The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

න්‍යෂ්ඨික බිජු බඩේ පුරවාගත් ට්‍රම්ප්ගේ වොෂි‍ංටන් සාම පරෙයියා | ඥානසිරි කොත්තිගොඩ

T

The Leader Desk

March 16, 2025 • 4:41 PM

 න්‍යෂ්ඨික බිජු බඩේ පුරවාගත් ට්‍රම්ප්ගේ වොෂි‍ංටන් සාම පරෙයියා | ඥානසිරි කොත්තිගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ගැන අපට බලන්නට වෙන්නේ ඔහු මේ මොහොතේ කරන්නා වූ ප්‍රකාශ දිහා බලාගෙන නෙමේ.
  • | බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය 1944 දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමෙරිකාව එකග වූ "බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය." (Bretton Woods agreement) උදාහරණයකට ගන්න පුළුවන්.
  • ජූලි මාසයේ ඇමරිකාවේ නිව් හැම්ප්‍ෂයර් ( New Hampshire) වලදී රටවල් 44 ක් මේ සදහා සහභාගි වුණා.
  • දින 22ක් පුරා පැවති සාකච්ඡාවකින් පස්සේ තමයි මේ සම්මුතිය ඇතිකර ගත්තේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැනීමක්ද? මේ ගැන අපට බලන්නට වෙන්නේ ඔහු මේ මොහොතේ කරන්නා වූ ප්‍රකාශ දිහා බලාගෙන නෙමේ.

ඉතිහාසයේදී මෙවැනි ගිවිසුම්වල අවසන් ප්‍රතිපලය වුනේ කුමක්ද කියලා සොයා බැලීමකින්. මොකද ධනපතියන්ට සාමය කියන්නේ යුද විරාමයක්. වඩා ශක්තිමත් වීම සඳහා කල් ගැනීමක්.

bretton woods agreement| බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය 1944
දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමෙරිකාව එකග වූ "බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය." (Bretton Woods agreement)  උදාහරණයකට ගන්න පුළුවන්. 1944 ජූලි මාසයේ ඇමරිකාවේ නිව් හැම්ප්‍ෂයර් ( New Hampshire) වලදී රටවල් 44 ක් මේ සදහා සහභාගි වුණා. දින 22ක් පුරා පැවති සාකච්ඡාවකින් පස්සේ තමයි මේ සම්මුතිය ඇතිකර ගත්තේ.

සමුළුවේ ප්‍රධානම අරමුණ වුණේ "සාධාරණ හා නිදහස් ගෝලීය වෙළෙඳාම දිරිමත් කරන සියලුම ජාතීන්ට පිළිගත හැකි ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියක්" නිර්මාණය කිරීම. සෝවියට් දේශය මෙම සමුළුවට සහභාගි වුනේ නැහැ.


සමුළුවට සහභාගි වුණු බ්‍රිතාන්‍ය දූත පිරිසේ නායකයා වුණේ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙක් වූ ජෝන් මේනාඩ් කේන්ස් (John Maynard Keynes). ඔහු යෝජනා කළේ "ලෝක බැංකුවක්  විසින් පාලනය කරනු ලබන නව ජාත්‍යන්තර මුදල් ඒකකයක් ගොඩනගන්න" ඕන කියලා. එම මුදල් ඒකකය "බැන්කෝර්"  (Bancor)  කියලා තමයි හැදින්වුවේ.

මේ යෝජනාවට ඇමරිකානු නියෝජිත පිරිසේ නායකයා වූ හැරී ඩෙක්ස්ටර් වයිට් (Harry Dexter White ) විරුද්ධවීම නිසා එය ප්‍රතික්ෂේප වුනා. ඒ වෙනුවට ඩෙක්ස්ටර් වයිට් යෝජනා කළේ ලෝකයේ අනෙක් රටවල මුදල් සංචිත වෙනුවට රත්තරන් ලබා දෙන්න ඇමරිකාවට පුලුවන් කියලා. හැබැයි මේ ගණුදෙණුව සිදුවන්නේ ඩොලර්වලින් කියලත් ඔහු  කිව්වා.    

