The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි අඛණ්ඩ අරගලය | දිනී ජයසේකර

T

The Leader Desk

March 16, 2025 • 8:13 AM

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි අඛණ්ඩ අරගලය | දිනී ජයසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩු, සිවිල් සමාජය සහ ක්‍රියාකාරීන් විසින් අඛණ්ඩව උත්සාහ කළද, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කරා යන ප්‍රගතියට බාධා කිරීම දිගින් දිගටම සිදු වෙමින් පවතී.
  • විවාහක සැමියා බිරිඳ අතර වූවද, ඔබ රාජකාරිය සිදු කරන කාර්යාලය තුළද ඉතා සීග්‍රව ඉහළ යමින් පවතින ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අදටත් පිළිතුරු නොමැති දරුණු අර්බුධයක් බවට පත්වෙමින් ඇත.
  • උදෑසන උසාවිය නැරඹීමට යන ඔබ ඇස, එසේ වින්දිතයන් කිහිපදෙනෙකු දැකගනු හැකි බව නිසැකය.
  • මෙම ප්‍රචණ්ඩත්වය ගෘහස්ථ අපයෝජනය, ලිංගික හිංසනය, මිනිස් ජාවාරම, චිත්තවේගීය හා මානසික අපයෝජනය සහ ළමා විවාහ යනාදිය ලෙස හැදින්විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩු, සිවිල් සමාජය සහ ක්‍රියාකාරීන් විසින් අඛණ්ඩව උත්සාහ කළද, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය කරා යන ප්‍රගතියට බාධා කිරීම දිගින් දිගටම සිදු වෙමින් පවතී. රටක වගකිව යුතු රජයක් වුව ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය කෙරෙහි අවධානය යොමු නොකිරීමට ඉතා ගැටළුකාරී තත්වයක් වග ඉස්මතු කර දැක්විය යුතුය.

 

News article on World Vision Philippine's cash programming intervention for abused women during Typhoon Goni (Rolly) Emergency Response in the island of Catanduanes.
විවාහක සැමියා බිරිඳ අතර වූවද, ඔබ රාජකාරිය සිදු කරන කාර්යාලය තුළද ඉතා සීග්‍රව ඉහළ යමින් පවතින ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අදටත් පිළිතුරු නොමැති දරුණු අර්බුධයක් බවට පත්වෙමින් ඇත. උදෑසන උසාවිය නැරඹීමට යන ඔබ ඇස, එසේ වින්දිතයන් කිහිපදෙනෙකු දැකගනු හැකි බව නිසැකය.

මෙම ලිපිය සංඛ්‍යා පමණක් නොව, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ජීවිත බිඳ වැටෙන සැබෑ පුද්ගලයින් ගැන ය.

ලෝකය තුළ විකාශණය වීම

 කොරෝනා: ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනයට මහජන සෞඛ්‍යය ප්‍රවේශයක් අවශ්‍යයි

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, ලොව පුරා කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිත කාලය තුළ ශාරීරික හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය අත්විඳිති. මෙම ප්‍රචණ්ඩත්වය ගෘහස්ථ අපයෝජනය, ලිංගික හිංසනය, මිනිස් ජාවාරම, චිත්තවේගීය හා මානසික අපයෝජනය සහ ළමා විවාහ යනාදිය ලෙස හැදින්විය හැකිය. ඔබ මින් කිහිපයක් පිළිබඳ දැනුවත් වූවද ඔබ මින් නොදන්නා දෑ බොහොමයක් ඇති බව ප්‍රායෝගික සමාජය දෙස බන විට ඔබට පැහැදිලි වේ.

bwy5

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) වාර්තා අනුව සියලුම කාන්තා මිනීමැරුම් වලින් 58% ක්ම පාහේ සමීප සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් විසින් සිදු කළ ඒවාය. මේ අතර, යුනිසෙෆ් ඇස්තමේන්තු ගණනය කිරීම අනුව, සෑම වසරකම ගැහැණු ළමුන් මිලියන 12කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 18 ට පෙර විවාහ වන බවත්, එමඟින් ඔවුන්ගේ අධ්‍යාපනයට ඇති නිදහස සීමා වන අතර මෙය හේතුකොටගෙන ගෘහස්ථ හිංසනය සහ දරිද්‍රතාවයේ අවදානම වැඩි වන බවත් එහි සඳහන්ව ඇත.

ලංකාව තුළ විකාශණය වීම

menik 023 11 27 CMB

ශ්‍රී ලංකා ජනවිකාස හා සෞඛ්‍ය සමීක්ෂණයට (2016) (Sri Lanka Demographic and Health Survey (2016)) අනුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු සමීප සහකරුවෙකු අතින් ශාරීරික හෝ ලිංගික හිංසනය අත්විඳ ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද 2019 කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්ෂණයෙන් හෙළි වූයේ වයස අවුරුදු 15-64 අතර කාන්තාවන්ගෙන් 35% ක් තම ජීවිත කාලය තුළ යම් ආකාරයකින් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බවයි.

