තාප දර්ශකය වැඩිවන විට එළිමහනේ ක්‍රීඩා නුසුදුසු යි
එකක් නම් අපේ රටේ උෂ්ණත්වය ඉහළ යාමයි. ඒ අනුව තාප දර්ශකය (heat index) පවතින්නේ ඉහළ අගයක ය. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය අනුව තාප දර්ශකය තීරණය වේ. ඒ අනුව උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වැඩිනම් තාප දර්ශකය ඉහළ යයි.
එකක් නම් අපේ රටේ උෂ්ණත්වය ඉහළ යාමයි. ඒ අනුව තාප දර්ශකය (heat index) පවතින්නේ ඉහළ අගයක ය. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය අනුව තාප දර්ශකය තීරණය වේ. ඒ අනුව උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වැඩිනම් තාප දර්ශකය ඉහළ යයි.
පරිසරයේ තාප දර්ශකය තද කහ පැහැති කොටසෙහි පවතින්නේ නම් එම තද හිරු එළියට සෑහෙන වෙලාවක් තිස්සේ නිරාවරණය වන කෙනෙකු රෝගී වීමට පහසු හැකියාවක් ඇත. එම රෝග ලක්ෂණ අතර අධික පිපාසය, හිස කැක්කුම, ක්ලාන්තය ආදිය වේ. එනිසා තාප දර්ශකය වැඩිවන විට එළිමහනේ ක්‍රීඩා කිරීම කෙසේවත් සුදුසු වන්නේ නැත. මාර්තු සිට අප්‍රේල් මාසයේ අවසානය දක්වා තාප දර්ශකය වඩාත්ම ඉහළ යන කාලයයි. අවාසනාවට අපේ රටේ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උත්සව වැඩිපුරම පැවැත්වෙන්නේ ද මෙම මාර්තු මාසයේ ය.

ක්‍රීඩා පිටියේ සිටිය යුතු කාලය

තාප දර්ශකය ඉහළ තත්ත්වයක පවතිද්දී සෑහෙන වෙලාවක් ක්‍රීඩා පිට්ටනියක අව්වේ සිටින දරුවෙකු තාප ආඝාතය (Heat stroke) තත්ත්වය හට ගැනීම නිසා ක්ලාන්තය සෑදී බිම ඇද වැටිය හැකිය. යම්කිසි දරුවකු මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නොත් වහාම ඒ දරුවා සෙවණකට ගෙන ශරීරය සිසිල් වතුරෙන් තෙමිය යුතුය. ඒ අතරේ දරුවාට නොකඩවා පවන් සැලීම කළ යුතුවේ.
තාප ආඝාත තත්ත්වය ප්‍රබල වී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි වුවහොත් එම දරුවා මිය යාමට වුවද ඉඩ ඇත. මෑතක දී හමුදා සෙබළෙකු ද එලෙස ගිනි අව්වේ පිට්ටනියක ඇද වැටී මිය ගිය පුවතක් වාර්තා විය. එනිසා දරුවන් ක්‍රීඩා පුහුණුවීම් සඳහා පිට්ටනියට ගත යුත්තේ උදෑසන 10 පමණ වනතුරු පමණි. ඒ ක්‍රමයෙන් ඉර මුදුන් වන්නට පෙර ය.
දැන් ඕනෑම කෙනෙකු අත ස්මාට් ජංගම දුරකථන තිබෙන බැවින් තාප දර්ශකය කොපමණ අගයක තිබෙන්නේදැයි එයින් බලා ගැනීමට හැකියාව තිබේ. එය තද කහ පැහැති කොටසෙහි පවතින්නේ නම් ඒ වෙලාවට හිරු එළියට යෑම කෙසේවත් සුදුසු නැත.
දැන් ඕනෑම කෙනෙකු අත ස්මාට් ජංගම දුරකථන තිබෙන බැවින් තාප දර්ශකය කොපමණ අගයක තිබෙන්නේදැයි එයින් බලා ගැනීමට හැකියාව තිබේ. එය තද කහ පැහැති කොටසෙහි පවතින්නේ නම් ඒ වෙලාවට හිරු එළියට යෑම කෙසේවත් සුදුසු නැත.

