The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එස්. එම් රංජිත් සිරගෙට: ඔබ මේ කරුණු දැනසිටියා ද ? | නීතිඥ දුලාන් දසනායක

T

The Leader Desk

April 2, 2025 • 11:09 AM

එස්. එම් රංජිත් සිරගෙට: ඔබ මේ කරුණු දැනසිටියා ද ? | නීතිඥ දුලාන් දසනායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දූෂණයට එරෙහිව නඩු තීන්දුවක් අධිකරණයෙන් ලැබීම දූෂණ මර්ධන ව්‍යාපාරය ලැබූ ජයකි.
  • එම් රංජිත්ට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරන්නේ 2021 වසරේ බවට දැන ගැනීමට ඇති අතර ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු කර ඇත්තේ 2023 අප්‍රේල් මස 03 වන දින දීය.
  • දූෂණ විරෝධය 2022 අරගලයේ ප්‍රධාන මාතෘකාවක් වුනු අතර දූෂණයට එරෙහිව දූෂණ මර්ධන පනත සම්මත කිරීමත් කොමිෂන් සභාව සවිබල ගැන්වීම හා ස්වාධීන කිරීම මගින් අරගලයේ මුඛ්‍ය ඉල්ලීමකට එවකට ආණ්ඩුව පිළිතුරු සපයා තිබේ.
  • දූෂණ මර්ධනය සම්බන්ධ ඉහත කටයුතු ශක්තිමත් කිරීමට එවකට ආණ්ඩුව එකඟ වූ එම ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යන දෙකම සාර්ථකව ඉදිරියට ගෙන යන IMF එකඟතා ද රුකුලක් වූ බව සටහන් කල යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

දූෂණයට එරෙහිව නඩු තීන්දුවක් අධිකරණයෙන් ලැබීම දූෂණ මර්ධන ව්‍යාපාරය ලැබූ ජයකි.

දූෂණ මර්ධනය පක්ෂ දේශපාලනයට එහා ගිය පුළුල් මහජන ව්‍යාපාරයකි. අල්ලස් කොමිසමට අති විශාල බලයක්ද ලබා දුන්, අල්ලස හා දූෂණ නිර්වචන පුළුල් කල පසුගිය ආණ්ඩුව සම්මත කල දූෂණ මර්ධන පනතද දූෂණයට එරෙහි සියළු ජනතා ව්‍යාපාර ලැබූ ජයකි.

 

එස්. එම් රංජිත්ට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරන්නේ 2021 වසරේ බවට දැන ගැනීමට ඇති අතර ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු කර ඇත්තේ 2023 අප්‍රේල් මස 03 වන දින දීය. එනම් සහතික වශයෙන්ම පසුගිය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පවතින අවස්ථාවේ දීය. කුමන ආණ්ඩුව පැවතියද දූෂණ මර්ධනයට එරෙහි නීතීන් හරියාකාරව ක්‍රියාත්මක වීමත් දූෂණයට එරෙහිව කටයුතු කිරීමේ වගකීම සහිත ජනතා බදු මුදලින් පවත්වාගෙන යන ආයතන හා නිලධාරීන් ස්වාධීනව ක්‍රියාත්මක වීම වැදගත් ය.

ජනාධිපති කොමිසමකට එරෙහිව අල්ලස් කොමිසමට නීතිඥ මණ්ඩලයකින් පැමිණිල්ලක්

 

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ඇති කිරීමට සහ විශේෂයෙන් අල්ල්ස් කොමිසමට දක්ෂ අභිචෝදක නිලධාරීන් බදවා ගැනීමට ද සිටින නිලධාරීන්ට ප්‍රමාණවත් සහ ආකර්ශනීය වැටුප් ලබා දී ඔවුන් සවිබල ගැන්වීමට නිලධාරිවාදයේ විවිධ බලපෑම් මැද පසුගිය ආණ්ඩුව සාධනීය මැදිහත්වීමක් සිදු කරන ලද බව කිව යුතුය.

