The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සාර්ථකව විභාගය ජයගන්නට උපදෙස් | ඉන්දු පෙරේරා

T

The Leader Desk

March 15, 2025 • 8:50 AM

සාර්ථකව විභාගය ජයගන්නට උපදෙස් | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විභාගයකින් කෙරෙන්නේ ශිෂ්‍යයන් උගත් දේ නැවත පරීක්ෂා කර බැලීමයි.
  • පළමුවැන්න ප්‍රකාශ කළ හැකි මතකයයි.
  • Declarative memory නම්වූ මෙය සිහියට නගා ගෙන තව කෙනෙකුට ප්‍රකාශ කළ හැකි මතකයයි. ප්‍රකාශ කළ නොහැකි හෙවත් Nondeclarative memory මතකය යනු මතක බවට හැඟීමක් ඇතත් ඒ ප්‍රකාශ කිරීමට තරම් ප්‍රබල නැති මතකයක්. විභාගයේදී අවශ්‍ය වන්නේ මින් පළමු කී මතකයයි.
  • විශේෂයෙන් බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම ආදියේදී මේ දෙවැනි කී මතකය බොහෝ විට යොදාගත හැකියි. පාඩම් කරන විට පළමු කී මතකය වැඩි කර ගැනීම අවශ්‍යයි. පාඩම් කළ පසු එය මතකයේ රැඳී නැත්නම් එහි වරද ඇත්තේ පාඩම් කළ ක්‍රමයේ යි.
අකුරු ප්‍රමාණය (Font Size):
     
 විභාගයකින් කෙරෙන්නේ ශිෂ්‍යයන් උගත් දේ නැවත පරීක්ෂා කර බැලීමයි. එබැවින් විභාගයකට මුහුණ දෙන සිසුවකු තුළ තමන් උගත් දේ පිළිබඳ හොඳ මතකයක් තිබිය යුතුයි. අධ්‍යාපනය තුළින් ඉදිරියට යා හැකි වන්නේ මේ මතකය හරහායි. එසේම  අධ්‍යාපනය කෙනෙකුගේ චර්යාවන් වෙනස් කිරීමටත් බොහෝ සෙයින් බලපානවා.
       
මතකය දෙආකාරයි.
       
පළමුවැන්න ප්‍රකාශ කළ හැකි මතකයයි. Declarative memory නම්වූ මෙය සිහියට නගා ගෙන තව කෙනෙකුට ප්‍රකාශ කළ හැකි මතකයයි. 
       
ප්‍රකාශ කළ නොහැකි හෙවත් Nondeclarative memory මතකය යනු මතක බවට හැඟීමක් ඇතත් ඒ ප්‍රකාශ කිරීමට තරම් ප්‍රබල නැති මතකයක්. 
       
විභාගයේදී අවශ්‍ය වන්නේ මින් පළමු කී මතකයයි. නමුත් දෙවැනි මතකය ද උපයෝගී වන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් බහුවරණ ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම ආදියේදී මේ දෙවැනි කී මතකය බොහෝ විට යොදාගත හැකියි. 
       
පාඩම් කරන විට පළමු කී මතකය වැඩි කර ගැනීම අවශ්‍යයි. 
 
පාඩම් කළ පසු එය මතකයේ රැඳී නැත්නම් එහි වරද ඇත්තේ පාඩම් කළ ක්‍රමයේ යි. පාඩම මතකයෙහි තැන්පත්   වන්නට නම් එය මනස විසින් ග්‍රහණය කරගත යුතුයි. එසේ ග්‍රහණය  කරගෙන තැන්පත් කර ගත් මතකය අවශ්‍ය විට ආපසු පිටතට ගැනීමටත් හැකි විය යුතුයි. මේ කුමන හෝ ක්‍රමයක අඩුපාඩුවක් ඇති වුණොත් එම පාඩම අමතක වෙන්න පුළුවන්.
 
e2997ed610b117ed070215fd61ec5553f8ea9b94 2121x1414
බොහෝ විට පාඩම් අමතක වන්නේ කියවන්නන් වාලේ ඔහේ කියවීම නිසයි. එවිට එය මනසට ග්‍රහණය වන්නේ නෑ. ග්‍රහණය වන ප්‍රමාණය මදි නම් එය තමාටම දැනෙනවා. එවැනි අවස්ථාවක අමාරු වචන හා අමාරු කොටස් ආදිය ඒ මොහොතේම කඩදාසියක සටහන් කිරීම කළ යුතුයි. එසේ ලියන විට වර්ණවත් පාටකින් ලියන්නට හැකි නම් එය හිතට කාවදින ගතිය වැඩියි.
පාඩමක් මතක තබා ගත හැකි තවත් හොඳ ක්‍රමයක් නම් එය කතන්දරයක් ආකාරයට මතක තබා ගැනීමයි. කතන්දර අපට බොහෝ පහසුවෙන් මතකයේ රැඳෙනවා. අවවාදයක් දෙන විට අතීතයේ  කළේ බොහෝවිටම කතන්දරයක් සමඟ එය ඉදිරිපත් කිරීමයි. ඒ එය ධාරණය වන්නට  පහසුවීම සඳහායි.
       
