The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

නොරොච්චෝලේ...මොකක්ද මේ කරච්චලේ - හතර වෙනි අදියරට ඉක්මනින් යා යුතුයි

T

The Leader Desk

February 15, 2025 • 8:23 AM

නොරොච්චෝලේ...මොකක්ද මේ කරච්චලේ - හතර වෙනි අදියරට ඉක්මනින් යා යුතුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදා කෙරවලපිටියේ දෝෂය මේ රටේ විදුලි කතාවේ අලුත්ම අත්දැකීමක් නිර්මාණය කළේය.
  • වසරේ දෙසැම්බර් 03 වැනිදා කොත්මලේ සිට බියගම දක්වා දිවෙන විදුලි සම්ප්රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුවිය.
  • වසරේ දෙසැම්බර් 09 වැනිදා ද කොත්මලේ සිට බියගම දක්වා දිවෙන සම්ප්රේෂණ මාර්ගයට අකුණු සැර වැදීමෙන් රටේම විදුලිය බිඳ වැටිණි.
  • හැත්තෑ හත් වන නිදහස සමරා සතියක් ගත වෙන්නටත් පෙර රටේ විදුලියට හතේ හත වැදී ඇතැයි ජනතාව සිතන්නට පටන් ගත්තේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එදා කෙරවලපිටියේ දෝෂය මේ රටේ විදුලි කතාවේ අලුත්ම අත්දැකීමක් නිර්මාණය කළේය. එකවර දිවයින පුරා විදුලිය බිඳ වැටීමේ පළමු මොහොත වාර්තා වන්නේ එදිනය.

2021 වසරේ දෙසැම්බර් 03 වැනිදා කොත්මලේ සිට බියගම දක්වා දිවෙන විදුලි සම්ප්රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුවිය. 2023 වසරේ දෙසැම්බර් 09 වැනිදා ද කොත්මලේ සිට බියගම දක්වා දිවෙන සම්ප්රේෂණ මාර්ගයට අකුණු සැර වැදීමෙන් රටේම විදුලිය බිඳ වැටිණි.

මේ ආකාරයට ජයග්‍රාහී හයවෙනි වතාවට විදුලිය බිද වැටෙන්නේ පසුගිය පෙබරවාරි නව වෙනිදාය. හැත්තෑ හත් වන නිදහස සමරා සතියක් ගත වෙන්නටත් පෙර රටේ විදුලියට හතේ හත වැදී ඇතැයි ජනතාව සිතන්නට පටන් ගත්තේය. බිද වැටුණු විදුලි පද්ධතිය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙද්දී ඒ පසු පස්සේ විදුලි කප්පාදුවක් එන්නට පටන් ගත්තේය. ‘නොරොච්චෝලේ ඔෆ් වෙලා...’ විදුලි කප්පාදුව ගැන මාධ්‍ය වාර්තා කළේ එහෙමය.

 

GQ3s2gzqAs78FtlR 3

රටේ විදුලියේ දරුණු බිද වැටීමකදී නොරොච්චෝලේහි පිහිටි ලක්විජය බලාගාරය ඇනහිටීම අප නිතර දකින්නේය. ඒ ආකාරයට නිරන්තර අත්දැකීම් ඇත්තේ මුත් එය යළි ප්‍රකෘතී කිරීම සදහා දින ගණනාවක් ගත වන්නේය. මෙහෙම වෙන්නේ ඇයි යන්න ජනතාව හරි හැටි නොදන්නේ හෙයින් ජන මනසේ ලක්විජය බලාගාරය සටහන්ව ඇත්තේ හිටි හැටියේ නතර වෙන අබලන් යන්ත්‍රයක් ලෙසය.  

මහ අනර්ඝ සම්පතක්....

නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ 2 සහ 3 ජනන යන්ත්‍ර අක්‍රිය වීම නිසා 2016 වසරේ මාර්තු මස ද දින කීපයක් විදුලි සැපයුම කප්පාදු විය. නොරොච්චෝලේ ජනන යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා අවස්ථා ගණනාවකදී මේ ආකාරයට විදුලි සැපයුම කප්පාදු විය.

නොරොච්චෝලේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි බලයක් ලබා දෙන මහ අනර්ඝ සම්පතකි.

 

colombo capital city sri lanka night 114775 536

විදුලිය සදහා උපරිම ඉල්ලුම ඇත්තේ රාත්‍රී  8 ත් 10 ත් අතරය. මෙම කාලයේ ඉල්ලුම සාමාන්‍යයෙන් මෙගාවොට් 2600ක් 2700 පමණය. ඒ සදහා වැඩිම දායකත්වය ලබාදෙන්නේ නොරොච්චෝලේ පිහිටි ලක්විජය බලාගාරයය.

