The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මන්ත්‍රීවරුන්‌ තම පවුල්වල වියදම් පියවාගන්නේ කෙසේ ද? | රොහාන් සමරජීව

T

The Leader Desk

March 14, 2025 • 7:56 AM

මන්ත්‍රීවරුන්‌ තම පවුල්වල වියදම් පියවාගන්නේ කෙසේ ද? | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පක්ෂ සගයින් හමුවීමට, පන්ති පැවැත්වීමට හෝ බඳවා ගැනීමේ කටයුතුවල යෙදීමට අවශ්‍ය ගමන් යාමට වෙනත් ක්‍රමයක් නොමැතිම නම් මුදල් වියදම් කළ හැකිය.
  • සමහරවිට, සංඝයා වහන්සේ කෙරෙහි ගිහියන් තුළ ඇති බැඳීම් සහ වගකීම් සංස්කෘතිය තුළ මුල්බැසගෙන තිබීම එයට හේතුවක් විය හැකිය.
  • දශක පහකට පසුව, ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේදී බලයේ සිටියදී පවා, එම පිළිවෙත් තීරකයන්ගේ මනසෙහි පරමාදර්ශ ලෙස පැවතීම (සහ මහජනතාවගේ ව්‍යංග සහයෝගය දිනා ගැනීම) පුදුමයට කරුණක් නොවේ.
  • ,130ක් බව රජයේ තක්සේරුව විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පක්ෂ සගයින් හමුවීමට, පන්ති පැවැත්වීමට හෝ බඳවා ගැනීමේ කටයුතුවල යෙදීමට අවශ්‍ය ගමන් යාමට වෙනත් ක්‍රමයක් නොමැතිම නම් මුදල් වියදම් කළ හැකිය. එහෙත්, යම් ගමකට ගිය පසු ආහාර සහ නවාතැන් සඳහා ඔවුන්ට කිසිදු මුදලක් වියදම් කළ නොහැකි විය. ඊළඟ ගමනාන්තයට ප්‍රවාහන වියදම් ඔවුන්ගේ සත්කාරකයින් විසින් ලබා දිය යුතු විය. ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් අවශ්‍ය දේ ද පක්ෂ සාමාජිකයින්ගෙන් ලබා ගත යුතු විය.

මෙම අල්පේච්ඡ පිළිවෙත් ජනතාවගේ ගෞරවයට පාත්‍ර විය. සමහරවිට, සංඝයා වහන්සේ කෙරෙහි ගිහියන් තුළ ඇති බැඳීම් සහ වගකීම් සංස්කෘතිය තුළ මුල්බැසගෙන තිබීම එයට හේතුවක් විය හැකිය. දශක පහකට පසුව, ජනතා විමුක්ති පෙරමුණ වර්තමානයේදී බලයේ සිටියදී පවා, එම පිළිවෙත් තීරකයන්ගේ මනසෙහි පරමාදර්ශ ලෙස පැවතීම (සහ මහජනතාවගේ ව්‍යංග සහයෝගය දිනා ගැනීම) පුදුමයට කරුණක් නොවේ.

මන්ත්‍රීවරුන්ට ලබා දෙන වැටුප් හා දීමනා

 

මතවාද - Results from #105
මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප මසකට රු. 54,285කි. 2019 දී කුටුම්භයක සාමාන්‍ය වියදම රු. 63,130ක් බව රජයේ තක්සේරුව විය. දැන් එය බෙහෙවින් වැඩි ය. උද්ධමනය හේතුවෙන් සියලු දේවල මිල ඉහළ ගියේ 2019 ට පසුවය. නිවසක මූලික අවශ්‍යතා සපුරාලීමට අද මෙම වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

රජය නීති සම්පාදකයින්ගේ වැටුප් වැඩි නොකරනවා පමණක් නොව, ඔවුන් භුක්ති විඳින ඇතැම් සහනාධාරද ඉවත් කරමින් සිටී. උදාහරණයක් ලෙස, පාර්ලිමේන්තුවෙන් සපයනු ලබන දිවා ආහාරයේ මිල රුපියල් 450 සිට රුපියල් 2,000 දක්වා වැඩි කරන ලදි.

