The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : නිදහස් සිතිවිලි

T

The Leader Desk

February 9, 2025 • 12:44 PM

කපිල කුමාර කාලිංගගේ හීසරය : නිදහස් සිතිවිලි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උත්සවය අවසානයේ දෙමළ බසින් ජාතික ගීතය ගැයීම අනවශ්‍ය වැඩකි.
  • මෙවැනි ආතබූත කතා ඇසෙන විට අපට සිතෙන්නේ සිරි ලංකාව යනු නියම කොමඩි කන්ට්‍රියක් බවය.
  • ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් වුවත් මැටි මෝල් ජෝකරයන්ගෙන් හා බක පණ්ඩිතයන්ගෙන් නම් කවදා මෙරට නිදහස් වනු ඇත්දැයි සිතීමත් අපහසුය.
  • (එහෙත් බංකොලොත් රාජ්‍යයක් කළ හැකි බව නම් පහුගිය කාලේ අපි අත්දුටුවෙමු.) කාදිනල්තුමා කියන හැටියට මේ රට ගොඩදැමීමට නම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

*උත්සවය අවසානයේ දෙමළ බසින් ජාතික ගීතය ගැයීම අනවශ්‍ය වැඩකි.
*නර්තන අංගයේදී ‘යකෝ යකෝ’ කියමින් ‘තොවිල්’ නැටීම ගෝත්‍රිකය. එය අප්‍රිකාවේ නොදියුණු රටක උත්සවයක් සිහි ගැන්වීය.
*ජාතික උත්සවයක් මැදදි, මැති ඇමැතිවරු රටකජු, කඩල කෑම, ගං කබර වැඩකි. අයිස් පලම් නොකෑවේ හොඳ වෙලාවටය.
*ජනාධිපතිතුමා සිය ආර්යාව සමඟ නොපැමිණීම හොඳ මදිය.

 

මෙවැනි ආතබූත කතා ඇසෙන විට අපට සිතෙන්නේ සිරි ලංකාව යනු නියම කොමඩි කන්ට්‍රියක් බවය. ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් වුවත් මැටි මෝල් ජෝකරයන්ගෙන් හා බක පණ්ඩිතයන්ගෙන් නම් කවදා මෙරට නිදහස් වනු ඇත්දැයි සිතීමත් අපහසුය.

ඔන්න, මෙදා පාර නම් ජනාධිපතිතුමා කොළයක් බලාගෙන කතා කළේය. කතාවට ප්‍රතිචාර හොඳය. කතාව කෙටි වුවත් හරවත්ය. මේ රට ලෝකයේ ධනවත්ම රට කළ නොහැකි යැයි කියූ කෑල්ලද නියමය. (එහෙත් බංකොලොත් රාජ්‍යයක් කළ හැකි බව නම් පහුගිය කාලේ අපි අත්දුටුවෙමු.) 

 



කාදිනල්තුමා කියන හැටියට මේ රට ගොඩදැමීමට නම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය. ශුද්ධ බයිබලය හැරුණුවිට එතුමාට සිරි ලංකාවේ ව්‍යවස්ථාව ගැනත් හොඳ අධ්‍යයනයක් තිබීම ප්‍රශංසනීයය. ඒ දැනුම පාර්ලිමේන්තුවෙ සිටි සහ සිටින අයටවත් තිබේදැයි සැක සහිතය.

තවත් සමහරු කියන හැටියට මේ රට ගොඩදැමීමට බාධකයක් වී ඇත්තේ හණමිටිකාර නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවය. ඊළඟට ‘මෝල්-හාල් කාරයන්’ ඇතුළු වෙළෙඳ මාෆියාවය. උන් දැන් දැන් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට ‘තග’ දමති.

මේ ඇතැම් ජනතා චෝදනාවන්ට ආණ්ඩුව පැත්තෙන් ලැබෙන පිළිතුර වී ඇත්තේ “අපි ඒවා අදාළ අංශවලට බාරදීලයි තියෙන්නෙ. ඒගොල්ලෝ ඒවා බලාගනීවි.” යන්නය. හොරු ඇල්ලීම පමා වීම ගැනත් කියන්නේ ඒවා පොලිසියට, අධිකරණයට බාර වැඩ බවය.

 

එතකොට අපිට මතක් වෙන්නේ ඊයේ පෙරේදා නැවත බලයට පත්වූ අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඡන්ද ව්‍යාපාරයේදී සතුරෝ ඔහුට වෙඩි තැබූහ. ඒවා යාන්තං කණේ වැදීගෙන ගියා මිස, ජීවිත හානියක් නොවීය. දැන් ට්‍රම්ප්ද පෙරළා ‘වෙඩි තැබීමට’ පටන්ගෙන ඇත. ඔහුගේ ඇතැම් තුවක්කුවල පතරොම් වෙනුවට ඇත්තේ බදුය.

