The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

පළාත් පාලන ඡන්දය අයවැය අතර ගැනීම විපක්ෂයට කැපූ බොරු වලකි | කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

February 14, 2025 • 8:27 AM

පළාත් පාලන ඡන්දය අයවැය අතර ගැනීම විපක්ෂයට කැපූ බොරු වලකි | කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, ලබන සඳුදා (17) එය පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට නියමතය.
  • ආණ්ඩුව පළාත් පාලන ඡන්දය හරහා විපක්ෂයට දැවැන්ත බොරු වලක් කපා ඇත.
  • පෙබරවාරි 18 සම්මත වූ පනත කථානායකවරයාගේ අත්සනට යොමුවීමට නියමිත අතර එය ප්‍රකාශයට පත්වීමෙන් පසුව එනම්, පෙබරවාරි 19 සිට දින 14 කින් පසුව මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා බාර ගැනීම සිදු කළ හැකිය.
  • නාමයෝජනා දින 3 ½ ක් තුල බාර ගැනීම සිදු වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, ලබන සඳුදා (17) එය පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට නියමතය.
 
ආණ්ඩුව පළාත් පාලන ඡන්දය හරහා විපක්ෂයට දැවැන්ත බොරු වලක් කපා ඇත. අය වැය විවාදයේ විපක්ෂය හිර කර, රාජ්‍ය යාන්ත්‍රණය යොදාගනිමින් පළාත් පාලන ඡන්ද විමසීමේ උපරිම වාසිය ලබා ගැනීම ඔවුන්ගේ සැලසුමයි.

කතානායකවරයා විසින් මෙයට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබූවේ ‘“ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතරය සමන්විත වන විනිසුරුවරුන් දෙදෙනකු විසින් තීන්දු කර තිබුණේ, ''පනත් කෙටුම්පත සමස්තයක් ලෙස සහ විශේෂයෙන් කියවිය යුතු 2 සහ 3 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කිරීම අවශ්‍ය වන බවය.”

 

පළාත් පාලන ඡන්ද පනතට සිකුරුදා පාර්ලිමේන්තුව රැස්වේ
2025 පෙබරවාරි 17 ජනාධිපතිගේ පාර්ලිමේන්තු කතාවෙන් පසුව, පලාත් පාලන ඡන්ද ස‍ංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සිදුවනු ඇත.

පෙබරවාරි 18 සම්මත වූ පනත කථානායකවරයාගේ අත්සනට යොමුවීමට නියමිත අතර එය ප්‍රකාශයට පත්වීමෙන් පසුව එනම්, පෙබරවාරි 19 සිට දින 14 කින් පසුව මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා බාර ගැනීම සිදු කළ හැකිය. නාමයෝජනා දින 3 ½ ක් තුල බාර ගැනීම සිදු වනු ඇත. අප්‍රේල් මස තෙවන හෝ සිව්වන සතිවල දිනක පළාත් පාලන ඡන්දය පැවැත්වෙනු ඇතැයි අනුමාන කෙරේ. එයට සුදුසුම දවස අප්‍රේල් 24 හෝ 25 වන දිනයි.

අය වැය විවාදය

අය වැය විවාදය පෙබරවාරි 17 සිට මාර්තු 21 දක්වා පැවැත්වේ. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දරණ පක්ෂ 12කට අය වැය කාලයේ පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය පවත්වාගෙන යාමේ වගකීම පැවරේ. එම සමයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයට එය තීරණාත්මක බලපෑමක් සිදු කරනු ඇත. 

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹේ
ඉන් පසුව, අලුත් අවුරුදු සමයේ දී, එනම් අප්‍රේල් 09 සිට 18 දක්වා අලුත් අවුරුදු සමයේ ද රාජ්‍ය සේවය ද, ජනතාව ද අලුත් අවුරුදු නිවාඩු සමය ගත කරනු ඇත. මේ අනුව, පලාත් පාලන ඡන්ද ඉතිහාසයේ මැතිවරණ පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා අවම දින ගණනක් හිමිවන්නේ මෙවර ඡන්දයේ දී ය.