මේ තත්වයන් යටතේ අපේ නීති සම්පාදකයින් තම ගෘහස්ත වියදම් කළමනාකරණය කරගන්නේ කෙසේද? දීමනාවලින්ද? පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවල හෝ වෙනත් දිනවල පැවැත්වෙන කමිටු රැස්වීම් සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා රු. 2,500ක් ලැබේ. මන්ත්‍රීවරුන් තමන්ගේම දිවා ආහාර ගෙදරින් ගෙන නොඑන්නේ නම්, රැස්වීම් දීමනාවෙන් වැඩි ප්‍රමාණයක් දිවා ආහාරය සඳහා වැය වනු ඇත. පාර්ලිමේන්තුව පිහිටි දියවන්නා ඔයේ දූපත තුළ ඔවුන්ට ආහාර ගැනීම සඳහා වෙනත් විකල්ප නොමැත.

parliament food 250123

 

කාර්යාලයක් නඩත්තු කිරීම සඳහා රුපියල් 100,000ක දීමනාවක් තිබේ.  කාර්යාලය පවත්වාගෙන යාමට යමෙකු සේවයේ යෙදවීමට සිදුවන බැවින්, මන්ත්‍රීවරයාට එයින් තම පවුලේ ජීවන වියදම් පියවා ගැනීමට හැකි වනු ඇතැයි සිතිය නොහැක.

එබැවින්, මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ඔවුන්ගේ කුටුම්භ නඩත්තු කිරීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය. අවමංගල්‍ය කටයුතු, ප්‍රජා උත්සව ආදිය සඳහා අපේක්ෂිත පරිත්‍යාග වැනි මැතිවරණ කොට්ඨාස සේවාවන් සඳහා අරමුදල් සැපයීම කිසි සේත්ම කළ නොහැකිය. එවැනි තත්වයක් තුළ මන්ත්‍රීවරුන් උරුමයෙන්ම ස්වාධීන ධනවතුන් විය යුතුය. නැතිනම්, යම් ව්‍යාපාරයකින් හෝ වෘත්තියකින් අඛණ්ඩ ආදායම් මාර්ගයක් තිබිය යුතුය.  නැතහොත් දේශපාලන පක්ෂයකින් හෝ දානපතියෙකු විසින් ඔවුන්ගේ වියදම් ලබා දිය යුතුය.


මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වියදම් පියවාගන්නේ කෙසේ ද?

image 309525456e
රජයේ සෑම තරාතිරමකම සිටින මහජන නියෝජිතයින් ස්වාධීනව ධනවත් අය විය යුතු යයි මුල් කාලයේදී අපේක්ෂා කරන ලද අතර  දේශපාලනය අර්ධකාලීන රැකියාවක් ලෙස සලකා ඒ සඳහා සංකේතාත්මක දීමනාවක් පමණක් ලබා දෙන ලදි.

නිදසුනක් වශයෙන්, නිදහසින් පසු දශක ගණනාවක් තිස්සේ, පාර්ලිමේන්තුව රැස්වූයේ මධ්‍යාහ්නයෙන් පසුවයි. බොහෝ නීතිඥ මන්ත්‍රීවරුන්ට අධිකරණයේ පෙනී සිටීම සඳහා උදෑසන කාලය නිදහස් කර තිබිණි. මෙම නීතිඥ වරප්‍රසාදය දිගටම පවත්වාගෙන යමින්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 94 වන වගන්තිය යටතේ පවා, අධිකරණයක් හෝ ව්‍යවස්ථාපිත විනිශ්චය සභාවක් ඉදිරියේ නීතිඥවරුන් ලෙස පෙනී සිටීම සඳහා මන්ත්‍රීවරුන්ට මුදල් ලබාගැනීමට විශේෂ අවසරයක් ලබා දී ඇත.

නමුත් ඒ පැරණි උපකල්පන වර්තමානයේ තවදුරටත් වලංගු නොවේ. මන්ත්‍රීවරයෙකු වීම පූර්ණ කාලීන රැකියාවක් වන අතර, බොහෝ මන්ත්‍රීවරුන් පත්වන අවස්ථාවේ ස්වාධීනව ධනවත් අය නොවේ. මන්ත්‍රීවරුන් අතර නීතිඥ ප්‍රතිශතය ද අඩු වෙමින් පවතී.

