The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

අදානි ගියා; අලුතෙන් කර්මාන්ත කලාප එනවා | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

February 15, 2025 • 11:15 AM

අදානි ගියා; අලුතෙන් කර්මාන්ත කලාප එනවා | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආයෝජන කලාප තුනක් කිව්වාම ආයෝජකයන් හාරපන්සීයකට ඉඩක්.
  • ඔය යෝජනාව ක්‍රියාත්මක කරන්නට අලුතෙන් ජලය ඝන මීටර 60,000කවත් කර්මාන්ත ජලය ඕනැ.
  • ඒ වගේම මෙගවොට් 3000ක විතර විදුලිය අලුතින් අවශ්‍යයි.
  • ලංකාව අපනයනය මූලික කරගත් කර්මාන්ත සංවර්ධනයක් ඉලක්ක කළ යුතු බව රනිල් වික්‍රමසිංහ පවා කිව්වා.
අකුරු ප්‍රමාණය (Font Size):


ආයෝජන කලාප තුනක් කිව්වාම ආයෝජකයන් හාරපන්සීයකට ඉඩක්. එහෙම එකක් ආවට ගියාට හදන්නට බැහැ. ඉඩම් සංවර්ධනය, විදුලිය, ජලය, මාර්ග ආදිය වගේම වරාය හා ගුවන් තොටුපළ සංවර්ධනයත් අවශ්‍යයි.

ඔය යෝජනාව ක්‍රියාත්මක කරන්නට අලුතෙන් ජලය ඝන මීටර 60,000කවත් කර්මාන්ත ජලය ඕනැ. ලංකාවෙ දැනටත් අති විශාල කර්මාන්ත ජල හිඟයක් තිබෙනවා. ඒ වගේම මෙගවොට් 3000ක විතර විදුලිය අලුතින් අවශ්‍යයි.

 

land
 බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජකයන් පන්නගන්නෙ එවැනි පසුබිමක් තුළ. ඉඩම්, මාර්ග, විදුලි සංදේශ ආදී යටිතල පහසුකම් සංවර්ධනය කරන්නටත් ඕනැ. ඔය ටිකට විතරක් ඩොලර් බිලියන පහක්වත් ඕනැ. ආයෝජකයන් ගෙන්වා ගන්නට පුළුවන් ඊට පස්සෙ. තව වරාය, ගුවන් තොටුපළ සංවර්ධනය ආදියත් අත්‍යවශ්‍යයි. ඒවටත් ඩොලර් බිලියන ගණනක් අවශ්‍යයි. නිකං කියල දානව වගේ ඒ සල්ලි හොයන එක ලේසි නැහැ.

Untitled 1 Recovered Recovered Recovered Recovered Recovered Recovered Recovered 2

ලංකාව අපනයනය මූලික කරගත් කර්මාන්ත සංවර්ධනයක් ඉලක්ක කළ යුතු බව රනිල් වික්‍රමසිංහ පවා කිව්වා. ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය වන ආර්ථික විවෘතභාවය දෙස ඔහු යොමු වෙලා හිටියා. ඒත්, වැඩේ ලේසි නැහැ. මූලික ප්‍රශ්නයක් තමයි ශ්‍රමය. මාලිමාව ආවාය කියල නැහැ 2024 අවුරුද්දෙ 2023 අවුරුද්දටත් වඩා කුසලතා සහිත ශ්‍රමිකයන් රට හැර ගියා. 2024 අවුරුද්දෙ 312,836ක් රටින් පිටට සංක්‍රමණය වුණා. මීට කලින් වැඩිම පිරිසක් රටින් පිටට සංක්‍රමණය වුණේ අර්බුදකාරී අවුරුද්දක් වන 2022දීයි. 2024දි ගිය සංඛ්‍යාව ඊටත් වඩා 2000කින් විතර වැඩියි.


රනිල් නම් එයට විසඳුමක් ලෙස ශ්‍රමිකයන් ආනයනය සඳහා පවා ආර්ථිකය විවෘත කරන්නට සූදානම් නායකයෙක්. මාලිමාව කියන්නෙ එවැනි ඉදිරිගාමී දැක්මක් සහිත බලවේගයක් නෙමෙයි. ඔවුන් දැනට තිබෙන ආයෝජක හිතවාදී නොවන ශ්‍රම නීති සංශෝධනයට පවා පැකිළෙනවා.

