The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෝදි එන එකට අනුරාධපුරේ බල්ලෝ ඉවත් කරන එක මෝඩ වැඩක්! | පශු වෛද්‍ය චමිත් නානායක්කාර

T

The Leader Desk

March 29, 2025 • 11:16 AM

මෝදි එන එකට අනුරාධපුරේ බල්ලෝ ඉවත් කරන එක මෝඩ වැඩක්!  | පශු වෛද්‍ය චමිත් නානායක්කාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ බලයට ගේන්න ප්‍රධානම හේතුවක් වුණේ ඇත්තටම මේ රටේ සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න තියෙන අවශ්‍යතාව නිසා.
  • ඇත්තටම මේ ආණ්ඩුවට ඡන්දේ දුන්න සත්ව සුභසාධනයට සම්බන්ධ බහුතරයකගේ අදහස වුණේ ඒකයි.
  • ඒත්, මම එක නිවේදනයක් දැක්ක එක තැනක විතරක් දඬු ලේනුන් 11000 දාස් ගාණක් ඉන්නව කියලා.
  • ඇත්තටම මේ විදිහට යනවා නම් මේ සත්තුන්ගේ ආරක්ෂාව පිළිබඳ ඉතාම දැඩි අර්බුදයක් තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ බලයට ගේන්න ප්‍රධානම හේතුවක් වුණේ ඇත්තටම මේ රටේ සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න තියෙන අවශ්‍යතාව නිසා. සත්ත්ව සුභසාධන පනත සම්මත කර ගන්න, ඒ වගේම තවත් අණපනත් සකස් කරලා මේ සත්තුන්ට ජීවත් වෙන්න තියන අයිතිය තහවුරු කරලා දෙන්න. ඇත්තටම මේ ආණ්ඩුවට ඡන්දේ දුන්න සත්ව සුභසාධනයට සම්බන්ධ බහුතරයකගේ අදහස වුණේ ඒකයි. ඒත් අද දවසෙ අපි දුන්න ඒ ඡන්දය සම්බන්ධයෙන් සතුටු වෙනවද? දුක් වෙනවද? කියන එක ගැන ඉතාම නරක අදහසක් තමයි තියෙන්නේ.

ලාල්කාන්ත ඇමති තුමා තමන්ගේ ගොවි බිමට එන සතුන්ට ඕන දෙයක් කරන්න කියලා කිව්වට පස්සෙ අපි ජාතික ප්‍රතිපත්තියට කෙටුම් පතක් අරගෙන පරිසර අමාත්‍යංශයට දුන්නා; මේ රටේ ඉන්න සියලු සත්ව ගහණයන් සම්බන්ධයෙන් කළමණාකරණය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් හදන්න. හැබැයි පරිසර අමාත්‍යංශයෙන් ඒකට අවශ්‍ය කටයුතු කළේ නෑ.  

 



ඊට පස්සෙ ආණ්ඩුව රිලා ගහණය පාලනය කරන්න කියල රිලව් සැත්කම් කරන්න පටන් ගත්තා. අපි කිව්ව ඒක අසාර්ථක වෙනව කියලා. කිව්ව වගේම ඒක අසාර්ථක වුණා.

ඊට පස්සේ ආණ්ඩුව අලි එලවන්න පටන් ගත්තා. අපි කිව්වා අලි එලවන්න එපා කියල. හැබැයි ඒ වැඩපිළිවෙලත් අසාර්ථක වුණා.

දැන් ඊයෙ පෙරේදා සංගණනයක් තිබුණා. අපි කිව්වා සංගණනයක් කරන්න ඕන නම් ඒකට ක්‍රමවේද තියෙනවා සහ ඔය විදියට කරන්න යන එක අසාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒත් ඒකත් අහන්නෙ නැතුව කළා. ඒත් දැන් ඇමතිතුමාම කියනවා මේ සංගණනය නැවත කරන්න සිද්ධ වෙයි කියලා. ඒත්, මම එක නිවේදනයක් දැක්ක එක තැනක විතරක් දඬු ලේනුන් 11000 දාස් ගාණක් ඉන්නව කියලා.

Flickr Rainbirder Giant Squirrel Ratufa macroura
සංඛ්‍යා ලේඛන දීලා කියලා සමහර තැන්වල දීලා තියෙන්නේ වැරදි සංඛ්‍යා ලේඛන වැරදි ගණනය කිරීම් තියෙනවා. ඉතින් මේ වගේ; මට නම් තේරෙන්නෙ නෑ මේ ආණ්ඩුවට කවුද උපදෙස් දෙන්නෙ කියලා කවුද මේ ආණ්ඩුව මෙහෙම නොමඟ යවන්නේ කියලා. ඇත්තටම මේ විදිහට යනවා නම් මේ සත්තුන්ගේ ආරක්ෂාව පිළිබඳ ඉතාම දැඩි අර්බුදයක් තියෙනවා.

