The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

ලෝකයම ගිනිතියන ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට වමේ විරෝධය!

T

The Leader Desk

February 13, 2025 • 11:36 AM

ලෝකයම ගිනිතියන ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට වමේ විරෝධය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී විධායක නියෝග මාලාවකට අත්සන් තැබූ අතර ඒ අතරින් එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම සහ පැරිස් දේශගූණික සම්මුතියෙන් ඉවත්වීම වඩාත් ආන්දෝලනාත්මක වී තිබේ.
  • කාලගුණ විපර්යාසවල අනිටු බලපෑම පිළිබඳ බිහිසුණුම නිදර්ශනය වූ කැලිෆෝනියාවේ ළැව් ගින්නෙන් ශිෂ්ට ලෝකයම කම්පනයට පත්ව සිටින මොහොතක ට්‍රම්ප්ගේ ඊනියා විධායක තීරණය යහපත් මානසික තත්ත්වයකින් යුතු අයකුගෙන් අපේක්ෂා කළ නොහැක්කක් බවටද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර පළ වෙමින් තිබේ.
  • ආචාර්ය කල්ප රාජපක්ෂ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තීරණ සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආචාර්ය කල්ප රාජපක්ෂ කියා සිටියේ ට්‍රම්ගේ ප්‍රකාශය තුළ සැඟව තිබෙන බරපතළ අනතුර අප වටහා ගත යුතු බවයි.
  • එමෙන්ම මේ මගින් ගෝලීය ධනවාදයේ කඩාවැටීමද පිළිබිඹු කරන බව ඔහු පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගියදා ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී විධායක නියෝග මාලාවකට අත්සන් තැබූ අතර ඒ අතරින් එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම සහ පැරිස් දේශගූණික සම්මුතියෙන් ඉවත්වීම වඩාත් ආන්දෝලනාත්මක වී තිබේ.

ගෝලීය උණුසුම ඉහළ යෑම කෙරෙහි වැඩිම පංගුකාරිත්වය දරන ඇමෙරිකාව, එම අර්බුදයට විසඳුම් සේවීම සඳහා වන සාමූහික ප්‍රයත්නයෙන් අත්තනෝමතික ලෙස ඉවත් වීම හා එය අඩාළ වන පරිදි කටයුතු කිරීම මානව වර්ගයාට පමණක් නොව සමස්ත ජෛවගෝලයටම එරෙහි අශිෂ්ට ක්‍රියාවක් බවද කාලගුණ විපර්යාසවල බලපෑම පිළිබඳ සංවේදී දෙස් විදෙස් විචාරකයෝ කියා සිටිති. කාලගුණ විපර්යාසවල අනිටු බලපෑම පිළිබඳ බිහිසුණුම නිදර්ශනය වූ කැලිෆෝනියාවේ ළැව් ගින්නෙන් ශිෂ්ට ලෝකයම කම්පනයට පත්ව සිටින මොහොතක ට්‍රම්ප්ගේ ඊනියා විධායක තීරණය යහපත් මානසික තත්ත්වයකින් යුතු අයකුගෙන් අපේක්ෂා කළ නොහැක්කක් බවටද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර පළ වෙමින් තිබේ.

අන්තවාදීන්ගේ උවමනාව

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හරහා තවදුරටත් මේ ඉදිරියට එන්නේ නූතන බූර්ෂුවා ලිබරල් ධනවාදීන් අතළොස්සකගේ වුවමනාව බවත්, ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ධවල මන්දිරයේ වැඩ ආරම්භ කළ අවස්ථාවේ ඔහු වටා රොද බැඳ සිටි ඇමරිකානු අන්තවාදී දක්ෂිණාංශික ආයෝජකයින් විසින් ට්‍රම්ප්ගේ ඉදිරි ගමන තීරණය කර තිබෙන බවත් ඔවුහු අවධාරණය කරති.

