The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෝටර් රියකට යට වී අසරණ සුනඛයකු මිය යාම මුල් කොට ඉන්දීය සමාජය කැළඹෙයි

T

The Leader Desk

April 1, 2025 • 6:59 AM

මෝටර් රියකට යට වී අසරණ සුනඛයකු මිය යාම මුල් කොට ඉන්දීය සමාජය කැළඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවැනි සිදුවීමක් පසුගිය දා ඉන්දියාවෙන් අසන්නට ලැබිණි.
  • එහි දකින්නට ලැබුණේ එක්තරා ධනවත් පෙනුමක් ඇති පුද්ගලයකු සිය මෝටර් රථයට දිල්ලි නගරයේ සැරිසරමින් සිටි සුනඛයකු යට කරමින් ගමන් කරන දර්ශනයකි.
  • එකී පුද්ගලයා මෙය කිසිදු සැලකිල්ලකට ලක් නොකොට එතැනින් පිටව යන්නට උත්සාහ කරන විට එක්තරා කාන්තාවක් ඒ පිළිබඳ ඔහුගෙන් ඒ ගැන විමසන අතර ඔහු එයට දක්වන කෝපාවිෂ්ට ප්‍රතිචාරයත්, මේ පුද්ගලයාට එරෙහිව යුක්තිය පසිඳලිය යුතු බවට එකී කාන්තාව පැවසීමත් සමජයේ දැඩි කතාබහකට ලක් වන්නට පටන් ගැනුණි.
  • ඇය සුනඛයා මෝටර් රථයේ යටින් පිටතට ගන්නට උත්සාහ දැරීමේ දී එහි රියදුරා එතැනට අවතීර්ණ වන අතර තමා අතින් වරදක් සිදු වූ බව ඔහු පිළිගනිතැයි ඇය අපේක්ෂා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එවැනි සිදුවීමක් පසුගිය දා ඉන්දියාවෙන් අසන්නට ලැබිණි.

මේ සමාජ කැලඹීමට හේතු වූයේ Instagram සමාජ මාධ්‍යය ඔස්සේ ඉතා විශාල වශයෙන් පැතිරී ගිය එක්තරා වීඩියෝවකි. එහි දකින්නට ලැබුණේ එක්තරා ධනවත් පෙනුමක් ඇති පුද්ගලයකු සිය මෝටර් රථයට දිල්ලි නගරයේ සැරිසරමින් සිටි සුනඛයකු යට කරමින් ගමන් කරන දර්ශනයකි. මෙහිදී සුනඛයා මරණයට පත් වන අතර ඒ එවන් අසරණ සතෙකුට එවැනි විපතක් සිදු කිරීම පිළිබඳ එකී පුද්ගලයාගෙන් විමසන අවස්ථාවේ දී ඔහු ඉතා කෝපයෙන් එයට ප්‍රතිචාර දක්වයි.

මේ වීඩියෝව ඉතාමත් වේගයෙන් පැතිර ගිය අතර එකී රියදුරාගේ සදාචාරය සහ අසරණ සතකු වෙනුවෙන් මිනිසුන් තුළ පැවතිය යුතු සහකම්පනයට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ සමාජයේ බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නට පටන් ගත්හ. එකී පුද්ගලයා මෙය කිසිදු සැලකිල්ලකට ලක් නොකොට එතැනින් පිටව යන්නට උත්සාහ කරන විට එක්තරා කාන්තාවක් ඒ පිළිබඳ ඔහුගෙන් ඒ ගැන විමසන අතර ඔහු එයට දක්වන කෝපාවිෂ්ට ප්‍රතිචාරයත්, මේ පුද්ගලයාට එරෙහිව යුක්තිය පසිඳලිය යුතු බවට එකී කාන්තාව පැවසීමත් සමජයේ දැඩි කතාබහකට ලක් වන්නට පටන් ගැනුණි.


මේ වීඩියෝව ගලා යන්නේ මේ ආකාරයටය.



