The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිෂ්පාදන ආර්ථිකය යනු මොස්විල්කරණය ද? | තිසරණි ගුණසේකර

T

The Leader Desk

March 13, 2025 • 10:21 AM

නිෂ්පාදන ආර්ථිකය යනු මොස්විල්කරණය ද? | තිසරණි ගුණසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන සියවසේ මැද භාගයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතන ගණනාවක් මෙම නගරය අවට කර්මාන්ත ශාලා ආරම්භ කළේය.
  • මෙම කාර්මීකරණය තමන්ට අලුතින් රැකියා හා ආර්ථික සමෘද්ධිය ගෙනදෙන සුබදායක ක්‍රියාවලියක් ලෙස නගරවාසීන් දුටුවා නිසැකය.
  • ඇමෙරිකාවේ බ්‍රවුන් සරසවියේ මහජන සෞඛ්‍ය පිළිබඳ ආයතනය 2024දී ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම කම්හල් හා පිරිපහදුවලින් නිකුත් කෙරෙන විෂවායු හා අනෙකුත් ද්‍රව්‍යයන් නිසා මොස්විල් නගරවාසීන් පිළිකා, ශ්වසන රෝග, ප්‍රජනන රෝග වැනි ආපදා ගණනාවකට ලක්ව ඇත.
  • මොස්විල් නගරය පිහිටා ඇති මිසිසිපි ගඟට මායිම්වූ සැතපුම් 85ක පමණ බිම් තීරුව හැඳින්වෙනුයේ පිළිකා පටුමග ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):

20 වන සියවසේ මැද භාගයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතන ගණනාවක් මෙම නගරය අවට කර්මාන්ත ශාලා ආරම්භ කළේය. මෙම කාර්මීකරණය තමන්ට අලුතින් රැකියා හා ආර්ථික සමෘද්ධිය ගෙනදෙන සුබදායක ක්‍රියාවලියක් ලෙස නගරවාසීන් දුටුවා නිසැකය. නමුත් වූයේ අනෙකකි. රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කම්හල් සහ තෙල් පිරිපහදු නිසා ප්‍රදේශයේ වාතය මෙන්ම ජල මූලාශ්‍රයන්ද අධික ලෙස දූෂණය වන්නට විය.

ඇමෙරිකාවේ බ්‍රවුන් සරසවියේ මහජන සෞඛ්‍ය පිළිබඳ ආයතනය 2024දී ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම කම්හල් හා පිරිපහදුවලින් නිකුත් කෙරෙන විෂවායු හා අනෙකුත් ද්‍රව්‍යයන් නිසා මොස්විල් නගරවාසීන් පිළිකා, ශ්වසන රෝග, ප්‍රජනන රෝග වැනි ආපදා ගණනාවකට ලක්ව ඇත.

 

09412 cover cracker

මොස්විල් නගරය පිහිටා ඇති මිසිසිපි ගඟට මායිම්වූ සැතපුම් 85ක පමණ බිම් තීරුව හැඳින්වෙනුයේ පිළිකා පටුමග ලෙසය. මෙම බිම් තීරුවේ රසායනික හා ඉන්ධන කම්හල් විශාල ප්‍රමාණයක් රාශිභූතවී ඇත. වායු හා ජල දූෂණය අතිශයින් ඉහළ මෙහි ජනතාව බහුතරයක් පිළිකා හා වෙනත් බරපතළ රෝගවලින් පෙළේ. මෙම ජනතාව බොහෝ විට අප්‍රිකානු-ඇමරිකානුවෝය (කළු ජාතික ඇමරිකානුවන්). ඔවුහු බොහෝ දෙනෙක් දරිද්‍රතාවෙන්ද පෙළෙති. මහා පරිමාණ රසායනික හා ඉන්ධන කම්හල් හිමියන් සමග හැප්පීමේ හැකියාවක් ඔවුන්ට නැත. කම්හල් හිමියන්ගේ ධන බලය නිසා ඔවුන්ට දේශපාලකයන්ගේ මෙන්ම නිලධාරීන්ගේද රැකවරණය ලැබේ. වසර 200කට අධික කාලයක් අනේකවිධ දේශපාලන හා ආර්ථික අභියෝගයන්ට මුහුණ දී ජීවත් වූ මොස්විල් නගරය අද මියයමින් පවතිනුයේ එබැවිනි.

