The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හිඟයයන් සහ තීරුබදු: ට්‍රම්ප්ගේ අවුල් සහ ඒ ගැන අපට කළ හැකි දේ | රොහාන් සමරජීව

T

The Leader Desk

March 4, 2025 • 3:28 PM

හිඟයයන් සහ තීරුබදු: ට්‍රම්ප්ගේ අවුල් සහ ඒ ගැන අපට කළ හැකි දේ | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙළඳ හිඟයයන්, විශේෂයෙන් රටවල් දෙකක් අතර, අර්ථවත් නොවන බවට ආර්ථික විද්‍යාඥයින් අතර පුළුල් එකඟතාවයක් පැවතුන ද, ජනාධිපති ට්‍රම්ප් එයට කේන්ද්‍රීය වැදගත්කමක් දෙයි.
  • ඔහු වැඩ භාරගත් දිනයේ ම, එක්සත් ජනපදයේ දිගට පවතින වෙළඳ හිඟයයන් "විමර්ශනය කර පිළියම් යොදන" ලෙස නිලධාරීන්ට නියෝග කලේය.
  • දී සියයට 6.3 කින් වැඩි වීමෙන් පසුව ශ්‍රී ලංකා-ඇමරිකානු වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක් ලෙස පෙන්නුම් කරයි.
  • සමස්ත එක්සත් ජනපද වෙළඳ හිඟයෙන් සියයට 0.28 කට ශ්‍රී ලංකාව වගකිව යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):


වෙළඳ හිඟයයන්, විශේෂයෙන් රටවල් දෙකක් අතර, අර්ථවත් නොවන බවට ආර්ථික විද්‍යාඥයින් අතර පුළුල් එකඟතාවයක් පැවතුන ද, ජනාධිපති ට්‍රම්ප් එයට කේන්ද්‍රීය වැදගත්කමක් දෙයි. ඔහු වැඩ භාරගත් දිනයේ ම, එක්සත් ජනපදයේ දිගට පවතින වෙළඳ හිඟයයන් "විමර්ශනය කර පිළියම් යොදන" ලෙස නිලධාරීන්ට නියෝග කලේය.

drer5
2024 දී සියයට 6.3 කින් වැඩි වීමෙන් පසුව ශ්‍රී ලංකා-ඇමරිකානු වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ක් ලෙස පෙන්නුම් කරයි. සමස්ත එක්සත් ජනපද වෙළඳ හිඟයෙන් සියයට 0.28 කට ශ්‍රී ලංකාව වගකිව යුතු ය. එය ඉවත් කළත්, සමස්තයට හඳුනාගත හැකි බලපෑමක් සිදු නොවනු ඇත.

පිළියම් පිළිබඳ වාර්තාව ලැබෙන තෙක් බලා නොසිට, ජනාධිපති ට්‍රම්ප් හිඟය අඩු කිරීමේ ක්‍රමවේදයක් ලෙස අන්‍යෝන්‍ය තීරුබදු යෝජනා කර ඇත. එහි තේරුම නම්, ඇමරිකා එක්සත් ජනපදය අපනයනය කරන හෝ අපනයනය කිරීමට කැමති අයිතම සඳහා ශ්‍රී ලංකාවේ පවතින තීරු බදු, ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට කරන ප්‍රධාන අපනයන වන, පිරිමි සහ කාන්තා යට ඇඳුම්, කාන්තා පිටත ඇඳුම්, පිරිමි පිටත ඇඳුම්, වායුමය සහ ප්‍රති සැකසුම් කළ  රබර් ටයර් සහ ටියුබ්, ටී-ෂර්ට්, අත්වැසුම්, රෙදි අත් ආවරණ සහ අත්මේස්, උණුසුම් රෙදි (ජර්සි, පුල්ඕවර් ආදිය), මෝටර් වාහන සහ අමතර කොටස්, ක්‍රියාකාරී ඇඳුම් /ක්‍රීඩා ඇඳුම් සහ ළදරු ඇඳුම් වලට පනවන බවයි.

ශ්‍රී ලංකාවේ තීරුබදු ඇමරිකා එක්සත් ජනපදය විසින් අය කරන තීරුබදු වලට වඩා වැඩි බැවින්, මෙය ප්‍රතිවිපාක ඇතිකරයි. ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 3 ක අපනයන ආදායම අඩු වනු ඇත. අන්‍යෝන්‍ය ගාස්තු ක්‍රියාත්මක කිරීම අතිශයින් දුෂ්කර බැවින්, ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇත්තේ ඒ මත පදනම් වූ දළ ආකෘතියකි.

