The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

ශ්‍රී පාදස්ථානය රක්ෂා කරන සුමන සමන් දෙවියන්ගේ මහ දේවාලයට කුලබේදයේ වස් වදී | අතුල විතානගේ

T

The Leader Desk

February 14, 2025 • 4:35 PM

ශ්‍රී පාදස්ථානය රක්ෂා කරන සුමන සමන් දෙවියන්ගේ මහ දේවාලයට කුලබේදයේ වස් වදී | අතුල විතානගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පත් කළ භාරකරු දේවාලයේ පාරම්පරික සම්ප්‍රදායන්ට අනුව තමන් පිළිනොගන්නා බවත්, ඔහු හා රාජකාරි කළ නොහැකි බවත් එම දේවාලයේ කපුවෝ පවසති.
  • ඊට විරෝධය දැක්වීමක් ලෙස ඔව්හු පුජා වත් පිළිවෙත් වලින්ද පසුගිය දා ඉවත් වුහ.
  • කුලබේදයට හරස්ව යන ධර්මයක් දේශනා කරමින් දඹදිව කුලවාදී හින්දුන්ගේ ගර්හාවට පාත්‍රවූ බුදුන්වහන්සේ මුල්තන්හි ලා නමදින දුර්ලභ ගනයේ දේවාලයක් ලෙස සබරගමුව මහ සමන් දේවාලය සැලකේ.
  • දඹදෙණි රාජ සමයේ දෙවැනි පැරකුම්බා රජුගේ අණින්, ඔහුගේ අමාත්‍යවරයෙකු වූ ආර්ය කාමදේව විසින් මෙම දේවාලය තැනූ බවට ඉතිහාසයේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හෙළි වෙයි.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පත් කළ භාරකරු දේවාලයේ පාරම්පරික සම්ප්‍රදායන්ට අනුව තමන් පිළිනොගන්නා බවත්, ඔහු හා රාජකාරි කළ නොහැකි බවත් එම දේවාලයේ කපුවෝ පවසති. ඊට විරෝධය දැක්වීමක් ලෙස ඔව්හු පුජා වත් පිළිවෙත් වලින්ද පසුගිය දා ඉවත් වුහ.

කුලබේදයට හරස්ව යන ධර්මයක් දේශනා කරමින් දඹදිව කුලවාදී හින්දුන්ගේ ගර්හාවට පාත්‍රවූ බුදුන්වහන්සේ මුල්තන්හි ලා නමදින දුර්ලභ ගනයේ දේවාලයක් ලෙස සබරගමුව මහ සමන් දේවාලය සැලකේ. දඹදෙණි රාජ සමයේ දෙවැනි පැරකුම්බා රජුගේ අණින්, ඔහුගේ අමාත්‍යවරයෙකු වූ ආර්ය කාමදේව විසින් මෙම දේවාලය තැනූ බවට ඉතිහාසයේ සඳහන් වේ. ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ නීල පෙරුමාල් හා මෛළපෙරුමාල් නම් කපු පරම්පරාවන් දෙකෙන් පැවැත එන්නන්ට දේවාලයේ තේවාව පැවැත්වෙන දින ගණන් බෙදී යනු ඇත.

හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දරගේ සේවා කාලය 2024 දෙසැම්බර් 31 දිනෙන්  අවසන් වීමෙන් පසු දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්.වී චන්ද්‍රසිංහ ජනවාරි පළමුදා පත් කෙරිණි. 70 හැවිරිදි මැණික් ව්‍යාපාරික චන්ද්‍රසිංහගේ පරම්පරාව සබරගමුව මහ සමන් දේවාලයේ රාජකාරි පංගුවට අයත් වුවන්ගෙන් පැවත එයි. විරෝධතා කරුවන් පවසන්නේ සමන් දේවාලයේ රාජකාරි මණ්ඩලයට කිසිදු දැනුම් දීමකින් තොරව, ආණ්ඩුවේ හිතවතෙකු වූ තාවකාලික භාරකරු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ගේ හා සංස්කෘතික ඇමැති ``හිනිදුම`` සුනිල් සෙනෙවිගේ බලපෑම මත පත් කර ඇති බවයි.