මෙයට පෙර ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක අය වැය පැවැත්වෙන පූර්ණ කාලසීමාව හා ඡන්ද විමසීමක් එකම කාල පරාසයක් තුලට ගිල්ලවා පවත්වා නැත.

එජාප - සජබ එකතුවෙන කතා ?

 

සජබ - එජාප දීග කතා ලබන සතියේ සිට
විපක්ෂයේ සමගි ජනබලවේගය හා එජාපයට තනි ලැයිස්තුවකින් තරඟ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පැහැදිලිය. එහි ප්‍රතිඑලය නැවත වරක් සාම්ප්‍රදායික එජාප ආධාරකරුවන් ඡන්දපොළට ගොස් ගෙදර නැවතීමය. අනෙක් අතට, විපක්ෂයේ පක්ෂ සමඟ එකට කටයුතු කිරීම සජබ විසින් ඊයේ දෙවන වරටත් ප්‍රතිකේෂප කර තිබුණි.

ලංකාවේ සංකීර්ණම ඡන්දය පළාත් පාලනයයි. පළාත් පාලන ආයතනයක බලය ලබා ගැනීමට නම් තනිව තරඟ කිරීම, වෙන්ව තරඟ කර අවසානයේ එක්ව පළාත් පාලන ආයතනය ජය ගැනීම, කොට්ඨාශය ජය ගැනීම සඳහා සමාජ ආර්ථික දේශපාලනික සාධක යොදා ගැනිම යන කරුණු වැදගත්වේ. අද දක්ෂිණාංශික කඳවුර සජබ - එජාප - පොහොට්ටුව සිටින්නේ මේ කිසිදු උපක්‍රමයක් විධිමත් ඇඟයීමකට ලක් කිරීමට සුදානම් අවස්ථාවක නොවේ.

 

පළාත් පාලන ඡන්ද ලෙඩේ සුව කරන්නම බැරි ද ? - (සුනිල් කන්නන්ගර)
එයට හේතු  දෙකක් ඇත.  

1- විපක්ෂයේ කිසිදු පක්ෂයකට පළාත් පාලන ඡන්දය ජය ගැනීමට අවශ්‍යතාවයක් නොමැතිවීමය. අවම වශයෙන් වසර දෙකක්වත්, ආණ්ඩුවට ඕනෑ දෙයක් කර ගන්නට කාලය ලබාදීම විපක්ෂයේ සැලසුමයි.

 2- දෙවැන්න, ඔවුන් ඉතා නිවැරදි ලෙස මෑත ඉතිහාසයේ වැඩිම ගැටුම් හා තර්ජන සිදුවන ඡන්දය අභියෝගයට සුදානම් නොවීමය.  සමූපකාර ඡන්ද, විරෝධතා සහ සම්මන්ත්‍රණයක් වත් පැවැත්වීමට ඉඩ නොදීමේ තත්වය හරහා ඒ බව දැනටමත් විපක්ෂයට අවබෝධවී ඇත.

 

ඡන්දයට මුහුණදීමට විපක්ෂයට කිසිදු අවශ්‍යතාවයක් හෝ හැකියාවක් හෝ නොමැති බව එයින් පසක් වන කරුණය. ආණ්ඩුව පළාත් පාලන ඡන්දය හා අය වැය එකට පටලවා පාර්ලිමේන්තුවේ විපක්ෂයට දැවැන්ත වලක් කපා ඇත.  විපක්ෂය දැනුවත්ව හෝ නොදැනුවත්ම එම වලට වැටෙමින් ඇත.

ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම | Rajith Keerthi Tennakoon(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
හිටපු විධායක අධ්‍යක්ෂ 
කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ) 

rajith_tennakoon@yahoo.com

සබැඳි පුවත :
පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට බෙදුණු තීන්දුවක්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පළාත් පාලන ඡන්දය අයවැය අතර ගැනීම විපක්ෂයට කැපූ බොරු වලකි | කීර්ති තෙන්නකෝන් | The Leader