1 ක ප්‍රමාණයක්, ඒ කියන්නෙ මිලියන 36.8 ක්. මේ ගනයට නොවැටෙන බොහෝ පිරිස්වලට ඉතිරි කිරීම් නෑ. ඔවුන් ජීවත්වන්නෙ එදිනෙදා ලැබෙන දයිනික වැටුපෙන්. ගෝලීය තත්වය මීටත් වඩා දරුණුයි. ගෝලීය ධනයෙන් 50% ක් අයිතිකරගෙන ඉන්නෙ 1% ක පමන සුලු පිරිසක් විසිනුයි.
සියයට 10%ක් ගෝලීය ධනයෙන් 80% ක අයිතියට හිමිකම් කියනව, 44% ක් දුප්පත් ගනයට වැටෙනවා. සංඛ්‍යාලේඛනවලට අනුව මේ අසමානත්වය වඩාත්ම දරුනු අප්‍රිකානු සහ දකුනු ඇමරිකානු රටවලයි. ධනවාදය නිසා ඇතිවී තිබෙන විශාල ඇති නැති පරතරය සහ දුප්පත්කමට අමතරව තවත් වීශාල අගතීන් ගනනාවක් සිදුවෙනවා. ආයතනික කෑදරකම (corporate greed) නිසා අසීමිතව කෙරෙන අදූරදර්ශී ක්‍රියාවන් නිසා පරිසරය විශාල ලෙස විනාශවෙනවා. ඒ නිසා දේශගුණය වෙනස් වෙලා විශාල ස්වාභාවික ආපදා ඇතිවෙන්න පටන් අරන්. ඒ නිසා මේ ස්වයං විනාශකාරී පිස්සුව වහා නැවත්වීම අනිවාර්යය අවශ්‍යතාවයක් බවට පත්වෙලා තියෙනවා. පාරිසරික ව්‍යසනය ආපසු හැරවීමට අපි දැනටමත් ප්‍රමාද වැඩි බවයි විද්වතුන්ගේ අදහස.
ධනවාදයට විකල්පය හතරවන කාර්මික විප්ලවය ද?
ධනවාදයට විකල්පය හතරවන කාර්මික විප්ලවය ද?

ධනවාදය අවසානයට පත්වේද, නැතහොත් එය අනුවර්තනයවී වෙනත් ආකාරයකට පවතීද යන්න අනාගතයේදී AI, දත්ත හිමිකාරිත්වය සහ ස්වයංචාලිතීකරණ තාක්ශණය ඇතුලු නව තාක්ෂණයන්හි ආධිපත්‍යය හසුරුවන්නේ කව්ද යන කාරනය මත රදාපවතිනවා. AI තාක්ශණය විශාල ව්‍යාපාරික ආයතනවල අතේම තවදුරටත් රඳා පවතී නම්, අපිට ධනවාදී ක්‍රමයේ අවසානය දර්ශනය නොවිය හැක.
එසේ වුවහොත් බලය සහ ධනය තවත් මධ්‍යගත වන, ධනවාදයේ තවත් අඳුරු (dystopian) පරිච්ඡේදයක් අපට දැක ගැනීමට සිදුවිය හැක. මේ ක්ශේත්‍රයේ ලෝකයේ කැපී පෙනෙන පුද්ගලයන් වන යාන් ලීකුන් (මෙටා හි ප්‍රධාන AI විද්‍යාඥ), ඉලොන් මස්ක් (ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී), ඩෙමිස් හසබිස් (DeepMind හි සම නිර්මාතෘ), බෙන් ගොර්ට්සෙල් (OpenCog හි නිර්මාතෘ), රිචඩ් ස්ටෝල්මන් (නිදහස් මෘදුකාංග පදනමේ නිර්මාතෘ), ට්‍රිස්ටන් හැරිස් (මානව තාක්ෂණ මධ්‍යස්ථානයේ සම නිර්මාතෘ) යන අය විවෘත මූලාශ්‍ර AI වෙනුවෙන් සහ තාක්‍ෂණය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම, විනිවිදභාවය සහතික කිරීම සහ ඒකාධිකාරී පාලනය අඩු කිරීම යන කාරනා වෙනුවෙන් පක්ෂව පෙනී සිටිති.
