The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස ..| ඉෂංඛා සිංහආරච්චි

T

The Leader Desk

March 4, 2025 • 7:32 AM

දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස ..| ඉෂංඛා සිංහආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය කලාපයේ තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින් ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ අපනයන අතින් තුන් වන තැන ලංකාවටත්, හත් වැනි තැන නේපාලයටත් හිමිය.
  • ඉන්දියාවට 51 වැනි ස්ථානයේත්, බංගලාදේශය 133 ස්ථානයේත් පසුවේ.
  • කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට ඔබ්බට ගොස් ඔවුන්ගේ ආදිවාසී, දලිත් වාර්ගික සහ අනෙකුත් ආන්තික ජන අයිතිවාසිකම් හා සමාජ යුක්තිය කෙරෙහි ද මෙම රටවල් හතර පුරාම ගැටළු පැන නැගී ඇත.
  • යටත් විජිත සමාජයේ පැවති ශ්‍රම සුරාකෑම, දුප්පත්කම හා වහල් භාවය මෙහි මුල්බැස ඇතිබව පැහැදිලිව පෙන්නුම් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය  කලාපයේ තේ නිපදවෙන ප්‍රධාන රටවල් හතර අතරින් ලෝක වෙළඳ මධ්‍යස්ථාන වාර්තාවන්ට අනුව තේ අපනයන අතින් තුන් වන තැන ලංකාවටත්, හත් වැනි තැන නේපාලයටත් හිමිය. ඉන්දියාවට 51 වැනි ස්ථානයේත්, බංගලාදේශය 133 ස්ථානයේත් පසුවේ.

එහෙත් මෙකී රටවල තේ වතු කම්කරුවන්, විශේෂයෙන් ස්ත්‍රීන්ට හා කම්කරු පන්තික පවුල්වලට බලපාන ජිවන කොන්දේසි පවතිනුයේ ඉතාමත් ශෝචනීය තත්වයකයි.  කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට ඔබ්බට ගොස් ඔවුන්ගේ  ආදිවාසී, දලිත් වාර්ගික සහ අනෙකුත් ආන්තික ජන අයිතිවාසිකම් හා සමාජ යුක්තිය කෙරෙහි ද මෙම රටවල් හතර පුරාම ගැටළු පැන නැගී ඇත.

ASSAM

 

ලංකාව, ඉන්දියාව, බංගලාදේශය හා නේපාලය රටවල් හතරේම තේ වතු කම්කරුවන්ගේ ගැටළු වල වැඩි වෙනසක් නොමැත. යටත් විජිත සමාජයේ පැවති ශ්‍රම සුරාකෑම, දුප්පත්කම හා වහල් භාවය මෙහි මුල්බැස ඇතිබව පැහැදිලිව පෙන්නුම් කරයි.
 
තේ කර්මාන්තය දකුණු ආසියානු කලාපය පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට සෘජු හා වක්‍ර රැකියා සපයන අතර  වැටුප්, සමාජ ආරක්ෂණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ඉඩම් සහ නිවාස අයිතිවාසිකම් පිළිබඳ ගැටළු  තීරණාත්මකය. ඊට අමතරව කුඩා තේ වතු හිමියන්  ප්‍රවර්ධනය කිරීම, සාම්ප්‍රදායික තේ වතුවල  ආකෘතිය නවීකරණය, කර්මාන්තශාලා ඇතුළුව කාර්මික ප්‍රතිව්‍යුහගත කිරීම වැනි  මෑත කාලීන ප්‍රවණතා විසින් සටන් කොට දිනා ගත් කම්කරු අයිතිවාසිකම් කප්පාදුවකට ලක්වීම මෙන්ම  දේශගුණය හා කාලගුණික වෙනස්වීම්  තේ නිෂ්පාදනයට බලපාන අතරම  අවසානයේ ඒ මගින්ද විශාල බලපෑමකට ලක් වන්නේ තේ කම්කරුවන්ය.

සොච්චම් වැටුප්

gov under increasing pressure1
ලෝක තේ වෙළඳ පොලේදී  සැලකිය යුතු ලාභයක් ලැබුනද, තේ කම්කරුවන්ගේ වැටුප ඇත්තේ ඉතාමත් පහත මට්ටමකය.  එම වැටුප ද  ඒ ඒ රටවල ඉහල යමින් තිබෙන ජිවන වියදමට සමපාත නොවන්නකි.

