The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මන්නාරමට යළි එබිකම් කරන අදානිට කුමක් වේද? | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

March 15, 2025 • 9:35 AM

මන්නාරමට යළි එබිකම් කරන අදානිට කුමක් වේද? | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් පවසනුයේ වසර දෙකක දීර්ඝ සාකච්ඡාවකින් පසු ‍ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබාදෙන තෙක් පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතිය හා සම්ප්‍රේෂණ ජාල පුළුල් කරන ව්‍යාපෘති ඇතුළු ඒ ආශ්‍රීත සම්ප්‍රේෂණ සබඳතා ආරම්භ කිරීමට තම සමාගම උත්සාහ කළ බවකි.
  • ඒ සඳහා වත්මන් නව රජයේ තීරණය තම සමාගම බලා සිටි මුත් රජයෙන් කිසිම නිල සන්නිවේදනයක් නොලැබීම නිසා සුළං බල ව්දුලි ව්‍යාපෘතිවලින් ඉවත්වීමට තීරණය කළ බව අදානි සමාගම පෙන්වා දී තිබේ.
  • එමෙන්ම ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද පරිදි මෙහි පුනර්ජනනීය බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැමවිටම කැමැත්තෙන් සිටින බව අදානි සමාගම ප්‍රකාශ කර ඇත.
  • එමෙන්ම බලශක්ති අමාත්‍යාංශය තහවුරු කරන්නේ ද මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත වරක් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට ඉන්දියාවේ අදානි සමාගම කැමැත්ත පළකර ඇති බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔවුන් පවසනුයේ වසර දෙකක දීර්ඝ සාකච්ඡාවකින් පසු ‍ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබාදෙන තෙක් පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතිය හා සම්ප්‍රේෂණ ජාල පුළුල් කරන ව්‍යාපෘති ඇතුළු ඒ ආශ්‍රීත සම්ප්‍රේෂණ සබඳතා ආරම්භ කිරීමට තම සමාගම උත්සාහ කළ බවකි. ඒ සඳහා වත්මන් නව රජයේ තීරණය තම සමාගම බලා සිටි මුත් රජයෙන් කිසිම නිල සන්නිවේදනයක් නොලැබීම නිසා සුළං බල ව්දුලි ව්‍යාපෘතිවලින් ඉවත්වීමට තීරණය කළ බව අදානි සමාගම පෙන්වා දී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද පරිදි මෙහි පුනර්ජනනීය බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැමවිටම කැමැත්තෙන් සිටින බව අදානි සමාගම ප්‍රකාශ කර ඇත. එමෙන්ම බලශක්ති අමාත්‍යාංශය තහවුරු කරන්නේ ද මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත වරක් ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට ඉන්දියාවේ අදානි සමාගම කැමැත්ත පළකර ඇති බවකි.

නමුත් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල පවසන අන්දමට මේ වන විට අදානි සමාගම පවසා ඇත්තේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පමණකි.

wind

මේ අතර මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බවත් අදානි ග්‍රින් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට තම තීරණය දැනුම් දීම සඳහා සති දෙකක කාලයක් ලබාදී තිබෙන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය. දස­වැනි පාර්ලි­මේ­න්තුවේ පළමු වැනි සභා­වා­රයේ පළමු බල­ශක්ති කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාංශ උප­දේ­ශක කාරක සභා රැස්වීම බල­ශක්ති ඇමැති කුමාර ජය­කොඩි ගේ සභා­ප­ති­ත්ව­යෙන් පසු­ගි­යදා පාර්ලි­මේ­න්තු­වේදී රැස් වූ අව­ස්ථා­වේදී ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කොට ඇත.

මෙහිදී කාරක සභා­වට සහ­භාගී වූ මන්ත්‍රී­ව­රුන් මේ ව්‍යාපෘ­තිය සම්බ­න්ධ­යෙන් විමසූ අව­ස්ථා­වේදී ඇමැති කුමාර ජය­කොඩි වැඩි­දු­ර­ටත් පෙන්වා දී ඇත්තේ අදානි සමා­ගමේ විදුලි ව්‍යාපෘ­තියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළි­බඳ නැවත සමා­ලෝ­ච­නය කිරී­මට කැබි­නට් මණ්ඩ­ල­යට යොමු කොට ඇති බවකි. එමෙන්ම ඒ අව­ස්ථා­වේදී ඉන්දීය අදානි මව් සමා­ගම විසින් මේ ව්‍යාපෘ­ති­යෙන් තමන් ඉවත් වන බව දන්ව­මින් ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ල­යට ලිපි­යක් එවා තිබුණු බවත් මේ අනුව ආයෝ­ජන මණ්ඩ­ලය විසින් ඒ පිළි­බඳව බල­ශක්ති අමා­ත්‍යාං­ශය දැනු­වත් කළ බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය.

