The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සත්ව ගණනයේ ප්‍රතිඵල විමසන්න ජනතාවටත් ඉඩක් දෙමු නේද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

March 26, 2025 • 7:02 AM

සත්ව ගණනයේ ප්‍රතිඵල විමසන්න ජනතාවටත් ඉඩක් දෙමු නේද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම මාර්තු 28 වැනි සිකුරාදා වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ප්‍රතිඵල රැස් කිරීමට අපේක්ෂා කරන බවක් ද ඔහු පවසා ඇත.
  • එමෙන්ම එය දීප ව්‍යාප්ත අවසන් වාර්තාව සඳහා යොදා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම තාක්ෂණ අධ්‍යක්ෂ වරයා පැවසූ බව ද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
  • ඒ අනුව ඒ හා සම්බන්ධ අවසාන අගය මාර්තු 31 වන විට ලබා ගත හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඉන්පසු ග්‍රාම නිලධාරී කොට්ඨාශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රදේශ සහ දිස්ත්‍රික් මට්ටමින් එම සත්ව ව්‍යාප්තිය සිතියම් ගත කරන බවත් ඔහු සඳහන් කොට තිබේ.
  • එමෙන්ම එම දත්ත විශ්ලේෂණය කිරීම පිණිස අවම වශයෙන් මාසයක් ගතවන බව පවසා ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම තාක්ෂණ අධ්‍යක්ෂ වරයා නිර්දේශ සහිත අවසන් වාර්තාව ඉදිරිපත් කළ හැක්කේ ඉන් පසුව බව ද සඳහන් කළ බවක් ද මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


වන සතුන්ගෙන් සිදුවන හානි අවම කිරීම සඳහා වූ විශේෂ කමිටුවේ සාමාජිකයකු ද වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම තාක්ෂණ අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ එම ගණනය හා සම්බන්ධ ඇතැම් තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සහ ඒ සඳහා අමාත්‍යාංශයේ පිහිටුවා ඇති මෙහෙයුම් මැදිරිය වෙත මේ වන විටත් ළඟා වී ඇති බව පවසා තිබේ.

එමෙන්ම මාර්තු 28 වැනි සිකුරාදා වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ප්‍රතිඵල රැස් කිරීමට අපේක්ෂා කරන බවක් ද ඔහු පවසා ඇත.

monkey 23115

එමෙන්ම එය දීප ව්‍යාප්ත අවසන් වාර්තාව සඳහා යොදා ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම තාක්ෂණ අධ්‍යක්ෂ වරයා පැවසූ බව ද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. ඒ අනුව ඒ හා සම්බන්ධ අවසාන අගය මාර්තු 31 වන විට ලබා ගත හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඉන්පසු ග්‍රාම නිලධාරී කොට්ඨාශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රදේශ සහ දිස්ත්‍රික් මට්ටමින් එම සත්ව ව්‍යාප්තිය සිතියම් ගත කරන බවත් ඔහු සඳහන් කොට තිබේ.

එමෙන්ම එම දත්ත විශ්ලේෂණය කිරීම පිණිස අවම වශයෙන් මාසයක් ගතවන බව පවසා ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම තාක්ෂණ අධ්‍යක්ෂ වරයා නිර්දේශ සහිත අවසන් වාර්තාව ඉදිරිපත් කළ හැක්කේ ඉන් පසුව බව ද සඳහන් කළ බවක් ද මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

 

monkey 2025.03.21
නමුත් ඒ අතර කෘෂි බෝගවලට හානි කරන සතුන් සංගණනයට අදාළ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තොරතුරු ලේඛණයක් මේ වන විටත් සමාජ මාධ්‍ය වල සංසරණය වී ඇති අතර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම කාර්යාලයයේ ඉහළ නිලධාරියකු පැවසූ බව ද පසුගිය දිනයෙක මාධ්‍ය වල සඳහන් ව තිබෙනු දුටුවෙමු.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල වට්ස් ඇප් සමූහයක සංසරණය වූ ලේඛණයක් කිසිවකු විසින් මෙලෙස සමාජ මාධ්‍ය ජාලාවලට යොමුකර තිබෙන බවත්, එම කටයුත්ත සිදුකළේ කවුරුන් විසින්ද? යන්න සම්බන්ධව සොයා බලා ඔහුට විරුද්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් එම නිලධාරියා පවසා ඇති බව ද එහි සඳහන් විය. මෙලෙස සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වී ඇති වාර්තාවට අනුව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ රිළවුන් පමණක් 41,586 ක් ගණනය වී තිබේ. මීට අමතරව එම කොට්ඨාශය තුළ මොනරුන් 24,552 ක්ද, වඳුරන් 19,159 ක්ද, දඬු ලේනුන් 11,531ක්ද ගණනය වී ඇත.