එක්තරා කාන්තාවක්, මෝටර් රථයකට හසු වූ සුනඛයකුට පිහිට වන්නට උත්සාහ දරයි. ඇය සුනඛයා මෝටර් රථයේ යටින් පිටතට ගන්නට උත්සාහ දැරීමේ දී එහි රියදුරා එතැනට අවතීර්ණ වන අතර තමා අතින් වරදක් සිදු වූ බව ඔහු පිළිගනිතැයි ඇය අපේක්ෂා කරයි. නමුත් ඔහු අතින් එවැන්නක් සිදු වන්නේ නැත.

ඇය කෝපයෙන් ඔහුගෙන් මෙසේ විමසයි.

“ඔහේගේ ඇස් පේන්නේ නැද්ද?

ඔහු දක්වන්නේ නොසැලකිලිමත් රළු ප්‍රතිචාරයකි.

“ඔව්. මගේ ඇස් පේන්නේ නෑ, ඉතින් මොකක්ද වෙන්න ඕන? මම ගොඩක් හෙමින් වාහනේ අරන් ගියේ.”

මේ පිළිබඳ ඔහුගෙන් සිදු වූ වරද සම්බන්ධයෙන් ඔහු දක්වන සැලකිල්ල සහ වගවීම බොහෝ දෙනෙකු තුළ කම්පනයක් ඇති කරවන්නකි. අසරණ සුනඛයකුගේ ජීවිතයක් පිළිබඳ ඔහුට කිසිදු සැලකිල්ලක් නොමැති ආකාරයෙන් ඔහු හැසිරෙයි.

සුනඛයා මරණයට පත් වූයේ ඔහුගේ නොසැලකිල්ල නිසා බව ඇය බැගෑපත්වෙමින් ද පවසනු දකින්නට ලැබෙයි. නමුත් ඔහු දක්වන්නේ නොසැලකිලිමත් ප්‍රතිචාරයකි.

“ඉතින් මං මොනව කරන්නද?”

ඔහු එසේ කියා එතැනින් පිටව යයි.

 

dg1සුනඛයාව මෝටර් රථයට යටින් පිටතට ගන්නා ආකාරය

ඇය සුනඛයාගේ ජීවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුව ද වැඩි වේලාවක් ගතවන්නට පෙර මරණයට පත් වෙයි. ඇය සිය Instagram ගිණුමේ මේ පිළිබඳ මහත් සංවේගයෙන් මෙසේ සටහනක් තබයි.

“මේ පුද්ගලයා අසරණ මහලු සුනඛයකු සිය මෝටර් රථයට හසු කොට මරණයට පත් කළ අතර අඩුම තරමේ එය තමා අතින් සිදුවූ වරදක් බව හෝ ඔහු පිළිගත්තේ නැත. ‘බල්ලා මළත් මම මොනව කරන්නද’ ඒ ඔහුගේ වචන ය. මම කෙතරම් උත්සාහ කළත් මිනිත්තු කිහිපයක් තුළ සුනඛයා මිය ගියේය. එය ඉතා වේදනාකාරී සිදුවීමකි. සමාදානයේ සැතපේවා!”

කෲර මිනිසකුගේ සංවේදී නොවන අදහස් නිසා ඇති වූ වේදනාව සහ අපේක්ෂා භංගත්වය ඇගේ වචන තුළින් ඉස්මතු වෙයි.

 

485147036 972675521739183 993353543679644058 nමිනිත්තු කිහිපයක් තුළ සුනඛයා මරණයට පත් විය

මේ වීඩියෝව සහ එකී සටහන වේගයෙන් පැතිර යද්දී එය දහස් ගණනක් දෙනාගේ ඇසට යොමු වන්නට පටන් ගැනුණු අතර එකී පුද්ගලයාට එරෙහිව අදහස් සමාජ මාධ්‍ය තුළ වර්ධනය වන්නට පටන් ගැනුණි. එකී රියදුරාගේ නොසැලකිලිමත් ප්‍රතිචාරය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක් වූ අතර එයට එරෙහිව යුක්තිය ඉල්ලා බොහෝ දෙනෙකු හඬ නගන්නට පටන් ගත්හ.