 

ආචාර්ය කල්ප රාජපක්ෂ
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම තීරණ සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආචාර්ය කල්ප රාජපක්ෂ කියා සිටියේ ට්‍රම්ගේ ප්‍රකාශය තුළ සැඟව තිබෙන බරපතළ අනතුර අප වටහා ගත යුතු බවයි. “ට්‍රම්ප් කියන්නෙ ධනවාදයට තවත් නමක්. මෙතන තියෙනව එයාගෙ ආර්ථික දැක්ම පිළිබඳ ඇඟවීමක්. චීනය කොහොමද මෙච්චර වේගයෙන් ඉදිරියට යන්නෙ කියන එක තමයි ආර්ථික තර්කනය. ඇමරිකන් අන්තවාදී දක්ෂිණාංශික ආයෝජකයින් විශාල පිරිසක් ට්‍රම්ප් වටේ එකතුවෙලා ඉන්නවා. මේ කලාපය තවදුරටත් විවෘත කරන එක තමයි ඔහුගෙ අභිලාෂය. දේශගුණික සම්මුතියෙන් ඉවත්වීමත් එහි ප්‍රතිඵලයක්.” 

විනාශය වේගවත් කිරීමක්

sumudu walakulugeකථිකාචාර්ය සුමුදු වළාකුළුගේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යනාංශයේ කථිකාචාර්ය සුමුදු වළාකුළුගේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙනවා දෙන්නේ නව ලිබරල්වාදය ඉක්මවා ගිය ට්‍රම්ප්ගේ ආන්තික කොන්සර්වේටිව්වාදී ප්‍රතිපත්ති විසින් ලෝකයේ විනාශය වේගවත් කරන බවයි. එමෙන්ම මේ මගින් ගෝලීය ධනවාදයේ කඩාවැටීමද පිළිබිඹු කරන බව ඔහු පෙන්වා දෙයි.

“ජාත්‍යන්තර පොදු භාණ්ඩ සඳහා වියදම් කරන මුදල් තමයි ට්‍රම්ප් අයින් කරගෙන තියෙන්නෙ. ඇමෙරිකාවට අතිරික්ත ධනයක් නෑ ගෝලීය පොදු භාණ්ඩ සඳහා යොදවන්න. ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා සංවිධානය ලෝකයේ ධනවත්ම රාජ්‍යයන්ගේ හවුල. එයාලගෙ Global Minimum Tax Agreement එකෙන් ලෝකයේ ප්‍රධාන බහුජාතික සමාගම් වලින් 15% බද්දක් අය කරන එකඟතාව ඇමෙරිකාව කඩනව කියන්නෙ ඒක සෙසු රටවල්වලටත් බලපානවා. ගෝලීය ධනවාදය ඉදිරියට ගෙනියන්න බලාගෙන ඉන්න ධනපති සමාගම් කිහිපය තමයි 2025 සිට ඇමරිකානු ආර්ථික හා මුල්‍ය ප්‍රතිපත්ති වගේම ජාත්‍යන්තර සබඳතා හසුරුවන්නෙ.”


එක්ව පරාජය කළ යුතුයි

 

බලධාරීන්ගේ අවධානය පිණිසයි : 'විශ්ව විද්‍යාල කියන්නේ වෘත්තීය පුහුණු  මධ්‍යස්ථාන නොවේ' - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක (VIDEO)ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක පෙන්වා දෙන්නේ  සම්මුතිවලින් ඉවත් වන ඇමරිකානු ක්‍රියාමාර්ග පරාජය කිරීමට සම්මුති තුළ සිටින සෙසු රටවල් කටයුතු කළ යුතු බවය. “කිසියම් රටක් සම්මුතියකට විරෝධී තීරණයක් ගන්නකොට සම්මුතිය තූළ ඉන්න සෙසු රටවල්වලට පුළුවන් වෙන්න ඕන ඒක අවරෝධනය කරන්න. නැතිනම් ඔය රටවල්වලින්, සම්මුතිවලින් වැඩක් නෑ. මම කියන්නෙ අනිත් රටවල් දැඩි ස්ථාවරයකට ගියොත් ඇමරිකානු අරමුණ පරාජය කරන්න හෝ නියාමනය කරන්න පුළුවන් කියන එක.”