 

1647629065 adani
නමුත් පසුගිය දිනවල එය නිල දැනුම් දීමක් නොවන බව බලශක්ති අමාත්‍යාංශය පවසා තිබිණ. ශ්‍රී ලංකා රජය එම සුළං බල විදුලි ව්‍යාපෘ­තිය සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කළේ ලංකාවේ අදානි සමා­ගමේ නියෝ­ජිත ආය­ත­නය සමඟ මිස ඉන්දියාවේ අදානි මව් සමාගම සමඟ බවත් මේ සම්බ­න්ධ­යෙන් සලකා බලන ලෙස එම ආය­ත­නය දැනු­වත් කර ඇති බවත් ඇමැ­ති­ව­රයා මෙහිදී පවසා තිබේ.

එබැ­වින් ලිපිය යවා සති දෙකක් ඇතු­ළත මේ සම්බ­න්ධ­යෙන් පිළි­තු­රක් අපේ­ක්ෂිත බව පැවසූ ඇමැතිවරයා මෙහිදී පැව­සීය. මේ සති දෙක ඇතු­ළත සෘණා­ත්මක පිළිතුරක් ලැබු­ණ­හොත් පම­ණක් වෙනත් වික­ල්ප­ය­කට යොමු වීමට සිදු­වන බව පවසා තිබේ..එමෙන්ම ඉදි­රි­යේදී මෙවැනි ව්‍යාපෘ­ති­ව­ලදී රජයන් දෙකක් අතර ගිවි­සුම් (G2G) සහ තර­ඟ­කාරී ප්‍රස­ම්පා­ද­න ක්‍රියාවලියක් ඔස්සේ පම­ණක් සිදු­කි­රී­මට සැල­සුම් කර ඇති බව ද ඔහු අවධාරණය කොට තිබේ.

image 2 1 1024x780

ඒ සමඟම අදානි සමාගම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතයේ කිසිදු වෙනසක් සිදු වී නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද පසුගිය 11 වන දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කොට ඇත.ඔහු එහි දී පවසා ඇත්තේ තම රජය එක සමාගමක් මත පමණක් යැපීමට සුදානම් නොමැති බවකි. අදානි සමාගම අප රටට ගැලපෙන ආයෝජන සහ ගාස්තු සංශෝධන සිදු කිරීමට එකඟතාවය ලබා දෙන්නේ නම් පමණක් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව අමාත්‍යවරයා එහි දී පවසා තිබේ.

එමෙන්ම නිශ්චිත සුළං විදුලි බල ව්‍යාපෘති සම්බන්ධයෙන් සහ එහි ගාස්තු සම්බන්ධව රජයට අදහසක් ඇති බවත් ඊට සාපේක්ෂව ආදානි සමාගම ලබා දුන් ගාස්තු ඉහළ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා අදානි සමාගම ඉන්දියාවේ ලබා දෙන ආයෝජන මුදලට සාපේක්ෂව යම් සාධාරණයක් කරනවා නම් පමණක් ඒ සම්බන්ධව කටයුතු කළ හැකි බව ද පවසා ඇත.

1687845191 6353

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රජය ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ රටට සහ ජනතාවට වෙන වාසිය සිතා බලා බවය. එමෙන්ම ඒ බර ජනතාව මත පටවන්නට සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවත් ය. නමුත් ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ අදානි සමාගම හා ඇති කර ගන්නා ගිවිසුම් පුළුල් හා බහු විධ ආර්ථික සහයෝගීතා වැඩ සටහනක් හා සම්බන්ධ වන්නක් බැවින් මෙම සුළං විදුලි බල ව්‍යාපෘතිය සඳහා ඔවුන් ඉදිරිපත් කොට ඇති මිල ගණන් මත පමණක් යැපීමට වඩා දුර දිග සිතිය යුතු බව පවසන පිරිසක් ද සිටිති.