                                                                                                     
dfere
රත්තරන් අවුන්සයක් ඩොලර් 35 ක් ලෙස තමයි ප්‍රකාශ වුණේ. අවසානයේ ඒ යෝජනාව සම්මතවීමත් එක්ක එක්සත් ජනපද ඩොලරය "ජාත්‍යන්තර සංචිත මුදල් ඒකකයක්" බවට පත් වුණා. ඒ වෙද්දී ලෝක රන් සංචිතයෙන් 59% ක අයිතිය තිබුණේ ඇමරිකාවට. ශේෂ පත්‍රය බැලුවොත් සමුළුවේ මුඛ්‍ය අරමුණ පරාද වෙලා ඇමරිකාවේ යටි අරමුණ තමයි ජයගෙන තිබෙන්නේ. සිය අරමුණ ජයගත්තත් එකගවූ සම්මුතිය වැඩිකල් ආරක්‍ෂා කළේ නෑ.


බ්‍රෙටන් වුඩ්ස් වලින් පස්සේ ඇමරිකානු ආර්ථිකය වේගයෙන් වර්ධනය වුණා. නමුත් 60 දශකයේ ආරම්භවුනු වියට්නාම් යුද්ධයේ පිරිවැයත් එක්ක ඇමරිකානු ආර්ථිකය නැවත බරපතල පසුබෑමකට ලක්වුණා. 70 දශකය ආරම්භ වෙද්දී දරුණු අවපාතයක් කරා ඇමරිකන් ආර්ථිකය ගමන් කළා.

එවකට සිටි ඇමරිකන් ජනාධිපති රිචඩ් නික්සන් ආර්ථික අවපාතයට විසදුමක් ලෙස 1971 දී, ඇමරිකානු ඩොලරය රන් අවුන්සයකට ඩොලර් 38 දක්වා අවප්‍රමාණය කළා. මේ තීන්දුවත් එක්ක බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය බිඳ වැටීම ආරම්භ වුණා. ලොවපුරා අවවරප්‍රසාදිත ජනතාවට දුක්බර කාලයක් උදාවුණා. අපෙත් කෑමබීම සදහා පෝලිම් යුගයක් තිබුණේ මේ කාලයේ තමයි.

මෙකී බිඳ වැටීම පරිපූර්ණ වෙමින් 1976 දී බ්‍රෙටන් වුඩ්ස් සම්මුතිය මුළුමනින් ඉවර වුණා. ලෝක ධනපති ආර්ථික ක්‍රමය නැවත වතාවක් මෙලෙස බිද වැටෙද්දී එයට පිළියමක් ලෙස ධනපති ආර්ථික විශේෂඥ ඩේවිඩ් රිකාඩෝ යෝජනාවක් ගෙනාවා.


lkdflevඔහුගේ යෝජනාව වූනේ රජය වෙළෙඳපල මිල තීරණය කිරීමේ කටයුත්තෙන් සහ රාජ්‍ය‍ සුබසාධනයෙන් ඉවත් වෙන්න ඕන කියලා. ඒක තමයි වෙළදපල ආර්ථිකය නැතිනම් නව ලිබරල්වාදය කියන ආර්ථික න්‍යාය. 1977 සිට අද දක්වා ක්‍රියාත්මක මේ න්‍යාය ලංකාවෙ මුලින්ම ක්‍රියාත්මක කළේ ජූනියස් රිචඩ් ජයවර්ධන ජනාධිවරයා.


විවිධ පැලැස්තර අලවමින් අබල දුබල වෙමින් මෙලෙස ඇදගෙන ගිය ඇමරිකානු ආර්ථිකය අදවනවිට නැවතත්  මර ඇඳට වැටිලා තිබෙන්නේ. දැන් තමන්ගේ ලාභ රේට්ටු කඩා වැටෙනවිට එලෝන් මස්ක්ලාට, සකර්බර්ග්ලාට ප්‍රාග්ධනය ප්‍රසාරනය සදහා නව භූමි අවශ්‍ය වෙනවා.

ඒ සදහා ජාතිකත්ව පදනම මත දේශපාලන, ආර්ථික, සමාජීය තීන්දු ගන්නා දේශපාලන නායකත්වයක් ඔවුන් බලයට පත්කර ගත්තා. මෙහෙම කරන්න වෙන්නේ මෙතෙක් කලක් විවිද උපාමාරු දමමින් කරගෙන ගිය කොල්ලකෑම ජාත්‍යන්තර මංකොල්ලයක් බවට පත්කරන්න සිද්ද වෙචච නිසා.