ද්විපාර්ශ්වික හිඟය අඩු කිරීමට හෝ ඉවත් කිරීමට (සමස්ත හිඟය අනුව කුඩා නමුත් 2024 දී ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කළ භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 368.2 ට සාපේක්ෂව විශාල) එසේ නම් ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයන වැඩි කිරීම ගැන සලකා බැලිය යුතු වන්නේය.

එක්සත් ජනපද බුද්ධි මණ්ඩපයක වෙළඳ කටයුතු පිළිබඳ විශේෂඥයෙකු මෑතක පැවැත්වූ වෙබිනාර් සාකච්ඡාවක දී යෝජනා කළේ ශ්‍රී ලංකාව එක්සත් ජනපදයෙන් වැඩි වැඩියෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කළ යුතු බව යි.

භාණ්ඩ සහ සේවා

භාණ්ඩ රේගුව හරහා යන නිසා ජාත්‍යන්තර භාණ්ඩ වෙළඳාම පිළිබඳ දත්ත විශ්වාසදායක වන අතර ලබා ගැනීමට පහසු ය. සේවා සඳහා ගෙවීම් ගණන් කිරීම දුෂ්කර වන්නේ ඒවා එසේ නොවන බැවිනි. එමනිසා, සේවා දත්ත අපැහැදිලි වන අතර විශ්වාසදායක බවිනුත් දුර්වලය. මෙනිසා ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරන බොහෝ දෙනෙක් භාණ්ඩ වෙළඳාම ගැන පමණක් කතා කිරීමට නැඹුරු වෙති. මෙය විකෘති කිරීම් වලට තුඩු දෙයි; දෝෂසහගත විසඳුම් වලට පාදක වෙයි.

ජාත්‍යන්තර වෙළඳාම විශ්ලේෂණය කිරීම සඳහා බහුලව භාවිතා වන ගුරුත්වාකර්ෂණ ආකෘතිවල පදනම වන්නේ, දුරස්ථ ගැනුම්කරුවන් සමඟ වෙළඳාම් කිරීමට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, බොහෝ වෙළෙඳ කටයුතු සිදුවන්නේ අසල රටවල් සමඟ බව යි. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ එක්සත් ජනපදයට ලෝකයේ අනෙක් පැත්තේ ය. ශ්‍රී ලංකාවට ඇමරිකානු භාණ්ඩ අපනයනය කුඩා විය යුතු යැයි අපේක්ෂා කළ යුතු ය. අසාමාන්‍ය දෙය නම් කුඩා ශ්‍රී ලංකාව ඈත එක්සත් ජනපදයට මෙතරම් විශාල ප්‍රමාණයක් අපනයනය කිරීම යි. එය අඩු තීරුබදු වල බලපෑමට වඩා ශ්‍රී ලංකාවේ අපනයනවල වටිනාකම පෙන්නුම් කරයි.

fyer

ඩොලර් බිලියන 2.6 ක හිඟය අඩු කිරීමට ප්‍රමාණවත් වන පරිදි ඇමරිකානු අපනයනකරුවන්ට ශ්‍රී ලංකාවට විකුණන භාණ්ඩ ප්‍රමාණය හතර ගුණයකින් වැඩි කර ගැනීමට හැකි වනු ඇතැයි සිතිය නොහැකි ය. එබැවින්, වෙනත් අතක් බැලීමට සිදුවනු ඇත.

බොහෝ සේවා අපනයන සඳහා දුර වැදගත් නොවේ. ෆේස්බුක් සහ ඌබර් වැනි ගෝලීය වේදිකා සමාගම්වල ශක්තිමත් ස්ථානගත කිරීම්,  ඒ ඩබ්ලිව් එස් (AWS) සහ මයික්‍රොසොෆ්ට් අසුඅර්  (Microsoft Azure) වැනි ක්ලවුඩ් සේවා සපයන්නන්ගේ ප්‍රමුඛතාවය සහ සපයනු ලබන සේවාවන් සඳහා ඇමරිකානු සමාගම් විසින් නිතිපතා එකතු කරන හිමිකම් පංගු මුදල් මගින් මෙය සනාථ වේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රශ්න සූත්‍රගත කිරීම යථාර්ථයට අනුරූප වන ලෙස නැවත සකස් කලයුතු වන අතර එමගින්  භාණ්ඩ හා සේවා වෙළඳාම යන දෙක ම ආවරණය කළ යුතු වෙයි. එවිට එක්සත් ජනපදය කුඩා ශ්‍රී ලංකාවෙන් බොහෝ දේ උපයන බව පෙනී යනු ඇත. අප වැනි රටවල් සැමවිට ම යදින්නන් ලෙස හැසිරෙන බවක් ගැන පැවසූ බුද්ධි මණ්ඩප ක්‍රියාකාරිකයා, ඔහුගේ නායකයාගේ අවුල් සහගත චින්තනය සහ යල් පැන ගිය සංකල්ප හේතුවෙන් ව්‍යාකූලත්වයට පත්ව ඇත.

