The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බටලන්දේ වේදිකාවට නැගීම සහ ඒ සමග සාර්ථකව කටයුතු කිරීම - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

March 25, 2025 • 3:15 PM

බටලන්දේ වේදිකාවට නැගීම සහ ඒ සමග සාර්ථකව කටයුතු කිරීම - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත.
  • මෙම වාර්තාව දිගු කලක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති අතර, රටේ දුර්දාන්ත අතීතය සහ තවමත් පවතින මුල් බැසගත් බෙදීම් මෙමගින් සිහිපත් කර දෙයි.
  • ජවිපෙ නායකත්වයෙන් යුත් කැරැල්ල ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීමේදී බටලන්දේ සිදු වූ සිදුවීම්, ගැටලුවේ හදිසි නැවත මතුවීමෙන් පෙනෙන පරිදි, සුව නොවූ තුවාලයක් ලෙස පවතී.
  • බටලන්දේදී සිදු වූ දේ පිළිබඳ බිහිසුණු වාර්තා දැන් දෙමළ ජනමාධ්‍ය තුළ පවා පිරී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. මෙම වාර්තාව දිගු කලක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති අතර, රටේ දුර්දාන්ත අතීතය සහ තවමත් පවතින මුල් බැසගත් බෙදීම් මෙමගින් සිහිපත් කර දෙයි. ජවිපෙ නායකත්වයෙන් යුත් කැරැල්ල ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීමේදී බටලන්දේ සිදු වූ සිදුවීම්, ගැටලුවේ හදිසි නැවත මතුවීමෙන් පෙනෙන පරිදි, සුව නොවූ තුවාලයක් ලෙස පවතී. ප්‍රචණ්ඩත්වයේ සහ යුද්ධයේ කැළැල් තවමත් ගැඹුරට දිවයයි. ආර්ථික ප්‍රකෘතියේ සිට සමාජ ස්ථාවරත්වය දක්වා දැඩි අභියෝග සමඟ රට පොරබදමින් සිටින මොහොතක, දිගුකාලීන සාමය සහ සමෘද්ධිය සඳහා එක්සත්කමේ පුළුල් ඉලක්කය කෙරෙහි අවධානය යොමුකිරීමේ අවශ්‍යතාවක් පවතී. එබැවින් අතීතයේ අවතාරවලට වර්තමානය සහ අනාගතය ඔස්සේ දිගටම හොල්මන් කිරීමට ඉඩ නොදී ඒවා පළවාහැරිය යුතුය.

බටලන්දේදී සිදු වූ දේ පිළිබඳ බිහිසුණු වාර්තා දැන් දෙමළ ජනමාධ්‍ය තුළ පවා පිරී ඇත. එහෙත් ඒ කාලයේ දෙමළ ජනතාව ඉන් විශේෂයෙන් ඉලක්ක කර නොතිබිණි. එම කාලසීමාවේ රජය සහ එල්ටීටීඊය අතර සටන් විරාමයක් පැවැතිණි. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කර තිබූ අතර එල්ටීටීඊය ඉන්දීය සාමසාධක හමුදාවට එරෙහිව සටන් කරමින් සිටියේය. දැන් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශන මගින් දෙමළ ජනතාවට පෙන්වන්නේ ත්‍රස්ත විරෝධී ක්‍රියාමාර්ගවල අවසාන ප්‍රතිඵලය ඔවුන් පමණක් නොවන බවයි. සිංහලයෝ එවකට අනතුරේ සිටියහ. මන්ද එය රාජ්‍යයට එරෙහිව සිංහලයන්ගේ කැරැල්ලක් වූ බැවිනි. එවකට සිංහල තරුණයන් විශේෂයෙන් ප්‍රවේශම් වියයුතු විය.


අල් ජසීරා රූපවාහිනියේ කණ්ඩායමේ ප්‍රශ්නවලට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම්ව නොසිටි බව දැකගත හැකිවිය. බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ වැදගත්කම අවතක්සේරු කරමින් ඔහු පිළිතුරු ලබාදුන් බව දැකගත හැකිවිය. ඔහු වාර්තාව ප්‍රතික්ෂේප කරන ප්‍රකාශයක් ද කර තිබේ. ස්වයං විමර්ශනයක් අවශ්‍ය කරන මෙම වාර්තාව, වසර 37 කට පෙර සිදු වූ සිදුවීම් ගැන සඳහන් කරයි. අතීතයේ අවතාර නැවත පැමිණ ඇත. ගැටලුව කරළියට පැමිණි පසු, යුක්තිය ඉල්ලා සිටින සහ ඔවුන් දුටු දේ පිළිබඳ සාක්ෂි දීමට ඉදිරිපත් වන විවිධ පසුබිම්වලින් පැමිණි වින්දිතයන්ගේ ඥාතීන් සහ හිතවතුන් බොහෝදෙනෙක් සිටින බව දැකගත හැකිවිය. එමනිසා වසර ගණනාවකට පසු එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුව ඇත.