කොටසින් කොටස මනසෙහි පෙළ ගැස්වීම තුළින් ද ඒ එක් එක් කොටස වෙනම මතක තබා ගැනීමට හැකියාව ලැබෙනවා. එයද යමක් මතක තබා ගතහැකි පහසු ක්‍රමයක්. 
       
යමක් නිර්මාණශීලී අන්දමින් සිතේ තැන්පත් කරගැනීම තුළින්ද එය මතකයේ රැඳීම වැඩියි. නිදසුනක් ලෙස අප කුඩා කාලයේ උතුර, නැගෙනහිර ආදී වශයෙන් වන දිසා අට මතක තබා ගත් හැටි සිහිපත් කරන්න.
 
"උ පාලි ඊ ළඟ නැ වෙන් ගි හින් ද යා නි දිද බ ලා ව රෙන්"
 
shutterstock 596186066
මෙය නිර්මාණශීලී මතක තබා ගැනීමක්. කවි ස්වරූපයෙන් යම් යම් කොටස් සිතට කාවද්දා ගැනීමද මතක තබා ගැනීමට පහසු ක්‍රමයක් බව කිව යුතුයි.
පාඩමක් කියවන්නට කලින් එහි මුල මැද අග උඩින් බලා එම පාඩමේ ස්වභාවය මුලින්ම අවබෝධ කර ගැනීම සුදුසුයි. ඊළඟට එම අවබෝධය ඇතිව මුල සිට අගට කියවිය යුතුයි. එයද මතකය සිතේ තැන්පත් වන සාර්ථක ක්‍රමයක්.
       
සාමාන්‍යයෙන් පාඩම් කිරීමෙන් පසු අමාරු සහ මතක තබා ගැනීමට අපහසු යැයි සිතන කොටස් වෙනම ලකුණු කරගෙන එය නැවත නැවත කියවීම කළ යුතුයි. එවිට එය මතකයේ රැඳෙනවා. විභාගය ළං වන විට මෙසේ විශේෂ කොටස් යළි යළිත්  කියවූ කල කාලය ඉතිරි වනු සේම මතකයද තහවුරු වෙනවා. 
     
 පාඩම් මතකයේ රැඳී  නොසිටින හේතු ගැන කතා කළොත් එකක් තමයි කුසගින්න. කුසගිනි දැනෙන විට පාඩම් කිරීමෙන් පලක් නෑ.
     
 තවත් හේතුවක් තමයි මනස විඩාවට පත් වී තිබීම. 
     
 පවුලේ නොයෙකුත් අර්බුද තිබෙන විටද දරුවාට පාඩම කෙරෙහි නිසි අවධානයක් යොමු කිරීම අපහසු වෙනවා.
 
10 Poor Study Habits Opener
       
පාඩමක් තද අවධානයකින් එක දිගට කළ හැක්කේ විනාඩි 20ක පමණ කාලයක්. ඊට පසු ක්‍රමක්‍රමයෙන් අවධානය අඩු වෙනවා. විනාඩි 20 පසුකර 45 ක් පමණ එක දිගට පාඩම් කරගෙන ගියොත් දෑස පොත හරහා ගියත් කියවන දේ ග්‍රහණය  වන්නේ නෑ.      
 
එනිසා පාඩම් කර විනාඩි 45ක් පමණ ගතවන විට විවේකයක් ලබාගත යුතුයි. එවිට මනසේ විඩාබර ගතිය  නැතිවී මනස නැවත පාඩමට සූදානම් වනු ඇති. මේ විවේකය විනාඩි 15ක් පමණ ගත හැකිනම් ඉතා හොඳයි.
මෙසේ කෙටි විවේක ගනිමින් පැය 3 - 4 ක් පාඩම් කළ පසු ලොකු විවේකයක් ගත යුතුයි. සාමාන්‍යයෙන් කාර්යක්ෂම අන්දමින් පාඩම් කළ හැක්කේ දිනකට පැය 3 - 4ක් වැනි කාලයකුයි.  එක එක අයගේ ස්වභාවය අනුව මෙය මඳක් අඩු වැඩි විය හැකියි.
       
පාඩම් කිරීම වගේම තවත් වැදගත් දෙයක් වන්නේ සුව නින්දක් ලැබීමයි . මෙය දිනකට පැය 6 - 8ක් වීම අත්‍යවශ්‍යයි. 
 
