The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

යල කන්නයට වින කරන විදුලිබල මණ්ඩලය

T

The Leader Desk

February 19, 2025 • 5:40 AM

යල කන්නයට වින කරන විදුලිබල මණ්ඩලය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ රටේ තිබුන ආර්ථික අර්බුදයෙන් ගැලවීමේ මුළු කාලය ඇතුලේ සොබාදහම අපිත් එක්ක හිටියා.
  • පහුගිය 2023-2024 අවුරුදු දෙකේම අපිට හොඳ වැස්සක් ලැබුනා.
  • විදුලිබල මණ්ඩලයේ ඇතැම් තක්කඩි ඉංජිනේරුවෝ පුළුවන් තරම් ජල විදුලිය පාවිච්චි කරන්න උත්සාහ ගන්නෙම මේ පායන කාලය එනකොටමයි.
  • මේ වතුරෙන් ප්‍රයෝජනයක් ගන්න මේ වෙලාවේ ගොවියා සූදානම් නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

අපේ රටේ තිබුන ආර්ථික අර්බුදයෙන් ගැලවීමේ මුළු කාලය ඇතුලේ සොබාදහම අපිත් එක්ක හිටියා. පහුගිය 2023-2024 අවුරුදු දෙකේම අපිට හොඳ වැස්සක් ලැබුනා. ඒ නිසා අපේ විදුලි අවශ්‍යතාවයෙන් සැලකිය යුතු පංගුවක් ජල විදුලියෙන් තමයි විදුලි ජනනය කළේ. ඒ නිසා ගල් අඟුරු, නැප්තා සහ ඩීසල් වෙනුවෙන් අපි වැය කරන ලොකු විදේශ විනිමයක් රටට ඉතුරු වුනා. අපේ සංචිත වැඩිකරගන්න ඒක සෑහෙන උදව් වුනා. ඒ නිසාම තමයි විදුලිබල අඩු කරගන්නත් අපිට පුළුවන් වුනේ.

 

35343ff

ගල් අඟුරු, ඩීසල් අපිට රටින් ගේන්නම වෙනවා. අනෙක් අතට ඒ බලාගාර නැතුව අපේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න අමාරුයි. ඒත් සූර්ය ශක්තිය සහ සුළං බලය අරන් අපිට ලොකු ප්‍රමාණයක විදුලියක් හදාගන්න පුළුවන්. ඒත් විදුලිබල මණ්ඩලයේ ඉහළ පුටුවල ඉංජිනේරුවන්‍ට පුනර්ජනනීය බලශක්තිය වහ කදුරු වගේ. ලෝකයේ අනෙක් රටවල් වේගයෙන් හරිත බලශක්ති ප්‍රභවයන්‍ට යන අතරේ, කොමිස් වලට ගිජුවෙලා මළ පෙරේතකමින් ගල් අඟුරු, ඩීසල් වලින්ම මේක දුවන්නයි මේ තක්කඩි කල්පනා කරන්නේ.

තවත් අභියෝගයක්: ගොවිතැනට වතුර නෑ -ආහාර හිඟයක්-වතුර කප්පාදුවක්!

 

පහුගිය විදුලි බිඳ වැටීම එක්ක පද්ධතිය පාලනය කරන්න යොදාගත්‍තේ ජල විදුලිය. ඒ වෙනුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශවල සැලකිය යුතු ජල ප්‍රමාණයක් වැය කරා. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මාර්තු මාසේ අග වෙනකන් වැසි රහිත කාළගුණයක් පුරෝකථනය කරලා තියෙන පසුබිමක ඊළඟ යල කන්නය වෙනුවෙන් ජලාශ වල ප්‍රමාණවත් තරම් ජලය රඳවාගැනීමේ ජාතික වගකීමක් තියෙනවා. කොහොමත් පෙබරවාරි මාසේ ඉඳලා මැයි වෙනකන් වැස්ස අඩුයි. අනෙක් අතට නිරිතදිග මෝසම හරියට සක්‍රීය නොවුනොත් අපි අලි අමාරුවක වැටෙනවා. අපි කොහොමත් දේශගුණික විපර්යාස නිසා බැටකන රටක්.

