The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අල්ජසීරාහිදී රනිල් වැටුණා ද? නැතහොත් රටත් රණවිරුවනුත් ගොඩදැම්මා ද..? | අශෝක ජයතුංග

T

The Leader Desk

March 9, 2025 • 6:38 AM

අල්ජසීරාහිදී රනිල් වැටුණා ද? නැතහොත්  රටත් රණවිරුවනුත් ගොඩදැම්මා ද..? | අශෝක ජයතුංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ජසීරා මෙහෙයුම මාළිමා හා දෙමළ ඩයස්පෝරාවේ වැඩක්දැයි සැක.
  • ආරාධිතයාගේ කටට ප්ලාස්ටර් නොව මැහුම් ගසා තමන්ට අදිසි හස්තයකින් නියම කල පරිදි ආරාධිතයා නිරුවත් කරන අශුචි කොන්තරත්තුව මාධ්‍ය කම්කරුවෙකු වන "මෙයිදි හසන්" තක්කෙටම කල බවට මාළිමා අය චුන් වූහ.
  • එම චූන් එක තිබුණේ පැය 24 ටත් අඩු කලකි.
  • ඔළුව ඇති එවුන්ට රනිල් රට වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් යුද සමයේ විපක්ෂයේ සිටියද අත පිසදාගන්නේ නැතිව ජත්‍යෙන්තරයේ ගැසිය හැකි උපරිම ගේම ගැසූ බව ලොවටම පසක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


* අල්ජසීරා මෙහෙයුම මාළිමා හා දෙමළ ඩයස්පෝරාවේ වැඩක්දැයි සැක.... ?

* රනිල් සාකච්ඡාවෙන් නැගිට ගියා නම් එම කොටස අනිවාර්යෙන් අල්ජසීරාව ලොවට එළි කරනු ඒකාන්තය.

* ආණ්ඩුව රනිල්ට බය ඇයි.......?

* අඩුපාඩුකම් තිබුණත් රනිලා ලවා රට ගොඩදාගන්න පින නැති පාපය......?

* බංකොලොත් රට දෙවරක් ගොඩදමා ඡන්ද පරදින රනිල් වැන්නෙක් ලෝකයේම නැත්තේ ඇයි....?

 

මාළිමාවේ අයට අනුව රනිල් අල්ජසීරාහිදී හොම්බෙන් වැටුණේය. හැමදාම උස්ස උස්සා සිටින කලිසම බිමටම වැටී සීයා නිරුවත් විය. ආරාධිතයාගේ කටට ප්ලාස්ටර් නොව මැහුම් ගසා තමන්ට අදිසි හස්තයකින් නියම කල පරිදි ආරාධිතයා නිරුවත් කරන අශුචි කොන්තරත්තුව මාධ්‍ය කම්කරුවෙකු වන "මෙයිදි හසන්" තක්කෙටම කල බවට මාළිමා අය චුන් වූහ.  

 

එම චූන් එක තිබුණේ පැය 24 ටත් අඩු කලකි. ඔළුව ඇති එවුන්ට රනිල් රට වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් යුද සමයේ විපක්ෂයේ සිටියද අත පිසදාගන්නේ නැතිව ජත්‍යෙන්තරයේ ගැසිය හැකි උපරිම ගේම ගැසූ බව ලොවටම පසක් විය. සම හරක්ට මෙය තේරෙන කොට චූන් ඉවරවී රෙද්දෙ රෙවිලාය. හැමදාම එක එක ගස් වලට කොටා වීරයෙක් වන මෙයිදි හසන් මාධ්‍ය කම්කරුවා ද යස පාඩම් රැසක් රනිල් ගෙන් ඉගෙන ගත්තේය.කෙසෙල් ගහකට කොටා හොට කඩා ගත්තේය.