 CR0A8180 SOUTHAFRICA SECUNDA FARMERS 0

 

රටක ආර්ථික දියුණුවට මග බර කර්මාන්ත වලට මුල් තැන දෙන කාර්මීකරණය බව බොහෝ කාලයක් පුරා පිළිගත් මතයකි. බටහිර යුරෝපීය රටවල්, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර, චීනය සහ භෂක්‍ රටවල්ද (දකුණු කොරියාව සහ තායිවානය) ගත්තේ මේ මගයි. සංවර්ධනයට එකම මඟ මේ යැයි යන මතය ලොව පුරා ඒකායන සත්‍යයක් ලෙස පිළිගැනිණි.

ජනතා විමුක්ති පෙරමුණද (අනෙක් බොහෝ වාමාංශික /දක්ෂිණාංශික පක්ෂ මෙන්ම) මෙම මතය දරන්නට ඇත. ජාතික ජන බලවේග ආණ්ඩුවේ මුල් අයවැයේ බර කර්මාන්ත කාර්මීකරණයට විශේෂ තැනක් ලැබී ඇත්තේ එබැවින් විය යුතුය. පරන්තන්හි අම්ල acids ) හා යවකාර ලුණු ඇතුළු රසායනික ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත ශාලා සඳහා කාර්මික පුරයක් පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනාව මෙයට උදාහරණයකි.

aldcafrica2020 143x200තමන්ගේ රටවල පරිසරය වනසන රසායනික හා අනෙකුත් දූෂිත කර්මාන්ත තෙවන ලෝක රටවලට ආයෝජනයේ නාමයෙන් විතැන් කිරීම දියුණු රටවල් සියල්ලේම පාහේ පුරුද්දකි. තෙවන ලෝක රටවල පරිසර නීති රීති හා මහජන සෞඛ්‍ය රෙගුලාසි දුර්වල වීමත් ඒ රටවල බලධාරී හා නිලධාරී තන්ත්‍රයන් තුළ මූල්‍ය දූෂණය ඉහළ තත්වයක පැවතීමත් මීට හේතුන්ය. අප්‍රිකානු උප සසහරාවේ හා දකුණු ආසියාවේ රටවල් විශේෂයෙන්ම මෙම ඉලක්කගත විතැන්වීමට ගොදුරුව ඇති බව UNCTAD ආයතනය විසින් 2020දී පළකෙරුණු වාර්තාවක සඳහන් වේ.

දිසානායක ජනපතිවරයාගේ කර්මාන්ත පුර අයවැය යෝජනාව අධි-දූෂිත කර්මාන්ත ශාලා තෙවන ලෝක රටවලට විතැන් කිරීමට උත්සාහ කරන බහු-ජාතික සමාගම්වලට දොර විවර කිරීමකි. මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ලංකාව අධි-දූෂිත කර්මාන්ත මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අවදානම සුළුපටු නැත. වර්ග සැතපුම් 25,332ක් පමණක් වූ මේ කුඩා රටේ එක කොනක සිදුවන වායු හා ජල දූෂණය වෙනත් ප්‍රදේශවලටද අනියමින් බලපෑමට ඇති ඉඩකඩ බොහෝය.

budget 1

 

ජවිපෙ/ජාජබ පොරොන්දු වූ ‘නිෂ්පාදන ආර්ථිකය’ මෙය නම් එය කෙළවර වීමට ඉඩ ඇත්තේ සංවර්ධනයෙන් නොව මොස්විල්කරණයෙනි.

පරිසරය හා මහජන සෞඛ්‍යය සුරැකීමට දැඩි නීති හඳුන්වාදීමෙන් මෙම අව-විපාක අවම කරගත හැකි බවට නැගිය හැකි තර්කයට පිළිතුර නම් කෝප් හා කෝපා කමිටු අනාවරණ සලකා බලන ලෙසය.

