The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

වීදි වෙළඳුන්ටත් සැබෑ වටිනාකමක්

T

The Leader Desk

February 20, 2025 • 10:25 AM

වීදි වෙළඳුන්ටත් සැබෑ වටිනාකමක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව මෙය නීති විරෝධී දෙයක් ලෙසින් අර්ථ දක්වන්නටද බැරිකමක් නැත.
  • නමුත් අපේ රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් සිය ජීවන මාර්ගය ලෙස තෝරාගෙන ඇති වීදි වෙළඳාම අනවශ්‍ය දෙයක් ලෙස එක්වරම බැහැර කළ නොහැක්කේ එය ආකාර ගණනාවකින් සාමාන්‍ය ජනතාවට ඉමහත් සේවාවක් සලසන නිසා ය.
  • නමුත් රටේ ඕනෑම මැතිවරණයක් සඳහා යෝජනා වූ විගස හතු පිපෙන්නාක් මෙන් වීදි වෙළෙඳුන් බිහි වන අතර ඒ කාල සීමාවේදී පොලිසියෙන්, නගර සභාවෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිදු බලපෑමක් ඇති නොවේ.
  • සැබෑ වීදි වෙළෙඳුන්ට ඉන් සිදු වන්නේ අසාධාරණයක් බවද සිහි කළ යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ අනුව මෙය නීති විරෝධී දෙයක් ලෙසින් අර්ථ දක්වන්නටද බැරිකමක් නැත. පොලිසියට අලුතෙන් ස්ථාන භාර නිලධාරී මහතෙක් පත්වී ආවොත් මුලින්ම නගරයේ පදික වේදිකාවෙන් ඉවත් වන්නට සිදුවන්නේ වීදි වෙළඳුන්ට ය. නගර සභාවට, ප්‍රාදේශීය සභාවලට අලුතෙන් නිලධාරීන් පත්වුණු විටද බොහෝ විටම සිදුවන්නේ ඔය අලකලංචියම ය.
       
නමුත් අපේ රටේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් සිය ජීවන මාර්ගය ලෙස තෝරාගෙන ඇති වීදි වෙළඳාම අනවශ්‍ය දෙයක් ලෙස එක්වරම බැහැර කළ නොහැක්කේ  එය ආකාර ගණනාවකින් සාමාන්‍ය ජනතාවට ඉමහත් සේවාවක් සලසන නිසා ය. එබැවින්  මෙය රජය පිළිගත්, නීත්‍යානුකූල ව්‍යාපාරයක් බවට පත්කිරීමත්, ඒ ඔස්සේ වීදි වෙළඳුන්ට සමාජය තුළ පිළිගැනීමක් ඇති කිරීමත් ඉතා වැදගත් කර්තව්‍යයක් වන අතර ඒ සඳහා දීර්ඝකාලීන විසඳුම් අවශ්‍ය වේ.   
 
වීදි වෙළඳුන්ව සාමාන්‍ය ජන සමාජය තුළ කරදරයක්, හිරිහැරයක් ලෙස දකින්නේ විශේෂයෙන් උත්සව සමයේදී නගරවල මංමාවත් ජනාකීර්ණ වන විට වීදි වෙළඳුන්  බාධාවක් වන නිසා ය. වීදි වෙළඳුන් අමතරව කීයක් හෝ උපයාගන්නා ඒ කාලයට පොලිසිය ද කරන්නේ නගරයේ මංමාවත් ඇහිරියාම වැළැක්වීම සඳහා මුලින්ම වීදි වෙළඳුන්ව ඉවත් කිරීමයි. නමුත් රටේ ඕනෑම මැතිවරණයක්  සඳහා යෝජනා වූ විගස හතු පිපෙන්නාක් මෙන් වීදි වෙළෙඳුන් බිහි වන අතර ඒ කාල සීමාවේදී පොලිසියෙන්, නගර සභාවෙන් සහ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිදු බලපෑමක් ඇති නොවේ. සැබෑ වීදි වෙළෙඳුන්ට ඉන් සිදු වන්නේ අසාධාරණයක් බවද සිහි කළ යුතුය.
WhatsApp Image 2025 02 20 at 4.28.32 PMෆියැන් ශ්‍රී ලංකා ආයතනයේ ලාල් ජයසේකර, ෆස්ලි මොහොමඩ් යන මහත්වරුන් සහ දීප්ති කාන්තා සංවිධානයේ සභාපතිනි නිශාන්ති කුමාරි මහත්මිය
 