monkey sri lanka afp 1211344 1681986269

එම වාර්තාවට අනුව මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැඩිම රිළවුන්, මොනරුන් සහ දඬු ලේනුන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ මරදන්කල්ල ග්‍රාම නිලධාරී වසමෙන් වන අතර එම වසමෙන් රිළවුන් 4,801 ක්ද, මොනරුන් 2,062 ක්ද, දඬු ලේනුන් 971 ක්ද වාර්තා වී ඇත.වඳුරන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ මිහින්තලේ ග්‍රාම නිලධාරී වසමෙන් වන අතර, එම සංඛ්‍යාව 1,976 කි.ඉහත සඳහන් දත්ත සහ තොරතුරු කෙතරම් දුරට නිවැරදි විය හැකි ද යන්න ඒවා දුටු සැනින් අප ගේ සිත තුළ නැඟුණු කුකුස සමාජයීය වශයෙන් ද ඉස්මතු වීමේ පහසු අවකාශයක් තිබේ.

ශ්‍රී ලාංකේය ජන සමාජයේ කෘෂිකාර්මික හා ගෙවතු බෝග වගාවනට වන සතුන් ගෙන් හා විවිධ පළිබෝධකයන් ගෙන් සිදු වන හානි සැලකිය යුතු ලෙසින් ඉහළ නැංවී ඇති අන්දම විවිධ නිරීක්ෂණයන් මගින් සනාථ වී තිබේ. නමුත් ඒ අතින් පළිබෝධකයන් ගෙන් සිදුවන වගා හානි වලට වටා වන සතුන් වෙතින් සිදුවන වගා හානි ප්‍රායෝගික වශයෙන් පාලනය කර ගැනීමේ අසීරුවක් පැන නැගී ඇති බවක් ද පෙනෙයි.

එමෙන්ම වන සතුන් ගේ වාස භූමි ආශ්‍රිතව කෘෂිකාර්මික හා ගෙවතු වගා බෝග ප්‍රවර්ධනය වීම මුල් කොට වන සතුන් ඒ වෙත පර්යටනය වීමත් එම ප්‍රදේශ ආශ්‍රිත ආහාර සුලබතාව මුල් කොට ඔවුන් ගේ ගහණය ශීඝ්‍රයෙන් වැඩි වීමත් ඉතා පොදු හා සාමාන්‍ය සංසිද්ධියක් මිස අහඹුවක් නොවේ.එබැවින් එය මුල් කොට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ මුල් වරට සිදුකොට ඇති මෙම මානව ජනාවාස ආශ්‍රිත සත්ව ගහණය සම්බන්ධ මූලික තොරතුරු විමසුම සමාජ විද්‍යාත්මක පක්ෂයෙන් ද ඉමහත් වැදගත්කමකින් යුතු වූවකි. එහෙත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පැවසීමට පෙර කිව යුතු මූලික කරුණු කිහිපයක් තිබේ.

 

Rilla

මෙම තොරතුරු විමර්ශනය සඳහා යොදා ගත් ක්‍රමවේදය හා එය ක්‍රියාවට නැංවූ ආකාරය අනුව එය සංගණනයක් සේ හැඳින්වීම යෝග්‍ය නොවන බව ඒ සම්බන්ධ මුලින් පැවසිය යුතු කරුණ ය. සංගණනයක් සඳහා යොදා ගන්නා දත්ත, තොරතුරු සහ මූලාශ්‍රවල නිශ්චිත බවක් සේම එම නිශ්චිත බව තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් ද තිබිය යුතු ය. එහෙත්, මෙම සත්ව තොරතුරු විමර්ශනය තුළ එවැන්නක් නොමැති අතර ඕනෑම කෙනෙකුට තම සිතැඟි, අදහස් ආකල්ප මත මේ සඳහා දත්ත හා තොරතුරු සපයා දී නිහඬ වීමට පුළුවන. මෙහිදී අප විශේෂයෙන් සිතා බැලිය යුතු කරුණක් ද තිබේ. එනම් තම වගා බිමට, ගෙවත්තට සිදුවන සත්ව හානිය කෙසේ හෝ පිටුදැකීම අරමුණු කර ගත් ඇතැමකු හට අදාල දිනයේ නිශ්චිත විනාඩි පහක කාලය තුළ තම ගෙවත්තේ, වගා බිමේ දී දුටු සත්ව සංඛ්‍යාව කිහිප ගුණයකින් ඉහළ නංවා ඉදිරිපත් කිරීමට ඇති පහසු හැකියාව ය.

