The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය - වෘත්තිය: පොලිටික්ස්

T

The Leader Desk

February 16, 2025 • 10:39 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය - වෘත්තිය: පොලිටික්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අගමැතිවරයා වශයෙන් මට වටිනා අවස්ථා දෙකක් උදා වුණා.
  • දෙක, හැම කැපකිරීමක්ම කරලා සිංගප්පූරුව දූෂණ වංචා නැති ලෝකයේ ධනවත්ම රටක් බවට පත් කිරීම.
  • බොකාසා - ඉඩි අමීන් බලයට පත්වූ පසු ජාතික ධනය, තමාගේ ධනය යැයි සිතා වැඩ කරන ඇතැම් “උන්මන්තක නායකයන්” පිළිබඳ කතා ලෝකයේ නොදියුණු රටවලින් අසන්නට ලැබේ.
  • මේ දෙදෙනා සම්බන්ධයෙන්ම අතිශයෝක්තියෙන් ගෙතී ඇති සිනා කතා (යාන්ස්) ද බොහෝය.
අකුරු ප්‍රමාණය (Font Size):

“අගමැතිවරයා වශයෙන් මට වටිනා අවස්ථා දෙකක් උදා වුණා. එක, රටේ ධනය සූරා කාලා ලෝකයේම ධන කුවේරයන්ගෙ නාමාවලියට මගෙ නමත් එක් කරගෙන බිරිඳත් දරුවොත් එක්ක සතුටින් ජීවත් වීම. දෙක, හැම කැපකිරීමක්ම කරලා සිංගප්පූරුව දූෂණ වංචා නැති ලෝකයේ ධනවත්ම රටක් බවට පත් කිරීම. මම තෝරගත්තේ දෙවැනි අවස්ථාව.”

සභාවෙන් උණුසුම් අත්පොළසන් නාදයක් නැගුණි. ඉන්පසු එළැඹියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ කතාවයි. ඔහු ආරම්භයේදීම මෙසේ කීවේය.

 

අනුරගේ 'Clean Sri Lanka' සහ ලී ක්වාන් යූගේ 'Keep Singapore Clean' අතර  සමානකම් තිබේ ද?ලී ක්වාන් යූ

“සිංගප්පූරු අගමැතිතුමා පැවසූ අවස්ථා දෙකම මටත් උදා වුණා. ඒත් මධ්‍යස්ථ, ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අපි, තවත් රටක් කළ දෙයක් අනුගමනය කරන්නට යන්නේ නෑ. ඒ නිසා මට සිදුවුණා, පළමු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.”

සභාවෙන් මහා සිනා හඬක් නැගුණි.

 

477586842 28871989689066057 4668585007533431525 nබොකාසා - ඉඩි අමීන්
බලයට පත්වූ පසු ජාතික ධනය, තමාගේ ධනය යැයි සිතා වැඩ කරන ඇතැම් “උන්මන්තක නායකයන්” පිළිබඳ කතා ලෝකයේ නොදියුණු රටවලින් අසන්නට ලැබේ. 1977 දී මධ්‍ය අප්‍රිකානු ජනරජයේ ජනාධිපති ධුරය පැහැරගත් බොකාසා ද එබඳු නායකයෙකි. ඉඩි අමීන් මෙන්ම බොකාසා ද ලෝකයට භීතිය මෙන්ම හාස්‍යයද සැපයුවෙකි. මේ දෙදෙනා සම්බන්ධයෙන්ම අතිශයෝක්තියෙන් ගෙතී ඇති සිනා කතා (යාන්ස්) ද බොහෝය. එහෙත් ඒවාට පදනම් වූයේ ඔවුන්ගේ සැබෑ චර්යාවන්මය.

බොකාසා තම ඔටුනු පැළඳවීමේ උත්සවය සඳහා විශේෂ සිංහාසනයක් නිපදවා ගත්තේය. රනින් කළ එය, බරින් ටොන් 2 ක් විය. ඔටුන්නට දියමන්ති අටදහසක් යොදා ගැනුණි. එදින ඔහුගේ විශේෂ ඇඳුමට මුතු ඇට 750,000 කි. එම උත්සවය සඳහා රටවල් 43 ක විශේෂ අමුත්තන් 3500 කට ඇරැයුම් කෙරිණි. ඔවුන් උත්සව භූමියට ගෙන යාම සඳහා මර්සිඩීස් බෙන්ස් රථ ආනයනය කෙරුණු අතර, බොකාසා ගමන්ගත් අශ්ව රථය ඇද ගියේ ප්‍රංශයෙන් ගෙන්වූ අශ්වයන් 8 දෙනකු විසිනි.

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වඩාත් සාධාරණීකරණය කිරීමට වගවීම අවශ්‍ය වේ -  ජෙහාන් පෙරේරා

රටක් බංකොලොත් වී රටවැසියන් අඩක් හාමතේ පසුවෙද්දී භාණ්ඩාගාරයේ ඉතිරිව ඇති ධනයත් පෞද්ගලික හේතු මත යම් දේශපාලනඥයකු ලබාගනී නම්, ඔහුත් බොකාසාත් අතර මහ වෙනසක් නැත.