මේ සෑම රටකම තේ වතු කම්කරුවන්ට ලැබෙන්නේ දෛනික වැටුපකි. නේපාලයේ තේ වතු කම්කරුවෙකුගේ දිනෙක වැටුප ඇමරිකානු ඩොලර් 3.05 කි. ඉන්දියාවේ ඇසෑම් හා බටහිර බෙංගාල ප්‍රාන්ත වල දෛනික වැටුප ඇමෙරිකානු ඩෙලර් 3.02 ක් වන විට ත්‍රිපුරයේ එක් තේවතු කම්කරුවෙකුගේ  දිනෙක වැටුප ඇමෙරිකානු ඩොලර් 1.77 කි. මෙම වැටුපට සාපේක්ෂව  හතර දෙනෙකුගෙන් යුත් පවුලක දිනෙක අවම  වියදම ඇමෙරිකානු ඩොලර් 11.49 කි.

ලංකාවේ තේ වතු කම්කරුවෙකුගේ දෛනික  වැටුප ඇමෙරිකානු ඩොලර්  2.78 ක් වන විට හතර දෙනෙකුගෙන් යුත් පවුලක දවසක අවම වියදම ඇමෙරිකානු ඩොලර්  2.51  කි.

Bangaladesh

 

බංගලාදේශයේ තේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප ඇමෙරිකානු ඩොලර් 1.87 කි. එහෙත් එහි හතර දෙනෙකුගෙන් යුත් පවුලක  දිනෙක අවම වියදම ලෙස ගණන් බලා ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 7.06 කි.

2022 වසර දක්වා බංගලාදේශ තේ කම්කරුවන්ගේ දෛනික වැටුප වුයේ ඇමෙරිකානු ඩොලර් 1.32 කි. එම වසරේ අගෝස්තුවේදී 1,50.000 ක් තේ වතු කම්කරුවන් විදී බැස උද්ඝෝෂණය කළේ ඉහල යන ජිවන වියදමට සරිලන අයුරින්, දෛනික වැටුප ඇමෙරිකානු ඩොලර් 3.3 දක්වා වැඩි කරන ලෙසය. දින 19 ක් අඛණ්ඩව ඇදුනු උද්ඝෝෂණය හමුවේ බංගලාදේශ ආණ්ඩුව ඇමෙරිකානු ඩොලර් සත 0.55 ක් වැනි සොච්චම් වැඩිවීමක් ලබා දුනි.

ලංකාවේද තේ කම්කරුවන්ගේ දෛනික වැටුප ඇමෙරිකානු ඩොලර් 4.30 ක් එනම් රුපියල් 1300 ක් දක්වා ඉහල දමා ගත්තේ අඛණ්ඩ අරගලයකින් පසුවය.වැටුප් ඉහල දැමීමට රජයේ පාර්ශවයෙන්  අනුමැතිය හිමිවුවද  වතු සමාගම් ඊට එරෙහිව අධිකරණයට යාමත් සමග තවදුරටත් අසරණ වුයේ කම්කරුවන්ය.

8358504543 285818eb38 k 800x450

ලංකාවේ තේ කම්කරුවන්ට අද දිනයේ ලැබෙන දෛනික වැටුප ද විද්‍යාත්මක ගණනය කර පවතින ජිවන වියදමට අනුව සැකසුවක් නොවේ. තේ කම්කරුවන්ගේ දෛනික වැටුපට වඩා දකුණු ආසියානු කලාපයේ  අනෙකුත් ක්ෂේත්‍ර වල කම්කරුවන්ගේ අවම වැටුප ඉහල අගයක් ගනී.

 

බහුතර ස්ත්‍රී කම්කරුවන්

පවුලකට අක්කර දෙක බැගින් වතු කම්කරුවන්ට බෙදන ලෙස යෝජනා
දකුණු ආසියාවේ තේ වතු කම්කරුවන්ගෙන් අඩකටත් වඩා ස්ත්‍රින්ය. එහෙත් බොහෝ ස්ත්‍රීන් සේවය කරන වතු ඔවුන්ගේ යහපැවැත්මට හිතකර ඒවා නොවේ. ඔවුන් දෛනිකව මුහුණ දෙන අභියෝග අතර, ඔසප් වීම, මාතෘත්වය සහ ළමා රැකවරණය, කාරනා කෙරෙහි රැකියා ස්ථානයේ ප්‍රමාණවත් වෘත්තීය සහ සෞඛ්‍ය ආරක්ෂණ නොමැතිකම, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය නොමැතිකම, වැටුප් විෂමතා, ලිංගික අඩත්තේට්ටම් සහ තීරණ ගැනීමේ භූමිකාවන්ගෙන් බැහැර කිරීම ආදිය දැක්විය හැක.