එමෙන්ම ඉහත සඳහන් ගණනය සඳහා රිලවුන්, වඳුරන්, මොනරුන් හා දඬුලේනුන් යන සත්ව වර්ග හතර එක්කොට ඇතත් සෙසු බෝග හානි කරන ප්‍රධාන සතුන් වන, වන අලියා, වල් ඌරා සහ ඉත්තෑවා එක් කොට නැත. ඒ ජනතාවට එම සතුන් විනාඩි පහක් වැනි කාලයක් තුළ තම ගෙවත්තේ, වගාබිමේ දී දක්නට නොලැබීමේ අවකාශය සැලකිල්ලට ගනිමින් විය යුතු ය. එමෙන්ම ලෝ සංරක්ෂණ සංසදය (IUCN ) මඟින් වඳවීමේ තර්ජනයට ලක් වීමට ආසන්න සත්වයකු ලෙස හා අතිශය ක්‍රියාශීලී කඩිසර බව පදනම් කොට ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා ලෙස නම් කොට ඇති දඬුලේනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.දඬුලේනාගේ වේගවත් සංචරණ රටාව අනුව ඒ සතා විනාඩි පහක කාලයක් තුළ ගස් අතු අතුරින් ගමන් කරන දුර ප්‍රමාණය කිලෝ මීටර් ගණනක් වීමට ද බැරි නැත. ඒ අනුව මෙවන් අවස්ථාවක එක් දඬුලේනකු, දඬුලේනුන් දස දෙනකු ලෙස ගණනය වීමේ පහසු අවකාශයක් පවතී.මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පමණක් දඬු ලේනුන් 11,531ක්ද ගණනය වී තිබීම පිළිබඳව ද මෙහි දී අප යළි සිහිපත් කළ යුතු ය.

Flickr Rainbirder Giant Squirrel Ratufa macroura
අප සමාජය තුළ ප්‍රමාණවත් දැනුම් අවබෝධයන් ඒකරාශී වී නොමැති වුවද මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ සත්ව චර්යාවේදය ( Ethology ) නම් විෂය පථයක් තිබේ. එහිදී සියලු සතුන්ට පොදු හා එක් එක් සත්ව විශේෂයට පොදු චර්යා පද්ධතීන් සම්බන්ධ විද්‍යාත්මක තොරතුරු රැසක් අනාවරණය කොට තිබේ. සත්ව චර්යාවන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන මූලික අධ්‍යනයන් හිදී සත්ව වර්ගවල වාස කලාප ( Territory ) පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගත හැක.

එමෙන්ම කිසියම් සත්ව විශේෂයක් හා ඔවුන් ගෙන් යම් කොටසක් නිශ්චිත වාස කලාපයක් තුළ ජීවත් වීම සම්බන්ධ ප්‍රධානතම සාධකය ආහාර හෝ ගොදුරු බව ද අනාවරණය වී තිබේ.එම ආහාර හෝ ගොදුරු ප්‍රමාණය අතික්‍රමණය කෙරෙන සත්ව ගහණයක් එකම වාස කලාපයක දක්නට ලැබීම අහඹු සිදුවීමකි. එමෙන්ම එකම පාරිසරික පද්ධතියක වෙසෙන ශාක භක්ෂක සහ මාංශ භක්ෂක සතුන්ගේ ආහාර ක්‍රමයන් හා සබැඳුණු තුලණයන් හා සබැඳි පාරිසරික සංසිද්ධීන් හා සම්බන්ධ පර්යේෂණ සිය දහස් ගණනක් මේ වන විට සිදු වී හා සිදුවෙමින් පවතී.

