The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොල් කතන්දර

T

The Leader Desk

March 30, 2025 • 2:15 PM

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොල් කතන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය සිරි ලංකාවේ පොල් කර්මාන්තයට මෙන්ම සංචාරක ව්‍යාපාරයටත් ශුභදායී බලපෑමක් කරන තත්ත්වයකි.
  • එසේම ආර්ථික වශයෙන් සිරි ලංකාව ද ජාත්‍යන්තරයේ ඉහළට ගමන් කරන බව දක්වන ලකුණකි.
  • කලකට ඉහත නව ජනාධිපතිවරයා සිය කොළ නොබලන දෙසුමකදී කියා සිටියේ සිරි ලංකාව ලෝකයේ ධනවත්ම රටවල් අතරට ගෙන යාම අපහසු කටයුත්තක් බවය.
  • එහෙත් පොල් ගෙඩිය පවා ඩොලරයක් වෙද්දී ජනාධිපතිවරයා පවා නොසිතූ ගමනකට රට යොමුවී ඇති බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය සිරි ලංකාවේ පොල් කර්මාන්තයට මෙන්ම සංචාරක ව්‍යාපාරයටත් ශුභදායී බලපෑමක් කරන තත්ත්වයකි. එසේම ආර්ථික වශයෙන් සිරි ලංකාව ද ජාත්‍යන්තරයේ ඉහළට ගමන් කරන බව දක්වන ලකුණකි.

කලකට ඉහත නව ජනාධිපතිවරයා සිය කොළ නොබලන දෙසුමකදී කියා සිටියේ සිරි ලංකාව ලෝකයේ ධනවත්ම රටවල් අතරට ගෙන යාම අපහසු කටයුත්තක් බවය. එහෙත් පොල් ගෙඩිය පවා ඩොලරයක් වෙද්දී ජනාධිපතිවරයා පවා නොසිතූ ගමනකට රට යොමුවී ඇති බව පෙනේ.

සිරි ලංකාවේ බයිලා චක්‍රවර්තී ලෙස විරුදාවලි ලත් එම්.එස්. ප්‍රනාන්දු ඒ කාලයේ ගැයූ ජනප්‍රිය බයිලාවකි මේ.

 



පොල් පොල් -පො- පොල් පොල්
පොල් -පො- පොල්
ලංකාවේ වතුවල වැවෙන පොල්
පොල් පොල් පොල් -පො- පොල් පොල්
පිටරට පටවන පොල්

මැගි අක්කා විකුණන්නෙ
පොල් තමයි

ඈ තැඹිලි ගෙඩිය වගෙ ලස්සනයි
ඇගේ ස්වාමිපුරුෂයා - පොඩි සිංඤයියා
ගිය ගිය තැන ඇගෙ පස්සෙමයි


රටේ පොල් පිටරට යවා පිටරටින් පොල් ගෙන ඒමට සැලසුම් කරන ශ්‍රී ලංකාවේ අපූරු ' පොල් කෑම'

 

එම්.එස්. ප්‍රනාන්දුගේ කාලයේ පිටරට පැටවූ පොල් දැන් රටින් ගෙන්වීමට සිදුව තිබේ.

මැගි අක්කා පරිස්සම් කිරීමට ඇගෙ පස්සේ වැටුණු පොඩි සිංඤෝට දැන් ඈ අමතක කර පොල් ගොඩ ආරක්ෂා කිරීමට සිදුව ඇත.

එම්.එස්. ගේ සින්දුවේ තවත් තැනක මෙසේ කියැවෙයි.

ඔබෙන් කුරුම්බ ගෙඩියක් බිව්වම
ඒකෙ ලොඳේ සූරගෙන කෑවම
බඩ කට පිරෙනවා - මහන්සි නිවෙනවා
දන්නවාද මැගි අක්කේ

 

ගංජා වගාවේ සිට තැඹිලි වගාව දෙසත් බලමු ද? - (රේණුකා දමයන්ති)

දැන් කුරුම්බා සෙවීම පහසු නැත. තිබුණත් කුරුම්බයක්, පොල් ගෙඩියකටත් වඩා මිලය. තැඹිලි ගෙඩියක් රුපියල් 200 කි. ඒ ගණන්වලට තැඹිලි, කුරුම්බා බීපු විට මහන්සි නිවීම කෙසේ වෙතත් උතුර කට වියැළෙයි. දාඩිය දමයි. එම්.එස්. අද මේ ගීතය ගයනවා නම් පද වැල වෙනස් කිරීමට සිදුවෙයි.

පොල් ගැන බයිලා නොගැයුණත්, කරන කියන කතා නම් සේරම බයිලාය. එම්.එස්. කියූ ආකාරයටම දැන් ඇත්තේ පොල් පොපොල්ය. යන්නෙ කොහේදැයි ඇසූ විට ලැබෙන්නේ “මල්ලෙ පොල්’ උත්තරය.


