The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රසිද්ධ කරන්න: කුසල් පෙරේරා අගමැතිනියගෙන් ඉල්ලයි

T

The Leader Desk

February 24, 2025 • 11:37 AM

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රසිද්ධ කරන්න: කුසල් පෙරේරා අගමැතිනියගෙන් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධව අග්‍රාමාත්‍යවරිය එදින සඳහන් කළ ගුරු පුහුණුව, පාසල් සංවිධානය හා යටිතල පහසුකම් දියුණු කිරීම යනාදි මූලික කාරණා ද ඔහු සිය ලිපියෙහි අවධාරණය කර ඇත.
  • මතු දැක්වෙන්නේ මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත යවනු ලැබ ඇති සම්පූර්ණ ලිපිය යි.
  • පෙබරවාරි 24 අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමතිනි, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය, අගමැති කාර්යාලය අංක 58, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත කොළඹ 07.
  • පසුගිය ජනවාරි 23 වන දින ඔබ පාර්ලිමේන්තුවෙහිදී කළ විශේෂ ප්‍රකාශයකට අනුව, විෂය මාලාව හා විභාග ක්‍රමය ලබන 2026 වසරේ සිට වෙනස් කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම දුර දිග යන වෙනසක් සඳහා ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින බවත්, එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය කිහිප වර කිහිප තැනකදී පවසා ඇති බවත් සිහිපත් කරන කුසල් පෙරේරා අවධාරණය කරන්නේ පසුගිය ජනවාරි 23 වන දින අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශයකට අනුව, විෂය මාලාව හා විභාග ක්‍රමය ලබන 2026 වසරේ සිට වෙනස් කරනු ඇති බවයි.

 



ඒ සම්බන්ධව අග්‍රාමාත්‍යවරිය එදින සඳහන් කළ ගුරු පුහුණුව, පාසල් සංවිධානය හා යටිතල පහසුකම් දියුණු කිරීම යනාදි මූලික කාරණා ද ඔහු සිය ලිපියෙහි අවධාරණය කර ඇත.

මතු දැක්වෙන්නේ මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත යවනු ලැබ ඇති සම්පූර්ණ ලිපිය යි.



2025 පෙබරවාරි 24
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමතිනි,

අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය,
අගමැති කාර්යාලය
අංක 58, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත
කොළඹ 07.

info@pmoffice.gov.lk

අධ්‍යාපන අමාත්‍යාංශ යොමුව - secretary.education@moe.gov.lk

ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී,

ලබන 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලීම

මේ රටේ සමස්ත අධ්‍යාපන පද්ධතිය ම දුර දිග යන වෙනසක් සඳහා ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින අතර, එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබ කිහිප වර කිහිප තැනකදී කියා තිබිණ. පසුගිය ජනවාරි 23 වන දින ඔබ පාර්ලිමේන්තුවෙහිදී කළ විශේෂ ප්‍රකාශයකට අනුව, විෂය මාලාව හා විභාග ක්‍රමය ලබන 2026 වසරේ සිට වෙනස් කරනු ඇත. ඒ සම්බන්ධව ඔබ එදින සඳහන් කළ අයුරු ගුරු පුහුණුව, පාසල් සංවිධානය හා යටිතල පහසුකම් දියුණු කිරීම මූලික කාරණා වනු ඇත.

තව දුරටත් කරුණු දැක්වූ ඔබ සෞන්දර්ය, තොරතුරු තාක්ෂණය හා ගණකාධිකරණ විෂයන් ඉවත් නොකරන බවත් ඒවා සමාජයට වඩාත් අදාළ වන ලෙස සංශෝධනය කරන බවත් පැවසුවා ය.

යාපනයේ කෝපායි හි ඉකුත් 15වන දින පැවති ජාතික අධ්‍යාපන විද්‍යාලයේ 25 වන සංවත්සරයේ දී ඔබ ගුරු-සිසු සබඳතා ඉතා ඉහළ තලයක තිබිය යුතු යැයි සඳහන් කරමින් පවසා තිබූයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඊට වැදගත් අවධානයක් යොමුකර ඇතැයි කියා ය.

 


ඉකුත් 22 වන සෙනසුරාදා දින ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජිත කණ්ඩායමක් සමග ඔබ පාර්ලිමේන්තුවෙහි පැවත් වූ සාකච්ඡාවකට පසු, ලබන 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් සම්පාදනය කෙරෙන බවට, අගමැති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළේ ය.

මෙවැනි ප්‍රකාශ මගින් දන්වනු ලබන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඔබගේ සම්බන්ධකම් මත හවුල්කර ගෙන ඇති කණ්ඩායමක් සමගින් ඔබ තීන්දුකර ඇති අයුරු, ලබන 2026 වසරේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමූහයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.

