The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

කඩදොර: හනුමන්තා!

T

The Leader Desk

February 16, 2025 • 8:33 AM

කඩදොර: හනුමන්තා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ඒක නේන්නම්, දැන් කීයේ ඉදන් ද?
  • ?" "උගේ හිත රිදිලා වෙන්න ඇති!" "ඔන්න කීවා, ඒ මොකෝ?" "ඇයි ලාල් අයියා කීවේ.
  • මේ අර පණුකරඳ ගහටත් පිරිත් කිවුව ඇත්තෝ.
  • ඔය අහිංසක සතුන් මරන්න කියයි ද?" "කිවුවා, කිවුවා..." "කිවුවා, ඒත් ඉතින් හානියක් නොවෙන සේ තමයි." "ඇයි, අහකට ද වෙඩි තියන්න කිවුවේ?" "නෑ, කිවුවට තියන්න බෑ කියලා දන්නවා නේ!" "එහෙනම්, එහෙම අහිංසක සතාසීපාවා මරන්න පුළුවන් යැ යි?" "ඒක නම් බැරිකමක් නැතිව ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

"ඒක නේන්නම්, දැන් කීයේ ඉදන් ද? මොකද මේ පැය ගාණක් කරන්ට් කපලා?"

"කපලා නෙවේ... රටේ ම නෑ ලු! මුළු පද්ධතිය ම බිඳ වැටිලා ලු!"

"කඩාකප්පල්කාරී වැඩක් ද?"

"එහෙම වෙන්න පුළුවන් ද?"

"ඒක තමා... හඳුනා, ලාල්, රන්ජන්... ඔක්කොම ආණ්ඩුවේ නේ!"

"රන්ජන් රැඟුවට ඇපත් නැති වුණා!"

"රන්ජන්ලා කවුරු කවුරුත් පරාදයි, මම කිවුවේ විදුලිබලේ අයිතිකාරයා ගැන!"

 

අද සිට 'විදුලිය කප්පාදුවක්': රටට ම විදුලිය විසන්ධි වීමට බලපෑ සැබෑ හේතුව  කුමක් ද?

"ඒක නේ... ඉතින් කවුද කඩාකප්පල් කරන්නේ?"

"වදුරෙක් ලු!"

"මොකක්?"

"වදුරෙක් ලු! පානදුරේ වදුරෙක් ලු!!"

"ඌ මක් කරලා ද?"

"මරාගෙන මැරෙන ප්‍රහාරයක්!"

"මොකක්?"

"කවුද බං ඔය පචේ ඇදබෑවේ?"

"පචයක් නෙවේ... විදුලිබල නියෝජ්‍ය ඇමැති නේ කිවුවේ."



"හැබෑට ම?"

"ඔව්, පානදුරේ වදුරෙක් ලු!"

"වදුරෙක් ලු! මේ තනි එකෙක්?"

"ඔව්, හැබැයි  මුරාකාරයා කියන්නේ ඒ පැත්තට අද වදුරෝ ආවේ නෑ කියලා."

"මුරකාරයා මොනවා දන්නවා ද... නියෝජ්‍ය ඇමැති නේ කිවුවේ!"

"අනේ ඉතින් වදුරෙක්! මොකෝ මේ... ?"

"උගේ හිත රිදිලා වෙන්න ඇති!"

"ඔන්න කීවා, ඒ මොකෝ?"

"ඇයි ලාල් අයියා කීවේ... තමතමන් ගේ වත්ත-පිටියේ තුවක්කු භාවිතයට බාධාවක් නෑ කියලා."

 


"ඈ... මේ අර පණුකරඳ ගහටත් පිරිත් කිවුව ඇත්තෝ... ඔය අහිංසක සතුන් මරන්න කියයි ද?"

"කිවුවා, කිවුවා..." 

"කිවුවා, ඒත් ඉතින් හානියක් නොවෙන සේ තමයි."