ගතවූ පාලන සමය තුළ විවිධ රාජ්‍ය ආයතනවල සිදුවූ දැවැන්ත වංචා හා දූෂණ මේ දිනවල කෝප් හා කෝපා කමිටු විසින් අනාවරණය කරමින් සිටී. මෙම අනාවරණයන්ගෙන් පෙනී යන එක් කාරණයක් නම් වංචාව හා දූෂණය දේශපාලකයන්ට පමණක් සීමා වී නැති බවත්, එය සමස්ත රාජ්‍ය යන්ත්‍රය තුළටම ව්‍යාප්ත වී ඇති බවත්ය.

iuyu
උදාහරණයක් ලෙස කොළඹ කනත්ත පාලකයා නගර සභාවට අයත් ඉඩමක 1994 සිට මල් ශාලාවක් පවත්වාගෙන ගිය බව කෝපා කමිටුවේදී අනාවරණය විය. විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම අනීතික මල් ශාලාව දශක තුනකට ආසන්න කාලයක් පවත්වාගෙන යාමට නගර සභාව විසින් ඉඩ දීමත් ඊට බලපත්‍රයක් ලබාදීමත් බරපතළ කාරණාවක් බවයි. මේ සඳහා දේශපාලන බලපෑම් ප්‍රමාණවත් නොවන බවත් නිලධාරීන්ගේ සහායත් අත්‍යවශ්‍ය බවත් බැලූ බැල්මට පෙනේ.

පරිසරය මෙන්ම මහජන සෞඛ්‍යය සුරැකීමට දැඩි නීති ගෙන ඒම යහපත් කාර්යයකි. වත්මන් ආණ්ඩුව ඒ පියවර ගතහොත් එය ඉතා සාධනීයය. නමුත් තිබෙන නීති රීතිවත් නිසියාකාරව ක්‍රියාත්මක නොකරන, ඇතැම්විට අමු අමුවේ උල්ලංඝනය කරන නිලධාරීන් ඇති රටක අලුත් නීතිවලින් ප්‍රශ්නය විසඳිය හැකි ද?

දිසානායක ජනාධිපතිවරයාගේ අයවැයේ ඇති ඉතාමත්ම නිෂේධනාත්මක අංගයක් වූ මෙම රසායනික කර්මාන්තවලට දොර විවර කිරීමේ යෝජනාව පිළිබඳ බුද්ධිමය සංවාදයක් අත්‍යවශ්‍යය. මන්ද මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එහි අව-විපාක අපට පමණක් නොව ඉදිරි පරම්පරා ගණනාවකටම විඳීමට සිදුවිය හැකි බැවිනි.

මේ හැර සංවර්ධනයට වෙන මං තිබේ ද?

 

51019147868 7702d95357 c 4 768x512 1
වත්මන් ආණ්ඩුවේ ‘නිෂ්පාදන ආර්ථික’ තේමාවට මෙන්ම දිසානායක ජනාධිපතිවරයාගේ රසායනික කර්මාන්ත පුර යෝජනාව පිළිබඳ කරන කතාබහකට අදාළ වන ප්‍රධාන කාරණා දෙකක් ඇත.

එකක් නම්, තුන්වන ලෝක රටවල සංවර්ධන මාවත පිළිබඳව හටගෙන ඇති නව ජාත්‍යන්තර ආර්ථික කථිකාවයි. දෙවැන්න නම් ලංකාවට ඇති ආර්ථිකමය වශයෙන් වටනා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත හැක්කේ සාම්ප්‍රදායික කාර්මීකරණ පිළිවෙතක් තුළින්ද යන්නය.