ඊළඟට පටන් ගත්ත බදුල්ලෙන්. බදුල්ලෙ නගරයේ බල්ලෝ ඉන්නවා වැඩියි කියලා. බදුල්ලෙ නගරයේ ඉන්න බල්ලෝ සපා කාල රෝහල් ගත වෙන ප්‍රමාණය ගොඩක් වැඩියි කියලා වාර්තාවක් ආවා. ඇත්තටම අපි ඒක හොයලා බලනකොට බදුල්ලේ නගරයේ සුනඛයන් සපා කෑම නිසා රෝහල් ගත වෙන ඒ සංඛ්‍යාවෙන් 95% ක්ම සපා කාලා තියෙන්නෙ ගෙදර ඉන්න සුනඛයා.

ඒ වගේම දැන් ගොඩක් තැන්වල සත්තු වැඩියි කියලා කතා ඇහෙනවා. ඒ කතාත් එක්ක ආණ්ඩුව ඒ ඒ තැන්වලට ගැලපෙන විදිහට මෝඩ විසඳුම් හොයන්න ගිහිල්ල ඉතාම නරක විදිහට තියෙන අර්බුදයකට මේ තත්ත්වය අරගෙන යනවා.


modi 2මෝදි සුනඛ සුරතලකු සමඟ
ඊළඟ කාරණය තමයි කියන්න තියෙන අලුත්ම කාරණය. දැන් මේ වෙන කොට තියන ප්‍රශ්නය තමයි මෝදි.ඊළඟ මාසේ මුල් දවස්වල ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලංකාවට එනවා. ඒ මෝදි එනකොට අනුරාධපුර නගර සීමාවේ මෝදි යන මාර්ගයේ ඉන්න සේරම සුනඛයෝ ඉවත් කරන්න ආණ්ඩුකාර්ය මණ්ඩල කාර්යාලයේ තීන්දුවක් අරගෙන ඒ අනුව නගර සභාවෙන් කටයුතු යොදන්න යනවා කියලා අපිට දැන් අහන්න ලැබිලා තියෙනවා.

අපි අනුරාධපුර මහ නගර සීමාව ඇතුලේ සුනඛ ගහණය කළමණාකරණය කරන්න පස් අවුරුදු සැලැස්මක් තියෙන්නේ; නගර සභාවත් එක්ක අපි එකතු වෙලා.ඒක ඉතාම සාර්ථකයි. ඉතාම පැහැදිලිව කිව්වොත් මේක තමයි දැනට ලංකාවේ තියෙන හොඳම ව්‍යාපෘතිය. නගර සභාවට අමතරව අනුරාධපුර, මිහින්තලය කියන වටේම ප්‍රදේශ තුනත් අපි ආවරණය කරමින් ඉතාම හොඳ ක්‍රමයක් දැන් මේ වෙන කොට ක්‍රියාත්මක කරනවා.

428518 3546546446
මේ වෙන කොට ඒකෙ පස්වෙනි අවුරුද්ද. පස්වෙනි අවුරුද්දේ හොඳ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඉතින් මේ වගේ වැඩසටහනක් තියෙද්දි ඒ කිසිම දෙයක් ගැන අධ්‍යයනය කරන්නේ නැතුව මේ කිසිම දෙයක් ගැන හොයල බලන්නේ නැතුව හිතූ මනාපෙටඑක් කෙනෙක් දෙන්නෙක් කියන මේ කතාවලට මේ වගේ මෝඩ තීන්දු තීරණ ගන්න එකට අපි දැඩි විරෝධයක් දක්වනවා.

ඒ වගේම මේ යන විදිහට ගියොත් මං හිතන්නේ මේ ආණ්ඩුව වටේ ඉන්න මෝඩ උගතුන්ගේ උපදෙස් අහන්ඩ ගියොත් එහෙම මේ ආණ්ඩුව ඉතාම ඉක්මනින් බරපතල අර්බුදයකට යනවා කියලා තමයි. අපිට ඇත්තටම කියන්න තියෙන්නෙ. සත්තු සම්බන්ධයෙන් මිනිස්සුන්ට ගැටලු සහගත තැන් ඇති වෙලා තියෙනවා තමයි. ඒකට උත්තර හොයන්න ඕන. මොකද මේවා මේ ආණ්ඩුව ආවට පස්සෙ තියෙන අර්බුද නෙවෙයි ඔක්කොම තියෙන්නේ දීර්ඝ කාලයක් තිස්සෙ ඇති වෙච්ච අර්බුද.ඉතින් මේ ආණ්ඩුව මොකටද හදිස්සියේ මේ සත්තුන්ගේ ජීවිත පවා අනතුරට දාමින් සත්තුන්ගේ ජීවිත වල වටිනාකම නැති කරලා දාමින් ඇයි මේ වගේ තීන්දු ගන්න යන්නේ. මේකට හරියට කළමණාකරණය කිරීම සඳහා කමිටුවක් පත්කරලා ඒ කමිටුව අනුව තීන්දු තීරණ අරගෙන වැඩ කරන්න බැරිද?