"ඇයි, අහකට ද වෙඩි තියන්න කිවුවේ?"

"නෑ, කිවුවට තියන්න බෑ කියලා දන්නවා නේ!"

"එහෙනම්, එහෙම අහිංසක සතාසීපාවා මරන්න පුළුවන් යැ යි?"

"ඒක නම් බැරිකමක් නැතිව ඇති... ඔය අසූඅට අසූනවය කාලේ... කවුරු කවුරුත් මිනී මැරුවේ!"

"එහෙනම් ඉතින්?"

"කිවුවත් වගේ... වෙඩි තියන්න තුවක්කු කොහේ ද?'

 


"ඇයි ඔය දවස ගාණේ වෙඩි තියන්නේ... "

"ඒ පතාලේ... සතුන්ට ය යි, මිනිසුන්ට නේ!"

"ඉතින්? මිනිස්සු මරණ එකේ සත්තු බේරේ ද?"

"ඒ නීති විරෝධී ආයුධ... ඒවා වැහිවැහලා..  ඒත් ලයිසන් තුවක්කු අද කොහේ ද තියෙන්නේ?"

"කිවුවත් වගේ, ඒවා ඔක්කෝ ම එකතු කරගත්තා නේ!"

"කවුද?"

"මතක නැද්ද මාමේ... තමන් ගේ ඉඩමේ ගිනිබිඳින්න බාධාවක් නෑ කියපු අය ම තමා...  අසූහතේ අසූඅටේ... තුණ්ඩු කෑලි දීලා... රෑට රෑට එකතු කළේ!"

"කීවත් වගේ... දැන් වල් ඌරෝ, මොණරු, වදුරෝ බෝවෙලා තියෙන්නේ...  ගමේතොටේ ඉබේ ම වෙච්ච පාලනේ නැති වුණයින් ද?"

"ඒක යි මාමේ... ඔය පිටරටක පොල් කඩන්න, එකතු කරන්න... ඔක්කොම කරන්නේ පුරුදු කරපු වදුරෝ ලු!"

"හැබැට ම?"

"ඔව්, උන් අපූරුවට වැඩේ කරනවා, මම රූපවාහිනියේ දැක්කේ."

"අනේ මන්ද බං, කලින් ඇමැති මුන්ව චීනෙට යවන්න හැදුවා; දැන් පරලොව යවන්න කතා කරනවා."

"එහෙම මුන් ගෙන් වැඩගන්න පුළුවන් ද?"

 

ශ්‍රී රාමායන් ට්‍රේල්ස්: සීතාඑළියේ සිදුවන්නේ කුමක් ද?
"මොකෝ බැරි, ඉතිහාසයේ ඔය රාම කුමාරයා ගේ හමුදාට එන්න, රාමේශ්වරමේ රටවල් දෙක යා-කරපු පාලම බැන්දා කියන්නෙත් වදුරෝ නේ!"

"එතකොට මේ අපී වදුරෙක් ගෙන් ඉල්ලන් කාපු පළමු වතාව නෙවේ... හනුමන්තා රට ම ගිනිබත් කළා ලු නේ!"

"ලාලලා ගේ සංසාරගත වෛරයක් ද මන්දා... ඒ දවස්වලත් වදුරු හමුදාව කියලා නේ පෝස්ටර ගැහුවේ!"

"වදුරු හමුදාව, වහා පළවා හරිනු! කියලා ."

"කිවුවත් වගේ... එදා මෙදා තුර ඔය පන්තියකුත් කළා ලු නේ... ව්‍යාප්තවාදය ද මොකක් ද කියලා ..."

"අයියෝ මාමේ... ඒ ඉස්සර. දැන් ඔය මෝදි මාමා කරට අත දාපුවාමත් අපුරුවට හිටියේ."

"හැබෑට ම, ඇයි ඔයතරම් හාදකමක්?"

