මෙහි අලුත්ම සිද්ධිය තමයි විවිධ රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කළ තීරු බදු ප්‍රමාණය ඉහළ නැංවීම.
මෙම තීරණය අනුව ඇමරිකාව ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන බදු මුදල සියයට හතළිස් හතරකින් ඉහළ නංවලා.

මතු දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් ජනත් පෙරේරා සිය facebook හි තැබු සටහනක්.
ට්‍රම්ප් පාලනය එයාලා කිව්වා වගේම ඔන්න දැන්න reciprocal tariff එකක් හැම රටට ම ගහලා තියනවා. මේක නිදහස් වෙළඳපොළ තත්ත්වය මරු පහරක් විය හැකියි කියලා අපි මීට පෙර සඳහන් කළා.
මෙහි සඳහන් වන කාරණයක් තමා ශ්‍රී ලංකාව ඇමරිකානු භාණ්ඩ මත 88% තීරු බදු පනවලා තියනවා; ඒ නිසා ඇමරිකාව 44%ක බද්දක් ගහන එක අන්තිම සාධාරණ කාරණයක් කියලා . අපි කලින්ම කිව්වනේ තීරු බදු ගහන්න ඇමරිකාවත් ඉගෙන ගත්තේ ලංකාවෙන් කියලා. දැන් ඇමරිකාවත් ලංකාව යන මාර්ගයේ තමා යන්නෙ. කාටද ආඩම්බර...?

2024 ජනවාරි - පෙබරවාරි මාසවලට සාපේක්ෂව 2025 ජනවාරි - පෙබරවාරි මාසවල අපේ අපනයන ආදායම 4.6%ක ප්‍රතිශතයකින් (year-on- year growth ) ඉහළ ගිහින් තිබුණා. ඒ 2024 මුල් මාස දෙකේ (ජන - පෙබ) ආදායම ඇ. ඩො මිලියන 2030 කුත් (වෙළද භාණ්ඩ) වෙද්දි 2025 දී ඒක ඇ. ඩො මිලියන 2105(වෙළද භෙණ්ඩ) දක්වා වැඩිකරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම සේවා අංශයෙන් ඉතා විශාල පිම්මක් පෙන්නුම් කරනවා.
2024 (ජන - පෙබ) ඇ. ඩො මිලියන 781කේ සිට 2025 (ජන - පෙබ) ඇ. ඩො මිලියන 826 දක්වා. ඉතින් සමස්ථ භාණ්ඩ හා සේවා අපනයන ආදායම ලෙස 2024 (ජන- පෙ) ඇ. ඩො මිලියන 2559 ක් වාර්තා වෙද්දි 2025 (ජන - පෙබ) ඇ. ඩො මිලියන 2730ක් ලෙස වර්ධනය කරගැනීමට සමත් වෙනවා. ( Sources: CBSL, Sri Lanka Customs, EDB)

මේ අතර වැදගත් ම කාරණය වෙන්නේ අපේ ආපනයන (භාණ්ඩ හා සේවා )වලින් 25%කට වඩා වැඩි ප්‍රමාණයක් සිද්ධකරන්නේ ඇමරිකාවට ( ලෝක බැංකු දත්ත වලට අනුව 2022 වන විට ඇ. ඩො මිලියන 346 ක්) Office of U.S. Trade Representative අනුව ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපදයේ මුළු භාණ්ඩ වෙළඳාම 2024 දී ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 3.4 ක් විය.
2024 දී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද භාණ්ඩ අපනයනය ඩොලර් මිලියන 368.2 ක් වූ අතර එය 2023 ට වඩා සියයට 4.9 කින් (ඩොලර් මිලියන 17.1) වැඩි විය. ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපද භාණ්ඩ ආනයනය 2024 දී ඩොලර් බිලියන 3.0 ක් වූ අතර එය 2023 ට වඩා සියයට 6.1 කින් (ඩොලර් මිලියන 173.5) වැඩි විය.

ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපද භාණ්ඩ වෙළඳ හිඟය 2024 දී ඩොලර් බිලියන 2.6 ක් වූ අතර එය 2023ට වඩා සියයට 6.3ක වැඩිවීමකි. (ඩොලර් මිලියන 156.4). ඉතින් මෙම තීරු බදු වැඩි කිරීම අපගේ අපනයනවලට සෘජු ලෙස බලපානු ඇත. එක අතකින් භාණ්ඩවල මිල ඉහළ දැමීමට සිදු වන අතර අනිත් අතින් ඇමරිකාවේ පරිභෝජනය අඩු වීම නිසා ඉල්ලුම ද පහළ යනු ඇත.
අපි මීට පෙරත් මේ ගැන කතා කළා. ලෝක වෙළදාමේ දී එක එකක් මත යැපෙන්න අපිට බෑ.
* අපි වෙනත් තරගකාරී වෙළඳපොළවල් සොයා ගත යුතුයි
* අපේ අපනයන හැකි තරම් විවධාංගීකරණයට ලක් කළ යුතුයි
* තාක්ෂණය සහ කාර්යක්ශමතාවය වැඩි කරමින් අපගේ අපනයනවල උසස් තත්වය සහ මිල අඩු කළ යතුයි; එයට රටට සෘජු විදේශ ආයෝජන කැඳවිය යුතුයි
* හැකි තරම් නිෂ්පාද හා වෙළඳපොළ ආර්ථිකයට ගැළපෙන ආර්ථික නිදහස් කරන ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කර රටේ ආර්ථිිිකය බාහිරවත් අභ්‍යන්තරයෙනුත් ශක්තිමත් කළ යුතුයි.

එහෙම නැතුව තැන තැන රජය විසින් කඩදාගෙන පවත්වාගෙන ගියා කියලා මේ වගේ ජාත්‍යන්තර අභියෝගවලට මුණ දෙන්න බෑ.
(සටහන | ජනත් පෙරේරා)
Assistant Manager (Communication) - Advocata Institute
janath@advocata.org
සබැඳි පුවත් :
ශ්‍රී ලංකා ආර්ථිකයට බරපතල තර්ජනයක් ! - ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ශ්‍රී ලංකාවට 44%ක බද්දක් පනවයි