බුලත් දීලා වඳින්න බෑ

``අපි මේ තාවකාලිකව පත් කරපු කෙනා ගැන හොයා බැලුවා. මෙයා ``සිල්වා බාස්`` කියලා `පහතරට` ඉඳන් ආපු කෙනෙක් ගේ පුතෙක්. පෙර රජ කාලේ ඉඳන් මහ සමන් දේවාලයේ පැවති සම්ප්‍රදායක් තිබ්බා. ඒ අනුව දේවාල රාජකාරි සදහා කුල 18 ක් ඉන්නවා. ඒ ඒ අයට වෙන වෙනම රාජකාරි තියෙනවා වගේම දේවාලේ ඉඩම් භුක්ති විදිනවා. දේවාල භාරකරු එහෙම නැත්නම් බස්නායක නිලමේ කියන්නෙත් පෙර සිරිතට අනුව එහෙම පැවරුණු රාජකාරියක්. ඒ සඳහා දීර්ඝ කාලයක් පත්වුණේ ඉහල කුලයේ ඇත්තෙක්. දේවාල පෙරහැර අවසන් වෙලා අපි හැමෝම බස්නායක නිලමේට බුලත් දීලා වඳිනවා. ඒත් මෙයාට අපිට එහෙම කරන්න බැහැ. මෙයා වැදගත් අයෙක් කියලා අපිට පිළිගන්න බැහැ.`` යැයි සබරගමුව මහ සමන් දේවාලයේ ගම්පහේ විදානේ ලෙස වසර 55 ක් පුරා සේවය කරන බී.වී. ධර්මවර්ධන පවසයි.

 

විහාර හා දේවාල ගම් පනතේ කුමක් සඳහන් වුවද, දේවාල පාලනය වන්නේ පෙර සිරිත පරිදි කුල සම්ප්‍රදායන්ට අනුව බව ගම්පහේ විදානේ ගේ අදහසයි.


තවත් දික් කරන්න බෑ

එහෙත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසන්නේ තමන් කටයුතු කරන්නේ විහාර හා දේවාල ගම් පනත අනුව බවයි.

``හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර එයාට තවත් මාස හයක කාලයක් තියෙනවා කියලා මගෙන් සේවා දිගුවක් ඉල්ලුව. ඒත් නිතිය අනුව මට ජනාධිපතිතුමාට ලියන්න බැහැ. මොකද මෙතුමාට ජනාධිපතිලට දෙන්න පුළුවන් සේවා දිගු දෙකම දීලා තියෙන නිසා. පසුව වැඩබලන බස්නායක නිලමේ තනතුර එතුමාට දෙන්න කියා ඉල්ලා සිටියා.  ඒ වෙනකොටත් අපිට පිටතින් අයෙකුගෙන් ඉල්ලීමක් තිබුණා.  වයස හැරෙන්න එයාගේ වෙන ගැටළුවක් තිබුනේ නැහැ. ඒ අනුව ජනවාරි පළමුදා අපි ඔහුව පත්කරලා තුන් වෙනිදා පුවත් පත් දැන්වීමක් දැම්ම ඊට මාසයක් ගියාට පස්සේ තමයි රැස්වීම කැඳවන්න ඕනේ. `` යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී රත්නායක  මාධ්‍ය ඉදිරියේ කියා සිටියේය.

| බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී.රත්නායක

``මේ පත්කළ දේවාල භාරකරුට බෞද්ධ කටයුතු නීතිය අනුව නැත්තේ වයස අවුරුදු 70 පැනපු කෙනෙක් වීම විතරයි. ඒකෙන් අපි බැලුවේ මේ තාවකාලික පත් කරන කෙනා බස්නායක නිලමේ ධුරයට ඉල්ලන්නේ නැහැ කියන සහතිකයයි. අපි කැඳවා තියෙන සමන් දේවාලයේ බස්නායක නිලමේ තෝරා ගන්නා රැස්වීම ස්වාධීනව පවත්වන්න ඕනේ නිසා තාවකාලික භාරකරුවෙක් පත්කළේ.``  



රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. විජේතුංග ගේ හිතවතකු වූ හිටපු  බස්නායක නිලමේ මිගාර ජයසුන්දරගේ පස් වසක ධූර කාලය නිම වීමෙන් පසු තවත් වසක සේවා දිගුවක් පිරිනැමුණේ ජන අරගලකරුවන්ගේ විරෝධය හමුවේ පළාගිය ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂයි. ඔහුගේ පළායාමෙන් පසු ජනධිපති පුටුවේ වාඩිගත් රනිල් වික්‍රමසිංහ විසින් ජයසුන්දර බස්නායක නිලමේගේ අවසන් සේවා දිගුව ලබා දී ඇත්තේ වසරකට නොව මාස හයකටය. මොහු පසුගිය මැතිවරණයේදී ජාතික ජනබලවේගයට මුදලින් ආධාර කළ බව එම පක්ෂයේ රත්නපුර සංවිධායකයෝ සහතික වෙති.