The rise and fall and rise again of the Philippines Marcos family

 

පිලිපීනයේ මාකෝස් සහ ඔහු ආර්යාව ලීසා අරනීටා ද රට කෑ දෙදෙනෙකි. ලීසා මාකෝස් සුඛෝපභෝගී ඇඳුම් පැළඳුම්වලට මහත් සේ ඇළුම් කළාය. ඇතැම් වෙළෙඳසලකින් භාණ්ඩ ගෙන්වා ගන්නා ඇය, “ස්තූතියි” යනුවෙන් කාඩ්පතක් පමණක් යැව්වාය. මාකෝස් යුවළ ප්‍රසිද්ධියට දැක්වූයේ මහත් ආශාවකි. ඔවුන්ගේ ඡායාරූපයකින් තොර “තැපැල් පෙට්ටියක්”වත් එරට නොතිබිණැයි කතාවක් ඇත. මෙබඳු ලෙඩ තිබූ නායකයන් අපේ සිරි ලංකාවේද නොසිටියා නොවේ. තාප්ප වසාගත් ඔවුන්ගේ ඡායාරූප සහිත පෝස්ටර්, මග දෙපස සිටවූ ධජ පතාක ආදියට වැය වූයේ මහජන මුදල් මිස, කාගේවත් මැණික් මලු විකුණා ගත් මුදලක් නම් නොවේ.

දේශපාලනඥයන් පිළිබඳ පොදු සත්‍යයක් අඟවන උපහාස කතා ලෝකය පුරා දක්නට තිබේ. පුදුමයකට මෙන් ඉන් බොහෝමයක තේමාව ධනය හා තෘෂ්ණාවය. මේ එබඳු කතාවකි.

මිනිසුන්ගේ දේහ ලක්ෂණ බලා, ඔවුන්ගේ ජීවිතයට අදාළ දෑ (අනාවැකි ඇතුළුව) පවසන ප්‍රකට ඉන්දියානු බ්‍රාහ්මණයෙක් සිරි ලංකාවට පැමිණියේය.

එක් දේශපාලනඥයෙක් එතුමා හමුවීමට ගියේය. ඔහුගේ දේහ ලක්ෂණ පිරික්සූ බ්‍රාහ්මණයා මෙසේ කීය.

“ඔබ ගැලපෙන්නේ ව්‍යාපාරවලට. දේශපාලනයට නොවේ.”

 

අවදානම්කාරී පොරොන්දු දේශපාලනය නැවතත් කරලියට.. - (අජිත් රාජපක්ෂ)
ඉන්පසු තවත් දේශපාලනඥයෙක් පැමිණියේය. “වෙළෙඳ ව්‍යාපාර මිස ඔබට දේශපාලනය හරියන්නෙ නෑ.”

තෙවනුවද, දේශපාලනඥයෙක් පැමිණියේය.

“මොකටද දේශපාලනයට ආවෙ... බිස්නස් එකක් පටන් ගන්න.” බ්‍රාහ්මණයා පැවසුවේ තරමක් උස් හඬිනි.

ඔවුන් ගිය පසු බ්‍රාහ්මණයාගේ සහායට සිටි සිරි ලාංකිකයා කට කොණකින් සිනා සී මෙසේ කීය.

“ඒගොල්ලො දැනටත් කරන්නෙ බිස්නස් තමයි.”

අමෙරිකානු සඟරාවක කාටූනයක මෙසේ දැක්වුණි. මාධ්‍යවේදියෙක් ප්‍රසිද්ධ සොරකුගෙන් මෙසේ අසයි.

 

ඩොලර් අර්බුදය හෙටින් අවසන් !
“තමුසෙලා දේශපාලනඥයන්ගෙ ගෙවල් කොල්ලකන්නෙ නැත්තෙ ඇයි?”
“වෘත්තීය ගරුත්වය උදෙසා. (Profissional Courtesy)”

මීට ඉහතින් කී ව්‍යාපාරික කතාවටම අදාළ තවත් කතාවක් මට පසුව කියැවීමට ලැබුණි. ඒ මෙසේය.

ලෝකයේ ව්‍යාපාරිකයන්ගේ වර්ග තුනකි.

1. කොතෙක් මුදල් යෙදෙව්වත් ඔහු අසාර්ථක වේ.
2. ඔහු අරපරිස්සමින් මුදල් යොදවයි. ප්‍රමාණවත් ලාභයක් උපයයි.
3. ඔහු කිසිදු ආයෝජනයක් නොකරයි.
මහජන මුදල් පමණක් යොදවයි.
විශාල ලාභයක් ලබයි.
ඉතා සාර්ථක ව්‍යාපාරිකයකු වන ඔහු, වෘත්තියෙන් දේශපාලනඥයෙකි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ප්‍රජාතන්ත්‍රවාදී විහිළු තහළු(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...