එසේ වුවහොත් බලය සහ ධනය තවත් මධ්‍යගත වන, ධනවාදයේ තවත් අඳුරු (dystopian) පරිච්ඡේදයක් අපට දැක ගැනීමට සිදුවිය හැක. මේ ක්ශේත්‍රයේ ලෝකයේ කැපී පෙනෙන පුද්ගලයන් වන යාන් ලීකුන් (මෙටා හි ප්‍රධාන AI විද්‍යාඥ), ඉලොන් මස්ක් (ටෙස්ලා සහ ස්පේස්එක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී), ඩෙමිස් හසබිස් (DeepMind හි සම නිර්මාතෘ), බෙන් ගොර්ට්සෙල් (OpenCog හි නිර්මාතෘ), රිචඩ් ස්ටෝල්මන් (නිදහස් මෘදුකාංග පදනමේ නිර්මාතෘ), ට්‍රිස්ටන් හැරිස් (මානව තාක්ෂණ මධ්‍යස්ථානයේ සම නිර්මාතෘ) යන අය විවෘත මූලාශ්‍ර AI වෙනුවෙන් සහ තාක්‍ෂණය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම, විනිවිදභාවය සහතික කිරීම සහ ඒකාධිකාරී පාලනය අඩු කිරීම යන කාරනා වෙනුවෙන් පක්ෂව පෙනී සිටිති.

නමුත් ඉලොන් මස්ක් වැනි කෝටිපති ව්‍යාපාරිකයන්ගේ මෑතකාලීන හැසිරීම සහ මැදිහත්වීම් ඉතා ප්‍රශ්නකාරීයි. විශේෂයෙන් ඇමරිකාව සහ යුරෝපය තුල ඔහුගේ දේශපාලනික මැදිහත්වීම් ගැටලු මතුකරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්තගාමී වැඩපිලිවෙලට සහයෝගය දෙන ඉලොන් මස්ක්, ට්‍රම්ප්ගේ චන්ද ව්‍යාපාරයට මුදල් පොම්ප කලේය. ලතින් අමරිකාවට එරෙහිවත්, සරණාගතයින් සහ කොන්වී ඇති විවිධ ජනකණ්ඩායම් වලට එරෙහිවත් ක්‍රියාත්මක කිරීමට යන වැඩපිලිවෙලට ඔහු දක්වන අනුග්‍රහය අප්‍රසන්නය.
පසුගියදා ෆෙඩරල් රජය විසින් ද්විපාර්ශ්විකව සම්මත කරගැනීමට එකගවූ සුබසාධන, ආපදාකළමනාකරනය, කෘෂිකර්මාන්තයට සහයදීම යනාදිය සදහා මුදල් ලබාගැනීමට ඉදිරිපත් කල විසර්ජන පනතට ඉලොන් මස්ක් දැඩි විරෝධයක් පෑවේය. ඔහු එය විශාල අපරාධයක්ලෙස නම් කොට පහර ගැසුවේය. මන්ත්‍රීවරුන්ට තර්ජනය කල ඔහු පනතට සහයෝගය දෙන අය ඊලග මැතිවරණයේදී පරාජය කිරීමට තමාගේ මුදල් බලය පාවිච්චිකරන බවට වහසි බස් කීවේය. ඒ සදහා ඔහුගේ X යෙදුම් ඇතුලු තාක්ශණ මෙවලම් පාවිච්චි කලේය. ජනතාව නොමග යවමින් ඔහු පෙනීසිටියේ රාජ්‍යය වියදම් සහ සේවකයන් කප්පාදු කිරීම සහ සියල්ල පෞද්ගලිකකරණය කිරීමටයි.

මීට අමතරව යුරෝපයේ දක්ශිනාංශික අන්තවාදී දේශපාලන පක්ශ වලට ඔහු සහය පලකරයි. ඒ අතර දැඩි ආගමන විරෝධයක්ද පලකරයි. ඔහු ට්‍රම්ප්ගේ රැස්වීමකදී නාට්සි පන්නයේ ආචාරයක් පෙන්වීමද බොහෝදෙනාගේ කනස්සල්ලට හේතුවිය. ඒ නිසා ඔහු මතභේදාත්මක චරිතයක් බවට පත්ව ඇත. ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවයට මස්ක් පන්නයේ තාක්ෂණික සහ ව්‍යාපාරික දැවැන්තයින් සැමෝම වාගේ සහභාගීවී සිටියේය. ඉතිහාසයේ එවැනි එකතුවක් සිදුවූ පලමු අවස්ථාව එයයි. එය එක්තරා ආකාරයක නරක පෙරනිමිත්තක් විය හැකිය.