 

Export

දැනට ලංකාවේ වාර්ෂික අපනයන ආදායම තියෙන්නෙ ඩොලර් බිලියන 15ක පමණ මට්ටමේ. මේක අවුරුදු දෙක තුනකින් දෙගුණයකටත් වඩා වැඩි කරනවාය කියන බුවෙක් තමයි නියෝජ්‍ය කර්මාන්ත ඇමති චතුරංග අබේසිංහ. එයාගෙ ඇමතිවරයා වන සුනිල් හඳුන්නෙත්තිට නම් ඉලක්කම් සූත්තර දාලා  ඒ තරම් බොරු කීමේ කුසලතාවක් නැහැ.

අදානි වගේම ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට සූදානම් වුණ තවත් ආයෝජකයන් ලංකාවෙ මෙහෙයුම් නවත්වනවා. හේතුව සරලයි. ලංකාව රනිල්ගේ යුගයේදී අපේක්ෂිත මට්ටමේ සංවර්ධනයක් මාලිමාව යටතේ අත්පත් කරගන්නෙ නැහැ. ඔවුන් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්නෙ නැහැ. දූෂණය නැති කිරීමෙන් හා සකසුරුවම්කමින් යා හැකි දුරට විතරයි ඔවුන්ගේ කඹය දිගේලි වෙන්නෙ. ඒ නිසා ලංකාවෙ විශාල බලශක්ති ඉල්ලුමක් නිර්මාණය වෙන්නෙ නැහැ.

මතකද ජපන් ලයිට් රේල්වේ ව්‍යාපෘතිය ආපහු ගේනවා වගේ කතාත් කියවුණා. කවදාවත් එන්නෙ නැහැ. ලංකාවට ඒ වගේ ව්‍යාපෘති අවශ්‍ය වෙන්නෙ නැහැ. අගනුවර ඒවා අවශ්‍ය තරම් සංවර්ධනය වෙන්නෙ නැහැ.

මාලිමා නායකයන්ට බොරු කියන්නට අයිතිය තියෙන බව ඔවුන් ප්‍රකාශයට පත්කරලා ඉවරයිනෙ. ඒ බොරුවලට නොරැවටී ඉන්නට අප වග බලා ගන්නට ඕනැ.

සරලවම මෙන්න මේ ටික තේරුම් ගන්න. ලංකාව 2048දි නෙමෙයි ඉතිහාසයේ කිසිම දවසක සංවර්ධිත රටක් වෙන්නෙ නැහැ. මාලිමාවෙ මේ අවුරුදු පහ තුළ ඇතිවන පසුබෑම නැවත අල්ලන්නට බැහැ. මම නම් ඒකට කැමතියි.

අපි ඉතිහාසයේ මෑත වකවානුව දිහා නෙමෙයි ඈත අනාගතය දිහා බලන එක හොඳයි. අපට යථාර්ථයක් කරගන්නට බැරි හීන දකින එක තේරුමක් නැහැ. ඒ සඳහා මාර්ගයට වැටුණු රටවලට ඒ පාරෙ යන්නට දෙන්න. එහෙම නැතුව බැරි අය ඒ රටවලට සංක්‍රමණය වෙන්න.

දෙද

ලංකාව මේ තියෙන පරිසරය රැකගෙන සෙමින් සංවර්ධනය වන විවේකස්ථානයක් බවට පත් වෙන එක තමයි වඩාත් සුදුසු. ඒකට ලංකාවෙ මිනිසුන්ගෙ අධි උන්නතිකාමී පාරිභෝජනවාදී සිහින අතහරින්නටත් වෙනවා.  සංචාරක කර්මාන්තය, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල අපට අවස්ථා උදාකරගත හැකියි.

කර්මාන්ත සංවර්ධන කතාව අතහැර දාන්න. ලංකාවට ආයෝජක ආකර්ශනයක් නිර්මාණය කරගන්නට බැහැ.

හැබැයි ඉතින් ණය ගෙවන්නත් තියෙනවා පුතා. නැවත බංකොලොත් නොවී යන විදියක් බලමු. ඒ සඳහා මං නම් මාලිමාවට නෙමෙයි ඊට වඩා පාණ්ඩුවකට වුණත් උදව් කරන්නට සූදානම්.

Ajith parakum J
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk  හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...