The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ සමහරු පදිංචියට යන්න දඟලන සමහර රටවල් ඒවායේ වැසියන්ටත් එපා වෙලා? | නිරංජන් චාමින්ද කරුණාතිලක

T

The Leader Desk

March 19, 2025 • 8:42 AM

අපේ සමහරු පදිංචියට යන්න දඟලන සමහර රටවල් ඒවායේ වැසියන්ටත් එපා වෙලා?  | නිරංජන් චාමින්ද කරුණාතිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොහෝ විට බහුතරයකගේ සංක්‍රමණ ගමනාන්තය වන්නේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් රටවල්වලට වීම ද මේ ප්‍රවණතාව තුළ දක්නට ලැබෙන තවත් සුවිශේෂ කාරණයකි.
  • ලෝකයේ පදිංචියට වඩාත් සුදුසු රටවල් දහය අතරට සියලු සංවර්ධිත රටවල් පරයා ශ්‍රී ලංකාව මුල් තැනට තෝරා ගන්නට බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ සංචාරක සඟරාවක් පෙළඹෙන්නට මෙය ද එක් හේතුවක් වන්නට ඇත.
  • සංක්‍රමණිකයන්ට මෑතක් වන තුරුම සිය ගමනාන්තය බවට පත්ව තිබුණේ සංවර්ධිත රටවල්ය.
  • කෙසේ නමුත් මේ වන විට සංවර්ධිත රටවල ජීවත් වන බොහෝ දෙනෙක් සිය පදිංචිය වෙනස් කර ගැනීම පිළිබඳ සිය අවධානය යොමු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


බොහෝ විට බහුතරයකගේ සංක්‍රමණ ගමනාන්තය වන්නේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් රටවල්වලට වීම ද මේ ප්‍රවණතාව තුළ දක්නට ලැබෙන තවත් සුවිශේෂ කාරණයකි.

 



ලෝකයේ පදිංචියට වඩාත් සුදුසු රටවල් දහය අතරට සියලු සංවර්ධිත රටවල් පරයා ශ්‍රී ලංකාව මුල් තැනට තෝරා ගන්නට බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ සංචාරක සඟරාවක් පෙළඹෙන්නට මෙය ද එක් හේතුවක් වන්නට ඇත. සාමාන්‍යයෙන් මිනිසුන් සංක්‍රමණය වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට වුව ද දැන් සිදුවෙමින් පවතින්නේ එහි අනෙක් පැත්තය. මේ තත්ත්වය පසුපස බොහෝ විට ආර්ථික, දේශපාලනික අස්ථාවරත්වය, පාරිසරික සාධක සහ ජීවන වියදම වැනි කාරණා පවතින බැව් පෙනේ.

 

ffaacaff feae 4a2e afd1 a3db35c07637 2a4c57a9
සංක්‍රමණිකයන්ට මෑතක් වන තුරුම සිය ගමනාන්තය බවට පත්ව තිබුණේ සංවර්ධිත රටවල්ය. කෙසේ නමුත් මේ වන විට සංවර්ධිත රටවල ජීවත් වන බොහෝ දෙනෙක් සිය පදිංචිය වෙනස් කර ගැනීම පිළිබඳ සිය අවධානය යොමු කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. නිදසුනක් ලෙස ඕස්ට්‍රේලියාව ගතහොත් බොහෝ දෙනෙකුට ජීවන සහ නේවාසික වියදම් කෙමෙන් දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මේ තත්ත්වය තුළ ඔවුන්ට සුපුරුදු පරිදි සිය ජීවන තත්ත්වය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී ඇත. සිඩ්නි සහ මෙල්බෝර්න් ගතහොත් එහි ජීවත් වීම අධික ලෙස වියදම්කාරී වී තිබේ.