WF1925960 School Dates Distribution 1
දීර්ඝකාලීනව මතකයේ රඳවා තබා ගැනීමට ස්නායු අතර සම්බන්ධතාවය ගොඩනගා ගැනීම සඳහා සිරුරට පෝෂ්‍ය පදාර්ථ අවශ්‍යයි. එනිසා සමබර ආහාර වේලක් ලැබීම ඉතාම වැදගත්. ඉගෙන ගන්නා වයසේ දරුවන්ට පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර මතකය වැඩිදියුණු වීම සඳහා ඉවහල් වෙනවා. මේවා ස්වභාවික ආහාරම වීම විශේෂ කරුණක්. පෝෂ්‍යදායක ආහාර බව කියන විවිධ කෙටි කෑම බීම ආදියට දරුවා හුරු නොකිරීමට ප්‍රවේශම් වන්න.
පවුලේ වැඩිහිටියන් අතර තිබෙන ගැටුම් අර්බුද  ආදිය ද විභාගයට සූදානම් වන දරුවන්ට දැනගන්නට ඉඩ නොහැරිය යුතුයි. එයද මතකය සහ අවධානයට බාධා පමුණුවනවා. 
         
පාඩම් කරන විට විභාගය ගැන සිතීම නිසා සිතට බියක් ආතතියක් ඇතුළු විය හැකියි. මෙහිදී හැම විටම  දරුවා සිතිය යුත්තේ "ප්‍රතිඵලය මොකක් වුණත් මං පාඩම් කරලා හොඳට විභාගයට මුහුණ දෙනවා" යන්න පමණයි. මවුපියන්ද මෙහිදී "A9 ක් ගන්න" යනුවෙන් දරුවාට නිතර නිතර අවධාරණය කිරීම වෙනුවට "ඔයා හොඳින් විභාගෙට මුහුණ දෙන්න. ඔයාට පාස් වෙන්න පුළුවන්" යන ධනාත්මක සිතිවිලි දරුවා තුළ ඇති කළ යුතුයි. නැතහොත් "විභාගය අසමත් වෙයි" යන සිතිවිල්ල  ඇතිවී ඒ බයටම කාංසාව වැඩි වී විභාගයට සාර්ථකව මුහුණ දීමට අපහසු වෙන්න පුළුවන්.
 
punya chandanie parenting Nov 008
සිතට තදබල බියක් දැනෙනවා නම්, පාඩම් කිරීමටත් අපහසු නම් සිත ලිහිල් කර ගැනීමේ අභ්‍යාසයක මේ කාලය තුළ යෙදීම සුදුසුයි. මෙහිදී ඉතා හොඳ සිත ලිහිල් කර ගැනීමේ ක්‍රමයක් වන්නේ ආනාපානසති භාවනාව ප්‍රගුණ කිරීමයි. මුලින්ම සිතට සැහැල්ලුවක් ඇතිකර ගත හැකි නිහඬ තැනකට යා යුතුයි. කාමරයක නම් දොර වසා ගැනීම සුදුසුයි. අනෙක් සියලු සිතිවිලි ඉවත් කර හුස්ම ගැන පමණක් සිත යොමු කර  ආශ්වාසය ගැඹුරින් ගත යුතුයි. ප්‍රශ්වාසය ඉබේ පිට වෙන්නට හරින්න. විනාඩියකට වාර 6- 10 අතර ප්‍රමාණයක් හුස්ම ගැනීම පිට කිරීම සුදුසුයි. නමුත්  ඒ වාර ගණන පිළිබඳ සිත යොමු නොකළ යුතුයි. හුස්ම ගැනම සිත යොමු කරගෙන සිටින්න. සිත නිතරම එහා මෙහා දුවන්නේ නම් සිත එකතැන් කර ගැනීම අපහසු නම් අධ්‍යාපන උපදේශකවරයකු හෝ මනෝ චිකිත්සකවරයකුගේ නැතහොත් මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම සුදුසුයි. සිතේ පාලනයක් ඇති කරගන්නා සැටිත්, කලබලය අඩු කරගන්නා සැටිත් පිළිබඳව මෙහිදී උපදෙස් ලබාගත හැකියි.
 විභාගයට වාඩිවූ පසුවත් ධනාත්මකව සිතිය යුතුයි. සිත කලබල නම් ඒ මොහොතේම මඳක් දෑස වසාගෙන සිත සැහැල්ලු වන ව්‍යායාමයක යෙදීම සුදුසුයි. මේ අන්දමට කටයුතු කළොත් මෙවර විභාගයෙන් ජය ලැබෙනු සිකුරුයි.
 
මානසික රෝග විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ උපදෙස් දෙයි.
 
සටහන : ඉන්දු පෙරේරා 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...