The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඔබ ආදරය විඳින්නෙ කොහොම ද ?

T

The Leader Desk

February 7, 2025 • 9:16 AM

ඔබ ආදරය විඳින්නෙ කොහොම ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොහොම වුණත් ආදරය කියන්නෙ මේ ලෝකෙ අපි කැමතිම දේ.
  • මේ සියලු දේවල් පවුලක අනිවාර්යෙන් තිබිය යුතු දේවල් ලෙස අප සිතා සිටින අතරේ විවාහක යුවළ අතර පවතින ආදරය ලෙස වැඩි දෙනෙක් තීරණය කරන්නේ සාර්ථක කායික එක්වීම්.
  • ඇත්තටම ඔබ කොහොම කිව්වත් ආදරය ගැන බොහෝ දෙනෙක් හරියටම දන්නේ නෑ.
  • අපි මෙහෙම කියන්නේ හේතුවක් ඇතිව.
අකුරු ප්‍රමාණය (Font Size):
කොහොම වුණත් ආදරය කියන්නෙ මේ ලෝකෙ අපි කැමතිම දේ. ඒ කියන්නෙ කෑමබීමවලටත් වඩා. ආදරයෙන් හිත පිරිල තියෙන වෙලාවක  බඩගිනිවත් අපට දැනෙන්නෙ නෑනේ. එහෙම නම් අපි බලමු ඔබේ සිතේ තව කෙනෙකුට පවතින ආදරය කොහොම එකක්ද කියලා.
 
විවාහයකට දෙන්නෙක් එළඹෙන්නේ බොහෝවිටම ඔවුනොවුන් ගැන කැමැත්තක් ආදරයක් තියෙන නිසා. එහෙම නොවෙන ඒවා තියෙන්න පුළුවන්. ඒත් ඒ කලාතුරකින්. අපේ රටේ විවාහක කාන්තාවන්, පිරිමින් දිහා බලන විට ඔවුන්ගේ ජීවිතවල පොදු සමානතා ගොඩක් තිබෙනවා. රැකියා කිරීම, දරුවන් හැදීම, දරුවන්ට ඉගැන්වීම සඳහා වෙහෙස වීම, ගෙදර දොර වැඩ කටයුතු කිරීම, ගෙවල් දොරවල් සෑදීම සහ බඩු මුට්ටු ගැනීම යන මේ සියල්ල අඩු වැඩි වශයෙන් කරමින් එක වහලක් යට ජීවත් වීම පොදුවේ සෑම විවාහක යුවළක් තුළින්ම දැකිය හැකියි. විවාහ ජීවිතයක් තුළ මේ සියල්ල ඔවුනොවුන්ගේ ශක්ති පමණින් සිදු විය යුතුයි.
තමන්ට ආදරය කරන්න - (Faculty of Sex)
 
ඒ තමයි පවුලක් වෙනුවෙන් අඹුසැමි දෙදෙනා කරන කැපකිරීම. මේ සියලු දේවල් පවුලක අනිවාර්යෙන් තිබිය යුතු දේවල් ලෙස අප සිතා සිටින අතරේ විවාහක යුවළ අතර පවතින ආදරය ලෙස වැඩි දෙනෙක් තීරණය කරන්නේ සාර්ථක කායික එක්වීම්. අපට වැරදුණු තැන එතැන. 
    
ප්‍රේම සම්බන්ධයක් මගින් විවාහ වුණත්, යෝජිත විවාහයක් වුණත් දෙන්නෙක් එකතු වන්නේ ඒ දෙන්නට දෙන්නා ගැන කැමැත්තක් සහ ආදරයක් තිබෙන නිසා. විවාහයක් වුණාට පස්සේ තම පවුල සඳහා කරනු ලබන ඉහත කී ආකාරයේ කැප කිරීම් කොහොමත් තියෙනවා. මොන ප්‍රශ්න ගැටලු ආවත් විවාහයක් නොබිඳී පවත්වාගෙන යාමට විශේෂයෙන් කාන්තාව තුළ දැඩි වුවමනාවක් පවතිනවා. දරුවන් නිසා, සමාජයෙන් එල්ල විය හැකි අපවාද නිසා, විශේෂයෙන් කාන්තාවට නම් රැකවරණයක් අවශ්‍ය නිසා, ආර්ථික ගැටලු නිසා මෙවැනි බොහෝ දේවල් විවාහය පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින කාරණායි.
 
