The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බටලන්දට ගිණි තබා රනිල් දවා අලුකිරීම...? - | අශෝක ජයතුංග

T

The Leader Desk

March 15, 2025 • 3:26 PM

බටලන්දට ගිණි තබා රනිල් දවා අලුකිරීම...? - | අශෝක ජයතුංග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීයා ගේ ලනු මාළිමාව ගිළ දැමීම.....?
  • දී සභාගත කළ බටලන්ද වාර්තාව මාළිමාව අඥාණ ලෙස යළි සභාගත කිරීම....!
  • දැන් බටලන්ද වාර්තාව හරහා රනිල් දඩුකදේ ගසන තෙක් එල්ලා මරණ තෙක් හෝ ප්‍රජා අයිතියටවත් ගේම දෙන තෙක් ඇගිළි ගනින මාළිමා සපෝටර්ස්ලාව දැන හෝ නොදැන යළි රැවටීමට මාළිමා ආණ්ඩුව ක්‍රියා කරන බව පැහැදිලිය.
  • තවද ඉන් වසරකට පසු 2001 මාර්තු වලදී විජේපාල මෙන්ඩිස් රනිල්ගෙන් ගැලවී චන්ද්‍රිකාට හේත්තුවී සිටියදී එය සභාගත කොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
  • සීයා ගේ ලනු මාළිමාව ගිළ දැමීම.....?
  • 2001 දී සභාගත කළ බටලන්ද වාර්තාව මාළිමාව අඥාණ ලෙස යළි සභාගත කිරීම....!


දැන් බටලන්ද වාර්තාව හරහා රනිල් දඩුකදේ ගසන තෙක් එල්ලා මරණ තෙක් හෝ ප්‍රජා අයිතියටවත් ගේම දෙන තෙක් ඇගිළි ගනින මාළිමා සපෝටර්ස්ලාව දැන හෝ නොදැන යළි රැවටීමට මාළිමා ආණ්ඩුව ක්‍රියා කරන බව පැහැදිලිය.

අල්ජසීරාහිදී ඇදෙන තෙක් බටලන්ද ගැන වචනයක් කතා නොකළ මේ ආණ්ඩුව කඩිමුඩියේ එම වාර්තාව සභාගත කළේ රනිල් හාමු එම සාකච්ජාවේදී දුන් දිරච්ච ලනුවක් ගිළලාය.

gy5654
"බටලන්ද වාර්තාව ප්‍රසිද්ධ කරල නෑ. පාර්ලිමේන්තුවේ සභාගත කරලත් නැති රහස් ලියවිල්ලක්. එනිසා ඒගැන කතා කරන්න කාටවත් බෑ" රනිල් එවෙලෙට ඇග බේරා ගැනීමට හා කන එකෙකුට කන්නට හා අල්ජසීරාවට දුන් ලනුව හොදටම කෑවේ මාළිමා ආණ්ඩුව හා එම සපෝටර්ලාය.

2000 මාර්තුවේ දී බටලන්ද වාර්තාව ජනපතිනි චන්ද්‍රිකා ගැසට් කොට එළිදක්වා තිබේ. තවද ඉන් වසරකට පසු 2001 මාර්තු වලදී විජේපාල මෙන්ඩිස් රනිල්ගෙන් ගැලවී චන්ද්‍රිකාට හේත්තුවී සිටියදී එය සභාගත කොට තිබේ. එවිට රනිල් විපක්ෂ නායකයාය.

මේ කිසිත් නොදත් මාළිමා ආණ්ඩුව කිසිදු හැදෑරීමක් නොකර එම වාර්තාව සභාගත කරන්නට කැබිනට් තීන්දුවක් ගෙන පසුව උජාරුවෙන් සභාගත කළේ වසර 24 කට පෙර සභාගත කළ පිළුණු එකකි. ඒ හරහා රනිල් හිරේ දමා ප්‍රජා අයිතිය අහෝසි කරන තෙක් මාළිමාවට ඉතිරිවී සිටින සපෝටර්ලා මග බලා සිටියද දැන් සිදුවන්නේ කුමක්ද. කිසිත් නැති බව පැහැදිලිය.

මෙරට කොමිෂන් සභා වර්ග දෙකකි. පරීක්ෂණ කොමිෂන් සභාවකින් කරුණු විමර්ශනයක් කොට යම් නිර්දේශ යෝජනා කොට රාජ්‍ය නායකයාට ඉදිරිපත් කිරීම පමණක් සිදු කළ හැකිය. කිසිසේත්ම දඩුවම් කළ නොහැකිය.

තවද 1977 දී ජේ ආර් හා එජාපය බලයගත් විගස විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා ස්ථාපිත කළේය. එවැනි කොමිෂන් වලට අධිකරණ බලය ද හිමි අතර ඒවාට පත්කළ හැක්කේ ද ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුය.

එවැන්නකින් පරීක්ෂණ සිදුකර යමෙක් වැරදිකරු හෝ නිවැරදිකරු ලෙස ප්‍රකාශ කර අවශ්‍ය නම් දඩුවම් නිර්දේශ කිරීමේ හැකියාව ද සහිත පූර්ණ බලතල තිබෙන අතර එම නිර්දේශ පාර්ලිමේන්තුව අනුමත කළහොත් අදාළ දඩුවම් ලබා දීමේ හැකියාව ද පවතී.

සිරිමාවෝ ගේ ප්‍රජා අයිතිය අහිමිවී ඇත්තේ එවැනි බලගතු කොමිෂමකිනි.

එහෙත් රනිල්ට එරෙහිව බටලන්ද කොමිසම ලෙස පත්කොට ඇත්තේ එවැනි විශේෂ බලතල සහිත කොමිසමක් නොව නොව කරුණු සොයා බලා රාජ්‍ය නායකයාට ඉදිරිපත් කිරීමේ හැකියාව පමණක් ඇති සාමාන්‍ය කොමිසමකි. මාළිමා ආණ්ඩුව හා එම හිතවතුන් බටලන්ද කොමිසම අල්ලාගෙන මේ දගලන්නේ ඡන්ද කාළේ පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකිව ලතැවෙන පසුගාමී බව වසා ජනතාව ට මානසික අල්ලසක් දී යළි රවටන්නදැයි ගැටලුවක් පැන නගී.

තවද වසර 24 කට පෙර පාර්ලිමේන්තුවේ සභාගත කළ ලියවිල්ලක් යළි සභාගතකරන විසුළු තත්වයට මාළිමාව පත්වීම ද අදහාගත නොහැකි විහිළුවකි.

Ashoka Jayathunga(සටහන | අශෝක ජයතුංග)
නිදහස් මාධ්‍යවේදී
උපුටා ගැනීම - අශෝක ජයතුංග ගේ ෆේස්බුක් පිටුවෙන්..

 
 
kdkde
සබැඳි පුවත්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...