සම්ප්‍රදාය නොතකා නීතිය ක්‍රියාත්මක කිරීම මගින් සමන් දේවාලයේ අනවශ්‍ය ගැටළුවක් පැන නැගී ඇති බවත්, සම්ප්‍රදායන්ට අභියෝග නොකොට ඒවා රැකගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ නොමැතිනම් මේ දේවාල සම්ප්‍රදායන් ගැන ජනතා විශ්වාසය බිඳ වැටෙන බවත් පෙන්වා දෙන්නේ අම්පාර, කොළඹ දිසාපතිධුරයේත්, රත්නපුර උප දිසාපති වරයා ලෙසත් රාජකාරී කළ, රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ සුනිල් කන්නංගර යි. ඔහු අවධාරණය කරන්නේ වැඩබලන භාරකරුගේ පත්වීම සම්ප්‍රදායන්ට මෙන්ම බෞද්ධ කටයුතු නීතියට ද පටහැනි බවයි.


``විහාර හා දේවාල ගම් පනතේ 7.1 වගන්තිය අනුව  වැඩබලන භාරකරුවෙක් පත් කරන්න බෞද්ධ කටයුතු කොමසාරිස්ට බලයක් නැහැ. වැඩබලන්න පත්කරන්න නම් බලපාන හේතුන් 9 ක් ඒ වගන්තියෙන් පෙන්වා දෙනවා. මෙතන වෙලා තියෙන්නේ බස්නායක නිලමේවරයාගේ සේවා කාලය අවසන් වීමයි. එවිට පනතේ 8.1 වගන්තිය අනුව නිලවරණයක් කැඳවන්න ඕනේ. වැඩ බලන භාරකරුවෙක් අවශ්‍ය නැහැ. වැඩ බලන්න තෝරා පත් කරගත් විදිහේත් විනිවිද බවක් නැහැ.

උසාවියට කරුණා කිරීම

rye56

තාවකාලික දේවාල භාරකරු පත් කිරීමට එරෙහි වූ බස්නායක නිලමේවරුන්ගේ සංසදය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ගේ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුනේ මේ අතරතුරය. බස්නායක නිලමේ වරුන්ගේ සංසදයේ සභාපති හේමන්ත බණ්ඩාර හේරත්, ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර සහ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර එක්ව ඉදිරිපත් කළ එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ නියෝගය අත්හිටුවමින් තීරණයක් ලබා දුන් අතර තාවකාලිකව පත් කළ භාරකරුට බස්නායක නිලමේ ධුරයට ඉදිරිපත් වීම ද වළක්වාලමින්  අතුරු තහනමක් පනවා තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11 වැනිදාට  කැඳවා තිබු  මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තෝරා ගැනීමේ රැස්වීමට අභියාචනාධිකරණය මගින් අතුරු තහනමක් පැනවුයේ ඊට පෙර දින එනම් පෙබරවාරි 10 වැනිදායි. තාවකාලික දේවාල  භාරකරු ලෙස පත් කළ ඇස්.වී. චන්ද්‍රසිංහ විසින් ගොනු පෙත්සම විභාගයට ගත් විට ඔහු වෙනුවෙන් පෙනී සිටී නීතිඥ චාමර නානායක්කාරවසම් පෙන්වා දුන්නේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ නිලවරණය පැවැත්වෙන ආකාරය නීතියට පටහැනි බවයි. ඒ පිලිබඳ සලකා බලමින් අභියාචනාධිකරණයේ වැඩබලන විනිසුරු මොහොමඩ් ලාෆීර් තාහීර් විසින් පෙබරවාරි 20 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගය පනවා තිබේ.

 මෙවර බස්නායක නිලමේවරයා ලෙස අපේක්ෂකයන් කිහිපදෙනකු ඉදිරිපත් විය හැකි බව රත්නපුරේ මාධ්‍යවේදියෝ පවසති. හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දරට අමතරව මහනුවර නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේ සහ වත්මනේ බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේ බලන්ගොඩ වලිසුන්දර ද ඉදිරිපත් වීමට නියමිතය.

