The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුව ‘සමාජ ආරක්ෂණය හා ප්‍රජා සවිබල ගැන්වීම්’ සිදු කරන ‘රාජ්‍යය යාන්ත්‍රණය’ සමඟ තරහා වෙලා ! - කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

March 4, 2025 • 4:35 PM

ආණ්ඩුව ‘සමාජ ආරක්ෂණය හා ප්‍රජා සවිබල ගැන්වීම්’ සිදු කරන ‘රාජ්‍යය යාන්ත්‍රණය’ සමඟ තරහා වෙලා ! - කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ සහනාධාර වර්ග 43 ක් අවවරප්‍රසාදිත යැයි හඳුණාගෙන ඇති ජනතාව වෙත බෙදා දෙනු ලැබේ.
  • වත්මන් ආණ්ඩුව ‘සමාජ ආරක්ෂණය හා ප්‍රජා සවිබල ගැන්වීම්’ සිදු කරන ‘රාජ්‍යය යාන්ත්‍රණය’ සමඟ තරහා වී ඇත.
  • පසුගිය රජය ලංකා ඉතිහාසයේ දැවැන්ත ආර්ථික අර්බුදයේ දී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන අරමුදල මගින් දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන් ඇරඹීම සඳහා ලැබුණු සියළු ව්‍යාපෘති අරමුදල් මේ වන විට නවතා දමා ඇත.
  • අද ආණ්ඩුව, සමාජ ආරක්ෂණය රුපියල් වියදම නොකර, ඩොලර් අර්බුදයකට මුහුණ දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලංකාවේ සහනාධාර වර්ග 43 ක් අවවරප්‍රසාදිත යැයි හඳුණාගෙන ඇති ජනතාව වෙත බෙදා දෙනු ලැබේ. පළාත් පාලන ආයතනවලින් බෙදනු ලබන සහන සීමිත ප්‍රමාණයක් හැර සමෘද්ධි, අස්වැසුම, වැඩිහිටි දීමනා, පිංපඩි, වකුගඩු දීමනාව වැනි ලොකුම සහන බෙදීම සිදුවන්නේ ‘ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය’ හරහා ය.  ජනතා බදු මුදල් වන එහි මූල්‍ය වටිනාකම රු. බිලියන 225 ඉක්මවයි.

 ‘මුහුණත් එක්ක තරහා වී නහය කපා ගැනීම’ සිදු කරන්නේ නැත. වත්මන් ආණ්ඩුව ‘සමාජ ආරක්ෂණය හා ප්‍රජා සවිබල ගැන්වීම්’ සිදු කරන ‘රාජ්‍යය යාන්ත්‍රණය’ සමඟ තරහා වී ඇත. පසුගිය රජය ලංකා ඉතිහාසයේ දැවැන්ත ආර්ථික අර්බුදයේ දී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන අරමුදල මගින් දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන් ඇරඹීම සඳහා ලැබුණු සියළු ව්‍යාපෘති අරමුදල් මේ වන විට නවතා දමා ඇත. විදේශ ව්‍යාපෘති සම්බන්ධයෙන් ස්වර්ණමය නීතිය ‘‍රුපියල් වැය නොකර, ඩොලර් ලබාගත නොහැකිය’ යන්නය. අද ආණ්ඩුව, සමාජ ආරක්ෂණය රුපියල් වියදම නොකර, ඩොලර් අර්බුදයකට මුහුණ දී ඇත.

dter5

 15% ක් වූ දිළිඳු බව විවිධ හේතු මත අද 30% දක්වා වැඩිවී ඇත. ළමා මන්දපෝෂණය 36% දක්වා වර්ධනය වී ඇත. ආණ්ඩුව අය වැය මගින් පිළිතුරු සෙවිය යුත්තේ මේ සැබෑ අර්බුදයට ය. පාසල් රැස්වීමේ දී කලන්තය හැදීම, ගමක මන්ද පෝෂණ දත්ත වැනි මාධ්‍ය සංදර්ශන දැන් නැත.  එබැවින් සැබෑ දත්ත සමඟ කටයුතු කිරීම පහසුය.

 ‘ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය අද ජාතික වශයෙන් මුහුණ දී ඇති අභියෝග රැසකි. එයින් මුලිකම අභියෝග 11 කි.