 

පුවත් - Results from #6165

විදුලිබල මණ්ඩලයේ ඇතැම් තක්කඩි ඉංජිනේරුවෝ පුළුවන් තරම් ජල විදුලිය පාවිච්චි කරන්න උත්සාහ ගන්නෙම මේ පායන කාලය එනකොටමයි. එතකොට කෙටි කාලයකින් ජලාශවල ධාරිතාවය අඩුවෙනවා. මේ වතුරෙන් ප්‍රයෝජනයක් ගන්න මේ වෙලාවේ ගොවියා සූදානම් නෑ. ඒ නිසා විශාල කඳක් කෘෂිකාර්මික ප්‍රයෝජනයක් නැතුව මුහුදට ගලා යනවා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ පැටිකිරිය

 

ඔය කාලය බලලම හැමදාමත් අඩව්වක් අල්ලන්න මේ ඉංජිනේරු මාෆියාව බලන් ඉන්නේ. වැරදීමකින් හරි නොරොච්චෝලේ බිඳ වැටුනොත් ඊළඟට විකල්පය ජලය. එතනින් පස්සේ තමයි ඉල්ලම පෑදෙන්නේ. යම් මොහොතක විදුලිය නිපදවන්න ප්‍රමාණවත් ජලය නැති වුනාම ඊළඟ විකල්පය කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර සහ ඩීසල් බලාගාර වෙත යනවා. 2022 ඩීසල් ගේන්නත් මුදල් නැති නිසා තමයි අපි පෙබරවාරි මාසේ ඉඳලා ලොකු විදුලි කප්පදුවකට ගියේ. ඒ කාලේ වැස්සත් නැති නිසා පුද්ගලික ජල විදුලි බලාගාර විකල්පයත් අපිට නැති වුනා.

දැන් සමහර ඉංජිනේරුවන්ට සූර්ය බලය පේන්න බෑ. මේ මොහොතේ අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම විකල්පය ප්‍රතික්ෂේප කරලා රටේ ජාතික ධනයත්, විදේශ විනිමයත් නාස්ති කරන වැඩේට තමයි දැන් බහින්න හදන්නේ. මේ නිසා ලොකු මුදලක් නාස්ති වෙනවා. දැන් විදුලි බිල අඩු කරපු නිසා එතන අඩු වුන ආදායම නිසා පිරිවැය වැඩිවෙලා කියන දවසක වැඩි ඈතක නෑ. ගිය අවුරුද්දේ බෝනස් නොලැබීමේ දුකත් හිතේ කොණක තියන් තමයි මේ කොල්ලකෑමට එන්නේ.

දකුණේ විදුලිය අර්බුදය පිටුපස කාන්තාවක් ! - රහස්‍ය වාර්තාවකින් අනාවරණය වේ !

 

අප්‍රේල් මාසේ වෙද්දී ජලාශ වල වතුර අඩුවුනාම, විදුලි ඉල්ලුම වැඩිවුනාම හරි ලේසියෙන් හදිසි මිළදී ගැනීම් වලට යන්න පාර කැපෙනවා. ඒ වෙනුවෙන් දැන් ඉඳලම සූර්ය බලය ප්‍රතික්ෂේප කිරීමේ දැවැන්ත කාර්යයට මණ්ඩලේ දැන් අතගහලා ඉවරයි.

අවසානේ යල කන්නයේ ගොවිබිමට බැහැලා වාරි ජලයෙන් වගාව පටන් ගන්න ඉන්න ගොවියට මේ වැඩෙන් ලොකු පහරක් වදිනවා. යල කන්නයේ බිම් සකසන්න ප්‍රමාණවත් තරම් වතුර නැතිවෙනවා. මේ මාෆියට ඉක්මනින් තිත තියන්න ආණ්ඩුව පියවර ගන්නම ඕන.

(සටහන | සංජන රවිඳු)

උපුටා ගැනීම - Sanjana Ravindu ගේ ෆේස්බුක් පිටුවෙන්...


සබැඳි ලිපියක් :
සූර්ය බලශක්ති උත්පාදනය කප්පාදු කිරීම ජාතික අපරාධයකි - චම්පික රණවක


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...