පිරිමි ඡන්ද

cfgy57

 

``බස්නායක නිලමේ ධුරයට තරගයක් පැවතියහොත් පමණයි ජන්දයක් විමසන්නේ. නැත්නම් බොහෝ දුරට වෙන්නේ කතා බහකින් පස්සේ ඒකමතිකව පත් කර ගැනීමක්. රත්නපුර දිස්ත්‍රික්කයේ රාජකාරියේ ඉන්න පිරිමි, බෞද්ධ උපදිසාපති ලා ජන්දේ පාවිච්චි කරන්න සුදුස්සෝ වෙනවා. මහ සමන් දේවාලය අයත් වෙන රත්නපුර උප දිසාපති කොට්ඨාශයේ ඇති විහාර හා දේවාල වල  පිරිමි, ගිහි භාරකරුවන්ටත් ජන්දය හිමිවෙනවා,``යැයි  බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.පී. රත්නායක සඳහන් කරයි.


 සබරගමුව මහ සමන් දේවාලයට අයත් ඇත් දළ ජෝඩුවක් අස්ථානගත වීම, එහි පඬුරු පෙට්ටි කඩා මුදල් සොරකම් කිරීම් ගැන චෝදනා රැසක් පසුගිය කාලය තුලදී එල්ලවිණි. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට අනුව මෙහි වත්කම් පිළිබඳව ඉකුත් නොවැම්බරයේ විගණනයක් කර එහි වාර්තාවක් ලබා ගෙන ඇත.

 ``ඒ රිපෝර්ට් එකෙන් පෙන්වා දුන් යම් යම් අඩුපාඩු ගැන හේතු අහලා විගණන විමසුමක් සමන් දේවාලයට යොමු කරලා තියෙන්නේ. බස්නායක නිලමේ සේවය අවසන් කළත්, දේවාල කාර්ය මණ්ඩලය ඉන්නවා නේ ඔවුන් පිළිතුරු දිය යුතුයි,`` කොමසාරිස් වරයා පවසයි.

 එහෙත් හිටපු බස්නායක නීලමේ වරයාට හිතවත් කණ්ඩායමේ චෝදනාව වන්නේ  මෙය මිගාර ජයසුන්දරට නැවත ධුරයට ඉල්ලීමේ අවස්ථාව වැළක්වීමට කරන බොරු චෝදනාවක් බවයි. විහාර හා දේවාල ගම් පනත අනුව කිසියම් වංචා දුෂණ චෝදනාවකට ලක් වුවකු වේ නම් ඔහු බස්නායක නිලමේ ධුරයට සුදුස්සෙකු නොවේ.

 දේවාලයට අයත් දේපල වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් පරිහරණය කිරීම නිසා ඊට එරෙහිව රත්නපුර, අවිස්සාවේල්ල හා පැල්මඩුල්ල අධිකරණ වල පැවරූ නඩු රැසක් විභාග වෙමින් පවතින බව ගම්පහේ විදානේ  බී.වී. ධර්මවර්ධන පවසයි.

 මේ අතර  ප්‍රදේශයේ මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ අක්කර පන් දහස ඉක්මවූ  මැණික් ඉල්ලම් ඉඩම් සහිත නින්ද ගම් ඇතුළු විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන සබරගමුව මහ සමන් දේවාලයෙන් ගංවතුර කාලයේදී ලබා දෙන  වියළි ආහාර සලාකයට හැරුණු කොට ප්‍රදේශයේ ජනයා වෙත මෙතෙක් වෙන කිසිදු ආධාරයක් සලසා නොමැති බවයි.

(සටහන | අතුල විතානගේ)
නිදහස් මාධ්‍යවේදී
athulavith@jdslanka.org

අනිද්දා පුවත්පතේ පළ වු ලිපියකි
(2025/02/09)


සබැඳි ලිපි :

සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්.

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරුට අධිකරණ නියෝගයක්

රත්නපුර මහ සමන් දේවාල නව බස්නායක නිලමේ එන පෙර මඟට ඇත් දළ හරස් කළා වත් ද? | සුනිල් කන්නන්ගර

බෞ.කො ජනරාල් තුමාට “දෙයියන්නේ හාල්”කැවිල ද? | සුනිල් කන්නන්ගර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...