 

z p43 better 1
දැන් සුනඛ ගහණයට පාලනය කරන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වැඩසටහනක් 2008 ඉදලා සිද්ධ කළා. ඒත් මේ අවුරුද්දේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ වැඩසටහනත් සිද්ධ කරන්නෙ නෑ. එතකොට ඒ වගේ තිබුණ හොඳ වැඩසටහන් පවා නතර කරමින් තියෙනවා. එතකොට අවසානයේ සිද්ධවෙන්නේ මේ පාරෙ ඉන්න සුනඛයන් සේරම මරා දාන එකද? 

අපි ආණ්ඩුවේ බලධාරීන්ට කියන්නේ ආණ්ඩුවේ බලධාරීන් එක්ක සම්බන්ධකම් තියෙන අයට කියන්නේ කරුණාකරලා ඔයගොල්ල සත්තුන්ට ආදරේ නම් ජනාධිපතිතුමාට අගමැතිතුමියට වගේම ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වගේම කියන්න මේ ප්‍රශ්නය හොඳට කල්පනා කරල බලලා සැලසුම් සහගත විදියට විසඳන්න කියලා. මේ සුනඛයෝ වගේම සියලු සතුන් සම්බන්ධයෙනුත් හිතලා ගැටලුව විසඳන්න කියලා.

හැබැයි සුපුරුදු විදිහට එක එක්කෙනාට ඕන විදිහට වැඩකරන්න එපා. මේක විද්‍යාත්මකව කරන්න ඕන වැඩක් .ඒක නිසා මේක විද්‍යාත්මකව ගහණ කළමණාකාරීත්වයට මැදිහත් වෙන්න කියලයි අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නේ.


1353389 Wallpaper2නව දිල්ලි ගුවන් තොටුපලේ හිඳින සුනඛයෙක්
ඒ වගේම අනුරාධපුර නගර සීමාවේ මෝදි එනකොට බල්ලො අයින් කරන්න ගත්ත තීන්දුව ඉතාම මෝඩ තීන්දුවක්. මොකද? මෝදි කියන්නේ ඉන්දියාවේ අගමැති. නවදිල්ලියේ ගුවන් තොටුපලේ පවා බල්ලෝ ඉන්නවා අපි ඕනේ තරම් දැකලා තියනවා. අපේ ලංකාවෙ ගුවන් තොටුපල ඇතුලේ බල්ලො නෑ. ඉන්දියාවේ නගරවලත් විදී සුනඛයෝ ඉන්න එකේ මෝදි එනවා කියලා අනුරාධපුරේ බල්ලො අයින් කරන්න යන එක ඉතාම මෝඩ තීන්දුවක්. මොකද. ඉන්දියාවේ නගර වල ලංකාවට වැඩිය ඉන්නවා වීදි සුනඛයෝ ඉන්නවා, මිනිස්සුත් එක්ක ගැවසෙන .

ඉතින් මෝදිට මෙයාලා අමුතු සත්තු ජාතියක් නෙවෙයි, මෝදිට බල්ලෝ අමුතු නැහැ. අනික මෝදි සත්තුන්ට ආදරය කරන කෙනෙක් . අපි දැක්ක පහුගිය කාලේ මෝදි එක්තරා, අදානිගේ සත්තු වත්තකට ගිහිල්ලා සත්තු අත ගගා ඉන්නවා. ඉතින් සතුන්ට ආදරය කෙනෙක් බල්ලෝ ඉන්න රටක අගමැති කෙනෙක් සුනඛයෝ අයින් කරන්න ගන්න තීන්දුව ඉතාම අමනෝඥ ක්‍රියාවක්.පටු තීරණයක් ඒවගේම මෝඩ උපදෙස් පිළිපැදීමෙන් විහිලුවට ලක්වෙනවා.

මේ උපදෙස් මේ ආණ්ඩුවට දෙන්නෙ කවුද කියන එක අපි දන්නෙ නෑ. හැබැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා අපි දීපු ඡන්දේ වටිනාකම තියන්න කියලා. හැබැයි ආණ්ඩුව දිගින් දිගටම අනිවාර්යයෙන් සත්තුන්ට එරෙහිව මේ වගේ වැඩ කරන්න ගියොත් ඔබ කොච්චර බලවත් වුණත් අපි ඔබට එරෙහි වෙනවා එරෙහි වෙනවාමයි!


වෛද් ය චමිත් නානායක්කාරjpeg

( සටහන | පශු වෛද්‍ය චමිත් නානායක්කාර)
මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහණ කළමණාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකතුවේ (Association of Veterinarians for Humane Management of Animal Population ) නිර්මාතෘ

උපුටා ගැනීම : vinivida

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...