ඔවුන් එලෙස පත්කරගත් දේශපාලන නායකත්වය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්. ලාභ රේට්ටු කඩා වැටී ආර්ථික අවපාතයක් කරා ගමන් කරද්දී තමයි ජර්මන් බැංකුකරුවන්, මහා කොම්පැණිකරුවන් ඇඩොල්ෆ් හිට්ලර් නිර්මාණය කළේ. අද ට්‍රම්ප් කියන්නේත් එවගේම ව්‍යවස්ථාපිත රූකඩයක් විතරයි.


set345f
ට්‍රම්ප් ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උත්සවයේදී එලෝන් මස්ක් ජර්මන් නාසිවාදී හිට්ලර්ගේ ආචාර විධික්‍රමය විදහා දැක්කුවේ ඒ නිසා තමයි. ඔවුන් සූදානම් වන්නේ කඩා වැටෙන ඇමරිකන් ආර්ථිකය නැවත ගොඩගන්න ලෝකයේ ගොඩනැගෙන අනෙකුත් නිෂ්පාදන බලවේග විනාස කරන්න.


එහෙම විනාස කරළා අළු දූවිලි මතින් අළුත් ඇමරිකන් ජාතියක් ගොඩ නගන්න. ඒකෙදි මොන තරම් මිනිස් ජීවිත ප්‍රමානයක් විනාස වෙනවාද කියන එක එලෝන් මස්ක්ලාට වැදගත් නෑ. ඔවුන්ට වැදගත් තමන්ගේ ලාභය විතරයි. නමුත් ලෝකෙට තමන්ගේ "මාණුෂික" මුහුණ පෙන්වන්න ඕන. ඒනිසා තමයි ළමයි වඩාගෙන රැස්වීම්වලට එන්නේ. ලංකාවෙත් එහෙමනේ.

ගෙවීගිය වසර තුනක කාලයේ යුක්‍රේන යුද්ධයට ඇමරිකාව ඩොලර් බිලියන 350 ක් වැය කරලා තියෙනවා. ඊට අමතරව නේටෝවට (NATO) අයත් රටවල්ද විශාල මුදලක් රුසියාවට විරුද්ධව යුක්‍රේනයට දීලා තියෙනවා. නමුත් රුසියානු ආක්‍රමනය පසු බස්සවන්න NATO වට හැකියාවක් ලබුණේ නැහැ.

ghrtyg
NATO කියන්නේ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය. (North Atlantic Treaty Organization)  යුරෝපානු රටවල් 29 ක් සහ උතුරු ඇමරිකානු රටවල් 02 ක් සාමාජිකත්වය දරන අන්තර්-රාජ්‍යය හමුදාමය සන්ධානයක්. 2023 දී ෆින්ලන්තයත් මෙහි සාමාජිකත්වය ලබා ගත්තා.


ඒනිසා ඇමෙරිකාව මේ උත්සාහ කරනේ නේටෝව ලැජ්ජා සහගත පරාජයකින් බේරාගන්න. ඒ වෙනුවෙන් තමයි රුසියාව හා යුද විරාමයක යෝජනාවක් එන්නේ. ලංකාවේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව විමුක්ති කොටි සංවිධානය (LTTE) එක්ක සටන් විරාම ගිවිසුමකට ගියා වගේ. අවසානයේ LTTE ය යුදමය වශයෙන් පරාජය කළා.

ට්‍රම්ප් යුරෝපයට කළ අවවාදයෙන් සටන් විරාමයේ ව්‍යාජය තහවුරු වෙනවා. ඔහු කිව්වේ ඇමරිකාව වගේ ඉදියේදී තමන්ගේ රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් අවි ආයුද නිෂ්පාදනය සදහා වෙන්කරන්න කියලා. මේ වෙද්දී ට්‍රම්ප් ඇමරිකාව තුළ ආයුද කර්මාන්තශාලා පවා ආරම්භ කරළා තිබෙන්නේ.

xdftrtf
ඇමරිකාවේ උපාය වන්නේ පළමුවෙන්ම ගාසා තීරය අල්ලා ගනිමින් හමාස් සංවිධානය විනාස කිරීම. දෙවනුව ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් එය අල්ලාගෙන හිස්බුල්ලා සංවිධානය පරාජය කිරීම. ඒ අතර යේමනයේ හූති ගරිල්ලා ව්‍යාපාරය විනාස කිරීමත් ඇමරිකන් යුද න්‍යාය පත්‍රයේ ආරම්භයේම තිබෙන්නක්.


මේ සංවිධාන තුන පළමුව විනාස කිරීමේ උවමනාව ඇමරිකාවට තිබෙන්නේ ඉරානය දුර්වල කරන්න. හිස්බුල්ලා,  හමාස් සහ හූති යන සංවිධානයන්හි අවි බලය රැදී තියෙන්නේ ඉරානය මත කියන එක තමයි බටහිර පිළිගැනීම. එවගේම ඉරානය අල්ලා ගත්තොත් එහි විශාල ලෙස ඉන්ධන තිබෙනවා.