67867

තවද, ලංකාවේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ගෘහස්ථ හිංසනය, ලිංගික හිංසනය, සේවා ස්ථාන වෙනස්කම් කිරීම, චිත්තවේගීය අපයෝජනය සහ ළමා විවාහ ඇතුළු බහුවිධ ආකාරවලින් දැන්වේ. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) ළමා අපයෝජන සිද්ධීන් ඉහළ යන බව ද වාර්තා කර ඇති අතර, මෙම අර්බුදයට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය තවදුරටත් ඉස්මතු කරයි.

හිඩැස් සහ සංඛ්‍යාත

HOUSEMAID1
සෑම සංඛ්‍යාලේඛනයක් පිටුපසම කතාවක් සහිතව ඉන් දිවි ගලවා ගත් අයෙක් සිටිනු ඇත. ඊට උදාහරණ ලෙස, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශයක තරුණියක් වන රුවන්ති වැනි කාන්තාවන්, මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් වයස අවුරුදු 16 දී බලහත්කාරයෙන් විවාහ කර ගත් අතර, උසස් අධ්‍යාපනය පිළිබඳ ඇගේ සිහින අවසන් කළාය. නැතහොත් කොළඹ ගෘහ සේවිකාවක් වන නදීෂා, වසර ගණනාවක් අපයෝජනයට ලක් වූ නමුත් ආර්ථික යැපීම සහ නීතිමය සහාය නොමැතිකම හේතුවෙන් එය වාර්තා කිරීමට බිය විය. ඔවුන්ගේ කතා ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බට ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම සඳහා පද්ධතිමය වෙනස්කම් සඳහා හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරයි.

සමීක්ෂණ දත්ත

us66
මෙම ලිපිය ඉදිරියට ගෙන යෑම සදහා, ලියන්නිය වන මා මැදිහත්ව සිදු කරන ලද සමීක්ෂණයකදී අවබෝධ වූවේ, බොහෝ දෙනෙකු මෙහි වින්දිතයන්ව වී ඇති බවත්, එසේත් නැතිනම් වින්දිතයන්ගේ සාක්ෂිකාරයකු වි ඇති බවත්ය. තවද, මෙම සමීක්ෂණය සඳහා ඉදිරිපත් වූවන් අතර බොහෝ දෙනෙකු වයස 26ත් 35ත් අතර පුද්ගලයන් වන අතර වයස 51ට වඩා වැඩි පිරිස ඉතා අඩු බවක් දක්නට ඇත. ඒ සඳහා පහත දක්වා ඇති දත්ත නිරීක්ෂණය කරන විට පසක් වනු අත.

(1.1 රූපසටහන)

මෙකී නිරීක්ෂණයට අනුව, එකී ප්‍රශ්නාවලියේ අඩංගු ප්‍රශ්නයක් වන “ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු GBV අත්විඳ තිබේද?” යන්න සඳහා ලබා දී තිබූ පිළිතුරු වලින් 30% ආසන්න ප්‍රමාණයක් “නැත” යනුවෙනුත්, 70% ආසන්න ප්‍රමාණයක් “ඔව්” යනුවෙනුත් පිළිතුරු ලබා දී තිබුණි. එහිදී හැගීයන්නේ, වැඩි පිරිසකට අත්දැකීම් හෝ තමන් දන්නා පුද්ගලයකු හෝ මීට මැදි වී ඇති බව නොවේ ද?

මන්දයත්, එකී කරුණු මත පදනම්වන විට මෙම සමීක්ෂණය තුළ තවත් වැදගත් කරුණක් වන්නේ, මේ සඳහා සහභාගී වූ සියළු දෙනා ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය බරපතල ගැටළුවක් ලෙස දැකීමයි. ඔවුන් සියළු දෙනාගේම පිළිගැනීම වන්නේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සමාජයේ පවතින විශාල ගැටළුවකි බවයි.
‍
හේතු හදුනා ගැනීම

කොරෝනා ඇඳිරි නීතිය සමග ගෘහස්ථ හිංසන සහ ළමා අපචාර ඉහල ගිහින්! : මොකද කරන්නේ?  - BBC
ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සිදු වීමට ඇති හැකියාව ඉතා වැඩි බව මා ඉහත සඳහන් කළ අතර මේසේ සිදු වීමට හේතු මොනවාදැයි නිරීක්ෂණය කිරීම අනිවාර්ය වේ. මන්දයත්, අප විසින් නොසිතන පුංචි කරුණු පවා ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමටත්, ඇති විමටත් හේතුවක් විය හැකිය. එවැනි හේතු කිහිපයක් පහත වේ.