රටතුළ ඇතිවන  ඕනෑම පීඩාකාරී අවස්ථාවක දී  වීදි වෙළඳුන්ගේ සේවය අපට අවශ්‍ය වූ බව අතීතයෙන් උගත් පාඩම් අපට තිබේ. හොඳම උදාහරණය කොරෝනා වසංගතයයි. එකල ගම්වලටම පැමිණ ආහාර ද්‍රව්‍ය අලෙවි කළේ ඔවුන් ය. එසේම රසායනික ද්‍රව්‍යවලින් තොර ගම්වල පලතුරු , එළවළු  ඇතුලු ආහාර සඳහා ගන්නා අපට ආවේණික බොහෝ දෑ සොයාගත හැක්කේ වීදි වෙළඳුන් වෙතිනි. සුපිරි වෙළඳ සැල්වල ඇති දේවල් ඊට වඩා අඩු මිලට අප වීදි වෙළඳුන්ගෙන් මිලදී ගන්නා අතර සුපිරි වෙළඳ සැල්වල නැති දේවලුත් අපට මිලදී ගත හැකි වන්නේ ඔවුන්ගෙනි. පහළ මට්ටමේ සිට ඉහළම මට්ටම දක්වා සමාජයේ ඕනෑම තරාතිරමක කෙනෙකුට වීදි වෙළඳුන්ගේ පිහිට අවශ්‍ය වන්නේ මෙකී නොකී බොහෝ කාරණා නිසා ය.
     
ආහාර නිෂ්පාදනය සහ පාරිභෝගිකයා අතර ඇති හිඩැස පුරවන විදී වෙළෙන්ඳා ශක්තිමත් කිරීමට නම් නීත්‍යානුකූල වශයෙන් ඔවුන්ට පවතින නීතිමය සහ සාමාජයීය බාධක ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා රාජ්‍ය අංශයේ වගකීම වඩා වැදගත් වෙයි. එය සමාජයට අත්‍යවශ්‍ය දෙයක් බවට ආකල්පමය වෙනසක් ඇති කළ යුතුය. 
     
WhatsApp Image 2025 02 20 at 4.27.21 PMහපුතලේ කණ්ඩායම
ඔබ කිසිදාකත් වීදි වෙළඳුන්ගේ ජීවිතවල ඇතුලාන්තය කෙරෙහි සංවේදී වී නැතුවා විය හැකිය. නැතහොත් ඊට ඔබට අවස්ථාවක් නොලැබී තිබෙන්නට පුළුවන. ඔවුන් දෛනිකව උපයන සොච්චම් මුදලින් ඔවුන්ගේ දරු පවුල් නඩත්තු වන අන්දම පිළිබඳව සමාජයට ඇත්තේ අඩු දැනුවත් භාවයක් සහ නොසලකා හැරීමකි. මේ කතා කරන්නේ ඔවුන් ගැන  සහ ඔවුන්ගේ හෙට දවසට නව අරුතක් ගෙන ඒම අරමුණු කරගෙන බිහි කරමින් යන “සුළු වෙළඳ හා දෛනික අලෙවිකරුවන්ගේ සමූපකාර සමිතිය” ගැන ය.
මේ සමාජමය වෙනස ඇති කිරීම සඳහා, ආහාර මූලික කොට ගත් ශ්‍රී ලංකාවේ තොරතුරු සහ ක්‍රියාකාරී ජාලය  හෙවත් FIAN Sri lanka  ( Food first Information and Action Network of Sri lanka) ආයතනය උත්සාහ දරා ඇති අතර එහි ප්‍රථිඵල ද මේ වනවිට ලැබී තිබේ. 
 
IMG 20250218 WA0001ෆියැන් ශ්‍රී ලංකා ආයතනයේ ආහාර වැඩසටහන් විශේෂඥ ෆස්ලි මොහොමඩ් මහතා හපුතලේ වීදි වෙළඳුන් අමතමින්.
 
එහි විධායක අධ්‍යක්ෂ තිලක් කාරියවසම් මහතා සහ ඉන්දියානු වීදී වෙළඳුන් සහ වෙළඳ සංගම් සමඟ කළ අදහස් හුවමාරු කරගැනීම්වලින් අනතුරුව මේ පිළිබඳව උත්සහයක් ගත් අතර එම ඉන්දියානු නියෝජිතයන් ලංකාවට පැමිණ කළ අධ්‍යනයක ප්‍රථිඵලයක් වශයෙන් ව්‍යාපෘතියක් සකස් වූ අතර ඒ ව්‍යාපෘතිය සඳහා ආසියානු පදනමේ සහයෝගය ලබා ගන්නා ලදී. 
       