තවදුරටත් ධ්‍රැවීකරණය වීම

gy5654

අල් ජසීරා රූපවාහිනී වැඩසටහන විකාශනය කිරීම සම්බන්ධයෙන් මහජන ප්‍රතිචාරය සිහිපත් කර දෙන්නේ, සිදුවී ඇති කුරිරුකම් පහසුවෙන් වළලා දැමිය නොහැකි බවයි. බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර ඒ පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

දින දෙකක් අඛණ්ඩව පැවැත්වීමට නියමිතව තිබුණද දැන් ආණ්ඩුව එය මාස දෙකකට වැඩි කාලයක් පුරා ඇදෙන ලෙස දින දෙකකට පැවැත්වීමට සැලසුම් කර ඇත. විවාදයේදී කුමක් සිදුවේද යන්න පිළිබඳව සැළකිලිමත් වීමට හේතුවක් තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අතරතුර සිදුවූ කුරිරුකම්වලට බොහෝ පාර්ශව සම්බන්ධ විය. බටලන්ද එකම ප්‍රශ්න කිරීමේ ස්ථානය හෝ එකම වධකාගාරය නොවේ. තවත් බොහෝ ස්ථාන හා සිදුවීම් තිබිණි. එසේම එකල සිදු වූ සිදුවීම්වල කැපීපෙනෙන ප්‍රධාන චරිතය වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණක් නොවේ.

batalnda 25.03.11

1980 දශකයේ අගභාගයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියා එක් ස්ථානයකට සීමා නොවූ අතර, ඒවා තනි පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක වගකීමක් ද නොවීය. ජනතා විමුක්ති පෙරමුණ බොහෝ ම්ලේච්ඡ ක්‍රියා සහ මානව හිමිකම් උල්ලංඝනයන්හි නිරත විය. ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වල නිරත වූ රජයේ සහ හමුදා සාමාජිකයන්ට අමතරව, ආත්මාරක්ෂාව සහ විනාශය යන දෙකෙහිම නිරත වූ තවත් කණ්ඩායම් ද සිටියහ. මෙයට ජවිපෙ විසින් ඉලක්ක කරන ලද සහ තමන්ගේම පැරා මිලිටරි කණ්ඩායම් පිහිටුවා ගත් වාමාංශික දේශපාලන පක්ෂවල සාමාජිකයන් ඇතුළත් විය. එවැනි සමහර නායකයෝ අනුප්‍රාප්තික ආණ්ඩුවල අමාත්‍යවරු බවට පත් වූ අතර අන්තර්ජාතික මානව හිමිකම් සංසදවල පවා ශ්‍රී ලංකාව නියෝජනය කළහ. වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන්ට පවා බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයේ ප්‍රතිඵලයෙන් ගැලවීමට නොහැකි වනු ඇත.


මෙම විවාදය විසඳුම් සෙවීමට වඩා දොස් පැවරීමේ සටන් බිමක් බවට පත්වුවහොත්, එය ශ්‍රී ලංකාවේ සමාජ හා දේශපාලන ස්ථාවරත්වයට දුරදිග යන ප්‍රතිවිපාක ඇති කළ හැකිය. ආර්ථික ප්‍රකෘතිය සහ පාලනයේ ප්‍රතිසංස්කරණ සංවර්ධනයට, ස්ථාවරත්වයට සහ සහයෝගීතාවට අත්‍යවශ්‍ය වේ. බටලන්ද කොමිෂන් වාර්තාව නිසා ඇති වූ වර්තමාන කුණාටුව, ධ්‍රැවීකරණය සහ වෛරය වැඩිවීම රටට යහපත් නොවේ. ප්‍රතිවිරුද්ධ ආඛ්‍යාන තවදුරටත් මුල්බැස ගැනීමට හේතුවිය හැකි බෙදීමේ විවාදවල යෙදීමට වඩා, සත්‍යය සෙවීම සහ සංහිඳියාව සඳහා ව්‍යුහගත හා අපක්ෂපාතී ප්‍රවේශයකින් ශ්‍රී ලංකාවට වඩා හොඳ තත්වයක් ලැබෙනු ඇත.