දූෂණ විරෝධය 2022 අරගලයේ ප්‍රධාන මාතෘකාවක් වුනු අතර දූෂණයට එරෙහිව දූෂණ මර්ධන පනත සම්මත කිරීමත් කොමිෂන් සභාව සවිබල ගැන්වීම හා ස්වාධීන කිරීම මගින් අරගලයේ මුඛ්‍ය ඉල්ලීමකට එවකට ආණ්ඩුව පිළිතුරු සපයා තිබේ.

දූෂණ මර්ධනය සම්බන්ධ ඉහත කටයුතු ශක්තිමත් කිරීමට එවකට ආණ්ඩුව එකඟ වූ එම ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යන දෙකම සාර්ථකව ඉදිරියට ගෙන යන IMF එකඟතා ද රුකුලක් වූ බව සටහන් කල යුතුය. සකලවිධ වෘත්තික හා මැද පන්තියෙ විරෝධය එල්ල වූ IMF එකඟතා වලින් එකකි. දූෂණ මර්ධනයට අදාල හරයාත්මක පියවර ගැනීම, දූෂණ මර්ධනයට එරෙහිව නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම ඇතුළු හරයාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම, වේදිකාවන් හි පුළුවන් තරම් ජවයෙන් ආකර්ශනීයව දූෂනයට එරෙහිව කෑ ගැසීම තරම් පහසු නැත. එම අපහසු කාර්‍යය දැන් බොහෝ දුරට අවසන් කර තිබේ. ඉතිරි පියවරයන් ගැනීම හා දූෂණ මර්ධන පනත ප්‍රායෝගිකව හා විචක්ෂණශීලීව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ දූෂණ විරෝධී ජනවරම ඇති වත්මන් ආණ්ඩුවටය.

ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)

 

එස්. එම් රංජිත්ගේ සහෝදරයාද එවකට ඔහුගේ පක්ෂයද ආණ්ඩුවේ පාර්ශවකාරයකුව සිටිය දී 2023 දී අල්ලස් කොමිසමට රංජිත්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට හැකි වීම සහ ශක්තිමත් ලෙස එම ආණ්ඩු කාලය තුළද නඩුව පවත්වාගෙන යාමට හැකි වීම දූෂණ මර්ධන සටනේ ජයග්‍රහණයකි. කෙහෙළිය රඹුක්වැල්ල නඩුව තුළදී ද ආණ්ඩුවේ ඇමතිවරයකුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්‍තුව සිදු කල අභිචෝදක කාර්‍යය ප්‍රශංසනීයය.

දූෂණයට එරෙහි අත්තිවාරම දැමූ පසුබිමක වත්මන් ආණ්ඩුව සිදු කළ යුතු වන්නේ තව සතියකින් අහවල් කෙනා ඇතුලේ, තව මාසෙකින් අහවල් කෙනා ඇතුලේ වැනි ජනප්‍රිය කතා කියමින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් දේශපාලන මුසපත් වීම් සිදු කරගනිමින් ඒවාට දේශපාලන මුහුණුවර එකතු කිරීම වෙනුවට එම නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු තව තවත් ස්වාධීන කිරීමට කටයුතු කිරීමය. තමන් බලය දරණ මොහොතේ සිදු වී ඇති කන්ටේනර් මුදා හැරීම වැනි ආන්දෝලනාත්මක සිදු වීම් සම්බන්ධවද කඩිනමින් පරීක්ෂණ කිරීමට මැදිහත් වීමය.

(සටහන | නීතිඥ දුලාන් දසනායක)


උපුටා ගැනීම - Aithiya / අයිතිය

 
එස් එම් රංජිත්ට වෙච්ච වැඩේ ගැන දිලිත් කට අරී...!
 
GngbXtaWEAA28YQ
අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී සර්වජන බල පක්ෂයේ නායක නීතිඥ දිලිත් ජයවීර කල ප්‍රකාශයන් මතු වීඩියෝවේ දැක්වේ.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...