ඇමෙරිකාව උපන් ඇඳුමෙන්!

මොහාන් සමරනායක : සතුටින් පිරි විවේක කාලයක් !මොහාන් සමරනායක
ජාත්‍යන්තර දේශපාලන හැසිරීම් පිළිබඳ විශ්ලේෂක මොහාන් සමරනායක අවධාරණය කරන්නේ ඇමෙරිකාව තමන්ගෙ මුල් ස්වරූපයෙන් ක්‍රියාකිරීම අරඹා ඇති බවයි.“ඇමෙරිකානු අධිරාජ්‍යය වහල තිබුණා පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වැනි නොයෙක් සළුපිළිවලින්. ට්‍රම්ප් කළේ ඒ සළුපිළි ගලවල දාල ඇමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යයේ සැබෑ ස්වභාවය ලෝකයට පෙන්නපු එක.

ඔහුගේ කතාවෙ පැහැදිලිවම කියනවා ඇමෙරිකාව තවදුරටත් භූගෝලීය වශයෙන් ප්‍රසාරණය වෙනව කියලා. ඇමෙරිකාව තමන්ගෙ මුල් ස්වරූපයෙන් ක්‍රියා කරන්න සූදානම්. ඒක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ආගමනයෙන් පිළිඹිබු වන්නෙ. ධනේෂ්වරය අරබූදයට ගිය විට ඔවුන් ඊළඟට විකල්පය වශයෙන් තෝරා ගන්නෙ ෆැසිස්ට්වාදය. ඒක ධනේෂ්වරයේ ස්වරූපය.”

පමා කළත්, ආපසු හරවන්න බෑ

ErikSolheimඑරික් සොල්හයිම්
ජාත්‍යන්තර වශයෙන් ට්‍රම්ගේ මෙම ක්‍රියාමාර්ග දැඩි විවේචනයට ලක්ව ඇති අතර නෝර්වේජියානු රජයේ හිටපු පරිසර අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කළ එරික් සොල්හයිම් ද එම විවේචකයන් අතර වෙයි.
 
දේශගුණික විපර්යාස පිළිබඳ ආසියා පැසිෆික් කලාපය ඉලක්ක කරගත්  බුද්ධි මණ්ඩලයක් (think tank) වන Factum හි අදහස් දක්වමින් සොල්හයිම් කියා ඇත්තේ කැලිෆෝනියාවේ ගින්නෙන් ලෝකයම භිතියට පත්ව සිටියදී ට්‍රම්ප් පැරිස් දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගන්නා බව ප්‍රකාශ කිරීම, ලෝක දේශගුණ අර්බුදය ඇති කිරීමට වැඩිම දායකත්වයක් දැක්වූ රට, ඇති වී තිබෙන අර්බුදය විසඳගන්නා ලෙස ලෝකයට කියා සිටීමක් බවයි. 
 
දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ඇති වි තිබෙන ගෝලීය ප්‍රවණතාව වොෂින්ටනයට කතර කළ නොහැකි බවද, ලෝකය යළිත් හරිත මාවතට පිවිසීම දේශපාලන තීරණවලින් ප්‍රමාද කළ හැකි වුවත් එය ආපසු හැරවිය නොහැකි බවද සොල්හයිම් එහිදී පෙනවා දී ඇත. 

Saman C. Liyanage 2(සටහන | සමන් සී. ලියනගේ)
samanmedia@gmail.com 
'සමසමාජය' පුවත්පතේ කර්තෘ
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝකයම ගිනිතියන ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට වමේ විරෝධය! | The Leader