ජාතික සංහිඳියාව

t4345f

මේ මස මුලදී ජිනීවාහි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී, බාහිර සාක්ෂි රැස්කිරීමේ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි රැස්කිරීම දිගටම කරගෙන යන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා කළ ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කළේය. මෙම සාක්ෂි රැස්කිරීමේ යාන්ත්‍රණයට, ජනමාධ්‍යවේදීන් බියගැන්වීම් සහ ඝාතනය කිරීම් ඇතුළු පුළුල් පරාසයක මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ තොරතුරු රැස්කිරීමට වරමක් ඇති අතර එල්ටීටීඊ යුද්ධය අතරතුර සහ විශේෂයෙන් එහි අවසානයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ කෙරෙහි අවධානය යොමුකිරීමේ හැකියාවද පවතී. දේශීය ක්‍රියාවලීන් හරහා සංහිඳියාව ඇතුළු මානව හිමිකම් අභියෝගවලට මුහුණදීමට තමන් අධිෂ්ඨාන කරගෙන සිටින බව රජයේ ස්ථාවරය වී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේදී ජිනීවාහි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරයේ ඉහළ පෙළේ සමුළුව අමතමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මෙසේ පැවැසීය:

rer44r

“සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ක්‍රියාවලියක් සහතික කර ක්‍රියාත්මක කිරීමට පෙර, සත්‍යය සහ සංහිඳියා රාමුවක් සම්බන්ධයෙන් අදාළ කරගත හැකි සියලුම කොටස්කරුවන් සමඟ තවදුරටත් සාකච්ඡා කරනු ඇත. අපගේ අරමුණ වන්නේ ව්‍යවස්ථාපිත රාමුව තුළ දේශීය යාන්ත්‍රණයන් විශ්වාසදායක සහ ශක්තිමත් කිරීමයි. ශ්‍රී ලංකා සමාජය තුළ ආතතීන් ඇතිකරන ජාතිවාදය සහ ආගමික අන්තවාදය නිසා ඇති වන ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට බලය ලත් සත්‍යය සහ සංහිඳියා කොමිසමක් සඳහා වන කටයුතු ශක්තිමත් කිරීම මෙයට ඇතුළත් වේ.”


සත්‍යය සහ සංහිඳියා කොමිසමක් පිළිබඳ සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ, 2015 දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ පාලනය විසිනි. 2019 දී ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද එම අදහසෙහි වටිනාකම දුටු නමුත්, මෙම නායකයන් දෙදෙනාගෙන් කිසිවකුට ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම කිරීමට කැපවීමක් නොතිබිණි. ප්‍රචණ්ඩකාරී දේශපාලන අතීතයන් සහිත විවිධ දේශපාලන ක්‍රියාකාරීන් අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා දේශපාලන, සාමාජයීය සහ මනෝවිද්‍යාත්මක උපායමාර්ග මිශ්‍රකරන බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය වේ. සන්නද්ධ ගැටුම්, වාර්ගික ආතතීන් සහ දේශපාලන ධ්‍රැවීකරණය පිළිබඳ රටේ සංකීර්ණ ඉතිහාසය සැළකිල්ලට ගෙන, විශ්වාසය ගොඩනැගීම, දුක්ගැනවිලි විසඳීම සහ අනාගතය සඳහා පොදු දැක්මක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන ක්‍රියාවලිය ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතුය. දඬුවම් සහ සමාව යන දෙකම සඳහා බලය ඇති, රජය විසින් ජිනීවා හි දක්වා ඇති පරිදි සත්‍යය සහ සංහිඳියා ක්‍රියාවලියක් මේ මොහොතේ අවශ්‍ය වන අතර, එමගින් රටට වේදනාකාරී සත්‍යයන් සහ ජාතික සුවය සඳහා මාවත අනාවරණය කර ගැනීමට කාලය සහ අවකාශය ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත. 

 

jehan pereraආචාර්ය ජෙහාන් පෙරේරා
ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක

jehanpc@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...