අප අදහස් කරන අන්දමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පසුවනුයේ ඒ ස්ථාවරයේ ය.ඉන්දීය ආර්ථිකයේ සවිමත් බල කනුවක් වන අදානි සමාගම හා එක් ව කටයුතු කිරීමෙන් අනාගතයේ දී ශ්‍රී ලංකාවට අතිරේක වාසි හා ලාභ ප්‍රයෝජන ලැබෙන බව එම පාර්ශවීය මතයයි. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අප්‍රේල් 4 වන දින දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව නිවේදනය කර තිබේ.

 

Modi 2025.03.13
ජනාධිපති අනුර දිසානායක ගේ ඉන්දීය සංචාරය අතරතුර කළ ආරාධනය පිළිගනිමින් ඉන්දීය අගමැතිවරයා එසේ මෙරටට පැමිණීමට නියමිත ය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ විශේෂ සාකච්ඡා කිහිපයක් ද පවත්වනු ඇති බව වාර්තා වේ. මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය වරයා සහභාගී වනු ඇතැයි වාර්තාවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී, බලශක්ති සහයෝගීතාවය පිළිබඳව දෙරටේ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා පවත්වා තිබේ.මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, සාම්පූර් බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය අනුව එහි ධාරිතාවය වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීය ජාතික තාප බල සංස්ථාව අතර එකඟතාවක් ඇති කර ගෙන තිබේ.

adani 2024.02.20
මේ අතර මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට නියමිත ප්‍රදේශය ඔස්සේ ශ්‍රී ලංකාව තුළට සංක්‍රමණික පක්ෂීන් පිවිසෙන ප්‍රවේශ මාර්ගයක් පිහිටා ඇති බව පෙන්වා දෙමින් වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ. ඒ අදාළ ගිවිසුම සහ ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

අදාළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් නිතිපතා පක්ෂීන් අති විශාල සංඛ්‍යාවකගේ ජීවිත අනතුරට ලක් වී ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට ඉන් විශාල හානියක් සිදුවිය හැකි බවත් පෙත්සම්කරුවන් එමඟින් පවසා තිබේ. ඒ අතර මන්නාරම, ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකා බැලීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ආචාර්ය, අවන්ති පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

644d7f30 cf39 11ee 8f28 259790e80bba.jpg
ඒ පසුගිය සැප්තැම්බර් 14 වන දා එම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කැඳවූ අවස්ථාවේ ය. ඉදිරි ( පසුගිය )මහ මැතිවරණයෙන් පසුව ස්ථාපිත කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලය විසින් මීට අදාලව ගනු ලබන තීරණය දැනුම් දීම සඳහා දීර්ඝ දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වරිය එහිදී ඉල්ලා සිටියා ය. අදාල පෙත්සම් ඉදිරි මාර්තු මස 18 සහ 19 යන දිනවල කරුණු සලකා බැලීම සඳහා කැඳවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට ඇත්තේ ඉන් අනතුරුව ය.

නමුත් අදානි සමාගම මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ල­යට එවූ ලිපියේ ඊට හේතුවක් ලෙස මෙම අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව ද සඳහන් කොට තිබිණ. එහෙත්’ මෙවර ඔවුන් මීට එක් වීමට කැමැත්ත පළ කළ ලිපියේ නම් ඒ ගැන කිසිදු සඳහනක් නැත. ඒ අනුව මේ කතා බහ සහ ගනු දෙනු මොනවායින් මොනවා වී කොහෙන් කෙලවර වේ දැයි අපට නම් සිතා ගන්නට වත් බැරි ය.


Screenshot 2024 12 25 at 10.13.44 copy 1
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

උපුටා ගැනීම - vinivida



සබැඳි ලිපි :

මන්නාරම සුළං බලාගාරයට නඩුවක් හරස් වෙලා !

මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාම්පූර් බලාගාරයට මුල්ගල් තැබීමේ සුදානමක් !

මන්නාරම සුළං ව්‍යපෘතිය ඉදිරියට ගෙන යාමට කැමතියි  -අදානි සමාගම දන්වයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...