The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වට්ටමඩු - තෘණ බිමක අරගලය | ඉෂංඛා සිංහආරච්චි)

T

The Leader Desk

March 16, 2025 • 11:08 AM

වට්ටමඩු - තෘණ බිමක අරගලය | ඉෂංඛා සිංහආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා මහා පරිමාන ගොවිපළ පද්ධතියක්.
  • අඩු ආදායම්ලාභී කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කිරි නිෂ්පාදන ගොවිපළ 7500 ක්.
  • දැනට සිදුකරන කෘතීම සිංචන සංඛ්‍යාව දෙගුණ කිරීම, උසස් ආරයේ පට්ටි ගවයන් හා ගව ශුක්‍ර ආනයනය ඇතුළු විවිධ තාක්ෂණික මෙන්ම කළමනාකරණ මෙහෙයුම් මගින් කිරි නිෂ්පාදනයට අවශ්‍ය දෙනුන් සංඛ්‍යාව වැඩි කිරීම.
  • දියර කිරි පරිභෝජනය දිරිමත් කිරීම් වැඩසටහන්." දේශීය කිරි කර්මාන්තය නංවාලීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ "පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්" නම් ප්‍රතිපත්ති ප්‍රකාශණයේ දැක්වෙන්නේ මේ අයුරිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


en5676කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය සඳහා මහා පරිමාන ගොවිපළ පද්ධතියක්.

අඩු ආදායම්ලාභී කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කිරි නිෂ්පාදන ගොවිපළ 7500 ක්.

දැනට සිදුකරන කෘතීම සිංචන සංඛ්‍යාව දෙගුණ කිරීම, උසස් ආරයේ පට්ටි ගවයන් හා ගව ශුක්‍ර ආනයනය ඇතුළු විවිධ තාක්ෂණික මෙන්ම කළමනාකරණ මෙහෙයුම් මගින් කිරි නිෂ්පාදනයට අවශ්‍ය දෙනුන් සංඛ්‍යාව වැඩි කිරීම.

ප්‍රාදේශීය පශු වෛද්‍ය කොට්ඨාශ මුලිකත්වයෙන් ගොවිපළ පද්ධති කාර්යක්ෂමතාව ඉහල නැංවීම.

ප්‍රධාන වසංගත රෝග මුලිනුපුටා දැමීම සඳහා ප්‍රශස්ත එන්නත් කරන වැඩසටහන්.

ලියාපදිංචි කිරි ගොවිපළ සතුන් සඳහා සෞඛ්‍ය රක්ෂණයක්.

පැස්චරිකරණය තුල නැවුම් දියර කිරි බෙදා හැරීම සඳහා පුළුල් ප්‍රාදේශීය අලෙවි මධ්‍යස්ථාන ජාලයක්.

ප්‍රමිතිය හා ගුණාත්මකභාවය අනුව කිරි ගොවියාට ගෙවීම් කිරීමේ ක්‍රමවේදයක්.

දියර කිරි පරිභෝජනය දිරිමත් කිරීම් වැඩසටහන්."

35635786787

 

දේශීය කිරි කර්මාන්තය නංවාලීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ "පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්" නම් ප්‍රතිපත්ති ප්‍රකාශණයේ දැක්වෙන්නේ මේ අයුරිනි. එහෙත් වසර එක හමාරක් ඉක්ම ගොස් ඇති මඩකළපුව මයිලත්තමඩු -මාදවනෛ කිරි ගොවීන්ගේ ගැටලුවට විසදුම් ලබා දීමට නව ආණ්ඩුව මෙතෙක් සමත් වී නොමැත.

