The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටේ පොල් පිටරට යවා පිටරටින් පොල් ගෙන ඒමට සැලසුම් කරන ශ්‍රී ලංකාවේ අපූරු 'පොල් කෑම'

T

The Leader Desk

March 6, 2025 • 5:10 AM

රටේ පොල් පිටරට යවා පිටරටින් පොල් ගෙන ඒමට සැලසුම් කරන ශ්‍රී ලංකාවේ අපූරු 'පොල් කෑම'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොල් සම්බෝල යනු ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමග බැඳුණු ආහාරයක් වන අතර බත්, ඉඳිආප්ප, පාන් ආදී ආහාර සමග සහයක ආහාරයක් ලෙස භාවිත කරයි.
  • ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 400,000කට අධික භූමි ප්‍රමාණයක පොල් වගාව සිදු කෙරේ.
  • පොල් වගාව බහුලව සිදු කෙරෙන ප්‍රදේශ සලකා පොල් ත්‍රිකෝණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, කුරුණෑගල, පුත්තලම සහ ගම්පහ එම පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්ක වේ.
  • සමස්ත පොල් වගාව සැලකිල්ලට ගත් කල ශ්‍රී ලංකාව තුළ පොල් ගස් මිලියන 60ත් 65ත් අතර පවතින බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පොල් සම්බෝල යනු ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමග බැඳුණු ආහාරයක් වන අතර බත්, ඉඳිආප්ප, පාන් ආදී ආහාර සමග සහයක ආහාරයක් ලෙස භාවිත කරයි.

කෙසේ වෙතත්, පොල් සම්බෝල ආහාරයට ගැනීම සම්බන්ධයෙන් මෑතකදී වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන චතුරංග අබේසිංහ විවේචනාත්මක අදහස් පළ කළ අතර, ඊට දැඩි විවේචන එල්ල විය.

 



පොල් මිල අතිශයින් ඉහළ ගොස් තිබීම මෙම අර්බුදයට හේතු වී තිබේ.

මෙම ලිපිය මගින් බීබීසී සිංහල සේවය අදහස් කරනුයේ, ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය, පොල් පරිභෝජනය සහ අර්බුදය සම්බන්ධයෙන් විමසීමක් කිරීමට ය.

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය

e7b54f30 fa33 11ef 896e d7e7fb1719a4.png

ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 400,000කට අධික භූමි ප්‍රමාණයක පොල් වගාව සිදු කෙරේ.

පොල් වගාව බහුලව සිදු කෙරෙන ප්‍රදේශ සලකා පොල් ත්‍රිකෝණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, කුරුණෑගල, පුත්තලම සහ ගම්පහ එම පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්ක වේ.

මෑත කාලීනව හම්බන්තොට, යාපනය ආදී ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව පොල් ත්‍රිකෝණ හඳුන්වා දෙනු ලැබිණි.

5554a390 fa2c 11ef 896e d7e7fb1719a4.png
සමස්ත පොල් වගාව සැලකිල්ලට ගත් කල ශ්‍රී ලංකාව තුළ පොල් ගස් මිලියන 60ත් 65ත් අතර පවතින බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

ඉන් හිමි වන වාර්ෂික පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 3000 ඉක්මවයි.

මේ වසරේ අපේක්ෂිත පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3119ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

පොල් පරිභෝජනය

28e7ce40 fa2c 11ef 9e61 71ee71f26eb1.png

 

ශ්‍රී ලංකාවේ එක් දිනක පොල් පරිභෝජනය ගෙඩි මිලියන 5ක් බව ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත්, පොල් ඵලදාව අඩුවීම සහ ඊට සමගාමීව පොල් මිල ඉහළ යාම හේතුවෙන් වර්තමානයේ දෛනික පොල් පරිභෝජනය පොල් ගෙඩි මිලියන 3 දක්වා අඩු වී තිබේ.

ඒ අනුව, වාර්ෂික පරිභෝජනය පොල් ගෙඩි මිලියන 1850ක් පමණ වන බවට පොල් පර්යේෂණ ආයතනය ඇස්තමේන්තු කරයි.

Coconut oil without aflatoxin

වර්ෂයකදී එක් ශ්‍රී ලාංකිකයෙකු පරිභෝජනයට ගන්නා පොල් ගෙඩි ගණන 100 ඉක්මවන අතර එක් ශ්‍රී ලාංකිකයෙකු වසරකදී පරිභෝජනය කරන පොල් තෙල් ප්‍රමාණය බෝතල් 10කි.