● දුර්වල නීතිය ක්‍රියාත්මක වීම

● මූල්‍ය අස්ථාවරත්වය නිසා බොහෝ වින්දිතයින්ට අපයෝජන තත්වයන් තුළ රැඳී සිටීමට බල කෙරෙයි.

● ආරක්ෂිත නවාතැන් සහ ආධාරක සේවා නොමැතිකම
 
ලංකාවේ යුක්තිය සහ ඊට ඇති බාධක
 
np07kc
2005 අංක 34 ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළක්වීමේ පනත (සංශෝධන ) පනත වැනි නීති පැවතුනද, බොහෝ දිවි ගලවා ගත් අය අපයෝජන වාර්තා කිරීමට මැලි වන්නේය. එහිදී සිදු වන්නේ අනෙකාට වරදක් විදුවීමට ඇති හැකියාව තව තවත් වර්ධනය වීමය. මන්ද, වරදකරුවන් නීතිය අභිමුඛයට ගෙන ඒමට නොහැකි වීම තුළින් ඔවුන් අත්තටු විදහා මුළු අහස පුරාම පිටයබන්නට උත්සහ දැරිමය. කෙසේවෙතත්, වින්දිතයන් නීතිය ඉදිරියට නොයෑම සඳහා අප විසින් හදුනාගත් ප්‍රධාන කරුණක් වන්නේ සංස්කෘතික අපකීර්තිය සහ වින්දිතයින්ට දොස් පැවරීමයි.  
 
මාධ්‍යය කාර්යභාරය
 
කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන මුහුණ දෙන අභියෝග
මහජන මතය හැඩගැස්වීමේදී සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වෙනස්කම් වලට බලපෑම් කිරීමේදී මාධ්‍ය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ යුතු බව අප විශ්වාස කරයි.

නමුත් එය එසේ සිදු වනවාද? සදාචාරාත්මක වාර්තාකරණය, දිවි ගලවා ගත් අය කේන්ද්‍ර කරගත් කතා සහ විමර්ශනාත්මක පුවත් වලට ඇති ඉඩ කඩ සීමා වීම නිසා, උණුසුම් පුවත් වාර්ථාකරණයට ප්‍රමුකත්වය දීම නිසා එකී විමර්ශනාත්මක කරුණු ගිලිහී යෑම සිදු වීම වැළැක්විය යුතු බව හැගේ. කෙසේ වෙතත්, සංවේදීකරණය කරන ලද හෝ වින්දිතයින්ට දොස් පවරන ආකාරය ආවරණය කරමින් දිවි ගලවා ගත් අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට මාධ්‍ය විශාල ලෙස බැදී ඇත.  
 
ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පියවර
 
468405763 987173890118277 7942876679587744798 n
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සීමිත කිරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග, ප්‍රජා දැනුවත්භාවය සහ ආයතනික සහාය ඇතුළත් බහුවිධ ප්‍රවේශයන් බොහොමයක් අත්‍යාවශ්‍ය වේ. එහිදී මූලික වශයෙන්ම, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම, ශ්‍රී ලංකා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශ සහය පැතීම, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පැමිණිලි ගොනු කිරීම, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින් නීතිමය සහය ලබා ගැනීම යනාදීය මගින් ඔබට හෝ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය මුහුණ දුන් කෙනෙකුට හෝ මුහුණ දෙමින් සිටින පුද්ගලයෙකුට පියවර ගැනීමට හැකියාවක් ඇත.
 
WhatsApp Image 2024 11 26 at 09.33.24
 
කෙසේ වෙතත්, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙහි සැබෑ වෙනසකට රජය, සිවිල් සමාජය සහ පුද්ගලයන් විසින් ගනු ලැබෙන සාමූහික ක්‍රියාමාර්ග මීට වැදගත් වේ. නිශ්ශබ්දතාවය බිඳ දැමීමෙන් සහ රට තුළ ගැඹුරින් මුල් බැසගත් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සම්මතයන්ට අභියෝග කිරීමෙන්, ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා සෑම කෙනෙකුටම ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් විය හැකි ශ්‍රී ලංකාවක් අප නිර්මාණය කළ යුතුය.

* මෙහි දක්වා ඇති ඇතැම් නම් ආදේශකයන් බවත් ඔවුන්ගේ සත්‍ය නම් හෙළි කිරීමට ඔවුන් ප්‍රියතාවයක් නොදක්වන බවත් සදහන් කළ යුතුය.

WhatsApp Image 2025 03 16 at 3.10.09 AM(සටහන | දිනී ජයසේකර)
නිදහස් මාධ්‍යවේදී
dineshikaudayangi44@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි අඛණ්ඩ අරගලය | දිනී ජයසේකර | The Leader