 

නැගෙනහිර තණබිම් අර්බුදය නොවිසඳී විරෝධතා තවත් පැතිරේ

සියවස් කිහිපයක් කිරි ගවයන්ට අහර සැපයු තෘණ භූමි පිටස්තර බෝග වගාකරුවන් අත්පත් කරගැනීම මඩකළපුව කිරි ගොවීන් මුහුණ දෙමින් සිටින ප්‍රධාන ගැටලුවයි. පෙර පැවති ආණ්ඩුවල දේශපාලකයන්ගේ සෘජු මැදිහත් වීම මත මෙම තෘණ භුමි බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ අධිකරණ නියෝග පවා එතරම් සැළකිල්ලට නොගෙනය. මඩකලපුවේ තත්වය මෙසේ තිබිය දී, දැන් ගැටලුව පැන නැගී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ වට්ටමාවඩු තෘණ භුමි මුල් කරගනිමින්  කිරි ගොවීන් හා වී ගොවීන් අතරය.

වට්ටමඩු තෘණ බිම

අම්පාර දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් වෙනුවෙන් තෘණ භූමියක් වෙනුවෙන් ඉඩම් මැනුම් සිදුකෙරුණේ එවකට සිටී දිසාපතිවරයාගේ නියෝගයකටය. ඒ අනුව තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්  වට්ටමඩු ප්‍රදේශයේ 1972 නොවැම්බර් 19 වැනිදා මිණුම්දෝරු දෙපාර්තමේන්තුව විසින් මැනුම් කර මායිම් ලකුනු කෙරිණි.

IMG 20250304 172309
එහි පළමු අදියර ලෙසින්, එවක සිටී අම්පාර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත  ඩි. විජේසිංහ විසින් 1974 අගෝස්තු 27 වැනිදා අක්කර 3850 ක වපසරියකින් යුතු වට්ටමඩු තෘණ භුමියක් ලෙසින් මායිම්, සිතියම් හා ලිඛිත නියෝග මගින්  ප්‍රකාශයට පත් කලේය.

උතුරින් සහ බටහිරින් සාගම්ම,චම්මියදිකුලම් කරත්ත පාරේ සැතපුම් දෙක හමාරක් පමණ ගිය පසු හමුවන කරත්ත පාරත්,නැගෙනහිරින් රූපස් කුලමේ දකුණු ඉවුරත්, චම්මියකුලම් දකුණු ඉවුරේ වාන ඇරඹෙන ස්ථානයේ සිට රුපස්කුලමේ දකුණ ඉවුරේ වාන දක්වා දකුණින් මායිම් වන ලෙස වට්ටමඩු තෘණ බිම් සලකුණු කොට දැක්වේ.

1975 වසරේ දී සියලු මැනුම් කටයුතු අවසානයේ යළිත්  අක්කර 4741 යි රූට් 02 ක වපසරියක් යුතු වට්ටමඩු තෘණ බිමක් ප්‍රකාශයට පත් කෙරිණි.

 

IMG 20250304 172334
ඉන් වසකට අනතුරුව 1976 ජුනි 17 වැනිදා එවකට ජනාධිපති විලියම් ගොපල්ලව විසින් අක්කර 4000 කින් යුත් මේ වට්ටමඩු තෘණ භුමියක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය. ඒ කලින් වෙන් කර තිබු අක්කර 4741 යි රූට් 02 කෙන් අක්කර 741 යි රූට් දෙකක් වී ගොවීන් වෙනුවෙන් නිදහස් කරමින්ය. තෘණ භුමිය මැනීම් කර මායිම් සලකුණු කර ගැසට් කළද එය පශු සම්පත් අමාත්‍යංශයට පවරා දීමක් සිදුකර නොතිබිණි.