ඉලොන් මස්ක් වැනි කෝටිපති ව්‍යාපාරිකයින් ආර්ථිකය සහ දේශපාලනය මෙලෙස ප්‍රජාතන්ත්‍රවාදී වගකීම් වලින් තොරව පාලනය කලහොත් අප බලාපොරොත්තු වන ධනවාදයේ අවසානය වෙනුවට මුලු සමාජයම කෝටිපතියන් පිරිසක් විසින් පාලනය කෙරෙන ඉතා අහිතකර තත්ත්වයක් නිර්මානය විය හැක. මේ හේතුව නිසා AI, දත්ත හිමිකාරිත්වය සහ ස්වයංක්‍රීයකරණයට සම්බන්ධ තාක්ශණයේ අයිතිය පිලිබඳ ප්‍රශ්නය ඉතා තීරනාත්මක වනු ඇත. වඩාත් සාධාරණ සමාජයක් පතන අය මේ ඒකාධිකාරය පරාජය කිරීමට මුල් විය යුතුව ඇත.

AI තාක්ෂණය තවම මූලික අවදියක තිබුනත් අනාගතයේදී වඩාත් බුද්දිමත් AGI (Artificial General Intelligence) නොහොත් කෘත්‍රිම සාමාන්‍ය බුද්ධිය) දක්වා වර්ධනය වීමටත් ඉන්පසු ASI (Artificial Superintelligence) නොහොත් කෘත්‍රිම සුපිරි බුද්ධිය දක්වා වර්ධනය වීමට නියමිතයි. කෘත්‍රිම සුපිරි බුද්ධිය යනු සියලු අංශවලින් මිනිස් බුද්ධිය ඉක්මවා යන තත්වයකි.
කෘත්‍රිම බුද්ධිය, ජෛව තාක්ෂණය, අන්තර්ජාලය භාවිතයෙන් පාලනය කරන මෙවලම් (IoT), රෝබෝ තාක්ශණය, දත්ත ගබඩා කිර්‍රිමේ තාක්ෂණ, ත්‍රිමාණ මුද්‍රනය, වඩාත් දියුනු සන්නිවේදන සහ ප්‍රවාහන ක්‍රමවේද යනාදිය සමග ආරම්භවී ඇති හතරවන කාර්මික විප්ලවය ධනවාදය අර්බුදයට පත්කොට වඩා පරිසරහිතකාමී යහපත් සමාජයක් ගොඩනැගෙනු ඇති බවට බලාපොරොත්තු තියන ජෙරමි රිෆ්කින් (Jeremy Rifkin) ගේ ධනාත්මක අදහස් වලින් මේ ලිපිය අවසන් කිරීමට මම අදහස් කරමි.
ජෙරමි රිෆ්කින් ඇමරිකානු ආර්ථික හා සමාජ න්‍යායාචාර්යවරයෙක්, අනාගතවාදියෙක් සහ විවිධ රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා උපදේශකයෙක්. ඔහු ධනවාදයට AI සහ දත්තවල ඇති බලපෑම පිළිබඳව විශේෂ මැදිහත්වීමක් කරන බුද්දිමතෙක් ලෙස ප්‍රසිද්ධය. ඔහු විශ්වීය මූලික ආදායමක් (universal basic income) සහ AI තාක්ශනය සහ ඇල්ගොරිතම්ස් (ගැටළු විසඳීමේ උපදෙස්) වෙත ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටියි.
කෘත්‍රිම බුද්ධිය, ජෛව තාක්ෂණය, අන්තර්ජාලය භාවිතයෙන් පාලනය කරන මෙවලම් (IoT), රෝබෝ තාක්ශණය, දත්ත ගබඩා කිර්‍රිමේ තාක්ෂණ, ත්‍රිමාණ මුද්‍රනය, වඩාත් දියුනු සන්නිවේදන සහ ප්‍රවාහන ක්‍රමවේද යනාදිය සමග ආරම්භවී ඇති හතරවන කාර්මික විප්ලවය ධනවාදය අර්බුදයට පත්කොට වඩා පරිසරහිතකාමී යහපත් සමාජයක් ගොඩනැගෙනු ඇති බවට බලාපොරොත්තු තියන ජෙරමි රිෆ්කින් (Jeremy Rifkin) ගේ ධනාත්මක අදහස් වලින් මේ ලිපිය අවසන් කිරීමට මම අදහස් කරමි.
