The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෝඨාභය සහ බැසිල් | එරන්ද ගිනිගේ

T

The Leader Desk

March 20, 2025 • 6:42 AM

ගෝඨාභය සහ බැසිල් | එරන්ද ගිනිගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම නාමරූප නිර්මාණය කරන්නේ පොදු ජන සමාජය විසිනි.
  • වාමාංශික කඳවුර (ජවිපෙ නොවේ) තුළ පවතින ඊනියා ජාතිකවාදී නමැති ස්වයං ප්‍රකාශිත උපකුලකයේ තෝරාගත් වැරදිකරුවා බැසිල් ය.
  • හේතුව කුමක්ද කියා මා ඇසූ විට ඔහු කීවේ තමා හට මහාමාර්ග හදන්න කොන්ත්‍රාත් නොදුන් බව ය.
  • ඔහු කීවේ බැසිල් ඔහුගෙන් 10% ක් ඉල්ලූ බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එම නාමරූප නිර්මාණය කරන්නේ පොදු ජන සමාජය විසිනි. ගෝඨාභය සහ බැසිල් යන මහත්වරුන් මම කලක සිට හඳුනමි. ඔවුන් සාමාන්‍ය මිනිසුන් ය. යහපත් පවුල් ජීවිත ගෙවන ආදරණීය පියවරුන් ය. දෙදෙනා ම හොඳ බෞද්ධයන් ය. නමුත් බාහිර සමාජය ඔවුන් දකින්නේ වෙනත් ආකාරයකිනි. එය වෙනස් කළ නොහැකි වුවත් රටේ දේශපාලන අර්බුදය තේරුම් ගැනීමෙහි ලා මෙය ප්‍රයෝජනවත් වේ.

 

Gotabaya Mahinda Basil
වාමාංශික කඳවුර (ජවිපෙ නොවේ) තුළ පවතින ඊනියා ජාතිකවාදී නමැති ස්වයං ප්‍රකාශිත උපකුලකයේ තෝරාගත් වැරදිකරුවා බැසිල් ය. බැසිල් සැබැවින් ම වැරදිකරුවෙකු නොවේ. සිය දරුවන්ගේ ගෞරවයට හානියක් වනවාට බැසිල් බය ය. එබැවින් ඔහු බොහෝ විට දේශපාලනය කරන්නේ සීමාවන් තුළ ය. ඔහුට සමීප පුද්ගලයන් ඔහුට දැඩිව පක්ෂපාතී වීමට එම ගුණය එක් හේතුවකි. බැසිල් සමාන කළ හැක්කේ අපට ඉහළ පරම්පරාවේ ආයතන ප්‍රධානියෙකුට ය. ඔහුට ප්‍රබල ආයතන සංවිධාන ශක්තියක් තිබේ. දේශපාලනය කිරීම සහ දේශපාලන ව්‍යාපාරයක් සංවිධානය කිරීම යනු දෙකකි. මහින්ද ජනතාව අතර ජනප්‍රිය දේශපාලන චරිතය වන විට එයට පිටුපසින් සිටි සංවිධායකයා බැසිල් ය.

මේ හේතුව නිසා බැසිල්ට එරෙහි ව ප්‍රධාන කණ්ඩායම් දෙකක් නිර්මාණය විය. එකක් නම් පොදුවේ විපක්ෂ කණ්ඩායම් ය. ඔවුන්ට අවශ්‍ය වූයේ බැසිල් නමැති පදනම් සාධකය මේ දේශපාලන කඳවුරෙන් ගැලවීම ය. ඒ සඳහා ඔවුන් භාවිතා කළේ අර සරල “හොරා” යන ලේබලය ඇලවීමේ උපක්‍රමයම ය. දෙවැනි කණ්ඩායම වන්නේ ඊනියා ජාතිකවාදීන් ය. ඔවුන්ට අවශ්‍ය වූයේ ආණ්ඩුව කරගෙන යාමේදී ගනු ලැබිය යුතු වන ජනප්‍රිය නොවන තීරණ සහ ක්‍රියාමාර්ග කිසිවෙකුගේ පිටේ තබා ගැලවීමට ය. ඒ සඳහා ඔවුන් තෝරා ගත්තේ බැසිල් ය. ආණ්ඩුවේ ඕනෑම ප්‍රශ්නයක් බැසිල්ගේ බෙල්ලේ එල්ලා ඔවුන්ට සිය හෘදය සාක්ෂිය අස්වසා ගැනීමේ හැකියාව එයින් ලැබිණි. අරගලය වෙලාවේ කපුටා සහ අවලස්සන ඇමරිකන්කාරයා කියමින් විමල් සහ ගම්මන්පිල කළේ තමා වෙත එන ජනතා විරෝධය බැසිල්ට හරවා ගැලවීම ය.


කලකට පෙර මා හමුවීමට මාගේ දුර ඥාතියෙක් පැමිණියේ ය. ඔහු බැසිල්ට දොස් කියන්නට විය. හේතුව කුමක්ද කියා මා ඇසූ විට ඔහු කීවේ තමා හට මහාමාර්ග හදන්න කොන්ත්‍රාත් නොදුන් බව ය. ඔහු කීවේ බැසිල් ඔහුගෙන් 10% ක් ඉල්ලූ බව ය. එවිට මා ඇසුවේ ඔහුට බැසිල් මුණ ගැසී තිබෙනවා ද කියා ය. ඔහු නැත කීවේය. ඔහු බැසිල් හා දුරකථනයෙන් කථා කර තිබේද කියා ඇසුවෙමි. නැත කීවේ ය. එසේනම් 10% ක් ඉල්ලුවේ කොහොමද කියා ඇසූ විට ඔහු කීවේ ඔහු උප-කොන්ත්‍රාත්කරුවෙකු බවත් බැසිල් 10% ක් ඉල්ලූ බව ඔහුට කීවේ ඔහුගේ කොන්ත්‍රාත්කරුවා බවත් ය. බැසිල් මෙන්ම අනෙකුත් රාජපක්ෂවරුන්ට ද කරන බොහෝ චෝදනා මෙයාකාර පට්ටපල් බොරු ය. නමුත් ඒවාට එරෙහිව නිසි ක්‍රියාමාර්ග කලට වේලාවට ගැනීමට බැසිල් අසමත් විය.