විශේෂයෙන්ම දියුණු මිනිස් සම්පතක් ඇති තෙවන ලෝක රටවලට උචිතම සංවර්ධන මාවත සාම්ප්‍රදායික කාර්මීකරණය නොව සේවා කර්මාන්ත බවට ප්‍රබල මතයක් මේ වන විට ගොඩනැගී ඇත. නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ ජෝසෆ් ස්ටිග්ලිට්ස් ප්‍රගතිශීලී ආර්ථික විද්‍යාඥයකු ලෙස කාලයක් පුරා නමක් රැන්දූ තුර්කි ජාතික ඩැනී රොඩ්රික් හා දැනට ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විශේෂඥයා ලෙස සේවය කරන ඉන්දියානු ජාතික ඉන්ඩර්මිට් ගිල් මෙම මතය ඉදිරිපත් කරන ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයන් අතර වෙති.

 

1537428050 sri lanka climate change world bank

දේශගුණික විපර්යාස අභියෝගය, නව තාක්ෂණය, ඩිජිටල්කරණය වැනි හේතු නිසා අපනයනාභිමුඛ නිෂ්පාදන කාර්මීකරණ පිළිවෙත් බොහෝ තෙවන ලෝක රටවලට අපේක්ෂිත වාසි ගෙන නොදෙන බව ස්ටිග්ලිට්ස් හා රොඩ්රික් මහත්වරු පෙන්වා දෙති. උදාහරණයක් ලෙස දේශගුණික විපර්යාසවලින් දැනටමත් පීඩා විඳින තෙවන ලෝක රටවල් (ලංකාවද මේ ගණයට අයත්ය) ඉහළ දූෂිත අවදානමක් සහිත කර්මාන්ත දිරිමත් කිරීමෙන් සිදුවන හානිය ආයෝජන ප්‍රවර්ධනය හා රැකියා උත්පාදනය තුළින් වන වාසියට වඩා ඉතාමත් ප්‍රබලය. පරිසර දූෂණ අවදානම අවම කර්මාන්ත හා සේවා කර්මාන්තවලට වැඩි අවධානයක් යොමුකිරීම මෙවැනි රටවලට වඩා උචිත බව මොවුන්ගේ තර්කයයි.

ලෝක බැංකු අධ්‍යයන වාර්තාවක් උපුටා දක්වමින් ගිල් මහතා තර්ක කරනුයේ සේවා වෙළඳාම පුළුල් කිරීම, නව තාක්ෂණයන් භාවිතය ප්‍රවර්ධනය, සේවකයන්ගේ පුහුණු මට්ටම් වර්ධනය කිරීම, පුළුල් ආර්ථිකයට වාසිදායක වන හා අන්තර්ග්‍රහණය කරගත හැකි සේවාවන් දියුණුවට මුල් තැන දීම වැනි පිළිවෙත් සංවර්ධනය වන රටවලට වඩාත් වාසිසහගත බවය. තොරතුරු තාක්ෂණ වෘත්තීයමය, විද්‍යාත්මක හා තාක්ෂණික සේවා සැපයීම, කොස්ටා රිකා, ඝානා, ඉන්දියාව හා පකිස්ථානය වැනි රටවල මුළු අපනයනයන්ගෙන් අඩකට වඩා සමන්විත වන බව ඔහු පෙන්වා දෙයි.

 

කම්කරු සංක්‍රමණිකයන් 'සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්' ලෙස හැඳින්වීම !
සාම්ප්‍රදායික කාර්මීකරණයට වඩා සේවා කාර්මීකරණයට මුල් තැන දෙන මෙවැනි පිළිවෙතක් ලංකාවට උචිත විය හැකි ප්‍රධාන හේතුවක් තිබේ. එනම් අපේ මිනිස් සම්පතේ ඉහළ ගුණාත්මකභාවයයි. අපේ සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින නිසා නුපුහුණු ශ්‍රමිකයන් පවා පුහුණු කිරීම ඉතා පහසුවෙන් කළ හැක. ගිල් මහතා සඳහන් කරන රටවල් බොහොමයකට වඩා දියුණු මිනිස් සම්පතක් අපට තිබේ. නමුත් මෙම සම්පතකට සුදුසු වටිනාකමක් දෙන ආර්ථික පිළිවෙත් හා ක්‍රියාකාරිත්වයන් නොමැති වීම නිසා ඔවුන් රට හැර යන තත්වයක් හටගෙන තිබේ.