ජෙරමි රිෆ්කින් ඇමරිකානු ආර්ථික හා සමාජ න්‍යායාචාර්යවරයෙක්, අනාගතවාදියෙක් සහ විවිධ රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා උපදේශකයෙක්. ඔහු ධනවාදයට AI සහ දත්තවල ඇති බලපෑම පිළිබඳව විශේෂ මැදිහත්වීමක් කරන බුද්දිමතෙක් ලෙස ප්‍රසිද්ධය. ඔහු විශ්වීය මූලික ආදායමක් (universal basic income) සහ AI තාක්ශනය සහ ඇල්ගොරිතම්ස් (ගැටළු විසඳීමේ උපදෙස්) වෙත ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටියි.
ජෙරමි රිෆ්කින් (Jeremy Rifkin) ඔහු පවසන්නේ තාක්ශණය සැමට සමානව විවුර්ත විය යුතු බවයි. දැනට ක්‍රියාකාරීව සිටින වෘත්තීය සමිති, ස්ත්‍රීවාදී සංවිධාන, ගොවි සංවිධාන, පරිසරවාදීන්, සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින්නන්, සාධාරණ වෙළදාම වෙනුවෙන් පෙනීසිටින්නන් ආදී සියල්ල තමාට අහිමිවූ දේ නැවත ලබාගැනීමට නැගීසිටිය යුතු බවත් ඔවුන්ගේ ඉලක්ක සහ ක්‍රියාකාරකම් එවැනි සමාජයක් සෑදීම මුල්කරගෙන ගොඩනගාගතයුතු බවටත් තර්ක කරනවා.
උදාහරණයකට ඔහු පවසන්නේ සම්ප්‍රදායික වෘත්තීය සමිති AI තාක්ශණයේ සම්ප්‍රාප්තියත් සමග පරිණාමය විය යුතු බවයි. ඔවුන් රැකියා නැතිවීමට එරෙහිව සටන් කරනවා වෙනුවට විශ්වීය මූලික ආදායමක් සහ කෙටි වැඩ සතියක් ලබාගැනීම වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි. ධනේශ්වර සංස්ථා විසින් පාලනය කරනු ලබන කාර්මික කෘෂිකර්මාන්තය, දේශීය, තිරසාර සහ පුනර්ජනනීය ගොවිතැනින් ප්‍රතිස්ථාපනය කළ යුතු බවට ඔහු තර්ක කරයි.
උදාහරණයකට ඔහු පවසන්නේ සම්ප්‍රදායික වෘත්තීය සමිති AI තාක්ශණයේ සම්ප්‍රාප්තියත් සමග පරිණාමය විය යුතු බවයි. ඔවුන් රැකියා නැතිවීමට එරෙහිව සටන් කරනවා වෙනුවට විශ්වීය මූලික ආදායමක් සහ කෙටි වැඩ සතියක් ලබාගැනීම වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි. ධනේශ්වර සංස්ථා විසින් පාලනය කරනු ලබන කාර්මික කෘෂිකර්මාන්තය, දේශීය, තිරසාර සහ පුනර්ජනනීය ගොවිතැනින් ප්‍රතිස්ථාපනය කළ යුතු බවට ඔහු තර්ක කරයි.

ගොවි සංවිධාන සාධාරණ ඉඩම් අයිතිය සහ ආහාරවල ස්වෛරීභාවය සඳහා සටන් කරන අතරම, නාස්තිය අඩු කරන සහ කාර්යක්ෂමතාව වැඩි කරන AI-තාක්ශනය භාවිතා කෙරෙන නිරවද්‍ය කෘෂිකර්මාන්තය වැළඳ ගත යුතුය. දේශීය සමුපකාර, ඩිජිටල් පොදු භාවිතයන් සහ විවෘත මූලාශ්‍ර AI මගින් මධ්‍යගත ආයතනික සහ රාජ්‍ය පාලනය ප්‍රතිස්ථාපනය කර යුතුය. සමාජ ව්‍යාපාර, සම්ප්‍රදායික විරෝධතාවයේ සිට ජන සහභාගීත්වය වැඩි දියුනු කරගැනීමට අවධානය යොමු කළ යුතු අතර, සියල්ලට අවකාශය ලැබෙන මෙම නව, නිදහස් ප්‍රවේශ ආර්ථිකය නිර්මාණය කිරීමට දායක විය යුතුය.