දකුණු ආසියානු තේ නිපැයුම් කලාපය පුරාම සාම්ප්‍රදායිකව මුල් බැසගත් මතයක් වනුයේ පිරිමි කම්කරුවන්ට වඩා තේ දළු නෙලීම  කළ යුත්තේ ස්ත්‍රී කම්කරුවන් බවයි. මේ හේතුවෙන් ස්ත්‍රීන් වැඩිපුර බඳවා ගැනීමක් පෙන්නුම් කරන අතර පිරිමින් සහ කාන්තා සේවිකාවන් දෙදෙනාටම සමාන වැටුපක් හිමිවේ. එහෙත් ස්ත්‍රීන්  වෘත්තීයෙන් ඉහළට යාමේදී නොයෙක් වෙනස්කම් වලට ලක් කෙරේ. ඔවුන්ගේ සමාන වැඩ කිරීමේ අයිතිය උල්ලංඝනය කෙරෙන අතර අධීක්ෂණ තනතුරුවල ස්ත්‍රීන් දක්නට ලැබෙන්නේ කලාතුරකිනී. ස්ත්‍රී කම්කරුවන්ව තේ දළු නෙලීම, පඳුරු කප්පාදු කිරීම වැනි පහල මට්ටමේ ක්ෂේත්‍ර වැඩට පමණක් සිමා කෙරේ.

වතු කම්කරුවන්ට සහන නොදුන්නොත් ජිනීවා යන බවට අනතුරු ඇඟවීමක්

 

එසේම, තේ වතුවල දෛනික වැඩ නිම කිරීමේදී, ස්ත්‍රීන්ට නිවාස හා ළමා රැකවරණ කටයුතුවල ද නිරත වීමට සිදුවේ. ඔව්හු සති අන්තයේ ගඩොල් පෝරණු සහ  කෘෂිකාර්මික කටයුතුවල හා අවිධිමත් අංශයේ වැඩවලට සම්බන්ධ වීමෙන් අතිරේක ආදායමක් උපයා ගන්නේ තේ වතුවලින් ලැබෙන අඩු වැටුප් නිසාවෙනි. මේ අයුරින්, තේ නිමැයුම් කේෂේත්‍රයේ ස්ත්‍රී  ශ්‍රමිකයින් නිවසේ  හා වත්තේ  බහුවිධ වගකීම්වල පීඩනය, සොච්චම් වැටුප් සහ අහිතකර වැඩ කොන්දේසි හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳිති.

ඉන්දියානු රජයේ වාර්තාවන්ට අනුව එරට ශ්‍රම බලකායෙන් මිලියන 1.12 ක් තේ වතු කම්කරුවන්ය. ඉන් සියයට 7.7 ක් වාර්තා කරන්නේ ඇසෑම් ප්‍රාන්තයෙනී. ඉන් බහුතර කම්කරුවන් ආදිවාසී ජනයායි. සමස්ත තේ කම්කරුවන්ගෙන් අඩකට ආසන්න ගණනක් වූ සියයට හතළිහක් වනුයේ ස්ත්‍රී කම්කරුවන්ය.  
 
රටපුරා පැතුරුණු තේ වතු 159 ක,මිලියන  440,743 ක් වූ කම්කරුවන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමග දිවි ගෙවන බවට බංගලාදේශ තේ මණ්ඩලයේ 2017 / 2018 වාර්ෂික වාර්තා මගින් පෙන්නුම් කරයි. එරට ස්ථිර හා තාවකාලික තේ කම්කරුවන් කොටස් දෙකේම අඩක් නියෝජනය කරන්නේ ස්ත්‍රී කම්කරුවන්ය.

 

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට තීරණයක් ගෙන නැ - වැවිලි කරුවන්ගේ සංගමය

නේපාලයේ තේ කම්කරුවන් 40.000 අතරින් බහුතරය ස්ත්‍රින්ය. ස්ථිර කම්කරුවන්ගෙන් සියයට හතළිස් අටක් සහ  දෛනික තාවකාලික කම්කරුවන්ගෙන්  සියයට හැත්තෑ පහක් ස්ත්‍රී කම්කරුවන්ය. ලංකාවේ 1,50,000 ක් සෘජුවම තේ කම්කරු බලකායට අයත් වන අතර ඉන් අති බහුතරය ස්ත්‍රින්ය.

පාරිතෝෂික දීමනා

තේ කර්මාන්තයේ කම්කරුවන් විධිමත් කම්කරුවන් ලෙස සැලකෙන බැවින්, ඔවුහු තම රටවල පවතින කම්කරු නීති අනුව අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික සඳහා සුදුසුකම් ලබති.