 

202412432 1951914661640506 5034574892653145884 n
ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග ඊනියා ජාතිකවාදීන් ඔහු ඔසවා ගත්තේ ය. මුල සිට ම මහින්ද සහ බැසිල් යන අයගෙන් වෙන් කොට ගෝඨාභය දැක්වූයේ ය. එවිට ගෝඨාභයට එරෙහිව කණ්ඩායම් දෙකක් නිර්මාණය විය. එකක් නම් පොදු විපක්ෂය යි. බටහිර බලවේග, දෙමළ කොටි ඩයස්පෝරාව, ඉස්ලාම්වාදීන් සියල්ල ද එයට අයත් වේ. දෙවැනි කණ්ඩායම පක්ෂය ඇතුළෙන්ම නිර්මාණය විය. බොහෝ මන්ත්‍රීවරුන් ගෝඨාභයට මුල සිටම අකමැති විය. ඔවුන් දුටුවේ ගෝඨාභය පිටස්තරයෙකු ලෙසත් ගෝඨාභයගේ පිරිස විසින් ඔවුන් විතැන් කරනු ඇති බවත් ය. ආණ්ඩුව ගත් දවසේ පටන් ඔවුන් කළේ ගෝඨාභය සමග ගැටීම ය. එය ම ආණ්ඩුවේ අවසානය විය. ආණ්ඩුව අර්බුදයට යන විට ඔවුන් මෙන් ම ඊනියා ජාතිකවාදීන් ද කළේ සියලු වැරදි ගෝඨාභය පිට තබා පලා යාම ය. ගෝඨාභයට මෙය කලට වේලාවට පාලනය කර ගත නොහැකි විය.

33021679 1658287117558313 1078055534533279744 n

ගෝඨාභයට ද ප්‍රබල සංවිධාන ශක්තියක් තිබේ. යුද්ධය අවසන් කිරීම සඳහා අවශ්‍ය සංවිධානය කළේ ඔහු ය. ඉන් අනතුරුව කොළඹ ඇතුළු නගර ප්‍රතිනිර්මාණය කළේ ඔහුගේ සංවිධානයෙන් ය. හමුදා නිලධාරියෙකු ලෙස ද ඔහුගේ සංවිධාන ශක්තිය ඉහළින් තිබුණු බව එම ඉතිහාසය කියවන විට පැහැදිලි වේ. මහින්දගේ අත්දෙක වගේ හිටියේ ගෝඨාභය සහ බැසිල් ය. මහින්දගේ සමීතයන් සිතුවේ මහින්ද පමණක් ඇති කියා ය. එබැවින් ඔවුන් ද ගෝඨාභය සහ බැසිල් දෙදෙනාට විරුද්ධ විය. එයින් සිද්ධ වූයේ මහින්දගේ දේශපාලන ශක්තිය දුර්වල වීම පමණී.

ගෝඨාභය සහ බැසිල් දෙදෙනාට ම අත් වූයේ සමාන ඉරණමකි. ඔවුන්ට සිදු වූ අසාධාරණය සමාන ය. මෑතකදී වියත්මග සහ එළිය සංවිධානයේ සිටි ප්‍රධාන සාමාජිකයෙකු මට මුණ ගැසිණි. ඔහු ගෝඨාභයට දොස් පැවරුවේ ජාතික ජන බලවේගයට රටේ පාලනය හිමි වූයේ ගෝඨාභයගේ වරදින් යැයි කියමිනි. මා දැන් එවැනි අයත් සමග වාද කරන්නට යන්නේ නැත. මන්ද ඔවුන්ගේ මානසිකත්වය මා හට අවබෝධ වී ඇති බැවිනි.

EB7FhWWUEAAF3eI

ජීවිතයේ දී මෙන් ම දේශපාලනයේදීත් මිනිසුන්ට ඔබව හොඳ වෙන්නේ සීමිත කාලයකට ය. බැසිල්ට බනින බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට පළාත් සභාවට ප්‍රාදේශීය සභාවට ගියේ බැසිල්ගේ මගපෙන්වීම සහ සහයෝගයෙනි. ගෝඨාභයට බනින බොහෝ දෙනෙක් අඩුම තරමින් දේශපාලන චරිතයක් හෝ වුණේ ගෝඨාභයගේ මගපෙන්වීම සහ සහයෝගයෙනි. ඔවුන් දෙදෙනාට අත් වූ ඉරණම ගැන මම කණගාටු වෙමි. මන්ද ලංකාවට එම අතිදක්ෂයන් දෙදෙනාගෙන් ලැබිය හැකිව තිබූ සේවය සම්පූර්ණ කිරීමට ඔවුන්ට සාධාරණ අවස්ථාවක් දුන්නේ නැති නිසා ය. ගෝඨාභය සහ බැසිල් නිවැරදිකරුවන් වන තුරු නැවත මේ කඳවුරට රාජ්‍ය බලය ලැබීම සැක සහිත ය. දිස් ඉස් පොලිටික්ස්.

 


(සටහන |එරන්ද ගිනිගේ)


BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

 


සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

eranda.ginige@gmail.com

උපුටා ගැනීම : ginihula.blogspot.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...