The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රුසියානු හමුදාවට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික සෙබළුන්ගේ කඳුළු කතාව (වීඩියෝ)

T

The Leader Desk

March 2, 2025 • 9:59 AM

රුසියානු හමුදාවට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික සෙබළුන්ගේ කඳුළු කතාව (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාවට ගිහින් රසික ටික දවසක් බිරිඳට, දරුවන්ට කෝල් කළා.
  • ක්‍රෙඩිට් කාඩ් තහනම් කරලා, බැංකු හරහා සල්ලි එවන්නත් බෑ, ඒ නිසාම සල්ලි එවන අයට ලොකු ඉල්ලුමකුත් ඇතිවෙලා.
  • ඒ නිසා උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන කෙනෙකුගේ ආධාර පතන්න රසිකටත් සිද්ද වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

රුසියාවට ගිහින් රසික ටික දවසක් බිරිඳට, දරුවන්ට කෝල් කළා. ඒත් යුද පෙරමුණට ගියාට පස්සේ මාස ගාණක් රසික ගැන කිසිම ආරංචියක් තිබුණෙ නෑ.

පෙබරවාරි මාසේ අගදී එහෙම 'අතුරුදහන් වුණ' රසික ආයෙත් මැයි මාසේ දවසක ගෙදරට කෝල් කළා. ඔහු යුද පෙරමුණේදී තුවාල ලබල රෝහලේ හිටියේ.

රුසියාවට ගිය ශ්‍රී ලාංකික සෙබල පවුල්වල ශෝකාන්තය
කිහිප වතාවක් රසික ඔහුගේ වැටුපත් ලංකාවට එවුවා.

ඒත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දාල තියන සම්බාධක නිසා ලංකාවට සල්ලි එවන එක හරිම අමාරුයි. ක්‍රෙඩිට් කාඩ් තහනම් කරලා, බැංකු හරහා සල්ලි එවන්නත් බෑ, ඒ නිසාම සල්ලි එවන අයට ලොකු ඉල්ලුමකුත් ඇතිවෙලා.

හරියට සෝවියට් දේශය තිබුණ කාලේ වගේ. ඒ දවස්වලත් money exchange කළේ බොහොම හොර රහසේ. හැබැයි එහෙම කරපු අය හොඳට හම්බ කළා.

ඒ නිසා උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන කෙනෙකුගේ ආධාර පතන්න රසිකටත් සිද්ද වුණා.

ඒත් ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ රසික රුසියාවේ ඉන්න ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකුට දීපු රූබල් ලක්ෂ දෙකක් (රුපියල් ලක්ෂ හයක් විතර) තවමත් රසිකගේ බිරිඳට ලැබිල නෑ.

The Leader | We Lead the Nation - Results from #10472
ඒ අතරේ රසික ආයෙත් අතුරුදහන් වෙලා. දෙවෙනි වතාවටත් තුවාල ලබල රෝහලේ හිටපු රසික දැන් මාසෙක විතර ඉඳල අතුරුදහන් වෙලා.

දැන් රසිකගේ බිරිඳට, දරුවන්ට රසිකත් නෑ, එයා ජීවිතේ පරදුවට තියල හම්බ කරපු සල්ලිත් නෑ.

මේ, රුසියාවේ යුද්ධයට බැඳුණ ශ්‍රී ලාංකික සොල්දාදුවන් ගැන එක කතාවක් විතරයි.

මේ වගේ කතා දුසිම් ගණනක් දිනපතාම මට අහන්න ලැබෙනවා. සමහරු මැරුණ අයගේ වන්දියත් ගසා කාල. රුපියල් කෝටි ගණන් වංචා කරලා.

අවාසනාව තමයි ඒ ගොඩක් වංචාවලට සම්බන්ධ වෙලා ඉන්නෙත් රුසියානුවෝ නෙවෙයි, අපේ රටේම 'මිනිස්සු'.

 

ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...