AI සහ ජෛව තාක්‍ෂණය මඟින් රසායනාගාරවල වගා කරන ලද මස් සහ ශාක පදනම් කරගත් විකල්ප වඩාත් ශක්‍ය (viable) කරනු ඇති අතර, දැනට අමානුශිකව කෙරෙන කාර්මික සත්ව ගොවිතැන සඳහා ඇති අවශ්‍යතාවය අඩු කරයි. සත්ව අයිතිවාසිකම් සදහා පෙනීසිටින ක්‍රියාකාරීන් AI මත පදනම් වූ සැපයුම් දාම විනිවිදභාවය සඳහා තල්ලු කළ යුතු අතර, එමඟින් පාරිභෝගිකයින්ට සදාචාරාත්මක තේරීම් කිරීමට ඉඩ සලසයි.
විශාල සමාගම් විසින් පාලනය කරන වෙළඳාම වෙනුවට, AI සහ blockchain මගින් අතරමැදියන් ඉවත් කරමින් සෘජුව සියලුදෙනා සමග සම සමව ගනුදෙනු සක්‍රීය කළ හැකිය. මේ ජෙරමි රිෆ්කින් ඉදිරිපත් කරන යෝජනායි.
ඔහු මෘදුකාංග නිදහස් කිරීමේ ව්‍යාපාරය, Copyleft, Open source, Creative Commons යනාදී සංවිධාන සහ සංකල්ප වෙනුවෙන් දැඩිව පෙනීසිටී. ඔහු යෝජනා කරන්නේ ආත්මාර්ථකාමිත්වය වෙනුවට සහයෝගීතාවය, හිමිකාරිත්වය වෙනුවට ප්‍රවේශය, දේපළ අයිතිවාසිකම් වෙනුවට විවෘත මූලාශ්‍ර, පෞද්ගලිකත්වය වෙනුවට විනිවිදභාවය, ස්වාධීනත්වය වෙනුවට ප්‍රජාව, යනාදී සංකල්පයි.
නිලධාරිවාදී සමාජවාදයටත් අනුකම්පා විරහිත ධනවාදයටත් විසදුම මේ තෙවැනි විසදුම බවට ඔහු තර්ක කරනව. එම ක්‍රමය ධනවාදයේ සහ සමාජවාදයේ හොඳම දේ ලබාගැනීමෙන් සහ නරක දේ ඉවත් කිරීමෙන් හැදෙන නව ක්‍රමයක් ලෙසට ඔහු තර්ක කරනවා. නැගී එන නව තරුණ පරම්පරාව මීට ප්‍රධානවන බව ඔහු පවසනවා. එම තරුණ පරම්පරාව ජෛවගෝලය සහ එහි පැවැත්ම ගැන විශාල උනන්දුවක් දක්වනු ඇතිබවට බලාපොරොත්තු පලකරන රිෆ්කින් ඒ නව සමාජය පශ්චාත් කාබන් සමාජයලෙස හදුන්වනවා.
ඔහු තම කනස්සල්ල සහ බිය ප්‍රකාශකරන්නේ අපිට ප්‍රමාදනොවී එවැනි සමාජයක් කරා යන්න අවස්ථාව ලැබේද යන්න පිලිබඳවයි. ඒ අපි ප්‍රමාද වුවහොත් ජෛවගෝලය ආපසු හැරවිය නොහැකි විනාශයකට ගොස් තිබිය හැකි බැවිනි.
ඔහු තම කනස්සල්ල සහ බිය ප්‍රකාශකරන්නේ අපිට ප්‍රමාදනොවී එවැනි සමාජයක් කරා යන්න අවස්ථාව ලැබේද යන්න පිලිබඳවයි. ඒ අපි ප්‍රමාද වුවහොත් ජෛවගෝලය ආපසු හැරවිය නොහැකි විනාශයකට ගොස් තිබිය හැකි බැවිනි.




(සටහන | අජිත් රාජපක්ෂ)