හදිස්සි බිද වැටීමකදී සිදු වන්නේ ඒම බිද වැටීම හේතුවෙන් විසන්ධි වන යාන්ත්‍රණය සදහා අධික ඉල්ලුමක් නිර්මාණය වීමය. ඒ සදහා වැඩිම දායකත්වයක් ලබාදීමට යෑමේදී ලක්විජය බලාගාරයට ඒම අධික ධාරිතා සැපයුම දරා ගැනීමට නොහැකි හෙයින් එය වහාම අක්‍රිය තත්ත්වයකට මුහුණ දෙන්නේය.

 

6nz8lrBWEcsWKq24 4

2006 වසරේ ජනවාරි මස, අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කළ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු අදියර ලෙස 2011 ජූලි මාසයේදී මෙගාවොට් 300 ක් ජාතික පද්ධතියට එක් විය. එමගින් 2011 වසරේ අපේක්ෂා කළ විදුලි හිඟය පියවා ගැනීමට හැකි විය. රටටම විදුලිය ලබාදීමේ ඉලක්කය හේතුවෙන්, 2014 වසරේදී විදුලි හිඟයක් ඇතිවනු ඇතැයි උපකල්පනය කර තිබුණි. මේ සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාර ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ජනන යන්ත්‍ර 2 සහ 3 වේගවත් කරන ලද අතර 2014 මැයි මාසයේදී මෙගාවොට් 300ක් සහ 2014 ඔක්තෝබර් මාසයේදී තවත් මෙගාවොට් 300 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වන්නේ, ඒ අනුවය. මේ ලක්විජය බලාගාරය ජාතිය බල ගන්වන පරිමාවය.


ශ්‍රී ලංකාව තුළ වාර්ෂික විදුලි අවශ්‍යතාවය 8% සිට 10% දක්වා අඛණ්ඩව වර්ධනය වන අතර විදුලිබල මණ්ඩලයේ ජනන සැලසුම් තුළින් එයට අවශ්‍ය නව විදුලි උත්පාදන ක්‍රමවේද හඳුනාගෙන යෝජනා කර ඇත. ලක්විජය බලාගාරයද මෙම යෝජනා තුළ ඇතුළත්ව තිබූ බලාගාරයකි.

රටේ වාර්ෂික විදුලි අවශ්‍යතාවයෙන් 36%ක් ...

ලක්විජය බලාගාරයේ ධාරිතාව හා නිපදවිය හැකි ඒකක ප්‍රමාණයේ විශාලත්වය මත බලාගාරය ජාතික විදුලිබල පද්ධතියේ මූලික ජනන සැපයුම් (Baseload) බලාගාරය ලෙස කටයුතු කරයි. වාර්ෂිකව ඒකක මිලියන 5,400 ක් පමණ නැතහොත් ශ්‍රී ලංකාවේ වාර්ෂික ගෘහස්ථ විදුලි අවශ්යතාව සම්පූර්ණයෙන්ම සපුරාලීමට ප්‍රමාණවත් ජනනයක්, ලක්විජය බලාගාරයෙන් සපයනු ලබයි. එය සංඛ්‍යා ලේඛන ලෙස විස්තර කළහොත් රටේ වාර්ෂික විදුලි අවශ්‍යතාවයෙන් 36%කට ආසන්න බව ගණන් බලා තිබේ.

 

lakwijaya power plantලක්විජය ගල් අඟුරු බලාගාරය
ප්‍රධාන ජනක යන්ත්‍ර තුනකින් සමන්විත ලක්විජය ගල් අගුරු බලාගාරය සදහා තවත් ජන යන්ත්‍රයක් සවි කිරීම හෙවත් මෙහි හතර වෙන අදියර සදහා යෝජනා වි තිබුණේ මුත් ඒ සදහා ක්‍රියාත්මක වීමක් තිබුණේ නැත. මෙම අඩුව හේතුවෙන් හදිස්සි බිද වැටීමකදී මෙන්ම ලක්විජය බලාගාරයේ නඩත්තු කටයුතු අවස්ථාවකදී හෝ සිය සේවය හතර වන අදියරේ ඉදිවෙන යන්ත්‍රය සදහා ලබාදිය හැකිය.

පුනර්ජනනීය විදුලි ඉලක්කය සදහා යන අතරේ ලක්විජය බලාගාරය වඩාත් සවිමත් කළ යුත්තේ, හදිසි අවස්ථා හි මෙන්ම, අඛණ්ඩව සහ ලාභදායි ආකාරයෙන් මේ රටේ විදුලි සැපයුම ලබාදීම සදහාය.

(සටහන | හේමන්ත ගුරුගේ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...