ට්‍රම්ප්ගේ වැඩ වයසට නොවේ. ඒ බව ඔහුගේ බිරිඳ දෙස බලන විටද පෙනේ.

‘ඒ.අයි.’ තාක්ෂණයට අනුව නිපදවා තිබූ විකට වීඩියෝ පටයක් පසුගියදා අප ඇස ගැසුණි.

ට්‍රම්ප් ඔහුගේ පරාජිත ප්‍රතිවාදියා වූ ජෝ බයිඩ්න් හා බිරිඳ සමඟ ධවල මන්දිරය ඉදිරියේ සිටී. බයිඩ්න් ශෝකාකූල මුහුණින් වටපිට බලයි.

 

ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්

“මම කොහොමද යන්නෙ? කෝ මගෙ හෙලිකොප්ටර් එක?’

“ජෝ... ඔබට පරණ කාර් එක සූදානම්.”

“දැන් මම කොහෙටද යන්නෙ?”

“ඔබේ පරණ ගෙදරට.”

බයිඩ්න් බිරිඳ කනස්සලු මුහුණින් යුතුව ට්‍රම්ප් දෙස බලයි.

“ජෝ... ඔබ දැන් ජනාධිපති නෙවෙයි. ඔබේ භාර්යාව, ෆර්ස්ට් ලේඩිත් නෙවෙයි. දෙන්නම දැන් සාමාන්‍ය වැසියො. ඒත් ඔබට පුළුවන් ඕන වෙලාවක මට කතා කරන්න. ප්‍රශ්නයක් තියෙනව නං කියන්න. ඒ අපි ඇමෙරිකානුවො හැටියට. දැන් කරුණාකරල ධවල මන්දිරයෙන් පිටවෙන්න.”

 

කපිල කුමාර කාලිංගගේ හීසරය : මම ජනාධිපති වුණොත්...

ඒ ඇමෙරිකාවය.
මේ සිරි ලංකාවය.

ජෝ බයිඩ්න් හා ඩොනල්ඩ් ට්‍රම්ප් එක් කලෙක ගජ මිතුරෝය. ඒ කාලයේ දිනෙක ට්‍රම්ප්ට සියලු කටයුතුවලින් ඈත්ව මානසික ආතතිය දුරු කරගනු පිණිස වනාන්තරයේ රාත්‍රියක් ගත කිරීමට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා බයිඩ්න්ද කැඳවා ගත්තේය.

එදින රාත්‍රියේ විස්කි දෙක තුනක්ද දමාගෙන ගිනි මැලය අසල සිට රාත්‍රී ආහාරයද ගත් දෙදෙන, නින්දට සූදානම් වූහ. ටික වේලාවකට පසු අවදි වූ බයිඩ්න් අහස දෙස බලමින් ට්‍රම්ප්ට මෙසේ කීය.

“යාළුවා... ඔබට මේ ආකාශයේ තියෙන තරු දිහා බැලුවම මොනවගේ හැඟීමක්ද ඇතිවෙන්නෙ?”

“ජෝ... හොඳ සිහියෙන්ද කතා කරන්නෙ? අපේ කූඩාරම කවුදෝ ගලවගෙන ගිහින්.” ට්‍රම්ප් කලබලයෙන් මෙක්සිකෝ දේශසීමාව දෙසට දිවයන්නට විය.

 

3698545 1 825x412
ඉන්දියාව, ඇමෙරිකාව සමඟ ‘ෂේප්’ එකේ සිටින රටකි. තම හිතවත්කම පෙන්වීම සඳහා ඉන්දීය රජය කීප වතාවක්ම ඇමෙරිකානු ජනාධිපතිට සිය නිදහස් දින ප්‍රධාන අමුත්තා වනු පිණිස ආරාධනා කළේය. එහෙත් හැමවිටම එය ප්‍රතික්ෂේප කෙරුණි. ට්‍රම්ප්ටද ඒ ආරාධනාව ලැබුණි. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

“අමෙරිකාව තාම ඉන්දියාව නිදහස් කරලා නෑ. එහෙම තීරණයක් ගත්ත දාට මම එන්නම්... ඒ තනියමම නෙවෙයි. මෙහෙ බින්න බැහැලා ඉන්න, ඉන්දියන්කාරයෝ සේරමත් එක්ක.”

ඒ ට්‍රම්ප්ගෙ හැටිය. ඔහු කිසිවකුට බය නැත. කොටින්ම නීතිපතිටවත් බය නැත.


(සටහන | කපිල කුමාර කාලිංග)

ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : නිදහස් සිතිවිලි | The Leader