 

විශේෂඥතාවයේ දරිද්‍රතාවය

tr5frf

සේවා වෙළඳාම පිළිබඳ වඩා හොඳ දත්ත ජනනය කිරීමට සහ වෙළඳ ගිවිසුම් තුළ සේවා වෙළඳාම ඇතුළත් කිරීමට එක්සත් ජනපදය ගෙන ඇති උත්සාහය පිළිබඳව දශක හතරකට පෙර එක්සත් ජනපද රජය තුළ සිටින විශේෂඥයින් සමඟ කළ කතාබහ මගේ මතකයේ තවමත් රැඳී ඇත. සේවා අඩංගු පළමු ගිවිසුම වුයේ 1988 දී අත්සන් කරන ලද කැනඩා-ඇමරිකා එක්සත් ජනපද නිදහස් වෙළඳ ගිවිසුම යි. ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 1998 දී සේවා වෙළඳාම පිළිබඳ බහුපාර්ශ්වික GATS ගිවිසුම බලාත්මක විය. ලංකාව GATS ගිවිසුමට අත්සන් කර ඇත.

මෙම විශේෂඥයින්ගේ ක්‍රියා පදනම් වූයේ ඇමරිකා එක්සත් ජනපදය භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ වඩ වඩාත් තරඟකාරී නොවන බවටවූ පිළිබඳ පුරෝකථනය මත ය. ජාත්‍යන්තර නීති රාමුවක් ස්ථාපිත කිරීම ඇමරිකා එක්සත් ජනපදයේ යහපතට හේතු වන බව ඔවුන් විශ්වාස කළ අතර, එමගින් සේවා ක්ෂේත්‍රයේ සාපේක්ෂ වාසි තිබුණු ඇමෙරිකාවට ප්‍රතිලාභ ලබාගත හැකි බව ඔවුහු දුටුවෝය. ඔවුන්ට මග හැරුණු කරුණ නම්, සෑම දෙයක ම නොවන නමුත් බොහෝ සේවාවන්හි, සාපේක්ෂ වාසි  ඉන්දියාව වැනි රටවලට මාරු වන බව යි. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට උත්සාහ කිරීම මගින්, ඔවුහු  අනෙකුත් රටවලට ද දොර විවර කළහ.

බහුපාර්ශ්වික වෙළඳ ගිවිසුම් ව්‍යුහයන් ගොඩනඟා ගත් අයට වඩා එක්සත් ජනපද රජයේ පැත්තේ අද සිටින වත්මන් විශේෂඥයින් අදක්ෂ මට්ටමක සිටින බව පෙනෙන්නට තිබේ. "තීරුබදු යනු ශබ්දකෝෂයේ ඇති ලස්සනම වචනය" යැයි ඔවුන්ගේ නායකයා පැවසීම නිසා තීරුබදු වල හානිකර  ස්වභාවය ගැන දැන සිටි සියල්ල ඔවුන්ට අමතක වී ඇත. ලෝකයේ අනෙක් පැත්තේ සිටින දුප්පත් රටක්, එහි ආර්ථික ව්‍යුහය, දුර්වල අපනයන කාර්ය සාධනය සහ ණයගැතිභාවය කෙරෙහි අවධානය යොමු නොකර, අඩු වටිනාකමක් ඇති, ඉහළ පරිමාණයේ භාණ්ඩ, එනම් කෘෂිකාර්මික නිෂ්පාදන  ලංකාව ආනයනය කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.

