The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තරම දැන කළ යුතු 'උඩින් පල්ලෙන්' සත්ව සංගණනය | රේණුකා දමයන්ති ගමගේ

T

The Leader Desk

March 14, 2025 • 9:58 AM

තරම දැන කළ යුතු 'උඩින් පල්ලෙන්' සත්ව සංගණනය | රේණුකා දමයන්ති ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම මෙය අවම වැයවීමක් යටතේ සිදු කිරීමට කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.පී.
  • මෙම සංගණනයට අදාළව මහජනතාවට තොරතුරු ලබා ගැනීම සඳහා 011 – 2034336 යන ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇත.
  • ආදී ඕනෑම ගැටලුවකට තොරතුරු ලබාගත හැකි යැයි එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි ව්‍යාපාර) අජිත් පුෂ්පකුමාර පවසයි.
  • මෙම සංගණනය හෙට පෙරවරු 8.00 සිට පෙරවරු 8.05 දක්වා විනාඩි පහක කාලයේ දී දිවයින පුරා සිදුකිරීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එමෙන්ම මෙය අවම වැයවීමක් යටතේ සිදු කිරීමට කටයුතු කර ඇති බවත් සේවා සපයන නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ පවසා තිබේ.

මෙම සංගණනයට අදාළව මහජනතාවට තොරතුරු ලබා ගැනීම සඳහා 011 – 2034336 යන ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇත. මෙම අංකයට අමතා සංගණනයට අදාළ පෝරම ලැබුණාද? නැද්ද? ආදී ඕනෑම ගැටලුවකට තොරතුරු ලබාගත හැකි යැයි එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි ව්‍යාපාර) අජිත් පුෂ්පකුමාර පවසයි.

මෙම සංගණනය හෙට පෙරවරු 8.00 සිට පෙරවරු 8.05 දක්වා විනාඩි පහක කාලයේ දී දිවයින පුරා සිදුකිරීමට නියමිත ය.

අදාළ පත්‍රිකා බෙදාහැරීම ග්‍රාම නිලධාරි, සමෘද්ධි, ආර්ථික සංවර්ධන, කෘෂි පර්යේෂක යන නිලධාරීන් විසින් මේ වනවිට සිදු කරන බව ද දැන ගන්නට ඇත.

මූලික තත්වයන් මෙසේ වුවද සංගණනයක් සඳහා සපිරිය යුතු විද්‍යාත්මක නිර්නායක සපුරා නොතිබීම මත මෙය සංගණනයකට වඩා මානව ජනාවාස ආශ්‍රිත වඳුරන්, රිළවුන්, දඬුලේනුන් හා මොනරුන් පිළිබඳ මූලික තොරතුරු විමසුමක් සේ සැලකීම යෝග්‍ය වේ.

“මේ තුළින් අපි ලබා ගන්නා තොරතුරු රටේ ඉදිරි තීරණ ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා. එය කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන හානි අවම කර ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමටත් ඉවහල් වෙනවා” කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් වරයාගේ මෙම ප්‍රකාශය තුළ තරමක ඉක්මන් සහගත බවක් පෙනේ. මක් නිසා ද යත් ඇත්ත වශයෙන්ම මෙය නියාමන ව්‍යාපෘතියක සීමාව ඉක්මවන්නක් නොවන බැවිනි.

ඒ අතර මෙය ද ආණ්ඩුව නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව මහජන මුදලින් රජයේ වී ගබඩා අසූවක් පිළිසකර කොට ඒවායින් වැඩි කොටස හිස් ව තැබීම වැනි කටයුත්තක් වනු ඇතැයි පසුගිය දිනවල බොහෝ දෙනෙක් කීහ. ඒ මේ වන විට සහල් මාෆියාව යන ජනප්‍රිය අඬහැරය ද ආණ්ඩුව මුලුමනින් අමතක කොට ඇති පසුබිමක ය. ඉහත වියදම් ප්‍රශ්නය සඳහා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් වරයා වග උත්තර බැඳ ඇත්තේ මෙසේ ය.

ballot papers

“මේ සංගණනය සඳහා බොහෝ වියදමක් සිදුකර ඇතැයි සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශ වෙනවා. නමුත් මේ සඳහා ඉතාමත් අවම වැය බරක් දරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන නිලධාරීන් මගින් තමයි අපි මේ කටයුත්ත කරන්නේ. මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් ඉතාමත් සහනදායි මිලකට අපිට ලබා දීලා තියෙනවා. ඇත්තටම මේ එක පත්‍රිකාවක් මුද්‍රණය කිරීම සඳහා අපිට ශත 30ක වගේ මුදලක් තමයි වැය වෙලා තියෙන්නේ. අපිට ප්‍රධාන වශයෙන් වැය බරක් හැටියට පත්‍රිකා මුද්‍රණය පමණක් වෙන අතර සමහර ප්‍රවාහන කටයුතු සඳහා යම් යම් වියදම් හැරුණු කොට වෙනත් කිසිදු වියදමක් ඇතුළත් වෙන්නේ නෑ.”