‘බුද්ධි ගලනය’ මේ දිනවල බහුලව කතාවන මාතෘකාවකි. නමුත් ‘හැකියා ගලනය’ අපට ඊටත් වඩා ගැටලුවක් විය හැක. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අපේ සංවර්ධන උපායමාර්ගයේ මූලිකාංගයකි. නමුත් සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් රට හැර යාමේ ප්‍රශ්නය ගැන තවමත් අවධානයක් යොමුව ඇති බවක් නොපෙනේ. මෙරට තරු හෝටල්වල පවා සේවක සේවිකාවන් පුහුණුවක් ලැබූ පසු වැඩි වැටුප් සහිත රැකියා ලබාගැනීම සඳහා විදේශගත වන බව නොරහසකි. මේ ප්‍රශ්නයට අවධානයක් යොමු කොට ඊට විසඳුම් නොදුනහොත් (තේ කර්මාන්තය මෙන්ම) සංචාරක ව්‍යාපාරය පවත්වා ගැනීමට අවශ්‍ය මිනිස් සම්පත ප්‍රමාණවත් නොවීමෙන් සමස්ත කර්මාන්තයම අවදානමට පත්විය හැක.

 

ආර්ථික අර්බුදය හමුවේ විදෙස් රැකියා හීන මවන මහනුවර දිස්ත්‍රික්කයේ තරුණයන් -  (නදීක දයා බණ්ඩාර)
බුද්ධි ගලනය මෙන්ම නිපුණතා ගලනයද අවම කරගත හැකි සංවර්ධන මාවතක් වනුයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සේවා කර්මාන්තයක් බිහිකිරීමට වැඩි අවධානයක් යොමු කිරීමයි. මේ මාවතේ අප දැනටත් යම් ඉදිරි පියවර කිහිපයක් තබා තිබීමෙන් පෙනී යනුයේ එවැනි සංවර්ධන උපායමාර්ගයක ප්‍රායෝගිකභාවයයි. උදාහරණයක් ලෙස තොරතුරු තාක්ෂණ සේවා කර්මාන්තය අතින් ලංකාව සැලකිය යුතු දියුණුවක් ලබා ඇති බව අවිවාදිතය. ලන්ඩන් කොටස් වෙළඳපොළ, ඉතාලි කොටස් වෙළඳපොළ, ලන්ඩන් ඛනිජ වෙළඳපොළ, දකුණු අප්‍රිකා කොටස් වෙළෙඳපොළ වැනි ජාත්‍යන්තර ආයතන රැසක් සඳහා පරිගණක මෘදුකාංග සේවයන් නිර්මාණය කළේ මිලේනියම් අයිටී නම් ලාංකීය සමාගමයි. ගතවූ වසර ගණනාව පුරා පරිගණක ක්ෂේත්‍රයේ දක්ෂයන් ලංකාව හැරගිය බවද අදටත් හැර යන බවද නොරහසකි. අනාගතය ගැන සිතන පාලනයක ප්‍රමුඛතාව විය යුත්තේ මෙවැන්නන් අපනයනය කරනවා වෙනුවට ඔවුන්ගේ සේවාවන් අපනයනය කළ හැකි වටපිටාවක් නිර්මාණය කිරීමයි.

දක්ෂතාවක් ඇති පුද්ගලයන් රට හැර යාමේ ඛේදවාචකය වටා ගෙතුණු මැතිවරණ රූපවාහිනී දැන්වීමක් ජාතික ජන බලවේගය 2024 ජනපතිවරණ සමයේදී නිර්මාණය කළේය. අනුර දිසානායක මහතාත් ජාතික ජන බලවේගයත් ජයග්‍රහණය කළ විට මෙම සංක්‍රමණ ප්‍රශ්නය නැතිවන/අවම වන බවට වූ මතය මිථ්‍යාවක් බව විදේශ ගමන් බලපත් සඳහා ඉල්ලුම තව තවත් ඉහළ යාමෙන් පැහැදිලි වේ.