ඉරානයට පහර දෙන අතර ඇමරිකාව උත්සාහ කරාවි චීනය තුළත් සිරියාවේ මෙන් අභ්‍යන්තරික ගැටුම් ඇතිකරවන්න. කොහොම වුනත් ඇමරිකාවේ අද ප්‍රධානතම හතුරා චීනය.

චීනයේ වෙළෙඳපොළ ව්‍යාප්තිය හා තාක්ෂනයේ වර්ධනයට ඉඩදීලා ඇමරිකන් ආර්ථිකය ගොඩගන්න කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. එමනිසා චීනය බිඳ වැට්ටවීම තුළ පමනයි ඇමරිකාවට ගොඩ එන්න පුලුවන් වෙන්නේ කියන එක තමයි ට්‍රම්ප්ගේ ආර්ථික ඔස්තාර්ලාගේ විශ්වාසය.

56ffgs
රුසියාව ප්‍රධාන හතුරා නොවන්න එක් සාධකයක් වන්නේත් චීනය මෙන් රුසියාව සිය තාක්ෂණ, වෙළද ආධිපත්‍ය ලොව පුරා පතුරුවන්නේ නැති එක. නමුත් රුසියාවේ වැඩෙන ආර්ථික හා යුද ශක්තියත්,  බහුජාතික කොම්පැණිකරුවන්ට රුසියාව තුළ රිසිසේ කොල්ලයට ඉඩනොදීමත් ඇමරිකානු ආධිපත්‍යයට අභියෝග කිරීමක්.



මෙතැනදී මතුවෙන ප්‍රධාන කරුණක් තමයි න්‍යෂ්ඨික අවි භාවිතා කළොත් මිහිතලයේ කිසිවෙක් ඉතිරි වෙන්නේ නැහැ නේද කියන සිතුවිල්ල. ඇමරිකාවේ මේවන විටත් න්‍යෂ්ඨික අවිවලින් අනතුරක් නොවී වසර ගණනාවක් ජීවත්වෙන්න පුළුවන් යටිබිම්ගත නිවාස, මාළිගා හදලා තියෙන්නේ. අවශ්‍යනම් ඒවා මිලදී ගන්නත් පුලුවන්.

අනෙක් කාරණාව තමයි න්‍යෂ්ඨික අවි තිබෙන්නා වූ රටවල ඒවා පාවිච්චි කිරීම පිළිබද සම්මුතීන් ඇතිකරගෙන තිබෙනවා. නමුත් ඇමරිකාව එලෙස ගිවිසුම්ගත වෙලා නැහැ.

ඇමරිකාව හැර අනෙක් රටවල් සිය න්‍යෂ්ඨික අවි මුදා හරින්නේ අවසන් ප්‍රහාරය විදියට. ඒත් ඇමරිකාවට අවශ්‍යනම් සිය පළමු ප්‍රහාරයම න්‍යෂ්ඨික ප්‍රහාරයක් බවට ඔවුන් තීන්දු කරළා තියෙන්නේ. එමනිසා ඇමරිකාව ඔවුන් ගේ පළමු ප්‍රහාරයම යුදවැදීමට බලාපොරොත්තු වන්නා වූ රටක න්‍යෂ්ඨික අවි ගබඩාවන්ට එල්ල කළොත් කුමක් වෙයිද?  එකී රටවල් යුදමය වශයෙන් දුර්වල වෙනවා. ඒක ඇමරිකාවට වාසියක්.

ඇමරිකන් කොම්පැණිකරුවන්ගේ ප්‍රාග්ධනය ගලා යෑමට මේ මග හැර වෙනත් මගක් නැහැ. එහෙම වුනත් එයට හරස්වන ප්‍රධාන සාධකයක් තමයි ඇමරිකන් කම්කරු පංතිය. ඔවුන් මේ යුද්ධ වලින් අසීමිත විදියට බැට කාලා ඉන්නේ. එමනිසා ඔවුන්ගේ ප්‍රතිචාරය කෙසේ වේවිදැයි කියන්න අපහසුයි. ඒ ප්‍රතිචාර හමුවේ හැම තැනම විසිරුණු යුද්ධ බවට හෝ ප්‍රහාරයන් එකක් දෙකක් හමුවේ සම්මුතීන් හරහා ගමන් කරන්නත් පුළුවන්.