මේ වීඩියෝ දර්ශනයේ සිටින පුද්ගලයා ඇමසන් ඉන්ෆ්‍රා ට්‍රේඩර්ස් නම් සමාගමේ අධ්‍යක්ෂවරයා වන සුෂාන්ත මොහාන්ති නම් පුද්ගලයා බව බොහෝ දෙනෙකු සඳහන් කර තිබූ අතර LinkedIn සමාජ ජාලය තුළ ඔහුට එරෙහිව වාර්තා කරන ලෙස ද බොහෝ දෙනෙකු පහත පරිදි ඉල්ලීම් කර තිබුණි.

“හැමෝගෙන්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ LinkedIn තුළ ඔහුට විරුද්ධව වාර්තා කරන ලෙසයි. මේ ලැජ්ජාවක් නොමැති මිනිසාට විපාක ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”

 

486059078 972675518405850 5082767421773012531 nඑකී පුද්ගලයා පිටව යන ආකාරය
තවත් අය ද එයට සමාන අදහස් දක්වා තිබුණු අතර රියදුරාගේ ක්‍රියාවට එරෙහිව යුක්තිය පසිඳලිය යුතු බවත් ඔහුට දඬුවම් ලබා දිය යුතු බවත් එහිදී ඉල්ලා තිබුණි. “ඔහුට දඬුවම් ලැබිය යුතුයි. ඔහු පිළිබඳ සියලු විස්තර අප සතුයි” සහ “මේ පුද්ගලයාට මේ වගේ කීප ගුණයක පල විපාක ලැබෙන්න ඕන. මම ඒ වෙනුවෙන් යදිනවා” වැනි සිය දහස් ගණනක් අදහස් මේ සිදුවීමට එරෙහිව සමාජ ජාල තුළ පැතිර යන්නට පටන් ගැනුණි. එවැනි නොසැලකිලිමත් ක්‍රියාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට වූ ඉල්ලීම ඉතා ප්‍රබල විය.

සමාජයේ කැපී පෙනෙන චරිත ද මේ සම්බන්ධව සිය කෝපය පළ කර තිබුණි. සුප්‍රකට රංගන ශිල්පිනියක වූ ටීනා දත්තා මෙසේ පවසා තිබුණි. “මම හිටියා නම් වින්ඩ්ස්ක්‍රීන් එක කුඩු කරනවා. ඔහු ආචාරශීලි බව ඉගෙන ගනීවී කියා මම හිතනවා. කරුණාකර ඔහුට එරෙහිව කවුරු හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.”

මෙය, දිනපතා මහ මග දී අසරණ සතුන්ට සිදු වන කෲරත්වය පිළිබිඹු කරන එක් වේදනාකාරී මතකයක් පමණි. එමෙන්ම ඉක්මනින් අනතුරට පත් විය හැකි මෙවැනි අසණ සතුන් පිළිබඳ වූ සහකම්පනය නොමැති වීම පිළිබඳ සංවේගී කාරණය ද මෙහිදී ඉස්මතු වෙයි.

0c835b90 5df5 11ee b32c c5a523a2572d.jpg

මේ වීඩියෝව සමාජ ජාල තුළ පැතිර යද්දී මේ තුළින් යම් කිසි වෙනසක් සඳහා නව දොරටු විවර වෙයි. එනම් අසරණ සතුන් වෙනුවෙන් ජනතාව දක්වන ප්‍රතිචාරය කෙසේදැයි හඳුනා ගැනීමට හැකි වීමය. ජනතාව ප්‍රතිචාර දක්වන්නේ හුදෙක් මෙහි සිටින පුද්ගලයාට දඬුවම් ලබා දීම පමණක්ම නොවේ. සමාජයක් වශයෙන් අප වඩාත් හොඳින් අසරණ සතුන් වෙනුවෙන් සහකම්පනය දැක්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ පුළුල් කතිකාවක් ද මෙහි දී ගොඩනැගෙයි.

තමා වෙනුවෙන් කතා කළ නොහැකි මේ අසරණ සතුන් කෙරෙහි ප්‍රතිචාර දැක්වීමේ දී සහකම්පනය, කරුණාව සහ වගවීම මූලික විය යුතු බවට අදහස ද එහිදී ඉස්මතු වෙයි.


Niranjan Chaminda
(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...