මෙය ඔබ වෙත යොමු කිරීමට තීන්දු කරනු ලැබුවේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළෙස තීන්දු කළ නොහැකි යැයි ද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත සමාජ කතිකා ඔස්සේ ගොනු වන අදහස් යෝජනා මත කෙටුම්පත් විය යුතු යැයිද කීමට ය. මේ රටේ ඕනෑ තරම් ප්‍රතිපත්ති ඇතැයිද ප්‍රශ්නය වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම උදෙසා නිසියාකාරව මුදල් වෙන් නොකිරීම යැයි ද ඔබ ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ නියෝජිතයින් සමග පවසා තිබුණ ද මේ රටේ දැනට පිළිගත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැත. එනිසා සියල්ලට පෙර “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය” සමාජ සම්මුතියකට යටත්ව සම්පාදනය කරගත යුතු ය.

මීට පෙර, 2020 සිට 2030 දක්වා වන වසර 10 ක් සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කර ජනාධිපති වෙත බාර දීමට පත් කරනු ලැබූ කොමිසම 2020 ඔක්තෝම්බරයේ වැඩ ආරම්භ කර, වාර්තාව ඉදිරිපත් කර තිබූයේ 2022 ජුනි මාසයේදීය. එහෙත් එය අවම තරමින් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකට හෝ බඳුන්ව නැත. ඉන්පසු නැවත වසර 25 ක කාලයක් වෙනුවෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සම්පාදනය කිරීම සඳහා ඇමති උප කමිටුවක් පත් කරනු ලැබිණ. ඔවුන්ගේ සහායට 25 දෙනෙකුගෙන් යුත් “විශේෂඥ” කමිටුවක්ද 2023 අප්‍රේල්හි පත් කරනු ලැබිණ. ඔවුන් සම්පාදනය කර ඇත්තේ 2023 සිට 2033 දක්වා වසර 10 ක් සඳහා වන ප්‍රතිපත්ති කෙටුම්පතකි. එයද කොතැනකවත් සාකච්ඡාවට ගෙන නැත.

ඉහළ තනතුරුවල සිටින නිලධාරීන් හා “විශේෂඥ” හිතවතුන් සමග වන එවැනි තවත් කමිටු මගින් දරුවන්ට, රටට වැඩදායක අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සම්පාදනය කළ නොහැකි ය. මේ රටේ අධ්‍යාපනය විෂයක් ලෙස විමධ්‍යගත කෙරුණු, පළාත් වශයෙන් නියාමනය වන, දැවැන්ත සේවා සැපයුමකි. එහි වසර 30 ට ආසන්න යුද්ධයකින් විනාශ වූ ප්‍රදේශවල අබලි පාසල්වල උගන්වන ගුරුවරුන්ට හා ඉගෙන ගන්නා ළමුන්ගේ දෙමාපියන්ට ද අධ්‍යාපනය ගැන කියන්නට බොහෝ දේ තිබිය හැකි ය.

 

ගුරුවරුන් නැතිව සුහුරු පන්ති කාමර තිබුණාම ඇති ද? - (නිමල් අබේසිංහ)
එනිසා ඔබ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරනවා යැයි කියන්නාවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවාදැයි මේ සමාජය කල් ඇතිව දැන සිටිය යුතුවාට අමතරව, ඒවා සම්පාදනය කිරීමේ සංවාද සාකච්ඡාවල, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, දෙමාපියන්, වෘත්තීය සමිති හා සමාජ ක්‍රියාකාරීන් හවුල් විය යුතුව ද ඇත.

එනිසා, ඔබ කියන්නාවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලින් වහා ප්‍රසිද්ධියට පත් කරන මෙන්ද, ඒවා සම්බන්ධයෙන් කෙරෙන සංවාද සාකච්ඡා සම්බන්ධීකරණය කිරීමේ හා සටහන් තබා ගැනීමේ ලේකම් මණ්ඩලයක්ද නිල වශයෙන් ප්‍රසිද්ධියට පත්කරන මෙන් සමාජීය වගකීමක් ඇතිව මෙයින් ඉල්ලමි.

මගේ ලිපිනය ලෙස මෙම ලිපිය ඔබට යොමු කරන මගේ විද්‍යුත් තැපැල් ලිපිනය භාවිත කරනු මැනව.

ස්තුතියි.
මෙයට විශ්වාසී

පළාත් පාලන ඡන්දෙ තියන අයත් තරග කරන අයත් ඡන්දෙ දෙන අයත් කියන්න - 'මොනවටද මේ  මැතිවරණ?' | කුසල් පෙරේරා| කුසල් පෙරේරා
kusal.perera@gmail.com

පිටපත් -
සියලු මාධ්‍ය හා සමාජ ක්‍රියාකාරීන් වෙත



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රසිද්ධ කරන්න: කුසල් පෙරේරා අගමැතිනියගෙන් ඉල්ලයි | The Leader