අල්ජසීරා බොරු චූන් ලනුව නුගත් මාළිමා වහලුන් පමණක් නොව ආණ්ඩුවේ සභානායක බිමල් ද ගිල්ලේ සැලසුමේ සැබෑ නිරුවත එළි කරමිනි. ජනපතිවරණයට පෙර මාළිමා ප්‍රධානීන් රටවල් රැසක වන්දනාවේ ගියෝය. ඩොලර්,යුරෝ ගෝනි ගණන් ලබා දුන් බවට ද ප්‍රසිද්ධය. ඊට මූලිකත්වය ගත්තේ දෙමළ ඩයස්පෝරාවය. බලයට පැමිණි පසු ඔවුන් සතුටු කිරීමට මාළිමා ප්‍රධානීන් ගේම් රැසක් ගැහුවේය. රනිල් වත් නොඇරපු උතුරේ පාරවල් අරිමින් කදවුරු එහා මෙහා කරමින් ඉඩම් යළි ලබා දෙමින් කොටි ත්‍රස්තයන්ගේ සැමරුම් වලට ඉඩ සලසමින් හා ලංකාවේ සිටිනුයේ වෘත්තීය හමුදාවක් නොවන බව ද කියමින් දෙමළ ඩයස්පෝරාව චුන් කරන්නට දැගලූ බව ඉව හා ඔලුවක් තිබෙන අයට තේරෙයි.

 


 
බලය ලබා ගැනීමට මාළිමාව රටට දුන් කටට එන එන ප්‍රංශ පච යථාර්තයක් කරගන්නට බැරිබව ඔවුන් විසින්ම දැන් ඔප්පු කොට හමාරය. එහෙයින් බලය ගිළිහෙතැයි මානසික පෙfබියාව මාළිමාවට වැළදී තිබේ. " බලය ආපහු දෙන්නෙ නම් නෑ පුතෝ" යයි අදෝනා දෙමින් ජනපති ගේ සිට සියලු දෙනා මාස 05 ක ළදරු ආණ්ඩුවක් රකින්නට පොර බදති.
 
එතනදී මාළිමාවේ බලය දෙදරවා ගේමක් ගසා රටත් ගොඩ දැමිය හැකි එකෙක් වේ නම් ඒ රනිල් බව මාළිමාවට පමණක් නොව ඔිනෑම ගොනෙකුට තේරෙන යථාර්තයකි. මහින්ද පැත්තක තබා ඩේසි ආච්චි ඇල්ලීම හා රනිල් දෙසට තුවක්කු කට දිගු කිරීමට තීන්දු වුයේ ඒ තුළය. අල්ජසීරා ලනුව රනිල් ගිල්ලවා ඔහු නිරුවත් කිරීම හා ඊට දෙමළ ඩයස්පෝරාවේ සෘජු සහාය ලබා ගැනීම සාකච්ඡාවේ දී ඔප්පු වුයේ අල්ජසීරාව ද නිරුවත් කරමිනි.
 
එම සාකච්ඡාව ප්‍රචාරය වන්නටත් පෙර සිට එහිදී සිදුවූ බොහෝ දේ ලෙස ප්‍රංශ පච මාළිමාවේ දවසට රු 2000 ට කහින ඔිනම කුණු හරුපයක් ලියන අශුචි වහලුන් රටේ නැති බෙගල් ඇද බෑවේය. රනිල් මළපැන නැගිට ගිය බවට ප්‍රංශ පච ද කීය. මාළිමාවට අනුව රනිල් නැගිට ගියා නම් එම අවස්ථාව ප්‍රසිද්ධ කළ සාකච්ඡාවට අනිවාර්යෙන් ඇතුල් කරනු ඒකාන්තය. මන්ද රනිල් පච කිරීම ඔවුන්ට ලැබුණු කොන්තරත් එකය.

 

රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක් වේද? -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

නැගිට යාම දැවැන්ත පචයක් බව සනාතවීම හා රනිලා උගුලේ නොවැටී ප්‍රතිවාදියාගේ කරටිය තනියම කරකවා දැමීමෙන් යළිත් ගම්‍ය වනුයේ රනිල් වැඩකාරයෙකු හා අඩුපාඩුකම් තිබුණත් ඔහු ලවා රට ගොඩදමා ගන්නට ලංකාවේ එවුන්ට වාසනාවක් නැති බවය. 2001 දී හා 2022 දී බංකොලොත් හා ගිණිගත් රට දෙවරක් ගොඩදැමූ හා ජනතාව ඡන්ද වලදී පරදවන මෙවැනි මිනිහෙකු ලෝකයේම ඇත්තේ නැත.


( සටහන | අශෝක ජයතුංග)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
උපුටා ගැනීම - අශෝක ජයතුංග ගේ ෆේස්බුක් පිටුවෙන්..

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...