නැගෙනහිර යුද ගැටුම් පැවති සමයේ මෙම ප්‍රදේශය දෙමළ විමුක්ති කොටි සංවිධානයේ පාලනය යටතේ පැවති අතර කිරි ගොවීන්ට එහි යාමට ආරක්ෂක අංශවල අවසරයක් නොලැබුණි. පෙරියනිලාවනෛ සිට තිරුක්කෝවිල් දක්වා සංගමන්කන්ද, කල්මුනෙයි, සයින්දමරුදු,කාරතිව්, නාවින්දවේලි, සමන්තුරේ, නින්දවූර්, අට්ටාලාච්චෙනෛ, අක්කරපත්තු, ආලවඩිවෙම්බු ප්‍රදේශ වල සිට පැමිණෙන කිරි ගොවීන් විසින් වට්ටමඩු තෘණ බිම් වෙත රැගෙන එන සිය ගවයන් 30,000 ක් පමණ ගාල් කිරීම සෑම තුන් මසකට වතාවක් දක්ක්නට ලැබෙන දසුනකි.

IMG 20250304 WA0078

IMG 20250304 172442

 

කිරි ගොවීන්ට තහනම් වුවද, වී ගොවීන් වෙත වට්ටමඩු කඹුරු අක්කර 300 ක් අස්වද්දන්නට දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවසරය ලැබුණි. මේ වී ගොවීන් බොහෝ දෙනා බලපත්‍ර රහිත අනවසර වගා කරුවන් බැවින්  දිස්ත්‍රික් ලේකම් වරයා විසින් 2005 වසරේ මාර්තු 17 වැනිදා ලිඛිත නියෝගයක් මගින් ඔවුන්ට දන්වා සිටියේ එක් කන්නයක් පමණක් වගා කොට තිරසාර පිළියමක් යොදන තෙක් වගාවන් අත්හැර දමන ලෙසයි.

අනවසර වගාකරුවන්

නැගෙනහිර යුද ගැටුම් නිමා වීමත් සමගින් වට්ටමඩු තෘණ බිම් වෙත සිය ගවයන් මුදාහරින්නට පැමිණි කිරි ගොවීන්ට දක්නට ලැබුනේ ඩෝසර් කරනු ලැබ, වන විනාශයක් කරනු ලැබූ මුඩු බිමකි. 2009 වසරේ රාජපක්‍ෂ ආණ්ඩුවේ අම්පාර දිස්ත්‍රික් දේශපාලකයන් වූ රවුෆ් හකීම්, ඒ.එල්.එම් අතාවුල්ලා වැනි දේශපාලකයන්ගේ අනුග්‍රය ලැබූ කණ්ඩායම් තෘණ භුමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන කුඹුරු අස්වැද්දීම අරඹා ඇති බව එහි ගිය වට්ටමඩු කිරි ගොවීන්ගේ සංගමයේ සභාපති එස්.පුෂ්පරාජාට දැකගන්නට ලැබුණි. තෘණ භුමි හා වන විනාශයට එරෙහිව එතැන් පටන් ඇරඹි ඔවුන්ගේ අරගලය අදත් අඛණ්ඩව දියත්වේ.

"වට්ටමඩු තෘණ භුමිය ඩෝසර් කරලා, වන විනාශය කරලා තිබුනේ ආණ්ඩුවේ දේශපාලන බලයත් එක්ක. ඒ බලය හින්දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහෙම කිසිම පියවරක් ගත්තේ නැහැ. අපි මේ ගැන පැමිණිලි කරා. පස්සේ අපි 2011 දී නඩු දැම්මා. ඊට පස්සේ තමයි මේ විනාශේ නවත්වා ගන්න ලැබුනේ"  එවකට නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ  එස්.පුෂ්පරාජාට එරෙහිව නොයෙකුත් බලපෑම් එල්ල වුවද දෙමළ, සිංහල, මුස්ලිම් ආදී සියලු ජනකොටස් වල සහයෝගය ඔහුගේ අරගලයට හිමිවීම් මහත් ශක්තියක් විය.

බක්මිටියාව-තිඹිරිගොල්ල වන රක්ෂිත සංහාරය

w2
2010 වසරේ ජනවාරි පළමුදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් රජය විසින්  වට්ටමඩු තෘණ භුමිය අයත් ප්‍රදේශය ද ඇතුලත්ව බක්මිටියාව-තිඹිරිගොල්ල රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.  