වීදි වෙළඳ කණ්ඩායම් පෙර සිටම අපේ රටේ ඒකරාශී වී සිටියද  මෙම ව්‍යාපෘතිය හා එහි ක්‍රියාකාරීත්වය මගින් සිදු කරනු ලැබුවේ යම් නීතිමය රාමුවක් යටතේ එම පිරිස ඒකරාශී කිරීම ය. එබඳු තත්ත්වයකට අවශ්‍ය මඟ පෙන්වීම සහ නීත්‍යානුකූලභාවය ඇති කරදීමට ෆියැන් ශ්‍රී ලංකා ආයතනය උත්සාහ ගත් අතර එහි යම් සාධනීය ලක්ෂණ දැනටමත් දක්නට ලැබේ. යාපන දිස්ත්‍රික්කයේ, පේදුරුතුඩුව, කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා සීමාවේ වීදි වෙළඳ සංගමය හා ඌව පළාතේ බණ්ඩාරවෙල “සීමාසහිත දෛනික හා සුළු අලෙවිකරුවන්ගේ සමූපකාර සමිතිය” ඒ සඳහා සාක්ෂි දරයි.
 
IMG 20250218 WA0002බණ්ඩාරවෙල වීදි වෙළදුන්ගේ කාරක සභාව රැස්වීම 
ඒ අනුසාරයෙන් හික්කඩුව හා පානදුර ජංගම හා වීදි වෙළඳ සංගම් බිහි කළ ද ඉහත කී පරිදි ඊට  නීත්‍යානුකූලභාවය ඇති කරදීමට අපහසු තත්ත්වයක් පැන නැගිණි. ඒ සඳහා  වඩාත්ම බලපෑවේ එම ප්‍රදේශවල නිලධාරීවාදය යි. එම තත්ත්වයන් යටතේ වුවද ප්‍රාදේශීයව පවතින ඉල්ලීම සළකා බලමින් ඇල්ල/දෙමෝදර, හපුතලේ හා බලංගොඩ ප්‍රාදේශීය සභා සහ නගර සභා ප්‍රදේශවල ද වීදි වෙළඳුන් සඳහා වූ සංගම් නිර්මාණය කිරීමට  ෆියැන් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කර ඇත. 
ඉදිරියේදී කිලිනොච්චිය, වවුනියාව, වැල්ලවාය සහ හල්දුම්මුල්ල යන නගරවල මෙම සංගම් පිහිටුවීම කෙරෙහි අවධානය යොමුව තිබේ. මෙම "දෛනික සහ සුළු වෙළඳ අලෙවිකරුවන්ගේ සමිති"  අදාළ පළාත්වල සමූපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරගැනීමෙන් අනතුරුව එය සමූපකාර නීතිය යටතේ කටයුතු කරන ආයතනයක් බවට පත් වේ. 
 
IMG 20250218 WA0004බලංගොඩ වීදි වෙළඳ සංගමයේ සාමාජිකාවෝ
       
මෙම සංගමයට වීදි වෙළඳුන් බඳවා ගැනීමෙහි ක්‍රමවත් ක්‍රියාපටිපාටියක් පවතී. 
       
මුලින්ම ඔවුන් අයදුම් පත්‍රයක් සම්පූර්ණ කළ යුතුය. ඔවුන්ගේ වෙළඳාමේ ස්වභාවයට අනුව ඔවුන් වර්ගීකරණය කෙරේ. මෙම වර්ගීකරණය කරන අතරේම  සමිතිය ද පිහිටුවනු ලබයි. ඉන්පසු අතුරු ව්‍යවස්ථාවක් සකස් කර අදාළ ප්‍රදේශයේ පරිපාලන ආයතනයට අනුමැතිය පිණිස ඉදිරිපත් කෙරේ. ඊළඟට පළාත් පාලන කොමසාරිස් වෙත යොමු කිරීමෙන් පසු යම් නීතිමය රාමුවකට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීම නීතිමය කාර්යයකි.
 