 

අපි උපයපු ඩොලර් කෝ?' : කුසගින්නේ වැඩ කරන ඇඟලුම් කම්කරුවෝ - (ජයනි අබේසේකර)

මේ සංක්‍රමණය අවම කළ හැක්කේ හුදෙක් ආණ්ඩු මාරුවකින් නොව අනාගතය පිළිබඳ විශ්වාසය පුළුල් හා ශක්තිමත් කිරීමෙනි. වංචා හා දූෂණ අවම කිරීමට වත්මන් ආණ්ඩුව දරන උත්සාහය ප්‍රශංසනීය වුවද ප්‍රශ්නවලට ගැළපෙන විසඳුම් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට ඇති හැකියාව පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. නිෂ්පාදන ආර්ථිකය නම් වූ නොපැහැදිලි තේමාව මහපොළවේ ක්‍රියාත්මක වන්නේ ජන ජීවිතය හා පරිසරය වනසන දූෂක කර්මාන්ත ප්‍රචලිත කිරීමක් වශයෙන් නම් එහි ප්‍රතිඵලයක් විය හැක්කේ හැකියාවක් ඇති බහුතරය කෙසේ හෝ රට හැර යාම තුළින් බුද්ධි හා නිපුණතා ගලනය ආර්ථිකයට දරා ගත නොහැකි මට්ටමකට උත්සන්න වීමයි.


සුදුසු-නුසුදුසු

වෛද්‍යවරියක දූෂණය කිරීමට විරෝධය පළ කරමින් අද රටපුරා වෛද්‍ය වැඩ වර්ජනයක්
තමන්ට ලැබිය යුතු දීමනා දෙකක් කප්පාදු වූවා යැයි කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළිත් රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වර්ජනයක් දියත් කිරීමට සූදානම් වෙයි. මාර්තු 5 වෙනිදාට යෙදී තිබුණු වර්ජනය අය වැය විවාදය නිමා වන තෙක් කල් දමා ඇත.

ජවිපෙ/ජාජබ විපක්ෂයේ සිටියදී වෛද්‍ය වර්ජන අනියමින් අනුමත කළේය. මෙවර ජීඑම්ඕඒ මාෆියාවේ තර්ජනය ඍජුවම එල්ලවී ඇත්තේ ආණ්ඩු කරවන ඔවුන්ටය. ඔවුන් කවරාකාරයෙන් මෙම තර්ජනයට මුහුණ දෙනු ඇත්ද යන්න ඉදිරි සති තුන තුළ පැහැදිලි වනු ඇත.

මෙවර අයවැයෙන් වැඩිම කුට්ටියක් එනම් රුපියල් බිලියන 110ක්, වෙන් කොට තිබුණේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම වෙනුවෙනි. මෙරට ආර්ථිකයේ වැඩිම බරක් දරන ඇඟලුම් කර්මාන්තය, තේ කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල නියුතු ශ්‍රමිකයන්ට මෙම වැටුප් වර්ධනය අදාළ නැත. වෛද්‍යවරුන් ඇතුළු ඇතැම් රජයේ වෘත්තිකයන් වර්ජන තර්ජන එල්ල කරනුයේ මෙම වැටුප් වැඩිකිරීම ප්‍රමාණවත් නොවන බව කියමිනි.

අයවැයේ වියදම් ප්‍රමුඛතාවන් දෙස බලද්දී පෙනීයනුයේ රජයට සම්බන්ධ ආයතන හෝ සේවකයන්ට ප්‍රතිලාභ දීමට ආණ්ඩුව වැඩි බරක් දරා ඇති බවය. පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩිකිරීම යහපත් පියවරක් වුවද රාජ්‍ය අංශයට සාපේක්ෂව පෞද්ගලික අංශයට බෙදා ඇත්තේ කුඩා හැන්දකිනි. මෙරට සේවා ආර්ථිකයටත් ඒ හරහා සමස්ත ආර්ථිකයටත්, විශාල දායකත්වයක් දක්වන ස්වයං-රැකියාලාභීන් ආණ්ඩුවට අමතකව ගොස් ඇති සෙයකි.