 

nepal
උදාහරණයක් ලෙස, නේපාලයේ තේ වතු හිමියන් මූලික වැටුපෙන් පිළිවෙලින් 10% සහ 8.33% ක් අර්ථසාධක අරමුදල සහ සේවක පාරිතෝෂිකය සඳහා දායක විය යුතුය. ඒ හා සමානව, ලංකාවේ සේවා යෝජකයෙකු සේවක අර්ථසාධක අරමුදල (EPF)ට කම්කරුවාගේ  මුළු ඉපැයීම්වලින් අවම වශයෙන් 12% ක් දායක විය යුතුය.

කම්කරුවන් තම වැටුපෙන් 8% ක් සේවක අර්ථ සාධක [ EPF] වෙත සහ 3% ක් සේවක භාර අරමුදලට (ETF) දායක විය යුතුය.

කලාපයේ බොහෝ වතු සමාගම්වලින් විශ්‍රාම හෝ ඉවත්ව යන කම්කරුවන්ට අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික මුදල කාලෝචිත ලෙස ගෙවීමට සේවායෝජකයින් අපොහොසත් වන බවටද පැමිණිලි රැසකි.

 

1280px Darjeeling Tea Garden worker
කෙසේ වෙතත්, අර්ථසාධක අරමුදල සහ පාරිතෝෂික ප්‍රතිපාදන ස්ථිර කම්කරුවන්ට  පමණක් සීමා වේ. කර්මාන්තයේ කම්කරුවන්ගෙන්  සැලකිය යුතු ප්‍රමාණයක් තාවකාලික හෝ අනියම් වේ.

නිදසුනක් වශයෙන්, නේපාලයේ, තේ වතු කම්කරුවන්ගෙන්  30% ක් පමණක් නිත්‍ය සේවකයින් වේ. බංග්ලාදේශයේ, 27% ක් පමණ තාවකාලික තේ වතු කම්කරුවන්ය.

ශ්‍රී ලංකාවේ, වතු අංශයේ ස්ථිර කම්කරුවන්  සංඛ්‍යාව 1985 දී 458,617 ක් වූ අතර එය 2011 දී 207,235 දක්වා 58% කින් පහත වැටී ඇත.

තාවකාලික හෝ අක්‍රමවත් කම්කරුවන්ගේ  අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික සඳහා ගෙවීමට ඔවුන් බැඳී නොසිටින බැවින්, ශ්‍රම බලකායෙන් විශාල ප්‍රමාණයක් අර්ථසාධක අරමුදල් සහ පාරිතෝෂික සඳහා ඇතුළත් නොවේ.

තේ කම්කරුවන්ගේ එකතුව

 

crwe
ඉන්දියාව, බංගලාදේශය, නේපාලය සහ ලංකාව නියෝජනය කරමින්, ඉකුත් දෙසැම්බරයේ දී නේපාලයේ කත්මන්ඩු නුවරට රැස් වූ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන නියෝජිතයෝ තේ වතු කම්කරුවන්ට සහ  ඔවුන්ගේ අනාගත පරම්පරාවන්ට සාධාරණ හා සමානතා  සමාජයක්  නිර්මාණය කිරීම වෙනුවෙන් ඉදිරි දැක්මක් ගැන සාකච්ජා කළහ.

එහි ප්‍රතිපලයක් ලෙසින් දකුණු ආසියානු තේ වතු කම්කරු සන්ධානය බිහිවිය. මෙම සන්ධානය කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සාමූහිකව පෙනී සිටීම, ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සහ තේ වතු අංශයේ කම්කරුවන්ගේ  අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ ඉල්ලීම් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන්  ජාතික සහ කලාපීය මට්ටමින් ආණ්ඩු සහ පෞද්ගලික අංශය දෙපාර්ශවයටම බලපෑම් කිරීමට නියමිතය.

 

තේ කහට : ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 11-12 මාතලේදී

තේ වතු කම්කරුවන්ගේ දුක්ඛිත දිවිය, වැඩ කොන්දේසි සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමට කලාපය පුරා උද්ඝෝෂණය කිරීමට සහ ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රධාන ධාරාවේ කම්කරු න්‍යාය පත්‍රයට ගෙන ඒම මගින් ජිවන වියදමට සරිලන  වැටුප්, රැකියා හා සමාජ සුරක්ෂිතතාව තහවුරු කිරීම නව කම්කරු එකතුවේ අරමුණය.


ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
ishanka.singhe@gmail.com
නිදහස් මාධ්‍යවේදිනී 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දකුණු ආසියානු තේ කම්කරුවාගේ හෙට දවස ..| ඉෂංඛා සිංහආරච්චි | The Leader