 

5d1d891109541280137129

නමුදු ජන සමාජයක් ලෙස ශ්‍රී ලාංකේය අප ඒ සම්බන්ධ අධ්‍යයනයන් හි මූලාරම්භක අවදියවත් පසුකොට නොමැති බව අතිශයින් පැහැදිලි ය.නමුදු ඒ අනුව අදාල පාර්ශවයන් හි යම් විද්වතුන් පිරිසක ගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන මෙම සත්ව ගණනය හෙළා දැකීමට හෝ ලඝු කොට තැකීමකට අප තුළ කිසිදු අභිලාෂයක් නැත.

ඒ අනුව එම සත්ව ගණනය හා සම්බන්ධ ඉදිරි කටයුතු නිසි පරිදි සිදුකිරීම සම්බන්ධ අභිලාෂයක් රජය සතු වේ නම් ඒ සඳහා වන පළමු පියවර ලෙස මෙම සත්ව ගණනය හා සම්බන්ධ ලැබී ඇති සියලු තොරතුරු හා දත්ත අමාත්‍යංශ මට්ටමින් සමාජ ගත කිරීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. එවිට එම තොරතුරු ඔස්සේ එකී සත්ව ගණනයන් පිළිබඳ තොරතුරු පසු විපරමකට ලක් කිරීමට හෝ සමාජය සඳහා විවෘත අවකාශයක් හිමි වනු ඇත.

නිදසුනක් ලෙස එක් ග්‍රාම නිලධාරී කොට්ඨාශයක් තුළ එම ගණනයෙන් පැවසෙන අන්දමේ රිලා, වඳුරු, මොණර හෝ දඬුලේන් ගහණයක් එහි සත්‍ය ලෙසම සිටිය සිටිය හැකි ද යන්න පිළිබඳ සාධාරණ අනුමානයකට එළැඹීමේ හැකියාව ඒ සඳහා ඉදිරිපත් වන සියලු පාර්ශවයන් හට තිබේ. එහි දී මෙම ගණනයට පාදක කර ගත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ වෙනුවට ඒ හා පාරිසරික පද්ධතීන් පදනම් කර ගනිමින් මෙම විමසුම කිරීමට අදාළ විෂය හා සම්බන්ධ උනන්දුවක් පළ කරන පාසල් හා සරසවි සිසුනට වුව විවෘත අවකාශයක් හිමි වනු ඇත.

1157

නිදසුනක් ලෙස යම් නිශ්චිත වාස කලාපයක රිලවුන් දහසක් හිඳින බවට මෙම ගණනය මගින් වාර්තා වී තිබේ නම් එම වාස කලාපය තුළ ඔවුන් ගේ දිවි පැවැත්මට ඉවහල් වන ප්‍රධාන සාධකය වන ආහාර සපයා ගැනීමේ හැකියාව ආදිය සම්බන්ධයෙන් සම්භාවිතාව පිළිබඳ නියමයන්, සංඛ්‍යාත්මක දත්ත අනාවරණයන් ආදී ක්‍රමවේද ඔස්සේ කරුණු විමසා බැලිය හැක.

ඒ අනුව විධිමත් පදනමක් නොමැති බව හැඟෙන මෙම සත්ව තොරතුරු විමර්ශනය මුල් කොට මීට වඩා පාරදෘශ්‍ය නිගමනයන්ට එළඹිය හැක.ඒ සඳහා පොදු ඉඩ ප්‍රස්ථාවක් සැලසෙන පරිදි මෙම මූලික ගණනයෙන් දැනට ලබා ගෙන ඇති දත්ත සහ තොරතුරු සමාජගත කිරීමේ අවකාශය සම්බන්ධයෙන් අදාල ඇමතිවරයා සහ අමාත්‍යංශ නිලධාරීන් මැනැවින් සිතා බැලිය යුතු ය.එසේ නොවන්නට මේ සම්බන්ධ ඉදිරි කටයුතු වල උපරිම ප්‍රතිලාභ විවේචකයන් කාටූන් ශිල්පීන් ආදීන් විසින් ලබා ගනු නිසැක ය.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 

 

 


(උපුටා ගැනීම - vinivida.lk)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...