පොල් අපනයනය

GettyImages 179131029 6a036f45b1b34fac95326227c2a12708
පොල් යනු බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයේ සිට ශ්‍රී ලංකාවේ විධිමත්ව වගා කෙරුණු වානිජ බෝගයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග තුන අතරට ද පොල් නම් කර තිබේ.

2024 වසරේදී පොල් අපනයනයෙන් ලබා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 856.79ක් බව ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මණ්ඩලය පවසයි.

පොල් ආනයනය

farmer cutting coconut shell processing agricultural products small factory thailand scaled
මීට පෙර අවස්ථා දෙකකදී මෙරටට පොල් ආනයනය කර ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ, 2018 සහ 2021 වසරවලදී ය.

එහිදී, ගෙඩි මිලියන 7කට ආසන්න පොල් මද සංඛ්‍යාවක් ආනයනය කර තිබේ.

අතිරික්ත නිෂ්පාදනයක් තිබියදී පොල් පිටරටින් ගේන්නේ ඇයි?

 

image 7cdf3186af
ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3000 ඉක්මවන අතර, වාර්ෂික පරිභෝජනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව මිලියන 1850කි.
ඒ අනුව, පොල් ගෙඩි මිලියන 1150කට අධික අතිරික්ත නිෂ්පාදනයක් පැවතිය යුතු ය.

එහෙත්, රට තුළ දැඩි පොල් හිඟයක් පවතින අතර, පොල් මිල ද අධික ලෙස ඉහළ ගොස් තිබේ. වෙළෙඳ පොළේ වර්තමාන පොල් මිල රුපියල් 200 ඉක්මවයි.

එලෙස පොල් හිඟයක් ඇති වීමටත්, පොල් මිල ඉහළ යාමටත් බලපා ඇති හේතුව කුමක් ද?

ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.එම්. පුෂ්පකාන්ත පවසන්නේ, මෙරට පොල් නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් අපනයනය කෙරෙන අතර, තවත් කොටසක් බිස්කට් නිෂ්පාදනය ආදී වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගැනෙන බව ය.

ඒ අනුව, රට තුළ පරිභෝජනය සඳහා භාවිත කළ හැකි පොල් ගෙඩි සංඛ්‍යාව, පරිභෝජන ඉල්ලුමට වඩා අඩු බව ඔහු පවසයි.

 monkey 23115
ඊට අමතරව, "වන සත්වයින්ගෙන් වන හානි නිසා වසරකට ගෙඩි මිලියන 500ක් පමණ ප්‍රයෝජනයට ගත නොහැකිව ඉවත දැමීමට සිදු වන," බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

වසර කිහිපයක් තිස්සේ පොහොර නොයෙදීම, වන සතුන්ගෙන් වන හානි උග්‍ර වීම, සුදු මැස්සා - මයිටාවා සහ රතු හා කළු කරුමිණි උවදුරු, පසුගිය වසරේ අධික වැසි නිසා පරාගනයට බාධා සිදුවීම ආදී හේතු නිසා ද පොල් නිෂ්පාදනය පහත වැටී ඇතැයි ඔහු පැවසීය.

පොල් මිල පහළ දැමීමට ගත යුතු ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අධික පොල් මිල පහත හෙළීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) එම්.එම්. පුෂ්පකාන්ත පෙන්වා දෙයි.

81v5QQMXA2L

කෙටි කාලීන යෝජනා වන්නේ, පොල් මද ආනයනය කිරීම, වියළන ලද පොල් කැබලි ආනයනය කිරීම, පොල් කිරි ආනයනය කිරීම සහ ගෙඩි පොල් පරිභෝජනය වෙනුවට අගය එකතු කළ පොල් කිරි, පොල් කිරිපිටි සහ පොල් ක්‍රීම් භාවිත කිරීමට ජනතාව හුරු කිරීම ය.

දිගු කාලීන යෝජනා ලෙස පොල් සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කරන්නේ, පොල් වගාවන්ට පොහොර යෙදීම, නැවත වගා කිරීම, වන සත්ව හානි අවම කිරීම, පළිබෝධ හානි අවම කිරීම, වගාකරුවන්ට නිසි උපදෙස් ලබා දීම සහ වැඩිදියුණු කළ පොල් ප්‍රභේද වගාකරුවන්ට ලබා දීම ආදී ක්‍රියාමාර්ග හරහා පොල් අස්වැන්න වැඩි කර ගැනීම ය.

මීට පෙර අවස්ථා කිහිපයකදී පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව අවම මිලක් නියම කිරීමට පැවති රජයයන් උත්සහ කළ ද එය සාර්ථකව ක්‍රියාත්මක නොවිණි.


(සටහන | කුමුදු ජයවර්ධන)
BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...