The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජපක්ෂ නැගිටීම | එරන්ද ගිනිගේ

T

The Leader Desk

February 26, 2025 • 9:51 AM

රාජපක්ෂ නැගිටීම | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර කුමාර ඇතුළු ආණ්ඩුව අසාමාන්‍ය ලෙස පහර දෙන්නේ මහින්ද සහ නාමල් ට මිස සජිත් ට නොවේ.
  • අනුර කුමාරට ඇති සැබෑ අභියෝගය සමගි ජන බලවේගය යි.
  • නලින් හේවගේ වැනි ජවිපෙ නූගත් ගංකබරයන්ට එරෙහිව ආචාර්ය කෞෂල්‍යලා යුධ ප්‍රකාශ කරමින් සජබ යේ කුලීන කවිරත්නලා වෙනුවෙන් සටන් කරන්නේ අහම්බයෙන් නොවේ.
  • එය අනතුරු හැඟවීමක් බව දේශපාලනය කියවන්නෝ දනිති.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුර කුමාර ඇතුළු ආණ්ඩුව අසාමාන්‍ය ලෙස පහර දෙන්නේ මහින්ද සහ නාමල් ට මිස සජිත් ට නොවේ. මහින්දගේ නිල නිවස සහ ආරක්ෂාව අල්ලා ගෙන රටේ ජනාධිපති ම ආවේගයෙන් පහර දීම අසාමාන්‍ය නොවේ ද? ව්‍යවහාර බසින් කිව හොත් “ඕවර් ඇක්ටින්” නොවේ ද? දැන් ලංකාවේ ජනමාධ්‍යය තුළ වැඩිපුරම කථා වෙන්නේ රාජපක්ෂලා ගැන ය. ඕනෑම ප්‍රවෘත්තියක් අවසන් වන්නේ රාජපක්ෂලා ගෙනි. ඒ ඇයි?

ඕනෑම අයෙකු ඕනෑම තැනකින් ඉවත් කළ යුතු නම් කළ යුත්තේ ඔහු/ඇය පිළිබඳව වචනයක් හෝ කථා නොකර සිටීම ය. දේශපාලනයේ දී එය ඉතා ප්‍රබල උපක්‍රමයකි.

රාජපක්ෂලා සැබැවින්ම ජන විඥානයෙන් විතැන් වෙමින් තිබිණි. ජනපතිවරණ සමයේ අපට තිබුණු ලොකුම ගැටලුව නාමල් ගැන මාධ්‍ය තුළ කථා නොකිරීම යි. නමුත් අනුර කුමාරගේ සූක්ෂ්ම මෙහෙයුමෙන් නැවතත් රාජපක්ෂලා කරළියට ගෙනැවිත් තිබේ. එය පැහැදිලිව ම සැලසුමකි.

 



අනුර කුමාරට ඇති සැබෑ අභියෝගය සමගි ජන බලවේගය යි. හරිනි ප්‍රමුඛ කොළඹ ප්‍රභූ ධනේශ්වර පිල ඉදිරියේ දී සජබ හා එකතු වුවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බලය අහිමි වේ. නලින් හේවගේ වැනි ජවිපෙ නූගත් ගංකබරයන්ට එරෙහිව ආචාර්ය කෞෂල්‍යලා යුධ ප්‍රකාශ කරමින් සජබ යේ කුලීන කවිරත්නලා වෙනුවෙන් සටන් කරන්නේ අහම්බයෙන් නොවේ. එය අනතුරු හැඟවීමක් බව දේශපාලනය කියවන්නෝ දනිති. කොටින්ම මාලිමාණ්ඩුවේ ප්ලග් එක තියෙන්නේ හරිනි අතේ බව අනුර දනී.

දේශපාලනය යනු චෙස් ක්‍රීඩාවකි. එහිදී ඉත්තන් අදින්නේ ඒ මොහොතේ තත්ත්වයන් අනුව නොවේ. අනාගතයේ ඇති වන තත්ත්වයන් අනුව ය. ඊළඟට රටේ ඇතිවීමට නියමිත බරපතල තත්ත්වයන් තුළ ආණ්ඩු බලය සජබ වෙත යාම වැළැක්විය හැක්කේ රාජපක්ෂලා නැවත බලගැන්වීම හරහා පමණක් බව අනුර දනී.

 

480022969 1178641406964928 3008755241337256956 n

නාමල් පොහොට්ටුවේ ජාතික සංවිධායක කළේ අනාගතය ගැන සිතා ය. ඒ තීරණය හිතුවාටත් අධික ව ඵල දැරුවේ ය. පොදුජන පෙරමුණේ සිටි මළ භාර (Dead Weight) සහ පිළිල ටික ඉවත් කර ගැනීමට ඉන් අපට හැකි විය. දැන් ඉන්නේ අලුත් කණ්ඩායමකි. සැබැවින් ම ලංකාවේ තරුණ ම සහ සාපේක්ෂ ව පිරිසිදු ම දේශපාලන ව්‍යාපාරය හැදෙමින් තිබෙන්නේ නාමල්ගේ නායකත්වය යටතේ ය. මෙය අහම්බයක් නොවේ. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ නායකයන් විසින් සිතාමතා කළ මෙහෙයුමකි.

දේශපාලනය ගැන නොදත් සාතිශය බහුතරයක් වැසියන් ට මේ සැලසුම් වැටහෙන්නේ නැත. ඔවුන් හිතන්නේ අනුර විසින් රාජපක්ෂලා ඉලක්ක කර පහර දීම රාජපක්ෂලා වලට යැවීමට කරන දෙයක් ලෙස ය. නමුත් සැබැවින් ම වෙන්නේ එයට ප්‍රතිවිරුද්ධ දෙය යි. නාමල් සිර භාරය ට ගත හොත් එය නාමල් ට කළ හැකි විශාලත ම උපකාරය යි. දැන් නැවතත් රාජපක්ෂලා නැගිටිමින් සිටී. එයින් අනුර කුමාර ට ලැබෙන මානසික අස්වැසිල්ල සුළුපටු නොවේ. දිස් ඉස් පොලිටික්ස්.

නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)(සටහන |එරන්ද ගිනිගේ)

BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com


2025 පෙබරවාරි 26


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...