එහි දී ඔහු පවසා ඇත්තේ බොහෝ කාලයක පටන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිදුවන සත්ව හානිය පිළිබඳව තොරතුරු වාර්තා වුවද ඒ සඳහා මේ දක්වා නිවැරදි තක්සේරුවක් නොකිරීම මත මෙම සංගණනය ක්‍රියාත්මක කරන බවකි. ඒ තුළින් නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවත් ඔහු මෙහි දී පවසා තිබේ.

එමෙන්ම මෙම සංගණනය සඳහා දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් මෙන්ම ග්‍රාමීය මට්ටමින් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇතැයිද පැවසූ ලේකම් වරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූ පරිදි ග්‍රාමීය මට්ටමේ දී නිලධාරීන් සිව් දෙනෙකු ග්‍රාම නිලධාරී ප්‍රධානත්වයෙන් මෙම කාර්යය සඳහා දායකත්වය සපයනු ඇත. ඒ අනුව මෙය “උඩින් පල්ලෙන්” සිදු කරන්නක් වුව ඒ සම්බන්ධ කිසිදු ආරෝවක් අප තුළ නැත.

 



අප රටේ වගා පාලු කරන සතුන් ගණනයේ දී මේ වන විට වන අලියා ඉවත් කොට ඇති අතර වඳුරන්, රිළවුන්, දඬුලේනුන් වල් ඌරා සහ ඉත්තෑවන් මේ වන විට වගා හානි පමුණුවන්නවුන් ලෙස හඳුනා ගෙන තිබේ. නමුත් මෙහි දී වල් ඌරා සහ ඉත්තෑවා ජාතික ජන බලවේගයේ සාමාජිකයන් ද යන ගැටලුව තමන්ට ඇති වූ බවත් එම සතුන් දෙදෙනා වගාවන්වලට විශාල හානියක් මුත් වගා හානි සිදු කරන ලැයිස්තුවේ නැති බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ ඉකුත් 12 වන දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබේ.

එහෙත්, රාත්‍රී කාලයන් හි ගොදුරු සොයා යන ඔවුන් මෙම සංගණනය සිදු කෙරෙන වේලාව තුළ දක්නට නොතිබීම මත ඔවුන් ගේ නම් මෙම සංගණන ලැයිස්තුවෙන් ඉවත් කොට ඇති බව පෙනේ.

 

monkey 25.03.10

එමෙන්ම ඉහත සඳහන් සංගණනය මූලික වශයෙන් රිළවුන් හා වඳුරන් ඉලක්ක කර ගත් එකක් බව ද බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ. නමුත් ග්‍රාම නිලධාරි, සමෘද්ධි, ආර්ථික සංවර්ධන, කෘෂි පර්යේෂක යන නිලධාරීන් විසින් ජනතාව අතරේ බෙදා දෙන සංගණන පත්‍රිකා යළි භාර ගැනීම හැරුණු කොට ඒවා අධීක්ෂණයකට, නියාමනයකට හෝ ප්‍රති පරීක්ෂාවකට එම නිලධාරීන්ට ඉඩක් නොලැබීම ද මෙය සංගණනයක් නොවන බවට දැක්විය හැකි තවත් නිදසුනකි.

අප බොහෝ දෙනකු දන්නා පරිදි රිළවුන් හා වඳුරන් ගෙන් වගා හානි සිදුවීම මේ වන විට බොහෝ දෙනකුට බරපතල ප්‍රශ්නයක් වී තිබේ. එහෙත් එලෙස රිළවුන් වඳුරන් සේම දඬුලේනුන් වල් ඌරන් සහ ඉත්තෑවන් ආදී වන සතුන් මානව ජනාවාස ආශ්‍රිතව වර්ධනය වීම ඔවුන් ගේ වරදක් නොවේ. එය මිනිසා විසින් එම සතුන් ගේ නිජ බිම් හා ස්වාභාවික වාස කලාපයන් හැකිලෙන පරිදි වන කලාප සිඳ දමා මානව ජනාවාස ඉදි කර ගැනීම මත ඇති වූ පාරිසරික විලෝපන තත්වයකි.