IMG 20250218 WA0005බලන්ගොඩ වීදි වෙළඳ සංගමය ඇතිකිරීම සඳහා මුල් වූ නිශාන්ති කුමාරි මහත්මිය සභාව අමතමින්
     
FIAN SRI LANKA LOGO NEW 1 e1718019982833FIAN Sri lanka ෆියැන් ශ්‍රී ලංකා ආයතනය මගින් ආහාර සම්බන්ධයෙන් වීදි වෙළඳුන් සඳහා සැකසූ උපදෙස් මාලාවක් පවතියි. එයට අනුගතව ඔවුන්ගේ නිෂ්පාදන  සකස් කිරීමේ සහ අලෙවි කිරීමේ කාර්යයන් කළ යුතුය. ඒ අනුව දැනුවත් කිරීමේ වැඩසටහන් සහ පුහුණු වැඩසටහන් ෆියැන් ශ්‍රී ලංකා  ආයතනය විසින් පවත්වනු ලබයි.  මෙම සංගම්වල නිලධාරීන්ව පළාත් පාලන කොමසාරිස්, ප්‍රාදේශීය ලේකම්, නාගරික ලේකම්, ආණ්ඩුකාර යනාදී රාජ්‍ය නිලධාරීන්ගේ රැස්වීම්වලට ද සම්බන්ධ කරවීම තුළින් වීදි වෙළෙඳුන්ගේ ආත්ම ගෞරවය නංවාලීමත්, ආත්ම තෘප්තිය ළඟා කරවීමත් උදෙසා ෆියැන් ශ්‍රී ලංකා ආයතනය දරා ඇත්තේ විශාල උත්සාහයකි. එමගින් අදාළ වීදි වෙළඳ සමිති සඳහා සමාජමය වශයෙන් විශාල පිළිගැනීමක් ලැබී ඇති අතර එය තවදුරටත් වර්ධනය කිරීම ට  අවශ්‍ය පහසුකම් සැපයීමට ෆියැන් ශ්‍රී ලංකා  ආයතනය කටයුතු කරමින් සිටියි.
IMG 20250218 WA0003බලංගොඩ වීදි වෙළඳ සංගමයේ සාමාජිකාවෝ
  
ආහාර අයිතිය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් වැදගත් වන තේමා සහිත දිනයන්හිදී සමාජ මාධ්‍ය භාවිතා කරමින් මේ පිළිබඳව මතවාදීමය වෙනසක් සමාජය තුළ ස්ථාපිත කිරීමට ෆියැන් ශ්‍රී ලංකා  උත්සාහ දරයි. වීදි වෙළෙඳුන් වෙනුවෙන්ම නිර්මාණය කළ ෆේස්බුක් පිටුව සහ වට්ස්ඇප් සමූහයන් හරහා වෙනසක් වර්ධනය කිරීමට ගන්නා වෑයම අගය කළ යුතුය. එමඟින් දෛනික සුළු වෙළඳ අලෙවිකරුවන්ගේ සුබසාධනය පිළිබඳව ද අවධානය යොමු කර තිබේ. මේ ඔස්සේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනයන් වෙත ප්‍රබල පණිවුඩයක් ගෙනයාමට ද  ෆියැන් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කර ඇති අතර, ආයතනය හා සම්බන්ධ දේශීය මෙන්ම විදේශීය ආයතනයන්ගේ සාමාජිකයින් වෙත මෙම පණිවිඩය ගලා යෑමට සැලැස්වීමෙන් වීදි වෙළඳ ප්‍රජාව වෙත ශක්තිමත් සංවිධාන ජාලගත කිරීමක් කර තිබේ.  ඒ වටා එකතු වන කණ්ඩායම් හි ප්‍රතිචාර අනාගතයේ දී දැක ගැනීමට හැකි වනු ඇත. ඒ සඳහා මෙහි සඳහන් කළ සෑම ප්‍රදේශයකම රාජකාරී කරන රාජ්‍ය නිලධාරීන් ලබා දෙන සහය ද අගය කළ යුතුමය.       
 
වීදි වෙළෙඳුන් යන නිර්වචනය සමාජගත වී ඇති ආකාරයට වඩා  වෘත්තීමය පසුබිමක් අනාගතයේදී නිර්මාණය කරදීමෙන් ඔවුන්ගේ සමාජගත ජීවිතයට සමාජයීය සහ නීත්‍යානුකූල පිළිගැනීමක් සහිත පරිසරයක් නිර්මාණය කර දීම ෆියැන් ශ්‍රී ලංකා හි අනාගත අපේක්ෂාවයි. 
  
IMG 20241028 WA0005
සටහන - ඉන්දු පෙරේරා 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වීදි වෙළඳුන්ටත් සැබෑ වටිනාකමක් | The Leader