1. අතරමැදියන් නොමැතිව, රාජ්‍ය බැංකු හරහා කොන්දේසි හා‍ දේශපාලන බලපෑමෙන් තොරව අන්ත දිළිඳු පුද්ගලයින්ට දැන් ලබා දෙමින් ඇති අස්වැසුම හා අනෙකුත් දීමනා දේශපාලනීකරණයට ලක්කිරීමේ ව්‍ය්‍පෘතියක් ආරම්භ කරන්නේ යන්නය. වෙනත් වචනයෙන් කිව හොත්, ප්‍රේමදාස ගේ ‘ජනසවිය’, එස්.බී. ගේ ඡන්ද මැෂිම ‘සමෘද්ධිය’ වැනි දේශපාලන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ කවදාද? යන යන්නය.

2. මේ වන විට සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති ‘සමාජ සවිබල ගැන්වීම’ ඒ සඳහා පුහුණු විශේෂඥයින් සිටින සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරන්නේ ද? එහි ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ද, නාස්තිය වැලැක්වීම, නිර්දේශපාලනීකරණය සඳහා පියවර ගන්නේ ද යන්නය.

3.  සමෘද්ධි දෙපාර්තමේන්තුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද, නැද්ද රජයේ ප්‍රතිපත්තිය කිව යුතුය. සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විශ්‍රාම වැටුප ලබාදෙන්නේ ද? නැද්ද? රජය සිය ප්‍රතිපත්තිය කිව යුතුය.  සමෘද්ධි දෙපාර්තමේන්තුව ය‍ටතේ සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා ද? නැද්ද? වැල්වටාරම් නැතිව රජය කිව යුතුය.

4. සමාජ ආරක්ෂක මණ්ඩලය නිර්දේශපාලනික ලෝක බැංකු, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් නිර්ණායක අනුව සකස් කළ ආයතනයකි.  එයට ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරි දක්වා මෙහෙයුම් සහාය ලබ ගැනීම අතිශයින් වැදගත්ය. වෘත්තීය සමිති බලය හමුවේ පසුගිය රජයට නොහැකි වූ ග්‍රාම නිලධාරි සහාය ලබා ගැනීම වත්මන් ආණ්ඩුවේ වෘත්තීය සමිති නායකයින්ට අපහසු නැත.

5. වකුගඩු අරමුදලේ සිට වැඩිහිටි අරමුදල දක්වා විවිධ අරමුදල් 15 ක් පමණ අමාත්‍යාංශය සතුව ඇත. පසුගිය මාස පහ තුල අලුතින් වකුගඩු රෝග බහුල ප්‍රදේශයන් හි ‘පානීය ජල ෆිල්ටරයක්’ තරම් වත් සවිකර ගත නොහැකි වී ඇත. දේශපාලන නායකත්වයේ හිඩැස සියල්ල අකර්මන්‍ය කර ඇත.

6. අස්වැසුම වැඩසටහන දැනට සැලසුම් කර ඇති පරිදි වසර 3 සහ 5 කින් අවසන් කරනවා ද? නැද්ද? අවසන් කරනවා නම්, එයට පෙර සමාජ සවිබල ගැන්වීමට මේ වසරේ ක්‍රියාත්මක කරන වැඩසටහන කුමක්ද? එයට වෙන්කර ඇති අරමුදල් සපයා ගන්නේ කෙහෙන්ද? රජය කිව යුතුය.

7.  පසුගිය රජය යටතේ මුදල් සපයා ආරම්භ කළ ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු මුදල් පාවිච්චියකින් තොරව ආපසු ගොස් ඇත. රුපියල් විදයම් නොකර ඩොලර් ලබා ගත නොහැකිය.  නිකං බෙදන්නට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මුදල් දෙන්නේ නැත.  නමුත්, පසුගිය රජය ලබාගත් අරමුදල් (seed money) වියදම් කිරීම රජය නවතා දමා ඇත. ජාත්‍යන්තර සංවිධාන ලංකාවට ආධාර දෙන්නේ තම වැඩසටහන් කාල රාමුවට යටත්වය. ජාත්‍යන්තර සහාය ලබාගැනීමට තිබූ මාවත් මේ නිසාම ඇසිරෙන්නේය.