ඉන්ධන පිරවුම්හල් හිමි පවුල්වලින් එන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමෙන් පෙනී යන පරිදි, වත්මන් රජය සිතන්නේ මන්ත්‍රීවරුන් ව්‍යාපාරික සම්බන්ධතා ඇති පවුල්වලින් පැවත එන අය නොවිය යුතු බවයි. පාර්ලිමේන්තුවේදී සහ වෙනත් තැන්වල පෙන්වා දී තිබෙන පරිදි, මෙම ව්‍යාපාර බොහොමයක් ආරම්භ කර තිබෙන්නේ ලැයිස්තුවේ සිටින සමහර පුද්ගලයින් ඉපදීමට පෙර 1950 ගණන්වල හෝ 60 ගණන්වලදීය. ඉන්ධන පිරවුම්හල් හිමියෙකු හෝ ඔහුගේ පරම්පරාවේ අයවලුන් දේශපාලනයට සම්බන්ධ වීමේ වරදක් තිබේද?

 



අපගේ නීතිය නීති සම්පාදකයින්ට නීතිඥවරුන් ලෙස කටයුතු කිරීමට සහ, රජයේ ආයතන සමඟ ගිවිසුම්වලට එළඹෙන්නේ නැති තාක් කල්, වෙනත් වෘත්තීන්හි නිරත වීමට අවසර ලබා දෙයි. ව්‍යාපාරවලින් බාහිර ආදායමක් උපයන අයගේ තත්ත්වය අස්ථිර වන්නේ රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථා සමඟ ගිවිසුම්වලට එළඹීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)(ඉ) වගන්තිය මගින් පනවා ඇති අපැහැදිලි ප්‍රතිපාදන නිසාය.

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ ගෙවීම් අඩු කිරීම සහ පවුලේ සාමාජිකයන් සතු ව්‍යාපාර ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීම වැනි ජනප්‍රියවාදී සටන් පාඨ හඬ නැගීමට වඩා වැදගත් වන්නේ මන්ත්‍රීවරයෙකුගේ රාජකාරි (නීති සම්පාදනය, අධීක්ෂණය සහ ඡන්ද කොට්ඨාස සේවය) සහ පෞද්ගලික ආදායම් උත්පාදනය අතර ඇති ළබැඳියාවන් හා සම්බන්ධ ගැටුම් පිළිබඳ ගැටලුවට විධිමත් විසඳුමක් ලබාදීමයි.

පිරිසිදුම විසඳුම වන්නේ අධිකරණයේ හෝ රජයේ නීතිඥයින්ගේ වැටුපට සමාන ඉහළ වැටුපක් ලබා දීමයි.  එම වැටුප් වැඩිවන විට මන්ත්‍රී වැටුප්ද වැඩි විය යුතුය. මන්ත්‍රීවරුන් ආදායම් ජනනය කිරීමේ කාර්යයන්හි නියැලීමේ ගැටලුව සහ ළබැඳියාවන් සම්බන්ධ ගැටුම් පාලනය කරන පැහැදිලි නීති රීති පැනවිය යුතුය.

මේ ප්‍රශ්න කිහිපය ඡන්දදායක ඔබටයි - (කුසල් පෙරේරා)
දේශපාලන පක්ෂයක් විසින් ජීවනෝපාය සපයනු ලබන මන්ත්‍රීවරුන්ට වැටුප් අදාළ නොවිය හැකිය. එහෙත්, තමන් විසින් පත් කරන ලද මන්ත්‍රීවරයා පක්ෂයකින් යැපීම එම මන්ත්‍රී පත් කළ ඡන්දදායකයන්ට ප්‍රශ්නයක් විය හැකිය. අපට අවශ්‍ය සත්‍ය මහජන නියෝජිතයන්ද, එසේ නැතිනම් තමන් පෝෂණය කරන පක්ෂයේ නියෝග ඉටු කරන එහෙයියන්ද යන්න අප තීරණය කල යුතුය.



Rohan Samarajiva LIRNEasia 1x1(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
rohan@lirneasia.net
 
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...