ඒ අනුව බක්මිටියාව-තිඹිරිගොල්ල රක්ෂිතය රැක ගැනීමත්, වට්ටමඩු තෘණ භුමියේ ගවයන්ට වෙන්කළ ප්‍රදේශයේ  ගවයන් ගාල් කිරීමට අවශ්‍ය අවසරය ඉල්ලා රජයේ වගකිව යුතු ආයතන ප්‍රධානින් 14 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කරමින් කිරි ගොවීන්ගේ සංගමය විසින් ගොනු කළ  අංක 395/2011 දරන මුලික අයිතිවාසිකම් පෙත්සම අභියාචනාධිකරණයේ තවමත් විභාග වෙමින් පවතී.

පෙත්සම විභාග වෙමින් තිබියදීම දේශපාලන බලය යොදා ගනිමින් අනවසර වගාකරුවන් 31 දෙනෙකුට වැඩි පිරිසක් විසින් බලහත්කාරයෙන් බක්මිටියාව-තිඹිරිගොල්ල රක්ෂිතයේ තවත් අක්කර 1500 ක් පමණ විනාශ කරමින් සිටියදී  තිරුක්කෝවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කිරි ගොවීන්ගේ පැමිණිල්ලකට අනුවය.

IMG 20250304 172220

 

2013 වසරේදී වන රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වට්ටමඩු තෘණ භුමි අයත් වන බක්මිටියාව-තිඹිරිගොල්ල රක්ෂිතයට අනවසර වගාකරුවන්ට ඇතුල්වීම තහනම් කෙරිණි. වී ගොවියන් පවසන්නේ 1968 කාල වකවානුවේ සිට ඔවුන්ගේ දෙමාපියන් වට්ටමඩු ආශ්‍රිතව කුඹුරු අස්වැද්දු බවය. එසේ දිගු කලක් වී ගොවිතැනේ යෙදුනු අයට 1985 දී ඉඩම් බලපත්‍ර ලැබුණි.

ව්‍යාජ ඉඩම් බලපත්‍ර

පුෂ්පරාජාපුෂ්පරාජා
එහෙත් කිරි ගොවීන්ගේ සංගමය පවසන්නේ මේ බලපත්‍ර ව්‍යාජ ඒවා බවයි. "උසාවියේ ඉල්ලීම පරිදි මේ බලපත්‍ර පිටපත් 525 ක් ගැන අම්පාර කච්චේරියේ සහකාර ඉඩම් කොමසාරිස් තුමා පරීක්‍ෂා කළා. ඒත් ඒවායේ කිසිම  කාර්යාල පිටපතක් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වත්, ඉඩම් කොමසාරිස් කාර්යාලයේ වත් නැහැ." පුෂ්පරාජා  පවසයි.

පරණ යාය, අලුත් යාය, තෝනිකල් යාය සහ වෙප්පඅඩි යාය නමින්  වී ගොවිතැන් කෙරෙන අතර ප්‍රදේශ නම් කිරීමත් ගැටළුවක් බව කිරි ගොවි සංගමය පෙන්වා දෙයි. "මේ සියල්ලම අයත් වන්නේ වට්ටමඩු වලට"

අනවසර වගාකරුවන් තෘණ භූමියෙන් ඉවත් කිරීමට  කල්මුනේ මහාධිකරණය හමුවේ 2014 වසරේදී  ගොනු කළ පෙත්සමට අනුව වැඩි වාසි අත්වුයේ කිරි ගොවින්ටය. එම තීන්දුවට එරෙහිව 2015 දෙසැම්බර් 17 වැනිදා අභියාචනාධිකරණයට ගිය වී වගාකරුවන්ට සිදුවුයේ නඩු ගාස්තු පවා ගෙවන්නටය. කල්මුන මහාධිකරණ තීන්දුව මෙහිදී සනාථ කෙරිණි.