8.  දෑස් අන්ධ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණීම යහපත් ය. නමුත්, අඳ, ගොළු, බිහිරි, සමාජය වෙනුවෙන් රජය පැරණි වැඩසටහන් එලෙසම ක්‍රියාත්මක කරනවා ද? නැතිනම්, හඳුන්වා දෙන නව ව්‍යාපෘතිය කුමක්ද? 1975 යුගයේ තිබූ ග්‍රාම සංවර්ධන, ගෘහ කර්මාන්ත ව්‍යාපෘතියක් වත් නවීන යුගයකට ගලපා ගැනීම රජයේ වගකීමකි.

9.  සමාජ සවිබල ගැන්වීම උදෙසා කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යපෘතිය දැක්වූ දායකත්වය අති විශාලය. අවසනාවකට ‘විශ්වවිද්‍යාල න්‍යායාචාර්යවරුන්’ සහ ‘රාජ්‍යය’ අතර කඹ ඇඳීම නිසා නූතන හා නව්‍ය වැඩසටහන් සැලසුම් කිරීමට ශ්‍රී ලංකා සැලසුම් සේවයේ දායකත්වය ලබා ගැනීමට හෝ අමාත්‍යාංශය සමත්වී නැත.

10.  ‘දරිද්‍රතාවයෙන් මිදීමේ මාර්ගය අධ්‍යාපනයයි’ යැයි ලලිත් ඇතුලත්මුදලි කීවේ එක්සත් ජාතීන්ගේ ‘තිරසාර සංවර්ධන ඉලක්ක’ වලට බොහෝ පෙර ය.  විපක්ෂයේ සිටිය දී රැකියා විරහිත උපාධිධාරීන්ගේ පක්ෂය වූ වත්මන් ආණ්ඩුව, අධ්‍යාපනය ලැබූ පිරිසට හෝ දරිද්‍රතාවයෙන් මිදීමේ නැවුම් මාර්ගයක් විවර කර ගත යුතුව ඇත.  

11. ධනපතියන්ට, වෘත්තිකයින්ට බදු ගසා උපයාගන්නා මුදල් නොමිලේ බෙදාදීමට ඔබ්බට ගිය සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් රටකට අවශ්‍යය.  උගත් පාඩම් හරහා වර්තමානය ජයගන්නා අතරම ‘අලුත් මාවත් විවර කර ගත යුතුය.’


ආණ්ඩුව ‘සමාජ සවිබලගැන්වීම් විෂය’ සම්බන්ධයෙන් මෙරට ප්‍රවීණයින් සියළු දෙනා පැත්තකට කර රාජ්‍ය සේවයේ සයිබීරියාවට තල්ලු කර ඇත. තවත් පිරිසක් විශ්‍රාම යන තැනට ද, වතුර නැතිව පීනන රාජ්‍ය සේවයේ තටාකයට ද තල්ලු කර ඇත.

 එ‍් වෙනුවට, විශ්වවිද්‍යාලයන් හි ‘න්‍යායාචාර්යවරුන්’ රැසක් සමඟ සංකල්පීය ව්‍යාපෘති ආරම්භ කිරීම ගැන සාකච්ඡා පවත්වමින් සිටී. මේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් රාජ්‍ය සේවයේ පළපුරුදු නිලධාරීන්, විශේෂඥයින්, තාක්ෂණික නිලධාරීන් සමඟ වෘත්තීයමය ගණුදෙනුවක් පවත්වාගෙන යාමට නොහැකි වී ඇත.   මෙවර අය වැය විවාදයේ දී ඕපාදූප බවට පත්වන්නේ ද, ගැටළු ලෙස ජනතා ආකර්ෂය දිනාගන්නේ ද එවැනි වැඩසටහන් ය.

 හෙට දවසේ එළියට දමන්නේ ‘කුමන ලැයිස්තුවද?’ යන්නට පිටින් රු. බිලියන 225 ඉක්මවන ලංකාවේ දැවැන්තම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල කුමක් දැයි පැහැදිලි කිරීම රජයේ වගකීමකි.

Rajith Keerthi(සටහන | රජිත් කීර්ති තෙන්නකෝන්)
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව ‘සමාජ ආරක්ෂණය හා ප්‍රජා සවිබල ගැන්වීම්’ සිදු කරන ‘රාජ්‍යය යාන්ත්‍රණය’ සමඟ තරහා වෙලා ! - කීර්ති තෙන්නකෝන් | The Leader