"ඒක තමයි මාත් හිතුවේ... එට්කා ගැන, ලොකු අයියා ගේ චන්ඩිපාට් ගැන කියපුවා අනුව කොහොම ඉවසන් හිටියා ද කියලා ..!"


 

"වශී ගුරුකමක්වත් කරලා ද මන්දා... දැන් එට්කා හොඳ යි ලු නේ!"

"මොන හොඳක් ද... එතකොට, මෙහෙ රස්සා කරන්න ලක්ෂ ගාණෙන් එයි නේ?" 

"එහෙනම්, පාලම හදන්න යන්නේ... ඒ ඇත්තන්ට පහසුවෙන් එන්න වෙන්න ඇති."

"මොකක් කීවා?"

"ඇයි මාමේ... ඔය රාමායනේ කියන පාලම... රාමේස්වරම දනුෂ්කොඩියට යා කරන පාලම... ලංකාව ඉන්දියාවට යා කරන පාලම, දැන් හදනවා ලු නේ... ඉන්දියාව නම් ඇස්තමේන්තුත් හදලා ඉවරයි ලු!!"

"ඒ විතරක් ය යි... ඒ එන ඇත්තන්ට වැදපුදා ගන්න තැන් දැන් පටන් ම මෙහේ හදනවා ලු...  රාමේස්වරමේ.. තිරිකුණාමලයේ කෝනේෂ්වරමේ...  සීතාඑළියේ... උණවටුණේ...  රාමා මංපෙත් කියලා..."

 

ඉන්දියාවේ රාම කුමරු අපේ රාවණා 'බිත්තියට හේත්තු කර ගත්තා ද' ?
"හනුමා කෝවිල්??"

"එහෙනම්!"

"එහෙනම් අපේ රොටියටත් හොඳ කාලයක් ඒවි. ඔය හැම තැන ම රොටි කඩයක්වත් දා-ගන්න බැරි යැ යි!"

"ඔය එන ඈයන්ට කඩදාගන්න, වෙළදාම් කරන්න, රස්සාවල් කරන්න...  ඒ අවසරයත් ලැබෙනවා ලු! අපේ රොටියට හුළං තමයි!"

"ඉන්දියාවට ඕනේ ලංකාව ඈදාගන්න...  පාලම එක විදිහක් ලු... විදුලි රැහැන්වලිනුත් සම්බන්ධ කරන්න යනවා ලු!"

"ඔව්, එතකොට අපට විදුලිය විසන්දි වෙන්නෑ ලු!"

"එහෙනම් ඉතින්... අපේ එවුනුත් සන්ධි කරන්නම කිය යි!"

"බොලේ මේ වදුරා...  එකත්එකට ම හනුමා ගෙන් පැවැතෙන්නෙක් වෙන්න ඇති."

"ඒ මොකැයි?"

"ඇයි මාමේ... තව දෙතුන් පාරක් කපපු ගමන්... ඉන්දියාවට රැහැන් ඇද්දානන් මේ ප්‍රශ්න නෑ  කියන්න විතර යි තියෙන්නේ... මීනිස්සු එක පයින් හා කියාවි!"

"දැන් ඔය විදුලි විසන්ධියෙන් පටන් ගත්තේ ඕක ද? ලංකාව ඉන්දියාවට ගැටගැහීම ද?"

 

panamure
"බලන් ගියා ම... පානදුර වදුරා හනුමන්තයා ගෙන් පැවැතෙන්නෙක් ම තමයි! ගාණට නිලේට වැඩේ දීලා තියෙන්නේ!"

"එහෙනම් ඉතින් හනුමන්තයාට දේවාලත් හැදේවි!"
 
"මේ, රට ගිනි තියපු එකාට?"

"ඔව්, ඔය පෝළිමේ ගිහින් ගිනිතියපු අයට ඡන්දේ දුන්නේ... ඕක මොකද්ද!"

"???!"

| ගජබා

(2025/02/16 දින 'ඉරිදා දිවයින' පුවත්පත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...