ශ්‍රී ලංකාව ලොව අඩුම දික්කසාද ප්‍රතිශතය දරන්නේ ඇයි?
මේ කැප කිරීම සහ ලිංගිකත්වය කියන්නේ විවාහයක් නොබිඳී පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන එකම හේතු දෙක කියලයි බොහෝ දෙනෙක් සිතා ඉන්නෙ. නමුත් මේ කාරණා දෙක අතර මැද තියෙන තවත් ඉතා වැදගත් දෙයක්  ගැන වැඩි දෙනෙක් දන්නෙ නෑ. එහෙම නැත්නම් ඒ ගැන හිතන්නෙ නෑ. ඒත් නැත්තම් අමතක කරලා. ඒ තමයි ආදරය.
 
"ආදරය ගැන ඇයි අපි දන්නේ නැත්තේ" කියලා මෙහිදී ඔබ කියන්න පුළුවන්.
ප්ලැටොනික ප්‍රේමයක මිහිර ඔබත් විඳලා තියෙනවාද?
       
ඇත්තටම ඔබ කොහොම කිව්වත් ආදරය ගැන බොහෝ දෙනෙක් හරියටම දන්නේ නෑ. අපි මෙහෙම කියන්නේ හේතුවක් ඇතිව. මොකද, බොහෝ දෙනෙක් ආදරය කියලා හිතාගෙන ඉන්නේ යුවළක් අතර සිදුවන කායික එක්වීම් වුණත් ආදරය කියන්නේ හරිම ලෙන්ගතු බැඳීමක්. ඒ බැඳීම තුළ තමයි එකිනෙකාගේ සිතිවිලි, රුචි අරුචිකම් මේ හැම දෙයක්ම දෙදෙනාට දැනෙන්නේ. මෙසේ එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගැනීම සිදුවන්නේ ආදරය නිසා.
 
එසේ වුවත් අපේ සමාජය තුළ ආදරය කියන දේ ගැන හැඟීමක් ඇති නොවන්නට මේ සමාජය හැඩගැසී තිබෙන ආකාරයත් බලපානවා. නිදසුනක් විදිහට අපේ දරුවන් ප්‍රචණ්ඩත්වය ගැන ඉගෙන ගත්තාට අපි ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ. දෙදෙනෙක් ඔවුනොවුන්ට මාරාන්තික පහර එල්ල කරමින් ඉතා ප්‍රචණ්ඩව හැසිරෙන ආකාරය රූපවාහිනිය ඔස්සේ දරුවන් නරඹන විට වැඩිහිටියන් ඊට එරෙහිව කිසිවක් කියන්නට දක්වන අවධානය අඩුයි. නමුත් යුවළක් ආදරෙන් එකිනෙකාට ළං වෙලා ඉන්න ආකාරය දරුවන් නරඹනවාට වැඩිහිටියන් විරුද්ධයි. එවැනි දේවල් අසංවර ඒවා ලෙසින් සලකන්නට අපේ සංස්කෘතිය තුළ වැඩිහිටියන් පුරුදු වී  තිබෙනවා. ඒ අනුව අපේ සමාජයේ  ප්‍රචණ්ඩත්වයට ඉඩක් තිබුණාට ආදරයට ඉඩක් නැති බවයි සිතන්නට තිබෙන්නේ. මේක හරිම බැරෑරුම් කාරණාවක්.
වසංගත සමයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාධනීය සැලැස්මක් ? -සුජාතා ගමගේ හා  ටාරා ද මෙල්
 