තවත් කරුණක් නම් මාර්තු 31 වන විට සියලු නිවාසාන්තර ක්‍රීඩා තරග අවසන් කොට ප්‍රාදේශීය සහ කොට්ඨාශ මට්ටමින් ක්‍රීඩාවලට දරුවන් යොමු කරන ලෙස දක්වා ඇති නිවේදනයයි. අප්‍රේල් මාසයේ තාප දර්ශක අගය තවත් ඉහළ යයි. මේ කාලයට දරුවන් ක්‍රීඩා පිට්ටනිවල බොහෝ වේලාවක් තැබීම අහිතකර ය.
පසුගිය කාලයේ අපේ රටේ වායු ගුණාත්මක දර්ශකය ( Air quality index ) අඩු අගයකට වැටිණි. නිතර සුළඟ පැවති හිරු එළියක් නොතිබූ එවැනි කාලසීමාවල වැඩි වේලාවක් එළිමහනේ ගත කරන කෙනෙකුට ඇදුම සහ වෙනත් ස්වසනාබාධ හටගැනීමේ වැඩි හැකියාවක් පවතී. මේ දිනවල ඒ තත්ත්වය නොමැති වුවත් මෙය ද ගුරුවරුන් විසින් සිහි තබාගත යුතු කරුණකි.

චක්‍රලේඛයක අවශ්‍යතාව
මීට දශක කිහිපයකට පෙර අතීතයේ නිවාසාන්තර ක්‍රීඩා තරග සඳහා දරුවන් පුහුණු කළේ පාසල් වේලාවෙත් පසුව ය. නමුත් වර්තමානය වන විට සවස් කාලයේ දරුවන් ටියුෂන් පන්තිවලට යන නිසාත්, ගුරුවරුන් ටියුෂන් පන්ති පවත්වන නිසාත් යනාදි හේතු මතදෝ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු පාසල් වේලාවෙහි යොදාගෙන ඇත. එනිසා මේ දිනවල පාසල්වල ඉගැන්වීම් කටයුතු කෙරෙන්නේ උදේ වරුවේ මුල් කාල පරිච්ඡේද දෙකක් හෝ තුනක් පමණි. ඉතිරි මුළු කාලයම දරුවන් ගත කරන්නේ ක්‍රීඩා පිට්ටනියේ ය. මෙයින් දරුවන්ට අධ්‍යාපන කටයුතු මඟ හැරේ.
මේ සම්බන්ධයෙන් කිසිදු චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර නොමැත. මෙම පුහුණුවීම් සඳහා වෙන්කළ යුතු කාලය, අධ්‍යාපනයට යෙදිය යුතු කාලය මේ කිසිවක් පිළිබඳ නිශ්චිත කාලයක් අමාත්‍යාංශය විසින් දක්වා නැත. දරුවන්ට ක්‍රීඩා අත්‍යවශ්‍ය බව සැබෑ ය. නමුත් ඒ නිසා අධ්‍යාපන කටයුතු මඟ නොහැරිය යුතුය.
මෙහි නිසි ක්‍රමවේදයක් නොමැති වීම මත බොහෝ ගුරුවරුන් කරන්නේ මුල් පරිච්ඡේද දෙකක් පමණ ඉගැන්වීම් කටයුතු කර ඉන්පසු දරුවන් පිට්ටනියට යැවීම ය. දරුවන්ට යම් යම් ක්‍රීඩා පුහුණු කරන ගුරුවරුන් හැර බොහෝ ගුරුවරුන් මේ කාලය නිදහසේ ගත කරනු දැකිය හැකිය.

එසේම තවත් කාරණයක් නම් පාසල්වල ක්‍රීඩා පුහුණු කටයුතු ආරම්භ කරන්නේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට මාස දෙකකට පමණ පෙර සිට ම ය. මේ නිසා දරුවන් ඉහත කී ආකාරයට තද හිරු එළියේ කොයි තරම් නම් කාලයක් ගත කරනවාද? අනෙක් අතට මේ මුළු කාලය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කොයිතරම් නම් මගහැරෙනවාද? ක්‍රීඩා භාර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් කොයිතරම් දුරට අවබෝධයෙන් කටයුතු කරන්නේ ද යන්න ගැටලුවකි. අධ්‍යාපන අමාත්‍යංශය වහා මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීම කාලෝචිත වේ.
(සටහන | ඉන්දු පෙරේරා)