එක්සත් රාජධානිය නිදසුනකට ගතහොත් දේශපාලන අස්ථාවරත්වය, යුරෝපීය සංගමයෙන් ඉවත් වීම සහ එක තැන පල්වෙන ආර්ථිකය වැනි හේතු එහි පුරවැසියන්ට එරටින් සංක්‍රමණය වීමට හේතු වී තිබේ. දරාගත හැකි ජීවන තත්වයක් සහ හිතකර දේශගුණික සාධක පවතින ස්පාඤ්ඤය, පෘතුගාලය සහ ප්‍රංශය වැනි රටවලට සංක්‍රමණය වීමේ කැමැත්තකින් එරට විශ්‍රාමික පුරවැසියෝ පසු වෙති.

ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වය ද මෙසේමය. එහි ආර්ථිකය ප්‍රබල තත්ත්වයක පැවතුන ද, දිනෙන් දින වැඩි වන සෞඛ්‍ය පිරිවැය, අධික බදු, දේශපාලනික වශයෙන් වර්ධනය වෙමින් පවතින විරසක තත්ත්වය සහ අපරාධ අනුපාතය ඉහළ යාම වැනි හේතූන් ඇතැම් ඇමරිකානුවන්ට එරට අතහැර යාමට හේතු වී තිබේ. කැනඩාව, මෙක්සිකෝව සහ යුරෝපියානු රටවල් ඇමරිකානුවන්ගේ ජනප්‍රිය ගමනාන්ත බවට පත් වෙමින් පවතී.


canada
ඇමරිකානුවන් කැනඩාවට සංක්‍රමණය වන්නට උත්සාහ දරන අතරේ කැනඩා වැසියන් අතර ඇමරිකාව සහ යුරෝපීය රටවල් ජනප්‍රිය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. කැනඩාව උසස් ජීවන තත්ත්වයක් පවතින රටක් වුව ද, නිවාස සඳහා ගෙවිය යුතු මිල ඉහළ යාම සහ අධික බදු බර එරට අතහැර යාමට බොහෝ කැනේඩියානුවන්ට හේතු වී තිබේ.

සංවර්ධිත රටවල වැසියන්ට එම රටවල් අතහැර යාමට මේ අනුව හේතු කිහිපයක්ම බලපාන බැව් පෙනෙන්නට තිබේ. ඉන් එකක් වන්නේ ආර්ථික අභියෝගයන්ය. නිදසුනක් ලෙස ඕස්ට්‍රේලියාව ගතහොත් එහි ප්‍රධාන නගරවල මධ්‍යම ප්‍රමාණයේ නිවසක මිල ඇමරිකානු ඩොලර් 800,000 (රු. කෝටි 23ක් පමණ) ක තරම් ඉහළ අගයක පවතී. එය බොහෝ තරුණ වෘත්තිකයන්ට දරා ගත නොහැකි තත්ත්වයකි. මේ තත්ත්වයම ලන්ඩන්, නිව්යෝර්ක් සහ ටොරොන්ටෝ වැනි නගරවල ද දක්නට ලැබේ.

ජීවන වියදම ඉහළ යාම තවත් ගැටලුවක් බවට පත්ව තිබේ. උද්ධමනය, බලශක්ති වියදම සහ විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ සෞඛ්‍ය කටයුතු සඳහා දැරිය යුතු වියදම් කුටුම්භයකට දරාගත නොහැකි තත්ත්වයකි. බොහෝ පුද්ගලයින් මේ හා සමානම ජීවන තත්ත්වයක්, වර්තමානයේ දරන වියදමෙන් ඉතා සුළු කොටසක් වෙන් කිරීමෙන් අත්පත් කර ගත හැකි වෙනත් රටවල්වලට සංක්‍රමණය වීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

american loses job man box 600nw 2246866247
රැකියා වෙළෙඳපල තත්ත්වය ද තවත් ගැටලුවකි. මේ රටවල් සේවා වියුක්තිය සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පැවතිය ද උද්ධමනයට මුහුණ දිය හැකි පරිදි වැටුප් වැඩි වීමක් දක්නට ලැබෙන්නේ නැත. ඒ හේතුව නිසාම බොහෝ දෙනෙකුට දැඩි ජීවන අරගලයක නියුතු වන්නට සිදුව තිබේ.