නමුත් දරුවන් යොවුන් වයසට එන විට අන්තර්ජාලය ඔස්සේ ලිංගිකත්වයට අදාළ බොහෝ දේවල් වැඩිහිටියන්ට හොරෙන් නරඹනවා. මේවායේ  බොහෝ විට තිබෙන්නේ සතුන්ගේ බඳු හැසිරීම් රටා. ඒවායෙහි ප්‍රේමාන්විත බවක් ඇත්තේ නැහැ. මේවා නරඹන තරුණ දරුවන් ආදරය කියන්නේ මේක තමයි කියලා වැරදි නිගමනවලට එළඹෙනවා. මෙවැනි වැරදි  අදහස් සිතේ රෝපණය වන විට අන්තිමේ විවාහක යුවළක් තුළ පවුල් ජීවිතයක් ලෙස ඉතිරි වන්නේ දරුවන් වෙනුවෙන් සහ ඉහත කී විවිධාකාර හේතු මත කරනු ලබන කැපකිරීම් හැරුණු විට ඇල්මැරුණු  ලිංගික එක්වීම් පමණයි. ඒ නිසා විවාහ වී වසර කිහිපයක් ගත වූ තැන සිට මිය යාම දක්වාම ඔවුන් ගත කරන්නේ "ලොව සිරිතට අඹු දරුවන් රකින" ඇල්මැරී ගිය ජීවිත යි. 
       
දැන් අපි ආදරය ගැන කතා කරමු. 
 
ප්ලැටොනික ප්‍රේමයක මිහිර ඔබත් විඳලා තියෙනවාද?
       
එකිනෙකා වෙත ආදරය දැක්වීම තුළ සතුට, වින්දනය, ප්‍රබෝධය, උද්යෝගය වැනි ප්‍රතිලාභ රැසක් දෙදෙනාටම හිමි වෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද?
 
ආදරය තුළින් ඇති වන්නේ ප්‍රබල කායික මානසික උද්දීපනයක්. එවිට මොළයේ රසායනික වෙනස් වීම් ඇතිවෙනවා. විශේෂයෙන් අපේ මොළයේ තිබෙන සතුට දනවන හෝමෝනයක් වන ඩොපර්මින් වැඩිපුර ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. මෙම හෝමෝනය ආදරය, කැමැත්ත, සතුට යන මේ හැම දේටම  සම්බන්ධයි. තව කෙනකුගේ ආදරයක් ලැබෙන විට අපේ සිතට ලොකු සතුටක්, ප්‍රබෝධයක් ඇති වෙන්නේ එලෙස ඩොපර්මින් ශ්‍රාවය වන්නට පටන් ගැනීම නිසයි. ඒ නිසා සතුට වැඩිවෙනවා. සතුට වැඩි වන විට  ඩොපර්මින් තව තවත් ශ්‍රාවය වෙනවා. ඉන්පසු සතුට තවත් වැඩි වෙනවා. තවත් වැඩියෙන් ඩොපර්මින් ශ්‍රාවය වෙනවා.මේක හරියට චක්‍රයක් වගේ මාරුවෙන් මාරුවට ක්‍රියා කරනවා.
ප්ලැටොනික ප්‍රේමයක මිහිර ඔබත් විඳලා තියෙනවාද?
 
අන්තිමේ මේ නිසා සිතට ලොකු ප්‍රබෝධයක්, වැඩ කිරීම සඳහා සිතට ගතට ලොකු ජවයක් ප්‍රාණවත් බවක් යන මේ හැමදේම ලැබෙනවා. හොඳින්  ආදරය ලබන කෙනෙකු තුළ මේ සතුට, ප්‍රබෝධය  නිතරම සිතේ බලපැවැත්වෙනවා. සිත සතුටින් තිබෙන විට අපට ඕනෑම වැඩක් හරිම උනන්දුවෙන් ක්‍රියාශීලිව කරන්නට හැකියාවක් ලැබෙන්නේත්, සතුටින් ජීවත් වෙන අය තුළ නිතරම ප්‍රබෝධමත් ගතියක්, මුහුණේ කාන්තිමත් බවක් පවතින්නේත් ඒ නිසයි. 
       
ආදරය කියන්නේ සතුට ලැබිය හැකි ප්‍රධානම දෙයක්. යුවළක් අතර විතරක් නොවෙයි දෙමාපියන් දරුවන්ට දක්වන ආදරය තුළත් මෙය පවතිනවා. 
 