 

වතුකරයේ පඩි ඉල්ලීම් නොතකන හාම්පුතුන්ගෙන් අලුත් සූත්‍රයක්
2007 යළි රජයට පවරා ගැනීමෙන් පසු කිසිම වසරක ශත පහක ලාභයක් නොලද ශ්‍රීලංකන් ගුවන් සේවාවට වෙන් කළ රුපියල් බිලියන 20න් අඩක් පෞද්ගලික අංශයේ පහළ මට්ටම්වල, වතු ක්ෂේත්‍රයේ හා ස්වයං රැකියා ක්ෂේත්‍රයේ සේවා නියුක්තිකයන් යම් පිරිසක් හෝ ආවරණය වන සමාජ ආරක්ෂණ දැළක් නිර්මාණය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙන් කළා නම් එය ආර්ථිකයේ වෘද්ධියට පමණක් නොව ආර්ථික සාධාරණත්වයටද වඩා උපකාරි වනු නියතය.

ආර්ථිකයක ගමන තීරණය වනුයේ දෛවයක් අනුව නොව තෝරාගැනීම් අනුවය. අයවැය සකස් කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන් නොඉක්මවා ආණ්ඩුව කටයුතු කර ඇති බව පැහැදිලිය. විපක්ෂය කියන අයුරින් මෙය විවේචනය කළ යුත්තක් නොවේ; පැසසිය යුත්තකි. ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා 2020දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දුන් උපදෙස්වලින් කිහිපයක් හෝ පිළිපැද්දා නම් රට බංකොලොත් වීම වළක්වා ගත හැකිව තිබුණි. දිසානායක ජනාධිපතිවරයා ඊට වෙනස් මගක් ගනිමින් සංයමයක් ඇතිව කටයුතු කිරීම භාග්‍යයකි.

අයවැය හිඟය හා ප්‍රාථමික අතිරික්තය පිළිබඳ වූ අයිඑම්එෆ් නිර්ණායකයන් තුළ පොදුවේ 2025 අය හා වැය පිළිබඳ තීරණ ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට විය. මෙම තීරණ තෝරාගැනීම් විය. බදු අය කරන්නේ කාගෙන්ද, ඒ බදු මුදල් වියදම් කරන්නේ කා වෙනුවෙන් කෙසේද යන්න ප්‍රධානතම තීරණය විය. අවාසනාවකට ‘අය’ ක්ෂේත්‍රයේ ආණ්ඩුව වැඩි බරක් දී ඇත්තේ ඇති හැකියවුන්ගෙන් අය කරන ඍජු බදුවලට නොව නැති බැරියවුන්ගෙන් අය කරන වක්‍ර බදුවලටය. වැය අංශයේදී ආණ්ඩුව වැඩි ප්‍රමුඛතාවක් දී ඇත්තේ ඉහළ ඵලදායිතාවක් සහිත අංග දිරිගැන්වීමට නොව ඵලදායිතාව ඉතා අඩු රාජ්‍ය හා අනුබද්ධ අංශවලට ප්‍රතිලාභ දීමටය.

 

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පන්නනැයි නියෝගයක් !
සාම්ප්‍රදායික අපනයනාභිමුඛ කාර්මීකරණයෙන් දියුණුව ලත් දකුණු කොරියාව හා තායිවානය අනුගමනය කළේ ආර්ථිකයට වඩාත් වාසිදායක නිෂ්පාදන ක්ෂේත්‍ර කිහිපයක් තෝරාගෙන ඒවාට ආරක්ෂාව හා අනුබලය දෙන පිළිවෙතකි. මෙරට පාලකයන් කරනුයේ ඵලදායිතාව ගැන තඹයකුදු නොතකන රාජ්‍ය ආයතන ගණනාවක් අසීමාන්තිකව නඩත්තු කිරීමයි. අතීත පාලකයන් ගත් මෙම වැරදි මග මේ ආණ්ඩුවද අත් හැර නොමැත. එය අනාගතය පිළිබඳ අසතුටුදායක පෙර මග ලකුණකි.