මෙය හරියට අපේ ගේ දොර විනාශ වූ පසු අප සරණාගත කඳවුරු වලට කොටුවීම වැනි තත්වයකි .නමුත් ඉන් බැට කෑමට සිදුව ඇත්තේ ද ජනතාවටම ය. එවන් තත්වයක් යටතේ වුව තම ගෙවත්තේ ඉඩමේ, වගා බිමේ හෙට පෙරවරු 8.00 සිට පෙරවරු 8.05 දක්වා විනාඩි පහ තුළ දක්නට ලැබෙන රිළා වඳුරු සංඛ්‍යාව දෙතුන් ගුණයකින් හෝ හත් අට ගුණයකින් ඉහළ නංවා ඒ පත්‍රිකාවේ සටහන් කිරීමට යමකුට ඇති හැකියාව පිළිබඳව ද අප මෙහි දී සිතා බැලිය යුතුය.

 

120427565 662906494347427 3781049782420579269 n

එමෙන්ම රිළවුන් හෝ වඳුරන් විනාඩි පහක කාලයක් තුළ එකම ගෙවත්තක ඉඩමක ආදී වශයෙන් එකම ස්ථානයක රැඳී සිටීම ද තරමක අහඹු සිදුවීමකි. ඒ අනුව එකම රිළවා වඳුරා හෝ එම රංචුව විවිධ ගෙවතු , ඉඩම් හා වගාබිම් වල දී කිහිප වරක්ම මෙම ගණනයනට නතු වීමේ පහසු අවකාශයක් පවතී. මෙයට අප “උඩින් පල්ලෙන්” යන හැඳින්වුම දෙනුයේ මෙබඳු කරුණු ද මුල් කර ගනිමිනි.

අප රටේ ජ්‍යෙෂ්ඨතම පරිසර වේදියකු වන නීතිඥ ජගත් ගුණවර්ධනයන් පවා මෙය සාර්ථක ප්‍රයත්නයක් නොවන බව පවසා තිබීම ද අප මෙහි දී සැලකිල්ලට ගත යුතු ය. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ පර්යේෂණ ආයතනයක් මඟින් සිදු කළ යුතු මෙබඳු කාරියක් අමාත්‍යංශ මට්ටමින් සිදු කිරීම දේශපාලනික ප්‍රවේශයකින් යුතු වන බවකි.

 

තම වගා බිම් වලට පැමිණෙන වන සතුන් සඳහා ඕනෑම ක්‍රියා මාර්ගයක් ගත හැකි බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත පාර්ලිමේන්තුවේදීම කළ වන සත්ව සහ වෘක්ෂ ලතා ආඥා පනතේ ගෙල සිඳින ප්‍රකාශය වත්මන් ආණ්ඩුව තුළ ස්වාභාවික යුක්තිය සම්බන්ධයෙන් පවත්නා දැනුම අවබෝධය සහ එය පසඳලීම පිණිස වන උනන්දුව මැනැවින් කියා පාන්නකි. ඔවුන් සිතන්නට ඇත්තේ මෙය පහසුවෙන් ලිස්සා යා හැකි මාතෘකාවක් කියා ය.

 වන සතුන් මුල් කරගෙන සිදුවන වගා හානි සම්බන්ධ මෙම “උඩින් පල්ලෙන්”සංගණනය ද ආණ්ඩුව එම මාවත ඔස්සේ තවත් පියවරක් ඉදිරියට පා තැබීමක් ද යන බරපතල සැකය මේ වන විටත් සත්ව ලෝලීන් සත්ව හිමිකම් හා සුබ සාධන ක්‍රියාධරයන් සේම පරිසරවේදීන් තුළ ද හටගෙන තිබේ.

ඒ අනුව මෙම මූලික තොරතුරු විමසුමින් ලැබෙන නොවිධිමත් තොරතුරු හා දත්ත අසරණ සතුන් මරා දැමීම පිණිස වන යෙදවුමක් සේ භාවිතා නොකරන මෙන් අපි අදාල බලධාරීන් ගෙන් ඉල්ලා සිටිමු. ඒ ජනතාවගේ බව බෝග සේම මෙරට ජීවත් වන සතුන් ගේ ජීවිත්වීමේ අයිතිය තහවුරු කිරීම ද පාලකයන් ගේ යුතුකමක් හා වගකීමක් බව බුද්ධිමත් සමාජය එක හෙලා පිළිගන්නා බැවිනි.



sathun ayadum pathraya

Renuka Damayanthi
(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තරම දැන කළ යුතු 'උඩින් පල්ලෙන්' සත්ව සංගණනය | රේණුකා දමයන්ති ගමගේ | The Leader