ඒ කෙසේ වෙතත් බලන බලන අත පොල් ගස්ම පෙනෙන රටේ පොල් ගෙඩියට වූ දෙයට නම් පොල් කුරුමිණියාට නොව රිළවාට වුව දුක හිතෙනු නිසැකය.

 

තේ නිෂ්පාදන බොරුව - (එරන්ද ගිනිගේ)

දශක කිහිපයකට ඉහත ලංකාවේ ආර්ථිකයේ ප්‍රධානතම ආදායම් මාර්ග වූයේ තේ, පොල්, රබර්ය. එහෙත් පසුව එතැනට විදේශ ශ්‍රමික ආදායම සංචාරක ව්‍යාපාරය හා ඇඟලුම් කර්මාන්තය වැනි දෑ පැමිණුනි.

පොල් වතු කැබලි කර වෙන්දේසියේ විකිණුනි. තේ හා රබර් මිලද උඩ යට යමින් අස්ථාවර වුණි.

පොල් වතු හිමියන්ට තැනක් තිබුණු කාලයේ මගේ මිත්‍රයකුගේ විවාහය සිදුවූ අතර, එය පැවතියේ කුරුණෑගල පැත්තේ පොල් වත්තක් මැද පිහිටි විශාල නිවෙසකය. මනමාලියගේ පියා පොල් වත්තක් හිමි ධනවතෙකි.

නිවස පිහිටි භූමි භාගයේම පසෙක කොහු කර්මාන්ත ශාලාවක්ද පිහිටියෙන්, සෑම තැනකම පොල් කොහු විසිර තිබුණි. නිවෙසට පිවිසෙන ගේට්ටුව අසලම මෙබඳු දැන්වීම් පුවරුවක් විය.

 

සුරා බදු හා සිගරට් බදු වැඩි වීම රටට වාසිදායක යි - ADIC විධායක අධ්‍යක්ෂ
“කරුණාකර දුම්පානයෙන් වළකින්න. සිගරැට් කොට බිම දැමීම අනතුරුදායකයි.”

මගේ මිත්‍රයා එකදිගට සිගරැට් බොන්නෙකි. ඔහුගේ විවාහය ‘ගින්නකින්’ තොරව දිගටම පැවතියේ ඔහු බිරිඳත් සමඟම විදේශ ගතවීම නිසාය.

මගේ මිතුරකු පැවසූ කතාවකට අනුව එක් තරුණයකු විවාහ වීමේදී දෑවැද්දට පොල් වත්තක්ද ලැබෙන බව කපුවාගේ මාර්ගයෙන් දන්වා තිබුණි. ඒ කාලේ සිරිතට අනුව මංගල්‍ය පැවතුණේ මනාලියගේ නිවසේමය. එදා එහි ගිය අයට වත්තේ තැන තැන ගොඩගසා තිබූ පොල් ලෙලි දක්නට ලැබුණි. එහෙත් පසුව හෙළි වූයේ එය මනාලියගේ පියාගේ ප්‍රෝඩාවක් බවය. ඔවුනට පොල් වත්තක් තබා පොල් කඩයක්වත් නොතිබුණි.

මෙරට පොල් වත්තක් හිමි ඉංග්‍රීසි ජාතිකයකුගේ දියණියට අපූරු නමක් තිබුණි. එනම් “කොකෝස් නුසිෆේරා”ය. එය පොල් ගසේ විද්‍යාත්මක නාමය බව බොහෝ දෙනකුට වැටහුණේ නැත. පසු කලෙක නුසිෆේරාට පුතකු ලැබුණු අතර, ඔහුගේ මුල් නම ටෙඩී විය. රා බීමට දැක්වූ මහත් ගිජුකම නිසා මිතුරන් අතර ඔහු ප්‍රකට වූයේ ‘ටොඩී’ නමිනි.

 

සී.ටී. ප්‍රනාන්දු රා මදින්නා ගැන ගීතයක් ගායනා කළේය. එය ඇරඹෙන්නේ “කළුවන් කළු රුවයි අපෙ ගම මදින්නා” යනුවෙනි. එහෙත් සී.ටී. ට පොඩි වැරදීමක් සිදුවුණි. ගීතයේදී ඔහු අර කළුවන් රා මදින්නා අමතන්නේ “මගෙ සුදු මාමේ” යනුවෙනි. රා බී ගත් පසු මිනිසුන් කියන කතා දන්නා අයට කළු මාමා, සුදු මාමා වීම ඒ හැටි අරුමයක් නොවේ.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජනතා අධිකරණයක් ළඟදීම(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : පොල් කතන්දර | The Leader