දේශපාලන සහ සමාජ සාධක ද මේ සංක්‍රමණය වීම් කෙරෙහි බලපෑමක් එල්ල කොට තිබේ. යුරෝපා සංගමයෙන් ඉවත් වීම, ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන බෙදීම සහ පුද්ගල නිදහස මත බලපෑම් ඇති කරන ආකාරයේ රජයේ ප්‍රතිපත්ති නිසා මේ රටවල් තුළ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ හැඟීම් බොහෝ දෙනෙකුට ඇති වී තිබේ.

තවත් ගැටලුවක් බවට පත්ව ඇත්තේ පාරිසරික සාධකය. මුහුදු මට්ටම ඉහළ යාම, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියාව වැනි නගරවල ඇති වන ලැව් ගිනි, ඇතැම් කාලවලදී දරා ගත නොහැකි මට්ටමක පවතින දේශගුණික තත්ත්වයන් ද බොහෝ දෙනෙකුට සංක්‍රමණය වීම කෙරෙහි බලපා තිබේ. එමෙන්ම වායු දූෂණය, ජල හිඟය සහ නාගරික ප්‍රදේශ තුළ හරිත භූමි තුරන්ව යාම නිසා වඩාත් පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න පාරිසරික තත්ත්වයන් පවතින රටවල් කෙරෙහි අවධානය මෙවැනි රටවල වැසියන් තුළ ඇති වී තිබේ.

Wildlife Adventure Tours 2 890x664

සංවර්ධිත රටවල වෙසෙන බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය ගමනාන්ත බවට පත්ව ඇත්තේ පෘතුගාලය, මෙක්සිකෝව, තායිලන්තය, ශ්‍රී ලංකාව වැනි ජීවන වියදම අඩු රටවල්ය. බොහෝ වෘත්තිකයන් ඩෙන්මාර්කය සහ ස්වීඩනය වැනි ස්කැන්ඩිනේවියානු රටවල් කරා සංක්‍රමණය වීමේ උනන්දුවක් ඇති වී තිබේ. සෞඛ්‍ය පහසුකම් පිළිබඳ අවධානය යොමු කරන්නන්ගේ ජනප්‍රිය ගමනාන්ත බවට පත්ව ඇත්තේ ජර්මනිය, ප්‍රංශය සහ කොස්ටාරිකා වැනි රටවල්ය.

සංවර්ධිත රටවලින් පුද්ගලයින් සංක්‍රමණය වීමේ ප්‍රවණතාව තුළින් පිළිබිඹු වන්නේ, සංක්‍රමණය වීමේ තීරණ කෙරෙහි ආර්ථික පීඩනය, දේශපාලනික අවිනිශ්චිතතාව සහ පාරිසරික ගැටලු ඍජුව බලපෑම් ඇති කරන බවය. බොහෝ දෙනෙකුට මෙකී සංවර්ධිත රටවල් තවමත් ප්‍රියජනක තත්ත්වයක පැවතුන ද, සමාජයේ තවත් පිරිසකට මේ පවතින තත්ත්වය යටතේ එකී රටවල තවදුරටත් ජීවත් වීමේ දුෂ්කරතාවක් වර්ධනය වෙමින් පවතී.

 

china child wearing mask in beijing air pollution via shutterstock 1000x665
මේ ප්‍රවණතාව දිගින් දිගටම පැවතුනහොත් සියලු සේවාවන් දරා ගත හැකි තත්ත්වයකට පත් කිරීම, රැකියා සමබරතාව සහ සමස්ත ජීවන තත්ත්වය වර්ධනය කිරීම සම්බන්ධව නව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සිදු වනු ඇත. නිවාස අර්බුදය, ආර්ථික අසමානාත්මතාව සහ පාරිසරික ගැටලු විසඳුම් නොමැතිව තව දුරටත් දිගින් දිගටම පැවතුනහොත් මේ සංක්‍රමණය වීම් ද එසේම දිගින් දිගට පවතිනු ඇත.

Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...