ප්‍රකාශ වෝල්ටීයතා කෝෂ (PV cells) වැනි අවශ්‍ය යෙදවුම් නිෂ්පාදනය කිරීමේ දී චීනය ප්‍රධාන ස්ථානයක් හිමි කරගෙන ඇති බැවින්, එම වෙබ්නාර් සමුළුවේ සිටි තවත් විශේෂඥයෙක් සුළං සහ සූර්ය බලශක්තියට එරෙහිව කතා කළේය. ඇයට අනුව, දේශගුණික විපර්යාස යනු අනාගත අවදානමක් වන අතර ඇමරිකානු දරිද්‍රතාවය ප්‍රමුඛතාවය දිය යුතු වර්තමාන ගැටලුවකි.

දේශගුණික විපර්යාස පසෙක තැබුව ද, මිල-අස්ථාවර සහ මිල අධික පොසිල ඉන්ධන ආනයනය සඳහා මුළු ආනයන වියදමෙන් හතරෙන් එකක් ම ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකි නිසා, සුළං සහ සූර්ය බලශක්තිය ශ්‍රී ලංකාවට ප්‍රමුඛතා ලෙස පවතියි. යෙදවුම් ලබාගන්න රට එක්සත් ජනපදය කැමති නැති නිසා, බලශක්ති නිෂ්පාදනය සඳහා ලාභ ම යෙදවුම් ලබා නොගැනීම ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාවයට අනුකූල වන්නේ නැත.

ඉන්දියාව සමඟ පවතින භාණ්ඩ-වෙළඳ හිඟය සඳහා අධික දඬුවමක් වලක්වා ගැනීම සඳහා අගමැති මෝදි සරල යෝජනාවන් ඉදිරිපත් කළේ මෙවැනි උපදේශකයින් නිසා විය යුතු ය (ඉන්දියාව වෙළෙඳ හිගය අනුව ඉහළ ම රටවල් දහය අතර වෙයි ). දේශගුණයට හානියක් සිදු වුව ද සහ එක්සත් ජනපද බොරතෙල් ඉන්දියාවට අඩු ම මිල නොවුණ ද, ඔහු එක්සත් ජනපදයෙන් තෙල් හා ගෑස් වැඩි ප්‍රමාණයක් මෙන් ම  F-35 යානා ද මිල දී ගැනීමට එකඟ විය.

කළ හැක්කේ කුමක්ද?

dre55g

අවුල්වූ ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයින් නිරවුල් කිරීම කුඩා ශ්‍රී ලංකාවට කළ හැකි දෙයක් නොවේ. ඇමරිකානු බොරතෙල් හෝ ඉරිඟු වැඩිපුර මිලදී ගැනීමෙන් ඔවුන් සතුටු කිරීමේ හැකියාවක් ද නොමැති නිසා, ශ්‍රී ලංකාවට වහාම කළ හැක්කේ සියලු තීරුබදු ඇමෙරිකාවේ මට්ටමට අඩු කිරීම යි. මෙමගින් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන දණ්ඩනීය තීරුබදු වලින් ආරක්ෂා කල හැකි වනු ඇත. ඊටත් වඩා, එමගින් ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට ගෝලීය නිෂ්පාදන ජාලවලට සම්බන්ධ වීමට ඇති ප්‍රධාන බාධකයක් ඉවත් කරනු ඇත. මෙය, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වූ කිසිවකට වඩා, කාර්මික  නිෂ්පාදන පාදක ආර්ථිකයක් ගොඩනැගීමට උපකාරී වනු ඇත.

බහුපාර්ශ්වික වෙළඳ පාලන ව්‍යුහය කඩා දැමීමට එක්සත් ජනපදය සූදානම් බව පෙනෙන්නට තිබේ. මේ දේවල් වෙනස් කිරීමට කුඩා රටකට හැකියාවක් නැත.පළමුව ඉන්දියාව සහ චීනය සමඟ වෙළඳ ගිවිසුම් හරහාත්, පසුව විශාල ආසියානු වෙළඳ ගිවිසුම වන RCEP සමඟ සම්බන්ධ වීම හරහාත්, ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන් වර්ධනය වන වෙළඳපොළවල් වෙත ඉක්මනින් යොමු විය යුතු ය. ජාත්‍යන්තර නීතිය සහ ගිවිසුම් අවඥාවට ලක් කරන ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් විශ්වසනීය  ආර්ථික හවුල්කරුවෙකු නොවේ.

Rohan Samarajiva(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
Chair, LIRNEasia & Sarvodaya Fusion

X: @samarajiva. www.lirneasia.net.
rohan@lirneasia.net

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...