මේ සියල්ල හමුවේ විද්‍යාමානවන දේශපාලන කරුණක් තිබෙනවා. ඒක තමයි ගෝලීයකරණය කිව්වාට ධනපතියන්ට කිසිම දිනක ජාතික රාජ්‍ය අහෝසි කරන්න බෑ කියන එක. ඒක කරන්න පුළුවන් කම්කරු රාජ්‍යයන්ට පමණයි කියන එක ඇස්පනාපිට නැවත නැවතත් තහවුරු වෙමින් තියෙන්නේ.  

මොකද ලාභය මූලික කරගනිමින් කරන්නා වූ නිෂ්පාදනයේදී ශ්‍රමිකයාට, කම්කරුවාට ඔහුගේ සාධාරණ පංගුව, සාධාරණ කොටස කවදාවත්ම ලැබෙන්නේ නෑ. එයට එරෙහිව නැගී සිටින කම්කරු පංතියේ විරෝධය යටපත් කරන්නා වූ කැරට් අලය තමයි ධනපතියන්ගේ ජාතික රාජ්‍ය කියන්නේ.  

ආර්ථිකය අවපාතයට යද්දී මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුණේත් ඒනිසා තමයි.

xfte46
අද ට්‍රම්ප්ගේ ප්‍රධාන සටන්පාඨය බවට පත්වී තිබෙන්නේත් ඇමරිකාව හා ඇමරිකන් ජාතිය ලොව උතුම් ජාතිය බවට පත්කිරීම. හිට්ලර් කිව්වෙත් ඕකම තමයි. එහෙම මුසපත් කරළා තමයි තමන් විසින් සූරාකෑමට ලක්කරගෙන සිටින්නන් එවැනිම වූ සූරාකෑමට ලක්වූවන්ට විරුද්ධව යුද්ධයකට දක්කාගෙන යන්න හැකිවෙන්නේ. මේවා  ඉතින් ලංකාවෙනුත් ඉගෙන ගන්න පුලුවන් පාඩම්.



නමුත් ට්‍රම්ප්ට පෙර හිටපු ජනාධිපති ජෝ බයිඩන් පාවිච්චි කළේ මෙයට වෙනස් උපාය මාර්ගයක්. USAID එක හරහා LGBTQ, මානව හිමිකම්, ජනමාධ්‍ය හෝ වෙනත් අරගල බිහිකිරීම. ඒ අරගල තුළින් තමනට අවනත නොවන ආණ්ඩු "සිස්ටම් චේන්ජ්" යොදා කඩා බිද දමා ඇමරිකන් හිතවාදී ආණ්ඩු බිහිකර ගැනීම.

ඒවා වෙනුවෙන් පෙනී සිටින විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රධානීන්ට ඇමරිකාවට, යුරෝපයට ඕනෑම වෙලාවක පැමිණෙන්න වසර 05 කට හෝ 10 කට වලංගු වීසා බලපත්‍ර හෝ ඩොලර් අල්ලස් විදියට ලැබුණා. ඊට අමතරව ඇමරිකන් ශිෂ්‍යයත්ව දුන්නා.

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිනි විගස USAID එක අහෝසි කළා. ඒ ඇයි? ඇමරිකාව අද මුහුණ පා සිටින උග්‍ර ආර්ථික අර්බූදය විසින් එලෝන් මස්ක්ලාට බලකර සිටින්නේ එතරම් දිගු කාලීන වැඩ සටහන් මේ මොහොතට නොගැලපෙන බව. ට්‍රම්ප් USAID අහෝසි කළේ ඒනිසයි.

ඉතිහාසයේ වරක් ඛේදවාචකයක් වූ දෙය නැවතත් එලෙසම සිදුවන්නේ නම් එය අවසන් වන්නේ විගඩමක් ලෙස යැයි ශ්‍රේෂ්ඨ කියමනක් ඇත. මේ ප්‍රකාශය ඉකුත් ශතවර්ෂයේ විශිෂ්ටතම චින්තකයා ලෙස ජගත් ජනමත විමසුමකින් පිළිගන්නා ලද කාල් මාක්ස් නම් පඬිවරයාගේය.

koththigoda(සටහන | ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)

koththigoda@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

න්‍යෂ්ඨික බිජු බඩේ පුරවාගත් ට්‍රම්ප්ගේ වොෂි‍ංටන් සාම පරෙයියා | ඥානසිරි කොත්තිගොඩ | The Leader