තමන්ට ආදරය කරන්න - (Faculty of Sex)
     
අනෙක ආදරය කියන්නේ සිතේ  දිගින් දිගටම පවතින දෙයක්. නමුත් ලිංගික ආශාව ඇතිවී නැතිවී යනවා. ආදරය පවතින විට ලිංගික සබඳතාවල ද සතුට, වින්දනය වැඩි වෙනවා. ආදරයෙන් තොරව ලිංගික සතුටක් ලැබීම කියන්නෙ ඒ මොහොතට පම⁣ණක් සතුටක් ලැබෙන දෙයක්. හරියට කෑමක් ගන්නවා වගේ. අපි කොයිතරම් කැමති කෑමක් වුණත් ඒක ගන්න වෙලාවට විතරයි සතුට. ඊට පස්සෙ ඒක මතකයක් විතරයි. ඒ මතකයත් කාලෙකදි නැති වෙලා යනවා. ආදරය සහ ලිංගික සතුට අතරේ ඇති වෙනස අවබෝධ කර ගන්න. ආදරය යුවළක් ඔවුනොවුන් අතරේ බෙදා හදා ගන්නා විට සතුට ද අන්‍යෝන්‍ය වශයෙන් බෙදා හදා ගැනීම ඉබේම සිදුවෙනවා. මෙවැනි යුවළකගේ ලිංගික ජීවිතයත් හරිම සුවදායකයි. ජීවිතය තුළ යුතුකම්, වගකීම් සහ කැපකිරීම් පමණක් තිබුණොත් කවදාහරි ඔවුන්ට " මං මගේ පවුලේ වගකීම් යුතුකම් වෙනුවෙන් ජීවිතේම කැප කළා" කියලා තෘප්තියක් ඉතිරිවේවි. නමුත් ඒ සියල්ල ඉටු කර අවසන් වූවාට පසු ජීවිතයට හිස් බවක් දැනීම වළක්වන්න බෑ. "ඇත්තටම මම ජීවත් වීම තුළ කරලා තියෙන්නේ යුතුකම් වගකීම් ඉටුකිරීම පමණයි නේද?" කියලා හැඟීමක් ඔවුන් තුළ ඉතිරි වීම මතුපිටින් සතුටක් ලෙස ඔවුන්ට දැනිය හැකිමුත්, ඇතුළතින් පසුතැවිල්ල, කලකිරීම වැනි හැඟීම් ඒ හා සමානව දැනීම වළක්වන්න බෑ. මෙයින් අදහස් කරන්නේ යුතුකම් වගකීම් ඉටු නොකළ යුතු බවක් නෙමෙයි. ඒවා ඉටු කරන අතරේම ඔබට දැනෙන විදිහේ ආදරයකුත් විඳින්න. එතකොට ඔබේ ජීවිතය ඔබටත් නොදැනී ඔහේ ගතවී ඇති බවක් නොව, ඔබ ජීවත් වී ඇති බවක් කවදා හරි ඔබට දැනේවි. ඒ තුළින් ඇතිවන්නේ අප්‍රමාණ වූ මානසික සන්තෘෂ්ටියක්. 
 
relationship
 
ජීවිතය විඳිනවා කියන්නේ සාර්ථක කායික එක්වීම්ම නොව, ආදරය ලැබීම බව දැන් ඔබට වැටහෙනවා ඇති. හොඳින් ආදරය ලබන කෙනෙකුට තමන් ජීවත් වන බව දැනෙනවා. ඒ වගේම තරහ වැනි දුර්ගුණ පවා අඩුවී යනවා. ආදරය සහ ලිංගිකත්වය යන මේ කාරණා දෙක අතර ඇති වෙනස මෙන්න මේකයි. තමන් කැමති විදිහේ ආදරයක් ලබන්නත්, පෙරළා ආදරයක් දෙන්නත් යම් කෙනෙකුට හැකි නම් යහපත් හා සුන්දර ලෙස ඔබ ඔබේ ජීවිතය නඩත්තු කර ඇති බව ඔබටම දැනෙයි. ඒක හරිම තෘප්තිමත් හැඟීමක්. ඒ වගේම මතක තබා ගන්න, ආදරය කියන්නේ බොහෝ කායික මානසික රෝගවලට ඖෂධයක්.
 
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් සමග කරන ලද සාකච්ඡාවකිනි.
 
indu pereraසටහන - ඉන්දු පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔබ ආදරය විඳින්නෙ කොහොම ද ? | The Leader