ලුයිසියානාවේ මොස්විල් නගරය මෙන්ම එහි පිහිටි ‘පිළිකා පටුමග’ පිළිබඳ එක් සත්‍යයක් නම් ඒවායේ වැසියන් අඩු ආදායම්ලාභී හා දේශපාලන වශයෙන් ඇති හැකි නොවන කුලකයට ඇතුළත් වීමයි. ශතක භාගයක් පුරා මේ වැසියන්ගේ ජීවිත කබළෙන් ගිනිගන්නා ළිපකට ඇද දැමීමට බහු ජාතික සමාගම්වලට හැකිව ඇත්තේ ඔවුන්ට ඔවුන්ගේම පාලකයන්ගෙන් ලැබුණු හා ලැබෙන කුඩම්මාගේ සැලකිල්ල හේතුවෙනි. වත්මන් ආණ්ඩුවේ ‘නිෂ්පාදන ආර්ථිකය’ සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිකරන කර්මාන්ත පුරවල සේවකයන්ට පමණක් නොව අවට ගම් නගරවල වැසියන්ටද ලැබෙනු ඇත්තේ මෙම අඩු ලංසුවේ සැලකිල්ලමය.

රතුපස්වල නඩු තීන්දුව:'විමර්ශකයින්ගේ දෝෂ සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමට  හැකියාවක් නැහැ'

 

මේ සන්දර්භය තුළ ආණ්ඩුවට රතුපස්වල අමතක වීම ඛේදවාචකයකි. රතුපස්වල ජනතාව සාමකාමී උද්ඝෝෂණයක් කළේ රාජපක්ෂ හිතවතකු වූ ධම්මික පෙරේරා මහතාගේ හේලීස් සමාගමට අනුබද්ධ රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන කම්හලක් බැහැර කළ රසායනික අපද්‍රව්‍ය තුළින් තමන්ගේ ගමේ ජල උල්පත් දූෂණය වීම නිසාය. ඔවුන් ඉල්ලුවේ බොන්නට පිරිසිදු වතුරය. ඔවුන්ට ලැබුණේ මූනිස්සම් වැස්සකි. ජීවිත තුනක් අහිමිවුවද ඒ අපරාධයට වගකිව යුතු මිනීමරුවෙක් නොමැත.


කම්හල් අපද්‍රව්‍ය බැහැර කළ යුතු ක්‍රම ගැන නීති-රීති තිබේ. නමුත් රතුපස්වල කම්හල ලාබය උදෙසා මෙම නීති අමතක කළේය. අදාළ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ දේශපාලනඥයෝ තමන්ගේ වාසියට ඉවත බලා සිටියහ. දිසානායක ජනාධිපතිවරයාගේ රසායනික නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය මෙවැනි විනාශයකින් අවසන් වන්නට හොඳටම ඉඩ තිබේ.

මොස්විල් හා/හෝ රතුපස්වල අපේ අනාගතය විය යුතු නැත. අනාගතයට පිය මැනීමට ඊට වඩා අඩු අවදානම්කාරී, අඩු හානිදායී මාවත් තිබේ. අවශ්‍ය ඒ පිළිබඳ දැනුම හා ඒ දැනුම සොයන්නට තේරුම් ගන්නට හා අපට අවශ්‍ය ලෙස ගළපාගන්නට සමත් විවෘත මනසකි. වත්මන් ආණ්ඩුවට එවන් විවෘත මනසක් තිබේද යන්න ප්‍රශ්නකාරීය. අවාසනාව එතැනය.

(සටහන | තිසරණි ගුණසේකර)

උපුටා ගැනීම - අනිද්දා පුවත්පතින්..
(2025 මාර්තු 09)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිෂ්පාදන ආර්ථිකය යනු මොස්විල්කරණය ද? | තිසරණි ගුණසේකර | The Leader