IMG 20250304 WA0076

 

2015 සැප්තැම්බර් 09 වැනිදා කිරි ගොවීන්ගේ පෙත්සම් විභාගය අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම්වරයා විනිසුරු හමුවේ කියා සිටියේ අනවසර වගා කරුවන් තෘණ බිමෙන් ඉවත් කරන්නට පියවර ගන්නා බවය.

අලි මංකඩක්

w1
වට්ටමඩු තෘණ භුමිය පිලිබඳ යළිත් කතාබහට ලක්වන්නේ නව ආණ්ඩුව හමුවේ වී ගොවීන් විසින් තමන්ට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලීමත් සමගින්ය. දැනටමත් අධිකරණ ක්‍රියාවලියක් පවතින පසුබිමක, කිරි ගොවීන් හා වී ගොවීන් එක්ව සමථයකට පත් කරන්නට ආණ්ඩුව උත්සහා දරමින් සිටී. එහෙත් කිරි ගොවි සංගමය පවසන්නේ තමන්ට අයත් අක්කර 4000 කින් යුත් වට්ටමඩු තෘණ භුමිය රැක දෙන ලෙසයි. ඒ වෙනුවෙන්  කිරි ගොවීයෝ  269 දෙනෙකු පෙළ ගැසී සිටිති.

"එළ හා මී ගවයෝන්ට තියෙන එකම තෘණ භුමිය මේක විතරයි. මේකේ වගා හරියන්නේ නැහැ. මොකද කාලෙකට මේක අලිමංකඩක්. අපේ කිරි ගොවියොත් හතර දෙනෙක් අලි ගහලා මැරුණා. කන්තායි පාරේ, උහන, බුද්ධංගල. වට්ටමඩු හරහා පොතුවිල් කුමන වගේ පැතිවලට විශාල අලි රංචු එනවා. කොහොමත් මාස තුනක් විතර වුන් මේ පැත්තේ ඉන්නවා. මේ පැත්තේ වගා කරන්න ගත්තහාම ඉතිං ඔන්න අලි ප්‍රශ්නේ  එනවා. ඒවා ගැනත් බලන්න ඕනේ." ඒ  කිරි ගොවි නායක පුෂ්පරාජා ගේ අදහසයි.

IMG 20250304 172242

 

අක්කර 4000 ක  වට්ටමඩු තෘණ බිම කිරි ගොවියන්ගේ උරුමයක් බැවින් ආණ්ඩුවේ වගකීම එය රැක දීම බව ඔහු අවධාරණය කරයි. අධිකරණ තීන්දුව ලැබෙන තෙක්, වී ගොවීන්ගේ ඉල්ලීමට අනුව අක්කර 300ක් වගාවට වෙන් කිරීමට ආණ්ඩුවේ අදහස බවට  අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම නිවේදනය කොට ඇත.

2025 පෙබරවාරි 15 වැනිදා පැවති සාකච්ජාවකට අනුව වට්ටමඩු [පරණ යාය] ඉඩම් වලින් අක්කර 300 ක් යල කන්නයේ පමණක් වගා කරන්නට කිරි ගොවීන් එකඟතාව පළ කළ බවත්, තෘණ භුමිය වෙනුවෙන් වූ අක්කර 4000 ත්, වී වගා බිම් වෙනුවෙන් වූ  අක්කර 300 ත් මිණුම් කටයුතු කර කරන්නට තීරණය කළ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා සිටී.

එහෙත් පළාත් පාලන මැතිවරණය කැඳවීමත් සමගින් වී ගොවීන්ට ඉඩම් ලබා දීමේ වැඩ සටහන අත්හැර දමන්නට ආණ්ඩුවට සිදුව තිබේ.

ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
ishanka.singhe@gmail.com
නිදහස් මාධ්‍යවේදිනි


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...